නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද?
Posted on December 4th, 2016

කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර Divaina

ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබෙනවා. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද?

මේ රටට නවතම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක කිසිම අවශ්‍යතාවයක්‌ නොමැතිව තිබිය දී රජයේ ඇතැම් අය නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වන විට බොහෝ අය චෝදනා කළේ එතුමන් දෙමළ ඩයස්‌පෝරාවේ ඕනෑ එපා කම් ඉටු කිරීමට ඔවුන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන බලය ඉල්ලන බවටයි. තිස්‌ස අත්තනායක මහතා සිය ලේකම් ධුරයද අතහැර එක්‌සත් ජාතික පක්‌ෂයෙන් එළියට බැස්‌සේ බෙදුම්වාදීන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමක්‌ අත්සන් කර ඇති බවට චෝදනා කරමින්ය. එදා මැතිවරණ වේදිකාව අමතමින් වික්‍රමසිංහ මැතිතුමාත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් පවසා සිටියේ තමන් කිසිවෙකු සමඟ ගිවිසුම්ගතව නැති බවයි. ඒත් තිස්‌ස අත්තනායක මහතා අදත් උසාවි ගෙනියන්නේ නැති ගිවිසුමක්‌ ගැන වැරදි ප්‍රකාශයක්‌ කළ නිසා බව නොරහසකි. එහෙත් දැන් සිදුවේගෙන යන්නේ කුමක්‌ද? තවමත් කෙටුම්පතක්‌ පමණයි කියමින් ලහි ලහියේ සූදානම් වන්නේ රට කැබලිවලට බෙදන ෆෙඩරල් ක්‍රමයක්‌ යෝජනා කිරීමට නොවේද? ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති යුගය පිළිබඳ අපට ඇති අත්දැකීම් අනුව අග්‍රාමාත්‍යතුමා ද දන්නා පරිදි ‘කළගෙඩි ලාම්පු’ සෙල්ලමට සරිලන දෙයක්‌ මගින් ජනමත විචාරණයකින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට යත්න දැරීමක්‌ තිබේ දැයි සැක සංකා පහළ වී තිබේ.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඇතැම් අධිනීතිඥවරු, ආචාර්යවරු, මහාචාර්යවරු උත්සාහ දරන්නේ ෆෙඩරල් ක්‍රමයක්‌ කරා රට ගෙන යැමට නොවේද? මේ අය රට ගැන කැක්‌කුමක්‌ ඇති අය නොවෙයි. මේ අය මේ රටේ පොදු ජනතාව ආදරය කරන අය ද නොවේ ප්‍රායෝගික නොවන එවන් ආතක්‌ පාතක්‌ නැති න්‍යායාචාර්යවරුන්ගෙන් රටට පැහැදිලි විසඳුමක්‌ ලබා ගත නොහැකිය. ඒ අය කලක්‌ තිස්‌සේ මේ රටේ ඓතිහාසික උරුමකරුවන්ට එරෙහි බලවේග විසින් තාන්න මාන්න අපේක්‌ෂාවෙන් රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගෙන පටු ආකල්ප මත ක්‍රියා කරන අයයි. රජය ද උපදෙස්‌ ගන්නේ මෙවන් රට ජාතිය ආගම ගැන කැක්‌කුමක්‌ නැති නරුම උපදේශකයින්ගෙන් වීම කනගාටුවට කරුණකි.

මේ රටේ මහා සංඝයා ඇතුළු දේශප්‍රේමීන් මේ තීරණාත්මක අවස්‌ථාවේ කළ යුත්තේ අලුතෙන් නිර්මාණය කෙරෙමින් පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිටුදැකීමයි. ඉඩම් බලතල, පොලිස්‌ බලතල, අධිකරණමය බලතල පළාත් සභාවලට පැවරීමෙන් බරපතළ අනතුරත් සිදු වීම නොවැලැක්‌විය හැකි කාරණයකි. ටී.එන්.ඒ. නායකයා ෆෙඩරල් ගැන බිය නොවන ලෙසත් එයින් රට කැඩීමක්‌ සිදු නොවන බවටත් සිංහල ජනතාවට දන්වා සිටියි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළොත් අනිවාර්යයෙන්ම ෆෙඩරල් පාලනයක්‌ ඉල්ලන බවට උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් මැතිතුමා පවසා සිටියි. ඔවුන්ට අනුව ෆෙඩරල් ක්‍රමය රටේ එAකීයත්වයට බාධාවක්‌ නැති ක්‍රමයක්‌ නම් ෆෙඩරල් ඉල්ලා හඬන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතුය. මේ නැති ප්‍රශ්න ඇති කරන්නේ කවරෙක්‌ද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයයි කියන භඨධ කාරයෝ නොවේද? නව රජය තුළ ෆෙඩරල්වාදීන් බහුලව ඇති බව පෙනී යයි. අනවශ්‍ය ෆෙඩරල් කැක්‌කුමක්‌ ඇත්තේ ඔවුන්ට ය.

ජනාධිපති තුමනි, 2014 ජනවාරි 8 වැනි දින අපි ඡන්දය දුන්නේ ෆෙඩරල් කාක්‌කන්ට නොවේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. අපි හැමෝම එතුමා විශ්වාස කළෙමු. ගරු ජනාධිපතිතුමනි, එබැවින් ඔබතුමා මේ රටට වගකිව යුතුයි. ජනාධිපති තනතුර ලැබීම ගැන අප සතුටු වුවත් දැන් දැන් ඔබතුමන් යන ගමන ගැන අපට ඇත්තේ බරපතළ සැකයකි. අපගේ ඉල්ලීම වන්නේ ඔබතුමා මේ නරුම කේවට්‌ටයන්ගේ උපදෙස්‌ මත ක්‍රියා නොකළ යුතු බවය. රට දැය සමයට හිතැති මහා සංඝයා හමුවී උපදෙස්‌ ගන්න. හැමදාම මේ රට රැක ගත්තේ ජාතියේ මුර දේවතාවුන් වන මහා සංඝරත්නයයි. මේ රටේ ඉතිහාසය පුරාම වරින් වර රට පාවා දෙන්නන් බිහිවී තිබෙනවා. අනුරාධපුර පොළොන්නරු යුග වලදීත්, සීතාවක, මහනුවර යුග වලදීත් රජුට ළංවි රටට ෙද්‍රdaහිකම් කළ අය නිසා රටට සිදු වූයේ බරපතළ විපත් බව පෙන්වා දිය යුතුයි.

රට එක්‌සේසත් කළ දුටුගැමුණුට එරෙහිව එළාර සමඟ දේශීය ෙද්‍රdaහීන් එකතු වී සිටියා. ලාභ, ලෝභ තාන්න මාන්න අපේක්‌ෂාවෙන් පෘතුගී්‍රසි, ලන්දේසි, ඉංග්‍රිසි පාලන යුග වලදී ද ඇතැම් ෙද්‍රdaහී සිංහලයෝ රටට ජාතියට ෙද්‍රdaහීව කටයුතු කළා. පසු කාලයේ ඇතැමුන් පෘතුගීසීන් රට හැර ගොස්‌ අවුරුදු 500 ගිය තැන ඔවුන්ගේ පාලන සමය සමරන්නත් උත්සාහ කළ අන්දම ද සිහිපත් කළ යුතුයි.

ජනාධිපතිතුමනි, ඔබතුමා මාධ්‍ය මගින් කරන ප්‍රකාශන දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඒවා බලන විට මේ රටේ සක්‍රීය රාජ්‍ය නායකයා කවරෙක්‌ ද යන්න පවා තේරුම් ගැනීමට අපහසුය. රට කරන්නේ ඔබතුමා නොවේද? ඔබතුමා වරින් වර මාධ්‍ය මගින් පළකරන සෘජු අදහස්‌ ගැන ජනතාව තුළ විශ්වාසය පළුදු වී තිබේ. වැට්‌ බද්ද, පරිසර විනාසය, රණවිරුවන් අධිකරණයට දක්‌කා ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහර දීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් අභීත ප්‍රකාශ සිදු කිරීම ගැන කවුරුත් සතුටු වුණා. ඒ හැම මොහොතකම රජයක්‌ විදියට තීන්දු තීරණ ගන්නා බව කියමින් ජනතාව නොමඟ යවන බව බොහෝ අයගේ මතය වී තිබේ.

එමෙන්ම ඔබතුමා සත්‍ය දකින්නේ පුවත්පත්වලින් බවට ජනතාව කරන චෝදනා නායකයෙකුට නුසුදුසුය. සියලු තීන්දු තීරණ ගැනීමට පෙර රටේ ජන නායකයා දැන සිටිය යුතු බව අපේ විශ්වාසයයි. ඇතැමුන් පවසන්නේ මහජන උද්ඝෝෂණයන් පැන නගින විට එය යටපත් කිරීමේ උපක්‍රමයක්‌ ලෙස ඔබතුමා මැදිහත්වන බවයි.

මේ දිනවල ඔබතුමා පුවත්පත්වලට දොස්‌ නගමින් ආණ්‌ඩු පෙරළීම විවේචනය කිරීම, රටට අහිතකර පුවත් වාර්තා කරන පත්තර මුල් පිටු පිළිබඳව අදහස්‌ පළ කරනවා. ඇත්තම කාරණය නම් ඔබතුමා කළේත් ඒ දෙයමයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිර්මාණය කළේ ද පත්තරකාරයෝ හා විද්යුත් මාධ්‍යයන්ය. ආණ්‌ඩු පෙරලුවෝද ඔවුහුමය. මා දකින විදියට මේ වකවානුවේ පතAතරකාරයෝ රටේ පවතින අසාධාරණකම් හා අයුක්‌ති සහගත දේ පිළිබඳව ඉතා සියුම්ව විමර්ශනාත්මකව පෙන්වා දේ. මාධ්‍යකාරයෝ හැටියට ඔවුන් විසින් එය හැර කුමක්‌ කළ යුතුද? සියල්ලටම එහෙයි කියන පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙන් මාධ්‍යකාරයෝත් සිටියා නම් රටට, දෙයියන්ගේම පිහිටය. එබැවින් මාධ්‍ය මර්දනය පිළිබඳව රජයේ ඇතැමුන් තුළ පවතින අදහස, තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධාවක්‌ බව පෙන්වා දිය යුතුය.

ජනපතිතුමනි, අගමැතිතුමනි මේ රට අවුල් සහගත තත්ත්වයකට පත් වෙමින් පවතී. පෙර නොවූ විරූ අන්දමින් ජනතාව අද දැඩි අසහනයකින් පසුවෙති. ආණ්‌ඩුව කරන බෙහෝ දේ රටට හිතකර නැති බව පෙනෙයි. මහජනතාව වරින් වර පාරට බහින්නේ, උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන නිසා නිදහස අයුතු ලෙස භාවිත කරන බව ඇතැමුන් පැවසුවත් එය එසේ වන්නේ අසහනය නිසාය. මහජනතාව අතෘප්තිකරයි. සුළු පිරිසක්‌ සතුටු කරන්න රජය දැවැත්න උත්සාහයක යෙදෙන බව පෙනේ. අද උතුරේත් නැඟෙනහිරත් තත්ත්වය භයානකය. වෙහෙර විහාර කඩා බිඳ දමමින් සිංහල ජනතාවත් මහා සංඝයාත් උතුරු නැඟෙනහිරින් පළවා හැරීමේ උත්සාහයක්‌ තිබේ. පුරාවස්‌තු භූමි ඩෝසර් කරති. මේවා පෙන්වා දෙන විට ඔවුන්ගේ ක්‍රියා පුංචි දරුවන් කරන වැරදි විදියට දැක නායකයෝ ඉවත බලා ගනිති. ලොව ඕනෑම රටක එහි උරුමකරුවන්ට ප්‍රධානත්වයක්‌ හිමි වේ. එහෙත් මේ රටේ උරුමකරුවෝ අන්ත අසරණ දුගී තත්ත්වයට පත්වී පීඩා විඳිති. මේ රටේ සුළු ජනතාව උපරිම වරප්‍රසාද භුක්‌ති විඳිති. ලොව මොන රටේ ද මෙවැන්නක්‌ සිදුවන්නේ? මෙම අඩුපාඩු පෙන්වා දෙන අය ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම බරපතළ ගැටලුවකි.

රජය ඇතැම් විට සත්‍ය යටපත් කිරීමේ උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? එළඹෙන ප්‍රශ්න ජාති, ආගම්, කුලමල නොතකා ප්‍රසිද්ධියේ විවෘතව සාකච්ඡා කොට තීරණ ගත යුතු නොවේද? මාධ්‍යයට තර්ජනය කිරීමෙන් තොරතුරු වසන් කිරීම හරිද? ආණ්‌ඩුක්‍රම ව්‍යHස්‌ථාවක්‌ යනු රටේ වැදගත්ම ලියවිල්ලයි. රටේ ඉරණම රඳා පවතින්නේ එය මතයි. ඉදිරියේ දී එය විවේචනය කරන අය නිහඬ කිරීමට අත්අඩංගුවට ගැනීමට නීති සකසමින් සිටින බවක්‌ පෙනෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් මේ රටේ ජනතාව මෙවන් තත්ත්වයක්‌ අපේක්‌ෂා කළේ නැත.

ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද? සංහිඳියාවට එරෙහි වන්නෝ කවුරුන්ද? රජය මේ දේ වටහා ගත යුතුයි. අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්‌ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී මේ රටේ ඉදිරි අනාගතයේ දී මුහුණ දීමට සිදුවිය හැකි භයානක ෂීෂී ත්‍රස්‌ත අනතුර ගැන සඳහන් කළා. එසේනම් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? නයිජීරියාවේ බොකෝහරාම්වරු එම රටේ වෙනත් ආගමිකයන් දහස්‌ ගණන් ඝාතනය කළා. සමහරු බලෙන් ආගමට හරවා ගත්තා. එබැවින් මේ රටේ හෙට දිනය සංහිඳියාවෙන් ගත කළ හැකි වෙයිද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ දී මෙවන් භයානක උවදුරුවලට පවා වටා පිටාව සැකසෙනු නියතය. කැඩුණු ‘බිඳුනු’ වෙන්වන පාලන තන්ත්‍රයක්‌ තුළ ආරක්‌ෂක හමුදාවකට එවන් අනතුරකට මුහුණ දීමට නොහැකි වනු නියතය.

මේ අවස්‌ථාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම නොකළ යුතුය. මේ රටේ ෙත්‍රෙනිකායික මහා සංඝයා නිහඬව නොසිට පෙරමුණ ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැති බවට රජයට බලපෑම් කළ යුතුය. පවත්නා ව්‍යවස්‌ථාව තුළ සංශෝධන ඇතුළත් කර ගැනීම ප්‍රමාණවත් බව පෙන්වා දිය යුතුය. ජනාධිපතිතුමා ද මේ මොහොතේ කළ යුත්තේ දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකරුවන්ගේ යටි උගුල් සක්‍රියව ඇති බැවින් ව්‍යවස්‌ථා සම්පාදනය පසෙකට දමා රටේ ආර්ථිකය ගොඩනැඟීමට කැපවී ක්‍රියා කිරීමයි. එමෙන්ම ඔබතුමා නිවැරැදි තීරණ තින්දු නොගත්තොත් රටට මහා විපතක්‌ සිදුවීම ද වැලැක්‌විය නොහැකිය. අගමැතිතුමා ද පොදු මහජනතාවගේ අදහස්‌වලට එකඟව රටට හිතැති තීරණ නොගන්නා අයෙක්‌ බව මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් පැහැදිලි වේ. මහ බැංකුවේ අධිපති ධුරය විදේශිකයකුට පැවරීම නිසා අද වන විට කෝටි ගණනක්‌ රටට අහිමි වී තිබේ. එබැවින් මේ මොහොතේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට සුදුසු වාතාවරණයක්‌ පාර්ලිමේන්තුව තුළ ද නැති බව පෙනී යයි. එබැවින් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමෙන් සිදුවිය හැකි විපතේ වගකීම ඔබතුමා පිට පවරා අන් අය සුදනන් වීමට යත්න දැරීමට ඉඩ තිබේ. එබැවින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේ උත්සාහය ඉවත දමන ලෙස ඉතා ඕනෑකමින් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

 

16 Responses to “නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද?”

  1. plumblossom Says:

    I would urge all patriotic Sri Lankan to be beware of treacherous elements namely Kumar David, Pakiasothy Sarvanamuththu, Weliamuna, Gamini Uyangoda, Ravaya Editor, Krishmal (forgot the surname), Jehan Perera, the ICEs, the CPA etc. all of the above are CIA agents and their plan is to talk and write about all other subjects on the planet earth except one which is the proposed federal constitution. This is how the above well known Sri Lanka haters and CIA agents plan to hoodwink the Sinhala people, distract their attention by they and their subordinates talking and writing about all other topics on the planet earth except one which is the proposed federal constitution. In this way, they plan to hoodwink the Sinhala people and get this treacherous federal constitution passed in parliament. Once passed, it cannot ever be reversed and this country will be partitioned as the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists want. Their plan is ‘Sinhalayage asata weli gasaa rata hatharata bedana kuuta kumanthranaya’. They plan to make this plan a success.

    The reality is that the US State Department has spent US$585 million to bring about regime change in Sri Lanka, Burma, Nigeria and quite a number of other countries as even stated by them. At least US$58 million of this would have been provided to the above mentioned CIA agents i.e. Kumar David, Pakiasothy Sarvanamuththu etc. to launch their koota plan of distracting Sinhala people’s attention talking about all other topics except the most important i.e. the proposed federal constitution.

    In this they are ably supported by the UNP/Sirisena SLFP/Ranil/CBK/Mangala/Pacha Ranawaka/Dath Dosthara Rajitha Senaratne/Wijedasa Rajapakshe/JVP/FLSP/TNA/ACTC/ITAK/TULF/SLMC/ACMC etc. who are also being paid by the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists in order to pass this federal constitution.

    Already parliamentary MPs have been bribed using 2 lakhs cash, pajeros, a seven lakhs cash loan etc. In fact their foreign advisors already told Ranil and the UNP at a conference ‘whatever you do, do not loose the two thirds majority in parliament!!!’. This is to pass this treacherous federal constitution. This is their cunning plan.

    Not only that on the 27th of November Shivajilingam said on TV itself, we are so very near obtaining our Eelam!!! That says it all does it not?

    In fact the US,EU,UK.Canada, Sweden, Norway, the TNA, all other separatists have spent so much money for three decades to partition Sri Lanka, in fact billions of US dollars by now indirectly supporting the terrorists the LTTE. They want their investment back now with interest. So they are definitely going to pass this proposed federal constitution by bribing parliamentary MPs as shown above.

    Please patriotic Sri Lankans do not let this happen. Already we have provincial councils which is a reasonable solution as far as the requirements for decentralisation of power is concerned. There is no need whatsoever to go further than this if Sri Lanka is to remain a unitary state. Already Sri Lanka is quasi federal. If this treacherous federal constitution is passed tiny little Sri Lanka will be in at least four pieces or nine pieces or more and be partitioned forever into pieces. Not even India, Pakistan or South Africa, huge massive countries, have got rid of their concurrent lists. However tiny little Sri Lanka is getting rid of its concurrent list. This is craziness taken to the extreme.

  2. plumblossom Says:

    Is this priest not doing the same thing, distract Sinhala people’s attention from the impending proposed federal constitution by their various other activities and not of primary importance. Is this priest then working for the ICES, CPA Kumar David, Pakiasothy Sarvanamuththu, Gamini Uyangoda, Weliamuna, CBK, Ranil, Mangala et al the well known CIA agents?

  3. plumblossom Says:

    Is this priest not doing the same thing, distract Sinhala people’s attention from the impending proposed federal constitution by their various other activities and not of primary importance. Is this priest then working for the ICES, CPA Kumar David, Pakiasothy Sarvanamuththu, Gamini Uyangoda, Weliamuna, CBK, Ranil, Mangala et. al. the well known CIA agents?

  4. aloy Says:

    plumblossom,

    Dear friend, can’t you see that this priest is making a passionate appeal from Prez to prevent this new constitution?. This new constitution will never be passed in the parliament. If that happens there is going to be serious troubles. MS will not let that happen as he too would lose the grip.

  5. S.Gonsal Says:

    Very good appeal to President. Millions of such letters can be sent and he will have to take action. STOP abusing him at the same time. You cannot honestly appeal someone and expect good result, when you abuse him at the same time and praise the previous Pal Horu who introduced this සංහිඳියාව.
    Only thing strange is why this monk not mentioned getting rid of 13A Thsi is the most URGET ACTION needed.
    It is this cancer of 13A which runis SriLanka and previous Pal Horu did not do ANYTHING. Why did this monk did not metion it ?
    “ජනපතිතුමනි, අගමැතිතුමනි මේ රට අවුල් සහගත තත්ත්වයකට පත් වෙමින් පවතී. පෙර නොවූ විරූ අන්දමින් ජනතාව අද දැඩි අසහනයකින් පසුවෙති. ආණ්‌ඩුව කරන බෙහෝ දේ රටට හිතකර නැති බව පෙනෙයි. මහජනතාව වරින් වර පාරට බහින්නේ, උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය “ This si not TRUE. You cannot FOOL him this way. These උද්ඝෝෂණ are fuelled by PAL HORU who don’t wat prosecution.

    Not only him, Malwatte chief monk too thinks this con-institution changing is urgent. We need to write to him. If you are a Buddhist monk, you should wirte to him too.

    ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබේ. The correct statement is “සංහිඳියාව යන මායාවෙන් ඒවා වසා ඇත​.”
    This is the TRICK intorduced by ALI BABA now trying to be CHUTI BABA who doesn’t know a thing.

    This monk very correctly said what we need is moving froward with the developement of the country, not වසා ඇත​. When we say development it should be the WORK that produces emplyment, production, to give opportunity to local people to work hard.
    Today, their is no proper transport system for people to go to work. People are getting killed travelling mainly due to 3 wheelers, heavy vehicles and private busses. There are numerous problems to be solved !

    What is the need of a con-institution that still keeps Palaath Sabha nonsence and money wasting elections every other month ? ? How can it increase productivity and solve countries’ burning problems ?

  6. aloy Says:

    I think I have made a mistake in the above comment. Most probably plumblossom cannot read Sinhala; others have to interpret for him and in this case he jumped the gun.

  7. S.Gonsal Says:

    Aloy,
    I rememebr this bugger wrote some real native Sinhala (typed using English letters). He should be a MR mole.

  8. S.Gonsal Says:

    North doesn’t produce a cent of profit for the country. Yet they want major share of money eraned by hardworking Sinhala people working in Middle East earned by washing backside of Arabs. They want to enjoy peace earned by sacrifices made by our dead and disablled sons and daughters. Why should we give them peace ? Give them WAR ! Give them POVERTY if they are not ready to read and write Sinhala.

  9. S.Gonsal Says:

    කුමන්ත්‍රණය පරාජය කරමු.

    රටට ජාතියට ආගමට අපරිමිත ආදරයකින් මේ ඉල්ලීම​ කරමි. මෙසේ කිරීමට හේතුව මේ මගින් මේ මහා කුමන්ත්‍රණය පරාජය කිරීමට අබමල් රේනුවක හෝ බලයක් විය හැකියයි හැඟෙන නිසයි.

    ජනමත විචාරණයක් ආණ්ඩුව නියම කළහොත්, සියලු සිහලයෝ එය පරාජය කිරීමට තම චන්දය යොදාගත යුතුය​.
    මොනම ආකාරයකින්වත්, මහින් ද රාජපක්‍ෂගේ ඉල්ලීමක් පිටවත්, චන්දයෙන් වැලකී සිටින්න එපා. සියලුම සිංහලයෝ චන්දය පාවිච්චි කල යුතුමය​. මේ අපරාධය කල හැකි වන්නේ සිංහලයා එක එක දේසපාලුවාගේ කීමට යටවී උන්ගේ වදන් පිලිගැනීමෙන් භේද බින්න වීමෙන් පමණි.
    ඒ නිසා එක බල්ලෙකුගේ වත් වදනට නොරැවටී, පළාත් සභා නැති නොකරන​, උතුරු නැගෙනහිර දෙමළ නිජබිම ලෙස සලකන කිසිම ව්‍යවස්ථාවකටවත් පක්‍ෂව චන්දය දෙන්න එපා. විරුද්ධවම චන්දය දෙන්න​. කලබල වලට බයේ චන්දය නොදා ඉන්නත් එපා. මේ කලබල ඇති කරන්නේ කුමන්ත්‍රණ කරුවෝයි.

  10. Hiranthe Says:

    A Direct appeal and at the same time a direct attack which display a real leadership in this rev. Siriwimala thero.

    Hope My3 has time to read this.

    Who knows if he is getting it or not?? He is always in the dark but trying to catch up to be in line with the people but ends up doing a foolish thing similar to Luxury Aircraft for MR and recent episode of Nilwala deal..

  11. Ananda-USA Says:

    I agree with plumblossom that the SINGLE MINDED FOCUS of opposition by the Patriots should be to DEFEAT the NEW CONSTITUTION.

    Every other issue should be set aside for now a DISTRACTION of lower priority.

    I am troubled by a report I received today from a family member in Sri Lanka, that the majority of the people of Sri Lanka are seemingly either unaware or are unconcerned about this EXISTENTIAL THREAT to the integrity of our Motherland.

    They are ambling about like a herd of cows placidly chewing the cud in a field of grass!

    Where is the guidance to the people from the Patriotic leaders?
    Where are the massive demonstrations?
    Where is the Buddhist clergy?
    Why are they not speaking out in ONE VOICE against this CONSTITUTION?

  12. S.Gonsal Says:

    “Luxury Aircraft for MR and recent episode of Nilwala deal” are not useless things, these are the money of poor Sri Lankan and Sri Lankans and should be well investigated and Mala Perathayo and Pal Horu brought to justice. It is not happening under MY3.

  13. Ancient Sinhalaya Says:

    We are talking about Sri Lanka and the Sinhalese. Give them a mus kattak hese deshapaluwan will do any thing.
    That’s why traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@anil wickramaSinhalakiller gave them 100,000
    monthly increase. That’s the first mas katta. Promise another mas kattak these greedy, selfish, UNPatriotic bath
    balayin will sell their mothers. That’s how pathetic those low lives are. Traitor chief knows it, traitor tamils, mussies,
    catholics and the catholic west know it.

    Just look at the mas katu lovers: arjunaya durjanaya, para jithaya, karume j, l kirixxxxa, sxxxxli banda, siri pala barrela, cham paxxya, susila preme, minister of erection (permanent) john baas, etc. etc. list is too long. None of
    these traitor low lives going to oppose the new constitution. Traitor chief die hard catholic token Buddhist Batalande
    Wadakaya pol pot r@nil wickramaSinhalakiller will achieve his life time ambition of partitioning Sri Lanka to please
    his ardent supporters traitor tamils, mussies, catholics and catholic west. That’s is certain. Sinhala modayas won’t
    understand it until the day they have to jump into the sea. We are called modayas for a reason!

    Good example of this is, before MR came to power catholic tigers of tamil drealam used to send lorry loads of
    army, police, etc. coffins to the south on daily basis. MR came. Blood bath stopped. Soldiers, police lives saved.
    Elections came. Some army, police families voted for the catholic run UNPatriotics. Those modayas didn’t understand if the war had gone on, they would have had lost their family members. That’s how stupid we are!
    Need more proof. Need to say any more! The UNPatriotic deshapaluwan will get the job done. They only need a mas kattak. They will partition Sri Lanka.

    If any body think puppet maru (hora) sira can do any thing to stop it, they live in dreamland. Only thing he can do
    is looking on! Helplessly. It is all too powerful traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol
    pot r@nil wickramaSinhalakiller is the artchitect of this. Only person he listen to is MR (not that MR we all think, it is
    malcolm ranjith, the most powerful man in Sri Lanka).

  14. Ancient Sinhalaya Says:

    Who is ruling Sri Lanka? Not the Sinhala modayas. Any of these links will explain. These you can’t see in so called
    Buddhist Sri Lanka media.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  15. Christie Says:

    නැවතත් ඉන්දියානු අදිරදය සින්හල යටත් විජිතයට නව පාලන රටාවක් පැටවීමට යයි.
    සින්හලයන් ඉන්දියානු අදිරදයෙන් මිදෙන තුරු සින්හලයින්ට යන කලක් නැත.

    Indian Empire is imposing another constitution on its Sinhala colony.

    Until we free ourselves from the Indian Empire there is no life for the Sinhalese.

  16. plumblossom Says:

    Important Message on Sri Lanka Podujana Peramuna’s Facebook Page (Basil Rajapakshe’s Political Party):

    සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !

    නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත .

    නව ව්යවස්ථාව සම්මත කරගැනීම සදහා දෙමල ජාතිවාදී බෙදුම්වාදයට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු දෙකකක් පමණි. එනම් :

    1- පාර්ලිමන්තුවේ 3/2 ක බහුතරය එනම් පක්ෂව චන්ද 150 ලබා ගැනීම
    2- ජනමත විචාරණයකින් නව ව්යවස්ථාවට පක්ෂව සරල බහුතරයක් ලබා ජයගැනීමයි .
    මෙම අවසාන කඩුළු දෙකින් පළමු කඩුල්ල ඔවුන් ඉතාමත් පහසුවෙන් ජයගනු ඇත .

    ඔබට යම් සැකයක් ඇත්නම් මෙවර අය-වැය චන්ද ප්රතිඑලය නිරීක්ෂණය කරන්න – පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට සියලු සකලවිද ජනතාව , ජනතා විරෝදී මුග්ද අයවැයක් ලෙස අවිවාදයෙන් පිළිගන්නා මෙවර අයවැයට පක්ෂව චන්ද 162ක් ලැබුණි !

    තමන්ට නැවත ගමට යාමට නොහැකි බව ඉතා හොදින් පසක් කරගෙන සිටින ආණ්ඩුවට හේත්තුවී සිටින ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු , හැකි උපරිම මුදලක් උපයා තම දේශපාලන ගමන කෙළවර කරගැනීමට මේවනවිත් තීරණය කර හමාරය. ඔවුන්ට් අවශ්ය ලන්සුව ලබාදීමට, සුව පහසු විශ්රාම දිවියක් ලබාදීමට ඩොලර් විසිකිරීමට දෙමල බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව සැදී පැහැදී සිටී !

    මේ සන්දර්භය තුල ,බෙදුම්වාදී නව ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගැනීමට ඔවුනට ඇත්තේ අවසාන කඩුල්ල ලබාගැනීමේ අභියෝගය පමණි , ඔබගේ දායකත්වය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාවට ලබාදීම හෝ නොදීම ඇත්තේ ඔබගේ අතේය. ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමය තෙරුන්ගතහොත් මේ අවස්ථාවේ අප මවුබිම කැබලිවලට කැඩී වෙන්වී යාම වලක්වා ගැනීමට හැකිවනු ඇත!

    දෙමල බෙදුම්වාදීන්ට ඇති ප්රදාන අභියෝගය මුස්ලිම් ජනතාවගේ චන්දය ව්යවස්ථාවට පක්ෂව ලබාගැනීමයි . සහෝදර මුස්ලිම් ජනතාව සැමදාම බෙදුම්වාදී ජාතිවාදී ත්රස්තවාදයට විරුද්ද මතයක සිට සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කලේය . විශේෂයෙන් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාව LTTE -TNA ජාතිවාදී පාලනයක් යටතේ ජීවත්වීමට කිසිසේත් කැමති නැත !

    මේ අභියෝගය ජය ගැනීමටනම් කෙසේ හෝ බෙදුම්වදින්ට අවශ්ය වන්නේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව කෙටවීම . එසේ කොටවා ,ප්රබාකරන් ගේ ජාතිවාදයත්, කාත්තන්කුඩි සංහාරය පිලිබඳ මතකයත් අතීතයට තල්ලුකරීමට සමත් , භුමියේ ක්රියාත්මක TNA ජාතිවාදය කෙටිකාලීනව හෝ අමතක කරවීමට සමත් බැලු බැල්මට මුස්ලිම් විරෝදී ක්ෂණික ජාතිවාදී ගැටුමක් සඳහා සිංහල ජනතාව පොළබවා ගැනීමය!

    මේසදහා ඩයස්පෝරාව සහ විදේශීය ඔත්තුසේවා යොදනා උපක්රමය වන්නේ අවස්ථාවාදී මුග්ද සිංහල ජාතිවාදී රංගනය යෙදෙන කොටස් වලටත් , මුස්ලිම් සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති , සෞදියේ අනුග්රහයෙන් කෘතිමව පිහිටවූ ගෝත්රික නුගත් කණ්ඩායම් වලටත් එකවර මුදල් සහ මාද්ය සහය ලබාදී ඔවුන්ගේ ප්රකාශ සහ ක්රියාකාරකම් හරහා මහා සමාජය තුල ජාතිවාදී ගැටුමක් ඇතිකරවිමය !

    මෙහිදී මුලින් උපක්රමිකව මුස්ලිම් ජාතිවාදී සුළු පිරිසක් ලවා සිංහල ජනතාව කුපිත කරවීමත් , එයට ප්රතිවිරුද්දව පැනනගින කස්වභාවික ප්රතික්රියාවක ස්වරුපයෙන් , කලින් අටවන ලද චරිත , චීවර ධාරීන් ,සිංහල ජනතාවගේ අසහාය විමුක්තිකාමීන් ලෙස ප්රාතිර්බුතවීමත් , දෙමල බෙදුම්වාදීන් කලින් සකස් කරණලද නියාය පත්රයට අනුව ජුගුප්සාජනක අශ්ලීල රංගනයක යෙදීමය. මෙහි Trailers, මේ වනවිටත් Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා – කුරගල හරහා කරලියට පැමිණ තිබේ !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව, රනිල් -මංගල -චන්දිකා ගේ අනුග්රහයෙන් , සිරිසේනගේ නොසන්ඩාල කුහකත්වය භාවිතකොට පාර්ලිමන්තුව ජයගනු ඇත . ඔවුනට අවශ්ය අවසාන කඩුල්ල ඇත්තේ ඔබගේ අතේය !

    ඔබගේ චන්දය නව ව්යවස්ථාවට විරුද්දව ලබදිමන් පමණක් ඔබට මේ අවසාන කඩුල්ල ආරක්ෂා කර ගත නොහැක . ඔබගේ හැසිරීමද (විශේෂයෙන් Facebook ), දැනුවත් සමාජ භාවිතාවද යන කරනා මේ තීරණාත්මක අවසන් කඩුල්ල කරගැනීමේදී ඉතා විශාල බලපෑමක් කරනු ලබයි !

    මේ උහතොකොටික ගැටලුව අපට මෙසේ සරලව පසක්කරගත හැක, අප බොහොමයකගේ නිවෙස් වල ගෘහමූලිකයා තාත්තා වන අතර ගෙදර බුදුන් අම්මා වේ . එහෙත් මෙය අපගේ නිවෙස් වල කොහෙවත් ලියා නොමැත . මෙය අතිමහත් බහුතරයක් නිවෙස් තුල ක්රියාත්මක සත්යවේ . එහෙත් පවුල බිදවැටුණු තැන , මවටත් , පියාටත් හිමිතැන ඉබේම අවලංගුවේ , එය නැවත කොලේක ලියා හෝ ගලේ කොටා බලෙන් ස්ථාපිත කල නොහැක. එනම් පවුල යන පොදු සාධකයේ ස්ථාවර භාවය , නිවසේ බල තුලනය හා අනෝන්ය පැවැත්ම ට තීරණාත්මක බලපෑමක් සිදුකරන මහා පොදු සාධකය වේ!

    මේ අයුරින්ම, මඩකලපුව තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තියෙන්නේ මංගලාරාමයේ හෝ මඩකලපුවේ නොවන බවත් , කුරගලත් , මුහුදු මහා විහාරයත් තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තිබෙන්නේ කුරගල හෝ මුහුදු මහා විහාරයේ නොවන බව තෙරුන් ගැනීම් අතවශ්යවේ . එමනිසා , මුලින් බේරාගත්යුත්තේ ලංකාව බව තෙරුන්ගැනීමට ඔබ විචාරශීලි විය යුතුය!!!

    මේ වනවිට අප ලංකේය ශිෂ්ටාචාරය මුහුණපාමින් ඇති මේ තීරණාත්මක අභියෝගය ජය ගැනීමට නම්, ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමයට හසුනොවිමට වග බලාගත යුතු අතර ඔබගේ අහිංසක මිතුරන් අවස්ථාවාදී පිල්ලි වල වසගකාරී උගුල්වලට හසුවිමන් වලක්වා ගැනීමටත් වගබලා ගත යුතුය .
    මෙනිසා , බහුතර මුස්ලිම් සහෝදරත්වය බෙදුම්වාදී ජාතිවාදීන් ගේ ඔඩොක්කුවට තල්ලුකිරීමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාවට අවශ්ය පරිදි 2015 ජනවාරියේ දී මෙන් මුස්ලිම් ජනතාව බුරුතු පිටින් නව ව්යවස්ථාවට පක්ෂව චන්දය ලබාදීමට අවශ්ය වටපිටාවක් නිර්මාණය කිරීමමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත.

    ඔබFacebook හරහා share කරන post, video, Comments ගැන වෙනදාට වඩා විමසිලිමත් වන්න , විද්දේ පදුරට වැදුනේ හාවට යයි පසුව කීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න !

    බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න !
    මාතෘභූමියට ජය !

    ~තෙෂාර ජයසිංහ ~

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress