තමිල් සෙල්වන් අණ්නා…..
Posted on November 23rd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

 
 
2013 වසරේදී වරක් මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවළ , තුන පහ කුඩු වැනි ලංකාවට ආවේනික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය. මෙය කඩයක් කීවද සුපර් මාකට් එකකි. එහි නම එස් පී සුපර්මාකට් ය. එස් පී සුපර්මාකට් එකේ භාණ්ඩ මිලදී ගමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්නා….. .. කියා ද්‍රවිඩ ගීතයක් වාදනය විය. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක් බව මම අනුමානය කලෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා මිත්‍ර විරාජ් ප්‍රනාන්දු ගෙන් මෙම එස් පී සුපර්මාකට් එක ගැන ඇසුවෙමි. විරාජ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳ සැල එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඤාතීන්ටය. 
 
තමිල් සෙල්වන් උපත ලැබුවේ 1967 වසරේ මද්දුවිල් ග‍්‍රාමයේ දුගී පවුලකය. උතුරේ කරණවෑමි කුළයකට අයත් වීම නිසා ඔවුන් ද්‍රවිඩ උසස් වෙල්ලාල කුලවතුන් ගේ බොහෝ සමාජ පීඩනයන්ට ලක්වූ අතර පසුකාලයක ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුනේය. ඊට පෙර තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසටද වැඩ කොට තිබුනි.
 
තමිල් සෙල්වන් විවහා වන්නේ ප්‍රභාකරන් විසින් නියම කරන ලද මනාලියක සමගය. ප්‍රභාකරන් යාපනයේ කුලවත් පවුලක දියණියක වූ සසිරේඛා නැමැත්තිය තමිල් සෙල්වන්ට විවහා කර දුන්නේ වෙල්ලාලයන්ට එරෙහි පහරක් ලෙසටය. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී ප‍්‍රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමව්පියන් ලෙස ද ඇන්ටන් බාලසිංහම් හා ඇඩෙල් මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර බ‍්‍රාහ්මණ චාරිත‍්‍රවලින් තොරව විවාහය කිරීමට ප්‍රභාකරන් විසින් නියෝග කරන ලදි. විවාහය පිළිබඳ තමා දැනගත්තේ විවාහයට දින හතරකට ඉහතදී බැව් තමිල් සෙල්වන්  විසින් පසු කාලයක  ප්‍රකාශ කොට තිබේ.  
 
සුප්පයියා පරමු තමිල් සෙල්වන් හෙවත් තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායකයා ලෙස කටයුතු කල අතර ඔස්ලෝ සාම සාකච්ඡුා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ප්‍රකට චරිතයක් බවට පත් විය. මෙම සාම කාලයේදී වරක් රූපාවාහිනී වැඩසටහනකට පැමිනි කුසල් පෙරේරා ” මම ආවෙ අද උදේ කිලිනොච්චියේදී  තමිල් සෙල්වන් හමුවෙලා ” යැයි කීවේ  සාඩම්බර විලාසයකිනි. තමිල් සෙල්වන් එකල celebrity චරිතයක් විය. 
 
රණමග ඔස්සේ නන්දිකඩාල්  පොත ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තමිල් සෙල්වන්ව හඳුන්වන්නේ සටකපට සිනහවකින් යුත් තැනැත්තා වශයෙනි . ඒ කාලයේ දිවයින පුවත් පතේ ලියුම්කරුවෙකු තමිල් සෙල්වන්ව හැඳින්වූ අන්වර්ථ නාමය වූයේ සිනහසෙන ඝාතකයා වශයෙනි. 
 
2005 වසරේදී මා සමග සංවාදයේ යෙදුනු ශ්‍රී ලංකා යුද හමුදාවේ ද්‍රවිඩ හමුදා නිලධාරියෙකු වූ ජෙනරාල් වයි. බාලරත්නරාජා තමිල් සෙල්වන්   කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසට වැඩ කල කාලයේ තම නිවසේ සේවකයන් ගේ කොණ්ඩා කපා තිබෙන බව කීවේය. 
 
කුලීන ද්‍රවිඩයන් අම්බට්ටන් හෙවත්  කරණවෑමි කුලයේ පුද්ගලයන්ව අවඥාවෙන්  සලකන් බව නොරහසකි. එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී සිංහලයන්ට විරුද්ධව සටන් කොට ද්‍රවිඩ ප්‍රජාව අතර තමන්ට ගරුත්වයක් පිලිගැනීමක් ලබා ගැනීමට තමිල් සෙල්වන්ට ඇතිවූ අභිප්‍රේරණය වෙනම අධ්‍යනය කල යුතු දෙයකි.  
 
2007 වසරේදී මා විසින් වෛද්‍යවරුන් සඳහා සංවිධානය කරන ලද තරුණයන් ගේ ගැටළු වැඩමුළුව ඇමතීමට පැමිණි වික්ටර් අයිවන් මහතා තමන් වරක් තමිල් සෙල්වන් හමුවූ අවස්ථාවේදී කුඩා දරුවෙකු මෙන් තමිල් සෙල්වන් ඔහුට අළුතින් ලැබුනු පැජරෝව අතගාමින් එහි උපාංග අගය කල කරමින් කල හැසිරීම දුටු අයුරු විස්තර කලේය. තමිල් සෙල්වන් ගේ එම ලාමක හැසිරීම දුටු විට ඔවුන් ගේ අරගලයේ මහා හිස් බවක් තමන්ට දැනුනු බව වික්ටර් අයිවන් ප්‍රකාශ කලේය. 
 
2007  වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක් වී තමිල් සෙල්වන් මිය යන ලදි. මරණින් පසු තමිල් සෙල්වන් ව බ්‍රිගේඩියර් තනතුරකට පත් කිරීමට ප්‍රභාකරන් විසින් ක්‍රියා කලේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට පත් ප‍්‍රථම සාමාජිකයා  ලෙස සනිටුහන් වන්නේ තමිල් සෙල්වන්‍ ය. තමිල් සෙල්වන්‍ව එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ උසස්ම නිලයකට පත් කිරීම තුලින් ප්‍රභාකරන්ට තම ප්‍රජාවට තවත් පණිවිඩයක් ලබා දුන්නේය. 
 
ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේ පවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන නායකයන් සංවිධානයේ නම යොදාගෙන විදෙස්ගත ද්‍රවිඩ ප්‍රජාවගෙන් එකතු කරගත් මුදල් වලින් යම් ප්‍රතිශතයක් තමන් ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගත් බව පෙනෙන්නේ එකතු කරගත් මුදල් වලින් සමහර නායකයන් මිලට ගත් ව්‍යාපාර දෙස බැලීමෙනි. එස් පී සුපර්මාකට් එක මෙන්ම ටොරොන්ටෝහි පෙට්‍රල් ශෙඩ් ගනනාවක් තමිල් සෙල්වන් සතුව තිබුණු අතර ඒ පිලිබඳව   හමුදා බුද්ධි අංශ පවා දැන සිටියේද යන්න සැකය. 
 
කෙසේ නමුත් දුගී සහ කුලහීන ජන්මයක් ලැබුවද අරගලයක් හරහා තමිල් සෙල්වන් බොහෝ දේවල් අත්පත් කර ගත්තේය. බලය, මුදල් , කීර්තිය, වෙල්ලාලයන් ගේ ගරුත්වය යනාදී මේ සියල්ල ඔහු ලබා ගන්නේ තුවක්කුව හරහාය. එසේම ද්‍රවිඩ ප්‍රජාවට ඔහු තවමත් තමිල් සෙල්වන් අණ්නා ය. 
 
 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 Responses to “තමිල් සෙල්වන් අණ්නා…..”

  1. S.Gonsal Says:

    Thank you for the writing.

    “2007 වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක් වී තමිල් සෙල්වන් මිය යන ලදි.”

    Please write correct Sinhala grammar. This is completely wrong. Why can’t you simply write “2007 වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක් වී තමිල් සෙල්වන් මිය giya OR මිය giyeya.

    OR, may be “2007 වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාva visin තමිල් සෙල්වන් මිය යvaන ලදි”

    You can’t pass GCE (O/L) Sinhala if you write like this.

    This is the only major mistake I could notice.

    While I love your writing and appreciate your hard hitting TRUTH, I am in pain when I see Sinhala being killed like this by a learned man who rendered a massive service to humanity.

  2. plumblossom Says:

    Dr. Channa Jayasumana is a Sri Lankan patriot and this Dr. Ruwan Jayathunge who is writing this article should apologise for criticising him. I hope that this Dr. who is criticising Dr. Channa Jayasumana apologise sincerely for criticising him

    Whatever this unpatriotic Dr. Ruwan Jayathunga (who is the author of this article) thinks, he should sincerely apologise to Dr. Channa Jayasumana who is a Sri Lankan patriot.

    Dr. Channa Jayasumana defended the unitary state of Sri Lanka in so many TV programmes and he has consistently spoken against the destructive ETCA.

    I challenge this Dr. Ruwan Jayathunga (who is the author of this article) whether he possesses even one per cent of the patriotism of Dr. Channa Jayasumana. Most probably not.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress