බැදුම්කර මහා ධන නිධානය හරහා කෝටි ගණන් සල්ලි.. සුපිරි නිවාස.. අධි සුඛෝපභෝගි වාහන.. රජයේ ටෙන්ඩර්.. ඇසුරට රුසියානු-යුක්‍රේන රූමතියන්.. කවුද වාසනාවන්තයෝ….
Posted on November 1st, 2016

 lanka C news | ලංකා සී නිවුස්

බැදුම්කර මහා ධන නිධානය හරහා කෝටි ගණන් සල්ලි.. සුපිරි නිවාස.. අධි සුඛෝපභෝගි වාහන.. රජයේ ටෙන්ඩර්.. ඇසුරට රුසියානු-යුක්‍රේන රූමතියන්.. කවුද වාසනාවන්තයෝ….

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සම්මුති ආණ්ඩුවේ යහපාලන කාලය තුලදි සිදුවී ඇත. එය සිදු කල නියම හොරු ඇල්ලිම වෙනුවට ජනතාව ගොනාට ඇන්දවීමේ මහා තරගය මේ වන විට ආරම්භ කොට ඇත. ඒ අනුව සිද්ධිය ජනතාවටම හිස රදයක් වනසේ ජනතාව නොමඟ යන ලෙස වරින් වර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහි බරපතළකම හා ඒ තුලින් සමස්ථ ආර්ථිකයට වූ හානිය යටපත් කිරීම හා එහි නියම චුදියන් නිදහස් කිරීම මෙන්ම එයට විරුද්ධව හඩ නැගු කොටස නිහඬ කරවීම මෙම ජාවාරම්කාරයින්ගේ උපක්‍රමය වී ඇත.

තවද මෙම දූෂිත ගණුදෙනුව සාධාරණිය කොට අදාළ චෝදනාවලින් නිදහස් කිරීම මෙන්ම එසේ චෝදනා ලැබු පිරිසට සුදුහුනු ගෑම මෙම උපක්‍රමයේ දිගුවක් ලෙස ක්‍රීයාකිරීමටත් , මේ වෙනුවෙන් විශාල හඩක් නගන මාධ්‍ය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔහුන් මිලදී ගත හැකි අයුරින් කටයුතු කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ අනිත් උපායමාර්ගයයි.

කෝප් කමිටුවේ මහාබැංකු බැදුම්කර වාර්තාව පිලියෙල කිරීමේ ආරම්භයේ සිටම මෙම උපායමාර්ගයේ මූලික සැලස්ම ක්‍රියාත්මක කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් කිහිපදෙනකු තැරව්කරුවන් මාර්ගයන් කොටු කර ගැනිමට උත්සහ ගත් නමුදු එහි සමාජිකයින් සුලුතරයක් පමණක් ඒ සඳහා යම් යම් එකඟතාවයන් පලකොට තිබු බවත් බහුතරයක් එම යෝජනාවට ඇහුම්කන්දීමට පවා විරුද්ධ වී තම ජංගම දුරකතන විසන්ධි කොට ඇත.

එසේ සියලු උත්සහයන් අසාර්ථක වීමෙන් පසුව නව උපායමාර්ගයක් ලෙස කෝප් කමිටුවේ වාර්තාව මෙන්ම එහි අන්තර්ගතයත් හා අදාළ නිර්දේශත් මෙයට කොහෙත්ම අදාළ නොමැති කරුණු ගෙන හැර දක්වමින් හා පසුගිය රජයේ සිදු වූවයි කියන මෙතෙක් වසර දෙකක් ගතවීත් ඔප්පු කිරීමට හෝ අවම වශයෙන් හරියාකාරව සොයාගැනීමට නොහැකි වූ දූෂණ ඉදිරියට ගනිමින් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අවතක්සේරු කොට යටපත් කිරීම මෙහි අරමුණයි. මේ සඳහා සම්මුති රජයේ මතයක් ගොඩ නැඟීමට හැකි දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට ඉහත වසනාවට හිමිකම් කීමට මේ වන විටත් උදාවි ඇත.

මේ සඳහා මුලින්ම තෝරාගත් කිහිපදෙනා අතරින් නැගි ආ ජනප්‍රිය තරුණ දේශපාලන ද නායකයකු මෙන්ම අමාත්‍යවරයකු ඔහුගේ අනියම් බිරිඳ හරහා මේ වනවිටත් මෙම කටයුත්ත සඳහා එකග කරවා ගෙන ඇත. එම අනියම් බිරිඳ එක්සත් ජාතික පක්ෂයට ඉතා කිට්ටු සම්බන්ධතා ඇති කාන්තාවක් වන අතර ඇයට අහිමිවූ රජයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක ටිකට්පත් මුද්‍රණ නැවත ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවති. මාසිකව රුපියල් මිලියන 50 කට අධික මෙම ටෙන්ඩරය පසුගිය රජයේ සමයේ සිට මෙම කාන්තාව විසින් සිදු කරන අතර සෑම රජයක් සමගම ඩීල් දමා මුදල් හම්බකරගැනිමට මෙම තරුණ අමාත්‍යවරයා පෙරමුණ ගෙන කටයුතු කරයි.

එමෙන්ම මෙවෙනි ටෙන්ඩර්වලට අමතරව කෝටි ගණන් සල්ලි, සුපිරි නිවාස හා අධි සුඛෝපභෝගි වාහන ඔහුනොවුන්ගේ තරාතිරම අනුව මෙම මංකොල්ලය යටපත්කොට කෝප් වාර්තාව අවතක්සේරුවට ලක් කිරීම වෙනුවෙන් ගෙවීමට තැරව්කරුවන් මාර්ගයෙන් කටයුතු කරගෙන යයි. රෑට රෑට සුපිරි හෝටල්වල කාමරතුල සාකච්ඡා පවත්වන අතර මේ සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ඇසුරට රුසියානු හා යුක්‍රේන රූමතියන් සහිතව සියලු විදේශීය මත්පැන් සහිතව සුඛෝපභෝගි නවාතැන් පහසුකම්ද නොඅඩුව සපයනු ලැබේ.

මේ අනුව ඉදිරි දින කිහිපය තුල ශ්‍රීලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය වන මහාබැංකුවේ බැදුම්කර කතාන්දරය කතාන්දරයක්ම බවට පත්වී, අනාගතයෙදි අපේ රටේ ජනතාවගේ සිත් තුලින් මැකි යනු ඇත.

– වසන්ත කටුගම්පල

5,817 Viewers

One Response to “බැදුම්කර මහා ධන නිධානය හරහා කෝටි ගණන් සල්ලි.. සුපිරි නිවාස.. අධි සුඛෝපභෝගි වාහන.. රජයේ ටෙන්ඩර්.. ඇසුරට රුසියානු-යුක්‍රේන රූමතියන්.. කවුද වාසනාවන්තයෝ….”

  1. Ananda-USA Says:

    The YAMAPALANAYA EFFORT to undermine and prevent the GREAT CENTRAL BANK ROBBERS from ever being prosecuted and brought to book may consume all their energy snd all their money, but IT WILL NEVER SUCCEED!

    The ALI BABA and his TEN THIEVES, and all others who aided and abetted this great crime against the citizens of Sri Lanka, will pay for it BIG TIME ….. SOMETIME, SOMEWHERE, SOMEHOW with all they have!

    All those people they have HARASSED and HOUNDED since they gained power, will make sure of it.

    That is why they say that people who live in glass houses should not how stones!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress