විද්‍යුත් හැදුණුම්පත් ටෙන්ඩරය රු. 72 ට එපා! රු. 114 කාඩ් ගන්න නිලධාරීන් තිදෙනෙකු යෝජනා කරලා.
Posted on November 30th, 2016

පුවත්පත් නිවේදනය මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විද්‍යුත් හැදුණුම්පත සදහා ‘ඊ -කාඩ්පත්‘ මිලදී ගැනීමේ ටෙන්ඩරයේ පිළිබද කැෆේ සංවිධානය වෙත තවදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ. 

ඒ රු. 72 කට මිල ඉවත දමා, ඒ වෙනුවට රු. 114 කට ඊ-කාඩ්පත් මිලදී ගැනීමට ටෙන්ඩර් සාමාජිකයින් තිදෙනෙකු යෝජනා කොට ඇත. 

ඊ-කාඩ් ටෙන්ඩරය තාක්ෂණික ඇගයීමකින් පසුව රු. 72 කට මිලදී ගැනීමේ හැකියාව පවතී.  අදාළ මිලදී ගැනීම සදහා ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් බහුතරයක් එකග වී ඇත.  එයට විරුද්ධවී ඇති ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු අදාළ කාඩ්පත රු. 114 බැගින් මිල ගණන් ඉදිරිපත් කළ සමාගම වෙත ලබා දිය යුතු බවට යෝජනා කොට ලිපියක් ඉදිරිපත් කොට ඇත. 

ඒ අනුව, මෙම ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින්ගේ උත්සාහය වී ඇත්තේ අප විසින් මුලින් අනාවරණය කළ (රු.80) මුදලටත් වඩා රු. 34 ක් වැඩි මුදලකට ය.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් කැදවා ඇති ටෙන්ඩරයට තාක්ෂණික ඇගයීමෙන් පසුව සුදුසුකම් ලැබූ ආයතන තුනක් ටෙන්ඩරය සදහා සලකා බැලීමට තීරණය වී ඇත.  ඒ අනුව එම සමාගම් ඉදිරිපත් කළ ඇති මිල ගණන් පිළිවෙලින් රු. 71.83, රු. 114 හා රු. 175 කි. 

රු. 72 කට අඩු මුදලකට ඉහළ තාක්ෂණයෙන් යුතු කාඩ්පතක් මිල දී ගැනීමේ හැකියාව තිබිය දී, එයට වඩා රුපියල් 34 ක් වැඩි මුදලකට අදාළ මිලදී ගැනීම සිදු කිරීමට තුලින් රටට අහිමිවන මුදල් ප්‍රමාණය අතිමහත්ය.  අදාළ ටෙන්ඩරයේ මුල්‍ය වටිනාකම රු. 187.5 කි.  කෙසේ නමුත්, ටෙන්ඩර් කමිටුවේ බහුතරයකගේ මතය වී ඇත්තේ අදාළ තාක්ෂණික නිර්ණායක සපුරා ඇති අවම මිල ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය පිරිනැමිය යුතු බවයි. 

අමාත්‍යාංශය විසින් මේ වන විට අදාළ ටෙන්ඩරය පිළිබද ප්‍රසම්පාදන කමිටුව වෙතින් ද උපදෙස් ලබා ගෙන ඇත.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2016 නොවැම්බර් මස 30 වැනිදා  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress