නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය -පණත ලෑස්තියි
Posted on November 6th, 2016

මතුගම සෙනෙවිරුවන්       

   යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක් තුළ පවත්වාගෙන යෑමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවරදි තක්සේරුවක් කිරීමට දැන් කාලය පැමිණ ඇත.ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තිබූ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක් ගැන අත්දැකීම් මේවන විට තිබේ . පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් යන අතර ජනතා විරෝධය යටපත් කරලීම පිණිස නොයෙකුත් හිතුවක්කාරී දේශපාලන තීරණ ක්ෂණිකව මතු වෙයි. පසුගිය මැති වරණ සමයට පෙර බැඳුම්කර සිද්දියට අදාල කෝප් වාර්තාව නිකුත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මෙයට එක් නිදර්ශනයකි.එවිට මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද .යහපාලන රජය බිඳ වැටීමට ඉඩ නොදී කෙසේ හෝ පවත්වාගෙන යෑම එහි අරමුණ බව තීරණය කළ හැකිය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු  ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හල නොහැකි බවද මෙහිදී අප සිහිපත් කළ යුතුය.

              යහපාලන රජයෙහි මූලික අරමුණු අතරින් ඉතා වේගවත්ව ක්‍රියාත්මක වන්නේ නව ව්‍යස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලියයි. ඊට අමතරව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ඉක්ටා ගිවිසුමයි.2016 වසරේ ආරම්භයත් සමගම මේ නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම ඇරඹුණී. එහි වාර්තාවද දැන් නිකුත් වී තිබේ. නමුත් ඒ තුළින් අප දකින්නේ මහජන අදහස් නොව කමිටුවට පත් කළ ප්‍රධානීන් අභිමත ඉලක්කයන්ය. අනාගමික රජ්‍යයක් බවට ලංකාව පත් කිරීම හෝ සියළුම ආගම් වලට සමතැන දීම ජාතික කොඩිය වෙනස් කිරීම.  බලය බෙදා හැරීම.යන කරුණු වලදී සීමිත පිරිසක් වන උතුරේ බෙදුම්වාදීන් ගේ අදහස් වලට කමිටුව මුල් තැන් දී තිබේ. මෙම කමිටුව නියෝජනය කරන පිරිස අතරින් බහුතරයක් බෙදුම්වාදයට පක්ෂවේ. ඒ බැව් එම වාර්තාවේ හැඳින්වීමෙන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් ඉදිරි මාසයේ එළියට ඒමට නියමිත මෙම ව්‍යවස්ථාව ගැන සමාජයේ ඇතිවූ කතාබහ බෙහෙවින් වැදගත් විය. මහානායක හිමි වරුන් ගෙන් සහ කාදිනල් වරයාගෙන් එහි ඇතැම් කරුණු වලට එල්ල වූ විරෝධය නිසා රජයේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කර දෙන්නටද උත්සුක විය. ඒසේම ජනමත විචාරණයකින් තොරව මෙම ව්‍යසස්ථාව සම්මත කරන බවද විවිධ දේශපාලන කණ්ඩායම් වලින් මත පළ විය.

           යහපාලන රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙයි. රජය පවත්වගෙන යෑමට නොහැකිව බැදුම්කර මගඩි තුළින් ණය බර උත්සන්න වී නලියන කල රජය බිඳ වැටීමකට ලක් විය යුතුය. අඩු ගණනේ අග්‍රාමාත්‍ය පදවිය වෙනස් වීමකට ලක් විය යුතුය. නමුත් ජනාධිපතිවරයා කලින් ලෙසම මෙම බිඳි වැටීම වළක්වාගෙන සිටී.එයට හේතුව ලෙසට අපට සැලකිය හැක්කේ පැවති රජය පරාජය කිරීම පිනිස විදෙස් බලවේග සමග ඇතිවූ එකඟතාවයන් අර්බුදයට යෑම වලක්වා ගැනීමයි. වෙසෙසින්ම සංහිඳියා පිළිවෙත තුළින් උතුර සහ නැගෙනහිරට අවශ්‍ය ප්‍රමාණවත් දේශපාලන බලතල ලබා දීම පිණිස පිහිටවූ සංහිඳියා ලේකම් කාරයාලය ඔස්සේ ඉදිරියට යන වැඩ පිළිවෙල කඩාකප්පල් කර ගැනීමට මේ පිරිසට නොහැකිය. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණත වැඩි සංවාදයකට ලක් නොකර සම්මත කර ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ එකඟතාවයන් ඉෂ්ට කිරීමට රජය විශේෂයෙන්ම බැඳි සිටින බවයි.ඒ අනුව ඉදිරියේදී ඉක්ටා ගිවිසුම අත්සන් කිරීමත් ෆෙඩරල් බලතල සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමත් යන කාරණා සිද්ද කොට අවසන් කිරීමට යොමු විය හැකිය.

        මේ අරමුණු මෙසේ වුවද යුද්දයෙන් අවසන් කරන ලද කොටි ත්‍රස්ත බිය නැවත මතු වෙමින් පවතී. අවි ආයුද තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ගිනි අවි ප්‍රවාහනය කිරීම වැනි දේ උතුරේ යලි සිදු වෙයි. ආරක්ෂක හමුදා වලට  පහර දීම සිදු වෙයි. දෙමළ පොලිස් නිලධාරින්ට ඉල්ලා අස්වන ලෙසට බල කෙරෙන දැන්වීම් ලැබෙයි. මීට ටික දිනකට ප්‍රථම උතුරේ මහ ඇමති විසින් කරන ලද වෛරී ප්‍රකාශවලින් පසු  උතුරේ තරුණයන් ඇවිස්සී තිබේ. ඔවුන් උතුරේ බුදු පිළිම කුඩු කරයි.කැලෑ බෝගස් වැව වැනි සාම්ප්‍රදායික සිංහල ගම්මාන සංවර්ධනය කිරීමට විරුද්ද වෙයි. උතුරේ හමුදා කඳුවරු ඉවත් කළ යුතු යැයි විදෙස් නියෝජිතයන් හමු වේ ප්‍රකාශ වෙයි. බෞද්ධ නොවන ප්‍ර දේශ ලෙස උතුර ගැන හඳින්වීමක් කර ඇත. මේ ළගදී ලංකාවට පැමිණි රීටා නමැති එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නියෝජිතවරිය මෙය අනුමත කරමින් ප්‍රකාශයක් ලබා දී තිබේ.පෙරහර එන විට කස පුපුරුවන බව අප දනිමු.1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථමවද මේ දේ සිදු විය.රටපුරා කලබගෑනි ඇති වී බලහත් කාරයෙන් ගිවිසුම අත්සන් කෙරිණි.

       ජේ.ආර්. මාමාගේ අඩිපිරේ යන වත්මන් අගමැති වරයා සිය අරමුණු සාක්ෂ්‍යත් කර ගැනීමට සමස්ත රජයම ප්‍රාණ ඇපයට ගෙන ඇත. රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්ණය උතුරේ සහ නැගනෙහිර දෙමල මුස්ලිම් අයට බලතල නොදීම යන මිථ්‍යාවේ ඔහු සිරවී සිටී. ජනාධිපතිවරයාද ඊට දෙවනි නැත.මේ දෙදෙනාගේ න්‍යාය පත්‍රය මත සියල්ල සිදු වෙමින් පවතී. මේ අතර තිස්ස අත්තනායක මහතා දෙවනි වරටද අත්අඩංගුවට පත් වී ඇප නොලබා සිපිරිගෙයට ඇතුලත් කර ඇත.ඔහුට තිබූ මුල් චෝදනාව නම් කූඨ ලේඛන සකස් කිරීමයි. එයට දැන් තවත් චෝදනාවක් එකතු කර ඇත. එය නම් ජනවර්ග අතර වෛරය ඇති කිරීමට කටයුතු කිරීමයි. එවැන් නීතියක් රටේ තිබෙන බවද බොහෝ දෙනා නොදනිති.මන්ද එවැනි වරකට මෙතෙක් චෝදනාවක් එල්ල ව නොතිබීමයි. සැබවින්ම 2007 අංක 56 දරන පණතමගින් මෙවනි වරදවල් ආවරණය කරනු ලබයි. පසුගිය මහින්ද රජපක්ෂ රජයේ කැබිනට්ටුව විසින් අනුමත කොට සම්මත කරන ලද මෙම පනත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියකට අනුව සකස් වූවකි.1966 වසරේ දෙසැම්බර් මස දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරියේ  සම්මත වූ මෙය 1980 වසරේ දී  ලක් රජය අත්සන් කොට ඇත. රට තුළ පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් යුද්යෙන් අවසන් කොට නැවත එම බිය ඇති නොවිම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල පණතක් ගෙන ඒම එහි බලාපොරොත්තුව වන්නට ඇත. නමුත් එම රජය එම නීතියෙන් ප්‍රහාර එල්ල කොට ඇත්තේ සිංහලයන්ට පමණකි. 2014 දර්ගා නගර සිද්දියට අදාලව සිංහලතරුණයන්ට මේ නීතිය යටතේ නඩු පවරා තිබේ.  තිස්ස අත්තනායක මහතා මැතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමන් කාරණා තුනක් ගෙන හැර දැක්වීය. එයින් ප්‍රධන තම කාරණය වන්නේ දෙමළ ජාතික සංවිධනය සමග යම් ගිවිසමුක් ඇති. බවයි. දේශපාලන මැතිවරණ අවස්ථාවකදී මෙවැනි චෝදනා එල්ල වී ම ස්වභාවිකය. කෙසේ වෙතත් මැති වරණයෙන් පසුව තිස්ස අත්තනායක මහාත කූට ලේකණ සකස් කිරීමේ චෝදනවා මත රිමාන්ඩ් භාරයට පත් විය.දැන් අප බලමු මේ නව පණතේ අඩංගු කරුණු අනුව එහි තෙවනි වගන්තියෙන් ප්‍රකාශ වන්නේ මෙයයි.

1 – කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතරවීම හෝ වෙනස් ලෙස සැලකීම එදිරිවාදිකම් වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරිම සංයුක්ත වන ජාතික වාර්ගික හො ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකල යුතුය.මෙම වගන්තිය යටතේ වන වරදක් සංඥය හා ඇප දිය නොහැකි වරදක් වන්නේය. එසේම මහාධිකරණය විසින් විශේෂ හේතු මත හැර ඇප දීම සිදු නොකළ යුතුය යන්න දැක්වේ.

         තිස්ස අත්තනායක මහතාගේ සිද්දිය ට අදාලව මෙම නීතිය පෙරට ගැනීම පූර්වාදර්ශයක් සැපයීම සඳහා කරන අත්හාදා බැලීමකි. ඉදිරියේදී නව ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන්ට එරෙහිව මෙය යොදා ගත හැකි වන බවට රජය විශ්වාස කරයි.එයට අමතරවඉක්ටා අත්සන් කිරීම කෙසේ හෝ කිරීම පිණිස බැඳුම්කර සිද්දිය වැනි දේ මාධ්‍ය මගින් අනවශ්‍ය පරිදි උලුප්පා දමා කටයුතු කරන බව පෙනේ. එය අත්සන් කළහොත් දකුණු ඉන්දීය ආර්ථික කලාපයේ කොටසක් බවට උතුර සහ නැගෙනහිර පත් වේ. එවිට නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට ඉන්දියාවට මැදිහත් වීමේ ඉඩකඩ විවර වේ. මේ වත්මන් රජයේ න්‍යයා පත්‍රයයි.

මතුගම සෙනෙවිරුවන්

4 Responses to “නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය -පණත ලෑස්තියි”

  1. plumblossom Says:

    There is no Tamil Homeland! It is a completely bogus invention. The writer has got the history slightly wrong. Even the most recent Pandyan invasion just prior to the arrival of the Portuguese in the 16th century by Aryachakravarthi only invaded the Jaffna peninsula only and the settlement of the Jaffna peninsula was very sparse. All earlier invasions by the Cholas etc. they invaded Anuradhapura and Pollonnaruwa and these was for short periods of time and there were no settlements whatsoever at all as a result. Most Tamils were brought over by the Portugese and the Dutch to work on Tobacco and Indigo plantations set up by the Portugese and the Dutch after the 16th century.

    There were from around 600BC over 43 attempted invasions of the island by the Chola, Kalinga, Pandya, Vijayanagar and other South and Indian Kingdoms etc. However only six succeeded. There was one invasion by a Malayan kingdom too. These were during Sinhala Kings Walagamba, Dhutugemunu, Dhathusena, Vijayabahu I, Parakramabahu II, Buvanekabahu V and Parakramabahu VI times. However invaders invaded Anuradhapura, Pollonnaruwa and stayed only for a short period of time and left the island once they were overwhelmed. There were no settlements due to these invasions except the very last invasion by Aryachakravarthi of the Jaffna Peninsula.

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA, other separatists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost.

    History which was dropped as a subject should be taught at school since Sri Lanka has a very long history and it is very beneficial for the next generation to learn the history and archaeology of the island based on actual archaeological findings, archaeological ruins, artefacts, stone inscriptions, ola leaf writings and so on. Otherwise people will believe any bogus history invented by interested parties to their benefit, not based on facts but invented for their own nefarious purposes. Today these settlers such as the Sri Lankan Tamils are inventing history for their own purposes without any archaeological evidence whatsoever to back up such bogus claims. Therefore it is imperative that history is taught as a subject in school as soon as possible.

  2. plumblossom Says:

    The writer has asked for further historical facts and figures. Apart from many Buddhist ruins, the writer has missed a very important part of the Sinhala Buddhist civilization which is the extensive hydraulic system that still prevails in the dry zone of Sri Lanka. The Sinhala kings built over 10,000 (please check this figure in research papers for accuracy) large, medium and small scale irrigation reservoirs in Rajarata and Ruhuna encompassing today’s, North Central, North, Eastern, North Western provinces. For example Yodha Wewa Reservoir in today’s Mannar in the North was built by the Sinhala King Dathusena or Mahasen. The Pavatkulam Reservoir in Vavuniya in the North was built by the Sinhala King Dathusena or Mahasen. The Kanthale Reservoir in the East was built by Sinhala King Agbo II. All of the irrigation reservoirs present in the North Central, North, North Western and East were built by Sinhala Kings.

    In fact, to get the water to flow out of the reservoirs in a smooth manner, the Sinhala Engineers invented the biso kotuwa or the besi kotuwa (as in wathura besi kotuwa), a type of valve pit, or a type of water outlet out falling from the reservoir where water pressure can be managed so as not to damage the tank bund. Another use of the Sinhala irrigation Engineer was the anicut where a river’s water was diverted using a dam type structure built across the river partially blocking the river flow and diverting the water into open flow canals.

    The amazing and extensive irrigation system in Sri Lanka’s dry zone encompassing today’s North Central, North, East and North Western Provinces encompassing over 10,000 (please check this figure for accuracy) large, medium and small scale reservoirs, open flow canals etc. was built by the Sinhala Kings.

    Therefore there is no doubt whatsoever that there was a Sinhala Buddhist civilization encompassing today’s North Central, North, East and North Western Provinces, even just by considering this extensive irrigation reservoir system. R.L. Brohier , H.C.P. Bell, D.LO. Mendis, Henry Parker and many archaeologists, irrigation engineers and surveyors have written many books and research papers on this subject. In fact even the British Governor at the time Sir Henry Ward marvelled at the ingenious of the Sinhala irrigation engineer and wrote on the subject and Even Sir Emerson Tennent, another British Governor marvelled at the ingenious Sinhala irrigation engineer and wrote on the subject. In fact, the Sinhala irrigation engineer was a master of hydraulics. Not only that extensive data on rainfall patterns would have had to be collected to figure out the capacity of the irrigation reservoirs and their placing. Very accurate surveying of the lay of the land would have had to be carried out to come up with very accurate contour maps in order to figure out the trace of the open channel flow canals.

  3. plumblossom Says:

    The Sri Lankan Tamils demanding a ‘Tamil homeland’ is a bogus demand as per the history and archaeology of the country. Even a few months back, a discovery was made of an archaeological site in Anuradhapura dating back to 800BC and included beads, pottery etc. Anuradhapura was a large village by 900BC and there was an expansion into a city by 600BC. There is plenty of evidence of pre-historic cave discoveries such a the Fa Hien caves, the Bellanbendi pellessa and other cave discoveries especially in the wet zone of pre-historic sites or iron age and stone age discoveries (due to the clay in the wet zone preserving such sites well). The oldest skeleton found on the island is 37,000 years old. We know there were four tribes Yaksha, Naga, Raksha and Deva and around 600BC there was an influx of people from India, possibly Bengal or Orissa. These people together with the four tribes Yaksha, Naga, Raksha and Deva together then formed the Sinhala nation. This is why Anuradhapura which was a village by 900BC expanded into a city by 600BC.

    Does all this archaeological evidence not prove that the Sinhala people are the descendants of the indigenous people of the island i.e. the yakshas, Nagas, Rakshas and Devas? Much later by around the 16th century due to the Aryachakravarthi invasion of the Jaffna Peninsula the Sri Lanka Tamils migrated but into the Jaffna peninsula only. Later during the Portuguese, Dutch and British colonial times, there were further migrations of Sri Lankan Tamils (called Malabars meaning those from the Malabar coast of India) for purposes of planting tobacco and indigo brought in by the colonialists.

    Of course other people such as the Arab traders, Malays, then the Burgers (descendants of colonisers) also migrated to the island too.

    Does this not then prove that this island inclusive of the North and the East is the homeland of all its people? So is this demand for a separate state by the Sri Lankan Tamils (called Malabars meaning those from the Malabar coast of India), descendants of recent migrations to the island, not absurd and unacceptable?

    Let us state in the constitution that this island is the homeland of all its people, for the sake of justice and fairplay, by everyone concerned.

  4. NAK Says:

    Tissa was initially charged for producing a falsified document. Thus far no one really knows if this document is actually falsified as claimed by the prosecution or if it had been subjected to a forensic examination which should have been done in the first place before arresting,that is if the law is to be upheld!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress