අධ්‍යාප නයටත් රටක්  විනාශ කලහැක      4
Posted on November 5th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

අංක  1,2,3  සමග  කියවන්න

ඉංග්‍රීසින් විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන  ක්‍රමය  ගැන  මනා අධ්‍යයනයක්  කල   ආනන්ද කුමාරස්වාමි  ඒ ගැන  තව දුරටත්  මෙසේ කියය් .’’’’’’’ වැසියන්ගේ ඕනෑ  එපාකම්  හා  හැමවිටම  එක මග නොයන  අවශ්‍යතා ඇති  අන්‍යයනට ,  ඔවුන් කැමති අධ්‍යාපනයක්  වැසියන්ට දීමට ඉඩහැර  තිබේ . කේම්බ්‍රිජ්  විශ්ව විද්‍යාලයීය  විභාග සහ  ලන්ඩන් විශ්ව විද්‍යාලයීය  පාඩම් මාලා පදනම්  කොට ඇති  රජය පිළිගත්  අධ්‍යාපන ක්‍රමයෙහි , ඉතිහාසය , සංගීතය , චිත්‍ර ශිල්පය ,, ආගම  ආදී  ජාතික සභ්‍යත්වය පිලිබඳ  කිසිදු අංෂයකට  ඉඩක් නැත . එය භෞතික අවශ්‍යතාවනට (ධනයට ) පමණක්  තුඩු දෙය් . මෙහි ප්‍රතිඵලයක්  වශයෙන්  නිර්මාණ ශක්තිය හා ආරම්භක ශක්තිය  විනාශ වෙය් සුශීල  විශිෂ්ටතා  දියුණු නොවෙය් ..මිෂන් (ක්‍රිස්තියානි ) පාසල්වලදී  මීටත් වැඩි තරම් වූ  හානියක්  සිදුවෙය් .  මෙහිදී  ජාතික සංස්කෘතිය  නොසලකා හරිනු පමණක් නොව  යම්කිසි අභිමත පරමාර්ථයක්  අරභයා  වැසියන්ගේ  ආගමට  අකුල් හෙලීමද  කෙරේ .’’’’’’’

                        එක්නැලිගොඩ තම පුතාට සහ  බෑනාට ඉංග්‍රීසි  උගන්වන්නට අවශ්‍ය බව  දැන්වීම ගැන  බ්‍රවුන්රිග්  මෙසේ සඳහන් කර ඇත .’’’මෙම කාර්යය මම ඉතා කැමැත්තෙන්  භාර ගතිමි . මම එසේ කලේ කරුණු දෙකක්  සැලකීමෙනි . එනම් අපෙන් සැලකුම් ලැබිය යුත්තෙකුට  ආරක්ෂාව සැලසීමක් වශයෙනුත්  සෑම ප්‍රධානියෙකුගේම  පවුල් වෙත ඉක්මනින්  පැතිර යාහැකි  වැඩ පිළිවෙලක  ආරම්භය  වශයෙනුත්ය ‘’’.—1816  නොවැම්බර් 05 දින  බවුන්රිග්  එංගලන්තයේ  යටත් විජිත භාර  මහා ලේකම්ට යැවු ලිපිය —

 ඉංග්‍රීසින්  ඇතිකළ අධ්‍යාපනයේ අරමුණ  දැනුම බෙදාදීම නොව  ස්වදේශිකයන්  විජාතික කරණය කර  ඔවුන්ගේ සිතුම් පැතුම්  ඉටුකර ගැනීම සඳහා  මාවත සකස් කර ගැනීම  බව  මෙයින් ද පෙනීයය් -කොන්වන්ට්  නම්  ගැහැණු ළමයින්ගේ  නේවාසික  පාසල්   වල කලේ  කාන්තාවන්  බටහිර පන්නයට හැඩගස්වාමින්  ඉංග්‍රීසි සිතුම් පැතුම් අනුව ඔවුන් සකස් කිරීමත්ය . මෙය ඉතාමත්ම  නොවරදින  සාර්ථක ප්‍රතිඵල දෙන  තෘප්තිමත් වීමට  හේතුවන  කටයුතු කෙරෙන  අංශයක් බව  එකල ඔබ්සර්වර් පුවත් පතේ  කතුවරයාව සිටි  ඒ  එම  ෆර්ගියුසන්  තම ‘’’ සිලෝන් ඉන්  1903 ‘’ පොතේ සඳහන් කර ඇත . ගෙදර බුදුන්  හෙවත්  අම්මා   බටහිර  ගත්තියක් කල විට  අනාගත පරම්පරාවම  ගැත්තන් වෙන  බව ඉන්ග්රීසීහු  දන සිටියහ … මේ මගින්  ඔවුන් අපේක්ෂා කලදේ එහිම  මෙසේ දැක්වේ  ‘’’’’’ අන්කිසි නැගෙනහිර දේශයකට වඩා  මෙරට ජනයා අතර  ක්‍රිස්තියානි ආගම හා  අධ්‍යාපනය දියුණුය . විසි ලක්ෂයකටත් අධිකවූ  සිංහලයන්ගේ  ආගමවූ  බුද්ධාගම  ලංකාවෙන්  නැති වුවහොත්  එහි රාවය   බුරුම සියම  ආදී රටවල  පමණක් නොව චීනයේ  පවා රැව් පිලිරැව් දෙන්නේය .’’’’

                                මෙන්න  මේ  අධ්යාපනයය්   නිදහස් අධ්‍යාපනය යටතේ රටේ අස්සක් මුල්ලක්  නාරම  ප්‍රචලිත කලේ .බෞද්ධ පාසල් යය කියමින් ආරම්භකළ  ආනන් ද  නාලන්ද  මහින්ද  මලියදේව  ආදී පාසල්වලද  ඉගැන්වුයේ  අනෙක් මිෂනාරී පාසල් වල දෙනලද  රජයෙන් අනුමත  අධ්යාපනයමය .රටට  ගැලපෙන අධ්‍යාපනය ලබාදුන්  පිරිවෙන්   අධ්‍යාපනයටද කණකොකා හැඬුවේ  විද්‍යෝදය  හා විද්‍යාලංකාර පිරිවෙන්  සරසවි  කිරීමෙනි .එයින් වුයේ අපේ උරුමයට සම්බන්ධ දේ  ඉගෙන ගනිමින් සිටි  ජාතියේ  මුරදෙවතාවුන්ද   විජාතික මුරකාරයන්  වීමය ..

          සරසවි අචාර්ය සමිතිසම්මේලනය  විජාතික ග්‍රහණයට අද අසුවී ඇත්තේ  මෙසේ දෙනලද අධ්‍යාපනය නිසය්  . 1948 සිටම  සිංහල බෞද්ධ අයිතීන්ට එරෙහිවී  කටයුතුකළ පුර්ණ නිදහස ලංකාවට එපායය් කියූ ජෙනින්ග්ස් සරනගොස්  සංඝයා  සරණ නොගිය  නායකයින්ගේ  එජාපය රනිල් යටතේ අන්ත විදේශ ගැ ති පක්ෂයක් වී ඇත්තෙත්.එම පක්ෂයට  චන්දය දීමට තරම්  ජනතාවගෙන් කොටසක්  අන්දබාලවී  ඇත්තෙත් .දෙන අධ්‍යාපනය මගින් ජාතිකත්වය  විනාශ වී ගොස් ඇතිනිසාය . සුද්දාට  අවශ්‍ය වුදේ  කිරිගහට අන්නාවගේ    සිදුවී ඇත .කොටි අමුලඝාතනය කල මහින්දටත්  ෆෙඩරල් ,,සහසන්ධීය නිර්මාතෘ කප්පිත්තාවන  ජාතික චින්තන විරෝධී  ජී  එල්  පීරිස්  නැතිවම බැරිවී ඇත්තෙත් ජාතිකත්වය ක්ෂයකළ අධ්‍යාපනයක් ලැබී ඇති බැවිනි .කෙසේ හෝ  උඩට මතුවෙන්නේ  ජී එල්  පීරිස්  වනියවුන් හා ඊටත් අන්ත උන්ය .ජී එල්  ආසියාවේ  ලොකුම උගතා යය්  කියන්නට තරම් සමහරු පට්ටපල්  මොඩ යන්වී ඇත්තේද  අධ්‍යාපනයේ  වරද නිසාය . බටහිරයන්ට  අපි මොනතරම්  අහුවී කොන්ද බිඳගෙන  අත්තෙදය්  කියතොත්  බටහිර ශිල්ප ශාස්ත්‍ර  විද්‍යා ආදී  කිසිවක  වැරැද්දක්  පෙන්වුවහොත් එසේ පෙන්වන තැනැත්තා සියලු ජන මාධ්‍ය වලින්ද කොන්කෙරේ .  අහෝ  රටකට  ගිය කල . 

3 Responses to “අධ්‍යාප නයටත් රටක්  විනාශ කලහැක      4”

  1. S.Gonsal Says:

    Dharmasiri,
    “බටහිරයන්ට අපි මොනතරම් අහුවී කොන්ද බිඳගෙන අත්තෙදය් කියතොත් බටහිර ශිල්ප ශාස්ත්‍ර විද්‍යා ආදී කිසිවක වැරැද්දක් පෙන්වුවහොත් එසේ පෙන්වන තැනැත්තා සියලු ජන මාධ්‍ය වලින්ද කොන්කෙරේ .”

    Absolute rubbish!
    We should learn how to compete in the modern world under it’s norms. There are many “secientific lies” which are killing thousands of people today ( mostly created by world’s most powerful Pal Horu and Murderers who are bribing scientists to publish wrong ideas purposely). Rather than saying “Modern sceince is a Patta pal Boruwa” , more scientific arguments shall be tablled. No point publishing arguments understood by the writer only.
    Most people do not have wisdom to understand hidden meanings of profound statements. It is the duty of the teacher to put in an acceptable way !
    We cannot wind by continuously abusing බටහිරයන් in media. Proper legal action shall be taken, difficult unity groups shall be organised, TRUTH (only) should be published repeatedly without we ourselves lying, in oder to win the battle against බටහිරයන්.

  2. Christie Says:

    මේ බන දඹදිව ගැතියන්ට. අපිට සින්හල කවපු බන්ඩ උගෙ පැටවුන්ට ඉන්ග්‍රීසි. සින්හලට වඩා පාලි සඟිස්කුරුත ලියන අය ඉන්දියාවට ගිහින් ඉන්න කැමතිද?
    ඉගෙන ගන්න පාරනෙමෙයි වැදගත් ඉගෙන ගන්නෙ මොනවද?
    අද අපි ඉන්දියානු දෙයියන්ටත් ඉරිසිවරයන්ටත් යටවෙලා. පොල්ගහන උන්ට පොල්ලෙලි කවන්න ඕනි. රෙන්ඩත් වෙලාව බලන පුකට මූඩිගහන්න එපෑයෑ.

  3. Senevirath Says:

    බණ්ඩාගේ ළමයින්ට එයා ඉංග්‍රීසි කැව්වාට අපට කමක් නැහැ උන් පරයෝම වුනානේ එනිසා අපට සිංහලෙන් ඉගෙන ගන්න දුන්න නිසා දෙමලු රජකරපු කාලේ ඉවරකරලා දෙමල ත්‍රස්තයොත් පරදන්න ජාතිකත්වය ඇති අ ය ලක්ෂ ගණනින් බිහිවුණා ඒ අ ය බන් ඩ ට නයගතිය් .සිංහලට බනින අ ය සේවයකරන්නේ රනිල් වාගේ බටහිර ගත්තන්න්ට මහින්දගේ වැරදි කියන ගමන් ම අපි ඔහුට ගරුකරනවා රට රක්කට ඒ වගේම 75% කට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ලබා දුන්නට බන්දටත් ගරුකරනවා අපි වැරදි කියන ගමන්ම මේ දෙන්නම අපට දුන්නේ මුලික අයිතිවාසිකම් දෙකක් ———————————————නවීන ලෝකය සමග තරග කිරීම ——-තරගයෙන් දිනන් නේ එක්කෙනය් . අනිකා පරදිනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress