රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහි බොදු මහා සමුළුව ජනවාරි 07 සවස 02ට-බොදු බල සේනා
Posted on December 30th, 2016

බොදු බල සේනා මාධ්‍ය අංශය

රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහිව ජනවාරි 07 සවස 02ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටයේදී පැවැත්වෙන බොදු මහා සමුළුව පිලිබදව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඇත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්;

විශේෂයෙන් අද දවස වෙද්දි රටේ දැඩි කථා බහකට ලක් වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට බෙදීමට එරෙහිව, ඒ වගේම රටේ සම්පත් කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දැමීමට එරෙහිව අපි ඉතා ඉක්මනට වැඩසටහනක් ගොඩ නැගිය යුතුයි. ඉතා ඉක්මනින් අපි එකාවන්ව රොද බැඳිය යුතුයි මේ රටේ  ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව. ඒ වගේම විජාතික බොහෝ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධානවල පමණක් නොවෙයි අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික බලවේග මත ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන මේ නායකයන්ගෙන් ව්‍යවස්ථාව හරහා යම්කිසි හානිකර තත්වයක් උද්ගත වෙනව නම් එය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව ඕනෑම පාර්ශවයක් එක්ක එකතුවෙලා එය පරාජය කිරීමට අනිවාර්යෙන් අපිත් එකතුවෙන බව මතක් කරන්න ඕනි. 

ඒ නිසා මම ඉල්ලා හිටිනවා මූණුපොතේ අපේ දරුවන්ගෙන් ඒ වගේම හාමුදුරු වරුන්ගෙන් දැන් වෙන වෙන වෙන වෙන මාතෘකා නෙවෙයි, මේ රටේ ජාතික සම්පත් විකුණාදැමීමට එරෙහිව, ව්‍යවස්ථා සංශෝධනය හරහා රට බෙදීමට එරෙහිව අපි ඉතා ඉක්මන් සටන් පෙරමුණක් ගොඩනැගිය යුතුයි. ඒ නිසා මා ඉල්ලා හිටිනවා අපේ මූණු පොතේ දරුවන්ගෙනුත් හැමදෙනාගෙන්මත් මූණුපොත සටන්බිමක් කරගනිමු. ඉතා ඉක්මනින් මේ ව්‍යසනකාරී තත්වය හඳුනාගෙන අපි ඒවාට ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.

අනෙක් පැත්තෙන් ජනවාරි මාසේ හත්වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සියලුම සංවිධාන වලටත් ආරාධනා කරලා ඒ හැමදෙනාගේම උදව් උපකාර සහයෝගය ඇතුව නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී “අත තියන්න එපා රටට” තේමාව යටතේ විශාල සමුළුවක් පවත්වලා මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට වෙන හානිය, ඒ වගේම අපේ සම්පත් අනාගත දරු පරම්පරාව සතු සම්පත් විකුණා දැමීමට එරෙහිව විශාල ජනමතයක් ගොඩනගන්න අපි වැඩපිලිවෙලක් දියත් කරලා තියෙනවා.

ඉතින් හත්වෙනිදා පැවැත්වෙන මේ සමුළුව සඳහා ඔබ හැමකෙනෙක්ම සහභාගී වෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවරු අප්‍රමාදීව කැපෙනවා. ඒ සංවිධානත් එක්ක එකතුවෙලා මේ කටයුත්තට උරදෙන්න, කැපවෙන්න, සහභාගී වෙන්න. අපි මේ සටනත් ජයග්‍රහණයෙන් කෙලවර කරමු කියන පණිවිඩය මතක් කරමින් හැමදෙනාටම හත්වෙනිදා සමුළුවට සහභාගී වෙන්න කියලා ඉතාම ආදරයෙන් හා ජාතිවාත්සල්‍යයයෙන්  ඉල්ලා හිටිනවා

 

One Response to “රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහි බොදු මහා සමුළුව ජනවාරි 07 සවස 02ට-බොදු බල සේනා”

  1. Christie Says:

    බොදු බල සේනාව ගැන කල්පනාකාරීව සිතන්න.

    මෙයද ඉන්දියානු අදිරදවාදයේ කොටසකි.

    සින්හලයන් කොටස්වලට බෙදා විනාස කිරීමේ ඉන්දියානු අදිරද වාදයේ කොටසකි මේ.

    Please think rationally about this movement.

    They are another Indian movement that managed to divide the Sinhalese and bring in the current government with the Indian colonial parasite block vote..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress