ශ්‍රී පාද පුද බිමේ හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ ශ්‍රී මෛත්‍රීපාල සිරිසේන යි.
Posted on October 31st, 2016

www.mahinda.info

[1]. 2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිට ශ්‍රී පාද පුදබිම අසළ මරේ වත්ත ස්ථානයේ අදාළ ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම අරාබින්ට ලබා දී ඇත.

[2]. ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට එවකට එජනිස ආණ්ඩුව කටයුතු කළේය.

[3]. වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු එම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු එක්තරා දුරකථන සමාගමක් මගින්ක ටයුතු කළේ ෆයිසර් මුස්තාපා හරහාය.

[4]. මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම පටලවා ආන්දෝලනයක් නිර්මාණය කිරීමටත් ඒ හරහා VAT වැඩි කිරීම ඇතුළු රටේ සිදුවන දැවෙන ගැටලු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි. VAT පනත එළි දැක්වූ දාම මෙම සිදුවීම ගැන මඩ ගැසීමේ හේතුව අන්තර්ජාල පරිශීලකයන්ට පැහැදිළි විය යුතුය. ඉදිරියේදී ECTA ගිවිසුම අත්සන් කරද්දීත් මෙලෙස රාජපක්ෂවරයෙකුට මඩ ගැසීම හෝ කඩුවෙල අධිකරණය මගින් සිරගත කිරීම විය හැකි අතර, එදාටත් සතුටු වෙන එජාප පාක්ෂිකයින්ට තමන්ගේ රැකියා ඉන්දියානුවන්ට සින්න වෙද්දී ලොකු සනීපයක් දැනෙනු ඇත.

[5]. ශ්‍රී පාදය විනශ කරන්නේ වත්මන් ආණ්ඩුවෙන් ම බවට නොබිඳිය හැකි සාක්ෂිය…

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව පෝර්ට් සිටි ආරම්භ කළ අතර දූෂිත එජාප ආණ්ඩුව පැමිණි වහාම එම ගිවිසුම නතර කරන ලදී. එසේ කළේ පෝර්ට් සිටි මගින් පරිසර විනාශයක් වෙන බව කියමිනි. (එනමුත් පසුව විශාල වන්දියක් චීනයට ගෙවමින් එය නැවතත් මූල්‍ය නගරය” නමින් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව එකඟ විය. [මූලාශ්‍රය])

(ii). ශ්‍රී පාද පූජා භූමිය යනු රක්ෂිතයකි. එහි හෝටල් ඉදි කිරීමට අවසර නොමැත. එජාපයේ මඩ වෙබ් අඩවි වලින් කී ආකාරයට එය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ දෙයක් නම් මෙයද පෝර්ට් සිටි මෙන් වත්මන් ආණ්ඩුව පැමිණි වහාම නැවැත්වීමට තිබුණි. එනමුත් එසේ නොකර දූෂිත එජාප අණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් පමණ ගත වෙද්දී මෙය ආරම්භ කිරීමෙන් මෙම හෝටලයට අවසර දී ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන්ම බව ඕනෑම අයෙකුට අවබෝධ වෙයි.

 

[5]. එජාප මඩ බලකාය මීට කළිනුත් බැසිල් රාජපක්ෂ මහතට තියෙනවා කියන ශ්‍රීපාදයේ හෝටලයක් ගැන බොරු කියා මාට්ටු වුණ හැටි නෙත් එෆ් එම් වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසයි. [මූලාශ්‍රය]

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

3 Responses to “ශ්‍රී පාද පුද බිමේ හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ ශ්‍රී මෛත්‍රීපාල සිරිසේන යි.”

  1. S.Gonsal Says:

    Sharia Law in action.

    ‘පල්ලියේ අණ පරිදි කාන්තාවකට ‍පොල්පිති” පහර 100ක්

    මීට මාස කීපයකට පෙර පුත්තලම නල්ලන්දළුව ප්‍රදේශයේ ජීවත්වන ජෙස්මීර් සිත්ති නම් වූ මුස්ලිම් කාන්තාවක ‍පොලීසිය වෙත පැමිණ ලිංගික අතවරයක් සම්බන්ධ පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
    ඇය මෙම පැමිණිල්ල කළේ තම ගම් පියසෙ ජීවත් වන පුද්ගලයෙකුට එරෙහිවය.
    “ඔහු මාව බදාගත්තා. මට අතවර කරන්න ආවා.”
    ඇගේ මෙම පැමිණිල්ල සැලකිල්ලට ගත් පුත්තලම ‍පොලීසිය අදාළ මුස්ලිම් ජාතිකයා ‍පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කටයුතු කළේය.

    ඒ අනුව මෙම නඩුව උසාවිය හමුවේ වරක් දෙවරක් නොව කීප අවස්ථාවක් විභාගයට ගැනිණි. මෙම කාල සීමාව තුළදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය ක්‍රියා කළේය. කෙසේ හෝ දැන් ඔහු සිටින්නේ ඇප මත මුදාහැරය.
    තත්ත්වය මෙසේ වෙද්දී තවත් දිනෙක පැමිණිල්‍ලේ නීතිඥවරිය උසාවිය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායිකාවට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක භාරකාර මණ්ඩලයක් මගින් ලබා දුන් අපූරු දඬුවමක් ගැනය.
    “පැමිණිලිකාරියට නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලිය භාරකාර මණ්ඩලය මගින් නීති විරෝධී ලෙස දඬුවම් කොට තිබෙනවා. ඇයට ‍පොල්පිත්තකින් පහරවල් 100ක් ගසා තිබෙනවා. ස්වාමිණී.”
    පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් ජාතික නීතිඥවරිය කළ මේ හෙළිදරව්වෙන් පසුව මේ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ‍පොලීසියට නියෝග කළේය. ඒ අනුව පසුගිය දිනෙක මේ සිදුවීමට අදාළ පිරිස ‍පොලීසිය හමුවට කැඳවා ප්‍රශ්න කරන්නට පුත්තලම මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා කටයුතු කළේය.
    “‍පොලීසියට පැමිණි නල්ලදළුව ප්‍රදේශයේ අදාළ මුස්ලිම් පල්ලියට සම්බන්ධව භාරකාර මණ්ඩලය එහිදී ප්‍රකාශ කළේ මේ කාන්තාව කැමැත්තෙන්ම ඉදිරිපත්වී පල්ලියේ දඬුවමට යටත් වූ බවයි. ඒ දඬුවමට ඇයගේ විරෝධයක් නොතිබුණු බවත් ඔවුන් සඳහන් කළා.”
    “ඉතින් අපි මේ පිළිබඳව උසාවියට වාර්තා කළා. ඒ අනුව මහේස්ත්‍රාත්තුමා දැනුම් දුන්නා රටේ තිබිය යුතු වන්නේ එක නීතියක් පමණක් බැවින් තවත් නීති ක්‍රියාත්මක කිරීමට කිසිම කෙනෙකුට අයිතියක් නැති නිසා මේ අයව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න කියලයි.”
    “අපි මේ නියෝගයට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා. මේ හැමෝම පල්ලිය භාරකාර මණ්ඩලයට අයත් උදවිය. දැන් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.”
    අදාළ කාන්තාවට ‍පොල්පිති පහර 100 එල්ලකොට ඇත්තේ එම භාරකාර මණ්ඩලයේම සිටින පූජකයකුගේ බිරිඳය. කෙසේ හෝ මේ සිදුවීමෙන්් මාස කීපයකට පසුව ඇය හදිසියේ මියගියාය.
    “මේ ‍පොල්පිති පහරවල්වලින් කාන්තාවට දරුණු තුවාල සිදුවී නැහැ. අපි ඒ පිළිබඳවත් විමර්ශනය කළා.
    නමුත් මෙතනදී රටේ නීතිය උල්ලංඝනය වී තිබෙන බව හැඟුනු නිසා තමයි ඊට අදාළ පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්තුමා නියෝග කළේය.
    උසාවිය හමුවේ කරුණු ගොනු කළ විත්ති පාර්ශ්වය පෙන්වා දුන්නේ මෙම කාන්තාව චරිතවත් නොවන මුස්ලිම් කාන්තාවක් වන නිසා ඇයට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවයි. එමෙන්ම ඔවුන් දන්වා සිටියේ ලිංගික අතවර චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා යහපත් කෙනෙකු බවයි. එහෙත් උසාවිය එය එතරම් පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.
    “මේ පල්ලියට සම්බන්ධ යම් පිරිසක් තවත් දවසක මෙම කාන්තාවට තර්ජනය කර තිබෙනවා. ඒ මේ පිළිබඳව උසාවියේ විභාග වෙමින් තිබියදී. උසාවියේදී මේ පිළිබඳවත් හෙළි වුණා. ඇගේ නීතිඥවරිය ඒ බව දන්වා සිටියා.
    කෙසේ හෝ අද වන විට ‍පොල්පිති පහරවල් එල්ල කිරීමට නියෝග දුන් සියලුම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකොට හමාරය. ප්‍රදේශයේ බොහෝ දෙනකු පවසන්නේ මෙම මුස්ලිම් කාන්තාවට එරෙහිව ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියට සම්බන්ධ කණ්ඩායම ‘ෂරියා’ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කොට ඇති බවය.
    ෂරියා නීතිය ක්‍රියාත්මක වන බොහෝ මුස්ලිම් රටවල මෙවැනි කෲර නීති ක්‍රියාත්මක වන බව අපි දනිමු. එහිදී වේවැල් පහර හා කස පහරින් ඔබ්බට ගොස් ප්‍රසිද්ධ ස්ථානයකදී ගල් ගසා බෙල්ල කපා මරා දමන අන්දමේ කෲර අවස්ථා අන්තර්ජාලය ඔස්සේ අප කොතෙකුත් දැක ඇත. ශ්‍රී ලංකාවේ රිසානා නාෆික් දැරියට හිමි වන්නේද එවැනි කෲරතම දඬුවමකි. මේ දඬුවම් ශ්‍රී ලංකාව තුළ යන්තමින්වත් වලංගු නැත. එය අවබෝධ කර නොගැනීම බුද්ධිය පිළිබඳ ඇති ගැටලුවකි.
    අද පුත්තලම නල්ලන්දළුව තුළින් ඇසෙන්නේද එවන් පුවතකි.

    සමන් ප්‍රියංකර නම්මුනිගේ

  2. S.Gonsal Says:

    උසාවි නියෝග මැද මානික්‌කමඩු දීඝවාපිය පරිවාර දාගැබෙහි බුදු පිළිමයක්‌ තැන්පත් කරති

    සුසන්ත අමරබන්දු – අම්පාර විශේෂ

    අම්පාර දමන පොලිස්‌ බල ප්‍රදේශයේ වරිපන්ෙච්න හන්දියට මදක්‌ නුදුරින් දීඝවාපිය මාර්ගයට යාබදව ඇති ඉපැරැණි මානික්‌කමඩු දීඝවාපිය පරිවාර දාගැබෙහි 20 වැනි දින උදැසන අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ පරිවේනාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමි ඇතුළු මහා සඟරුවන විසින් අම්පාර අධිකරණයේ නියෝග මැද බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කරන ලදී.

    මෙම ස්‌ථානයේ බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කරන්නට පැමිණෙන අවස්‌ථාවේ අම්පාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ දමන පොලිසියේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විසින් මෙම ස්‌ථානයේ විහාරස්‌ථානයක්‌ ඉදිකරන්නට යැමෙන් සාමය කඩවනු ඇතැයි පවසමින් අම්පාර අධිකරණයෙන් අධිකරණ නියෝගයක්‌ද ගෙන මෙම වැඩසටහන නවතා දමන ලෙස දැනුම් දෙන ලදී.

    එම අවස්‌ථාවේදී කිරිඳිවැල සෝමරතන නාහිමි ඇතුළු සඟරුවන පොලිස්‌ නිලධාරීන් වෙත මෙසේ අදහස්‌ දක්‌වා සිටියහ.

    අපි අධිකරණයට ගරු කරනවා. නමුත් මෙතන අපි අධිකරණයට පිටින් යන්නේ නැහැ. මෙතන අපි අලුතින් පන්සලක්‌ හදන්නේ නැහැ. මෙතන පන්සලක්‌ තිබ්බේ රජකාලේ සිටයි. මෙව්වට ඔප්පු තිරප්පු හැදුවේ රජවරු. මෙතන මීට වසර 30 කට පමණ පෙරද භික්‍ෂූන් වහන්සේ නමක්‌ කුටියක වැඩ සිටියා. ඒ කාලේ මෙම අවටද සිංහල පවුල් රැසක්‌ පදිංචිවෙලා සිටියා. දැන් මෙතන තිබෙන දාගැබ නිධන් හොරුන් හාරලා විනාශ කරලා. බුදුපිළිම කඩලා දාලා. අපේ උරුමය දිනෙන් දින විනාශ කරලා දානවා. ඒ නිසා අපි මෙතන බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කරනවා. මෙතන අපි අලුතින් පන්සලක්‌ හදන්නේ නැති නිසා අධිකරණයට පිටුපෑවා වෙන්නේ නැහැ. මෙතන විරෝධතාවයක්‌ ඇතිවෙයි කියලා පොලිසියෙන් අධිකරණයට කරුණු වාර්තා කළාට කෝ මෙතන කවුද විරෝධතාවයක්‌ ඇති කරන්නේ? කවුරුවත් නැහැ. එම නිසා අපි මෙතන අලුතින් පන්සලක්‌ හදන්නේ නැහැ. අද බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කරනවා.

    මෙම ස්‌ථානයේ අතීතයේ සිට විහාරස්‌ථානයක්‌ පැවැති අතර ගරා වැටුණු දාගැබක්‌ද ඉපැරැණි පියගැටපෙළවල් ඇතුළු පුරා වස්‌තු රැසක්‌ දක්‌නට ලැබේ. එම දාගැබද නිධන් හොරුන් විසින් විනාශ කර තිබේ. මෙම අවස්‌ථාවේ ඒ ආසන්නයේ මාණික්‌කමඩු ප්‍රදේශයේ පදිංචි දෙමළ ජනයාද පැමිණ මෙම ස්‌ථානයේ බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කරනවාට තමන්ද කැමති බව පවසා සිටියහ.

  3. S.Gonsal Says:

    Can we have a head of state who has Sinhala balls to build a huge Buddhist temple at Manikkamadu Dhigavapi ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress