නියෝජිත ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණු?) වාදී ලෝකයේ කෲරතම හා අද්භූතම දඬුවම:(බොදු බල සේනාව- ලංකාවේ උසාවි ක්‍රමය- නීතිපති ධූරය හා සිංහල ජාතියේ ඓතිහාසික මුර දේවතා සංකල්පය)
Posted on August 13th, 2026

C. wijeyawickrema, LL.B., Ph.D.

ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධ (නොහොත් හිරකාරයෝත් මනුෂ්‍යයෝය-නීතීඥයෝත් [නඩුකාරයෝත්]  මනුෂ්‍යයෝය)

හැඳින්වීම

එවකට හෝමාගම මහේස්ත්‍රාත්තුමාව සිටි රංග දිසානායක  නමැති පංචස්කන්ධයට  (1/25/2016 දින) අපහාසකලාය යනුවෙන් ඔහු විසින් ඇපැල් උසාවියට කල පැමිණිල්ලට අනුව  එහි එවකට සභාපතිතුමාව  සිටි පද්මන් සූරසේන නමැති තවත් පංචකන්ධයක් (හා තවත් නඩුකාර පංචකන්ධයක්) විසින් අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් (2018 අගෝස්තු 8 දින) ඥානසාර හිමියන්ට නියම කරණ ලදී.

පැමිණිලිකාර පංචස්කන්ධයවූ රංගතුමා  විසින් පසුව ඇපැල් උසාවියේදී 2018 දී කියා සිටියේ තමන්ට දිය හැකිවාට වඩා දැඩි දඬුවමක් ලබා දීමේ අවශ්‍යතාවය නිසා මෙසේ කෙළින්ම ඇපැල් උසාවියට පැමිණිලි කල බවය. මෙම නඩුවට අදාල වන පංචකන්ධ වන නීතීඥයින් පස් දෙනාම සිංහල බෞද්ධ විරෝධී, බොදු බල සේනාව විනාශ කිරීමට යටි හිතින් එක්තරා විධියක අයුතු ජන ඒකරාශීවීමක (unlawful assembly) යෙදුන අය බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණය.

The 8th Amendment, one of the first ten amendments in the U.S. Constitution, part of the Bill of Rights added in 1791 says Excessive bail shall not be required, nor excessive fines imposed, nor cruel and unusual punishments.” (The phrases in this amendment originated in the English Bill of Rights of 1689).”

මෙම නඩුවට අදාලව ඒ කාලයේ සංසරණය වුණ වීඩියෝ හඬපටිය හා සූරසේනතුමා නමැති පංචකන්ධයේ නඩු තීන්දුව විමර්ශණය කරමින් 2019 දී මා ලංකාවෙබ් වෙබ් අඩවියට ලිපිය ලියන විට නොදත් මෙම පංචකන්ධවල <හෘදය ශාක්ෂියට> අදාල වැදගත් වක්‍ර ශාක්ෂි  ගණනාවක් (circumstantial evidence?) 2026 දී මාධ්‍යවල සංසරණය විය. (ඒවා 1954 ඇමෙරිකන් සුප්‍රීම් උසාවියේ නඩු තීන්දුවකින් (Brown vs. Board of education, Topeka. Kansas) පිළිගත්, නීතී පොත් හා නඩු තීන්දු වලට බාහිරව, සමාජ විද්‍යා කරුණුද උසාවි විසින් සැළකිල්ලට ගත යුතුය යන ගනයටද වැටෙන්නේය [extra-legal data/evidence]).

*(1). නඩුවේ පැමිණිලිකරුවන රංගතුමා, 2016 ට කලින් සිටම JVP පක්ෂයේ නීති අංශයේ නිලධාරියෙක් වශයෙන් ක්‍රියාකර ඇති බව, 1988/89 කාලයේදී JVP ට යළි පණදුන්, පසුව ඉන් ඉවත්වූ, නන්දන ගුණතිලක මහතා විසින් පෙන්වා දුන්නේය. මෙම අනාවරණයෙන් පසු නන්දන සැකකටයුතු ආකාරයට හදිසියේ මිය ගියේය;

*(2). 2018 දී ඇපැල් උසාවියේ සභාපති ලෙස ස්වාභාවික නීති මූලධර්ම (principles of natural justice) වලට පටහැනි වන මෙම තීන්දුව දුන් සූරසේන මහත්මා වනාහි බුද්ධාගමේ සිට බෝන් අගේන් ආගමට ගොස් එහි යාඥාකාර පාදිලි කෙනෙක් වශයෙන්ද ක්‍රියාකල, ක්‍රියාකරමින් සිටින පංචස්කන්ධයකි (එතුමා කුඩා කාලයේදී ඔහු ඉදිරිපිටම ඔහුගේ පියාව වෙඩි තබා ඝාතනය කලා යයි ලන්ඩනයේ උවිඳු කුරුකුලසූරිය වාර්තා කලේය. මෙවැනි සිදුවීමකින්  ඕනෑම පෘතග්ජනයෙකුගේ මනසට අහිතකර බලපෑමක්  ඇතිවිය නොහැකිද?);

*(3). නඩුවේ පැමිණිල්ලේ ශාක්ෂිකාරයෙක්වූ දීලීප පීරිස් තුමානෝ (DSG?) එදත්, අදත්, කවදත්,  සිය හදවතින්ම [හා බාර් ඇසෝෂියේෂන් හරහාත්] BBS විරෝධියෙක්ම විය. ඔහු මොන ලබ්ධියක් අදහනවාද කියා මම නොදනිමි. සටන් බිමේදී ජිවිතය නැතිවීමේ අවදානමටද පත්වුණ, ඒ නිසා ජාතියේ ගෞරවයට පාත්‍රවු රණවිරුවාගේ (ගුවන් හමුදාවේ විශ්‍රාමික ලෙෆ්ටිනන්ට් ශාන්ත ජයතිලක) වීර වික්‍රම විභූෂණ පදක්කම ඇතුළු ඔහු උසාවියේදී පැලඳ සිටි කඩුව හා සම්මාන පදක්කම් හත, බෙලෙක් කැබලියයි (pieces of tin) 2026/7/2 දින උසාවියේදී (සුරේෂ් සලේ නඩුව) පැවසූ මොහු, එවැනිම රණවිරුවන්ගේ පවුල්වල ලඟ ඥාතීන් ගේ ආයාචනය නිසා රංගතුමාගේ හෝමාගම උසාවියට ගිය ඥානසාර හිමියන් කෙරෙහි ක්‍රෝධයක් ඇතිවීම හා ඒ නිසා JVP උපුල් කුමාරප්පෙරුම සමඟ හවුල්වී රංගතුමා හාමුදුරුවන් සමඟ කල සංවාදය උසාවියට කල අපහාසයක් බවට පත් කලේය (මෙවැනි අවස්ථාවලදී යම් අතෘප්තියට පත්වූ පුද්ගලයෙකුට උසාවියකදී නීතිඥයෙකු නැතිව ඊට මැදිහත් විය හැකි යයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය යටතේ ඉඩ තිබේ).

*(4). පැමිණිල්ලේ තවත් ප්‍රධාන ශාක්ෂිකාරයෙකුවූ උපුල් කුමාරප්පෙරුම සහෝදරයා යනු අරටු බැසූ JVPකාරයෙකි. ඔවුන්ට ආගම අබිංය; 

*(5). සූරසේන නඩුකාර උතුමාණෝ පැමිණිල්ලේ ශාක්ෂිකාර නීතිඥයින් තුන්දෙනා ගැන කල <වර්ණනාව> (සුදු හුණු ගෑම) තක්සේරු කල යුත්තේ, විත්තිකරු හා ඔහුගේ ශාක්ෂිකාර භික්ෂුව ගැන දැක්වූ <අප්‍රසාදය> සමඟය. යමෙකුට හිතෙන්නේ මේ හතර දෙනාම සෝවාන් ඵලයට පත්වෙලාද යන්නය. ඒ අතර ඥානසාර හිමියන් බොරු සාක්ෂි දුන්නා යයි ඔහු ලියන්නේ තමන් සතුව දිව්‍යමය බලයක් ඇතැයි සිතන අයෙක් මෙන්ය;

මෙම පැහැදිළි ලෙසටම විද්‍යාමාන වන  අන්ධ භක්තික පක්ෂාග්‍රාහී හැසිරීම හඳුනා ගත යුත්තේ යම් ළඹැදියා (conflict of interest) හුටපටයක් ලෙස නොව, යමෙකුගේ හෘදය ශාක්ෂිය  (ධම්මපදයේ මනෝ පුබ්බංගමා / සද්භාවය-loving kindness?) පිළිඹඳ සමාජ-දේශපාලන අර්බුද යක් ලෙසය.

*(6). නීතිපති දෙපාර්තමේන්තුව කෙතරම් සවුත්තු හා බෞද්ධ විරෝධීන්ගෙන් පිරී ඇති (ඉස්ලාම් නලිමිවරුන් හා බෝන් අගේන්කාරයින්) හොර ගුහාවක්ද යන කරුණ 2019 කාලයේදීට වඩා තවත් තහවුරු වන්නේ ඉන් පසුව වරින් වර හා දැන් 2026 වන විට අසන්නට ලැබෙන සිදුවීම් අනුවය;

(මෙම නීතිපති ආයතනය බෝන් අගේන් හා, ඉස්ලාම් ශාරියා, ඉකුවාන් ටයි කෝට් දමාගත් නලිමි (වරුන් සහිත තැනක් බව පසුගිය දිනක අචලා සෙනෙවිරත්න නමැති නීතීඥවරියගේ යුටියුබ් ප්‍රකාශයකින් මොනවට තහවුරු විය. ඇය ජනක් ද සිල්වා කොමිෂන් වාර්තාවෙන් උපුටා ගනිමින් පෙන්වා දුන්නේ  2017 ජූනි 7 දින ත්‍රස්ත මර්ධන පොලිස් ඒකකය විසින් නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා එවු  කරුණක් ගැනය. ජාතික තව්හීද් ජමාත් (NTJ) නම් සහරාන්ගේ වෙබ් අඩවිය තහනම් කිරීමටත් ඔවුන් අත් අඩංගුවට ගැනීමටත් හැකිද යන්න ගැන විමසා එවූ ලිපිය, 2018 ජූනි 14 දින වන තුරුත් කිසිම සටහනක් වත් නොදා (රහසේ/සඟවා) තබාගෙන ඇති බව එලිවී ඇත. [දප්පුල ලිවේරා 2017 ජූනි 12 වෙනිදා නීතිපති ලෙස උසස්වීමක් ලැබුවේය]. නීතිපති යටතේ සිටි ත්‍රස්ත අධීක්ෂණ නිලධාරියාවු රජයේ ජේෂ්ඨ නීතිඥ අෂාඩ් නවාමි විසින් මෙම ලිපිය ඔහු යටතේ  සේවය කල රජයේ නීතිඥ මලීක් අශීෂ් ට භාර දුන්නේ 2017 ජූනි 15 දාය. මොවුන් විසින් කල වගකීම් පැහැර හැරීම ගැන විමර්ශනය කිරීමට නීතිපති  විසින් පත් කල කොමිටිය 2020 ජූලි 17 දින විනයානුකුල දඬුවම් දීමට නිර්දේශ කලත් පබ්ලික්  සර්විස් කොමිෂම (PSC) ක්‍රියාකර නැත. ඒ වෙනුවට නවාමිට උසස්වීමක් හා ජනාධිපති නීතීඥයෙක් ලෙස නම්බුවක්ද ලැබී ඇත. අනිත් අතට දප්පුල නීතිපති පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙක් ගැන කියමින් අකමැත්තෙන්  විශ්‍රාම ගියේය. ඒ ගැන CID එකට ප්‍රකාශයක් දීමෙන් වැලකීමට අධිකරණ නියෝගයක් ලබා ගෙන සිටී. මුළු රටම හා කාදිනල්තුමා මේ දප්පුල කිව්  මහමොළකරු සොයමින් පඹගාලක පැටලී දුක් විඳිමින් සිටී. මේ ජරමර අබුද්දස්ස කාලයක ලක්ෂණ නොවේද?)

එය බෞද්ධ විරෝධී නොවන අපක්ෂපාත නිලධාරීන් සිටින ආයතනයක් නොවූවා නම් ඥානසාර හිමියන්ට මෙම අශිෂ්ට නඩුව පමණක් නොව, අසාද් සාලි, රිෂාඩ් බදිඋද්දීන් වැන්නන් විසින් පොලිසිය යොදවා ගෙන දමන <බොරු> නඩු නතර කිරීමේ හැකියාවක් නීතිපතිට තිබුණේය;

ලංකාවේ ඉහළම උසාවිය (ශ්‍රේෂ්ඨ?) හා එහි නායක විනිශ්චයකාර ධූරය (අග්‍ර?) සම්බන්ධයෙන් නැගෙන චෝදනා ලෝක වාර්තාය. පුදුමය නම් මෙහිදී පවා කරුණු විකෘතිකර දේශපාලකයින් ඒවා තම වාසියට යොදා ගැනීමය.

උදාහරණයක් වශයෙන් මිසිස් චන්ද්‍රිකා විසින් G. L. පීරිස්ගේ උපදෙස් මත ලාබාල ශිරානී බණ්ඩාරනායකව සුප්‍රීම් උසාවියට පත් කිරීමට (October,1996) විරුද්ධව බලවත් විරෝධයක් විය.  [ලංකාව කැබලි කිරීමේ චන්ද්‍රිකාගේ 1995-2000  නීලන්-GL-ජයම්පති ප්ලෑන හා ශිරානි විසින් නිර්මාණය කල රට පලාත් පහකට බෙදීමේ සිතියම, එහි අරමුණ අතින්, බොහෝ දුරට එක සමානවීම, ඇගේ පත්වීමට උපකාර වූවාද විය හැකිය. අනිත් අතට චන්ද්‍රිකා කොටකදෙණියව IGP ලෙස පත් නොකලේ ඔහු ඇගේ <එහෙයියෙක්> වීමට සුදානම්  නොවූ නිසාය].

 ඉන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් වඩා සුදුසු අය සිටියදී ඇයව අග්‍ර විනිශ්චයකාරිය කිරිමට (May, 2011) ලෝක මට්ටමෙන් විරෝධයක් නැඟුණි.

ඇගේ ස්වාමි පුරුෂයා, ජනාධිපති හා ඇය අතිශය මිත්‍රයින් විය. ඇගේ මෙම පත්වීම හුදෙක් <දේශපාලන ගණුදෙනුවක්> වීම නිසා මේ තුන් කට්ටුවේ පැණිවරකා ගහට හෙන වැදීමට වැඩි  කාලයක් ගියේ නැත. ඇය පලාත් සභා <මර උඟුලට> පක්ෂ පාතීවු කෙනෙක් නිසා, Town and Country Planning (Amendment) Bill (October 2011) හා Divi Neguma Bill (September 2012/October 2012) යන නීතී කෙටුම්පත් දෙකේදී ඇය එම නඩු විසඳීමට සහභාගී නොවිය යුතුව තිබුණි. එහෙත් ඇය එය තුන්වතාවක්ම එක දිගටම කලේය. එපමණක් නොව උග්‍ර පෙඩරල්-ඊලම්-NGO කාරයෙක්වූ  පාකියසෝති සරවනමුත්තුගේ ප්ලෑනක් ඇය විසින් සිය නඩු තීන්දුවට ඇමිණීම නිසා ඇය රතු කට්ට පැන ගියාය. විධායකය හා අධිකරණය අතර මෙවැනි අර්බුද ඇමෙරිකන්  ජනාධිපති රුසවේල්ට් හා ඉන්දියන් අගමැති නේරුද මුහුණ දුන්නේය. ඔවුන් තර්ජනය කලේ උසාවියට අළුතින් විනිශ්චයකරුවන් පත් කරණවා කියාය!

ඇයට විරුද්ධව ගෙනා දෝෂාභියෝගයට හේතුව එයය. යමෙක් අයුතු ලෙස තමාට සුදුසුකම් නැති තනතුරක් ගැනීම අයුතු ලෙසම නොවී නිම විය හැකිද? යම් ආණ්ඩුවක් ඒකීය රටක් සඳහා ක්‍රියාකරද්දී එය හිතමතාම බකල් කල හැකිද? ඈ විසින් මේ ගැන ලියූ පොත විවේචනය කල අයෙක් ඇගෙන් ප්‍රශ්ණ අසා තිබුණි. මේ නිසා දැනට පවතින සූරසේන තුමා පිළිඹඳ අර්බුදයට ශිරානි තුමියගේ කතාව පැටලවීම කාරණාවල වැලගිය අලගිය තැන් නොදන්නා අය හෝ පක්ෂ දේශපාලකයින් මැරී උපන්නවුන් සේ හැසිරීමකි.

*(7). ඉහත විස්තරය ලියුවේ ප්‍රසන්න ජයවර්ධන නම් විනිශ්චයකාරතුමා ඔහු බාර් ඇසෝෂියේසන් එකේ BBS ජාතික ව්‍යාපාරයට විරුද්ධව ක්‍රියාකල නිලධාරියෙක් ලෙස ක්‍රියාකර තිබියදීත්, සූරසේනතුමාගේ 2018 තීරණයට විරුද්ධව  ඥානසාර හිමියන් සුප්‍රීම් උසාවියට යෑමට අවසර ඉල්ලා කල ඉල්ලීමට විරුද්ධවීමේ සිද්ධිය නිසාය. තුන් දෙනාගෙන් එක් අයෙක් ඊට ඉඩදීම අනුමත කලත් දෙන්නෙක් විරුද්ධ විය. සිය හෘදය ශාක්ෂියට එකඟව ක්‍රියාකලා නම් ඔහු එම තුන් කට්ටුවේ නොසිටිය යුතුව තිබුණි. සිය තීන්දුවෙන්  මාස දෙක තුනකට පසුව ඔහු හදිසියේම මිය ගියේය!  බාර් ඇෂෝෂියේසන් එක කොසොල් රජතුමාගේ සීන දාසැයට කදිම නිදසුණකි. ලංකාවේ නිතීඥ මාෆියාවක් තිබෙන්නේ විශ්ව විද්‍යාල ගුරු මාෆියාවක්, දොස්තර මාෆියාවක් තිබෙනවා මෙන්මය.

The chief state counsel alleged before the special Presidential Commission investigating abuses of power by the 1972–1977 government that a Supreme Court judge, Justice Jaya Pathirana, was the political stooge” of the Minister of Justice at the time.” Wilson, A.J. (1980). The Judiciary; The Public Services. In: The Gaullist System in Asia, page 124.”

මුර දේවතා සංකල්පය

අප දිවයිනේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා බද්ධවූ නිතීඥ ප්‍රජාව නොදන්නා හෝ නොදන්නා සේ ඉන්නා කාරණාවක් නම් මේ දිවයිනේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය රැකදුන්නේ රටේ සංඝ සංස්ථාව විසින් බවය. ගම-වැව-දාගැබ යන සමාජ-ආර්ථික-දේශපාලන ත්‍රිත්වය (මොඩලය) මෙහි පදනම විය. එය ගොඩනැඟුණේ, ක්‍රියාත්මකවූයේ ලෝකයේ වෙන කොහේවත් නැති මුර දේවතා සංකල්පය මතය.

උසාවියට අනුව <නිකම්ම> ගලගොඩ අත්තේ ඥානසාර

ඥානසාර හිමියන් මෙම ඓතිහාසික මුර දේවතා දම්වැලේ වැදගත් වත්මන් පුරුකක්වේ. මේ බව දන්නවා නම් සූරසේන හෝ පසන් අමරසේන වැනි ඉහල හා පහල උසාවිවල නඩුකාරතුමන්ලා ඥානසාර හිමියන්ට රස්තියාදුකාරයෙක්, IRC කාරයෙක් ලෙස සිතා සළකන්නේ නැත (සූරසේනතුමාගේ නඩු තීන්දු වාර්තාවේ අනිත් හැමෝටම ගරු-ගරු (Hon.) කියාත්, ඥානසාර හිමියන්ව නිකම්ම ගලගොඩ අත්තේ ඥානසාර කියාත් සඳහන් කර ඇත!)  අඩු පාඩු, දුර්වලකම් නැති මුර දේවතාවුන් නැත. එම දුර්වලකමක් දෙකක් දඩමීමා කරගෙන එවැනි හිමිවරුන්ට මඩ ගසා විනාශ කිරීමට බැලීම සිංහලේ දේශය කැබලිකර, මිථ්‍යා දෘෂ්ටික නිරාගමික රජ්‍යයකට මඟ පාදා ගැනීම ඊළම්-ශාරියා- ක්‍රිස්තියානි බලවේගවල අරමුණය. පෘතුගීසි-ලන්දේසි කාලවලින් පසුව, ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාර නෝත් (1802) ගේ සිට දෙවන ලෝක යුද්ධ කාලයේ (1940s) යුද ආඥාධිපති ලේටන් දක්වාම කහ සිවුර හා ගම අතර පැවති ගහට-පොත්ත වැනි බැඳීම විදේශ පාලකයාට තිබූ ලොකුම  උභතෝකෝටික ප්‍රශ්ණය විය.

වටරැක විජිත නම් එක් මොහමඩ් නිකායේ භික්ෂුවකගේ නඩුවේදී, පැමිණිලිකාර වටරැක හිමි වෙනුවෙන් පෙනී සිටි <සිංහල බෞද්ධ> නීතීඥයා විත්තිකාර ඥානසාර හිමියන්ට විත්ති කූඩුව වෙනුවට වෙන අසුණක ඉඳ ගන්නට දීම නීති විරෝධී යයි නඩුකාරයාට දෝෂාරෝපණය කලේය. එහෙත් ද්‍රවිඩ නඩුකාරයින් විත්තිකාර ඥානසාර හිමියන්ට සුදු රෙද්දක් දැමූ ආසනයක් ලබා දුන්නේය!

ඇපැල් උසාවිය හා සුප්‍රීම් උසාවිය දුන් දඬුවම් කොට උඩ යෑම!

පාස්කු ඉරිදා ප්‍රහාරයට (4/21/2019 දින) පසුව, සිංහල කතෝලික, දෙමළ හා මුස්ලිම් දේශපාලක පංචස්කන්ධ වල ඉල්ලීමට අනුව යහපාලන ජනාධිපති මෛත්‍රීපාල පංචස්කන්දය විසින් ඥානසාර හිමියන් (2019 මැයි මස) මුදාහරිණ ලදී. එම මුදා හැරීමට විරුද්ධව ගැසූ පෙත්සමේ පළවෙනි අත්සන රනිල් ගේ නෝනා වන මෛත්‍රී ගේය. අධිකරණ පද්ධතියේ ඇති දුෂිත ක්‍රම ප්‍රයෝජනයට ගනිමින් පක්ෂ දේශපාලක කළු සුද්දන් විසින්  මේ වන විට ඥානසාර හිමියන්ව වැලිකඩ හිරගෙදර නොව ලංකාව නමැති හිරගෙදරට දමා ඇත.

අයුතු- අනීතික අන්‍යාගමීකරණය, දකුණේ පමණක් ඊනියා සුදු නෙළුම් සාම පෙලපාලි ගිය මංගල සමරවීර, මර්වින් සිල්වා හා සර්වෝදය වැනි  NGO ඩොලර් වලින් යැපෙන සිංහල කොටි පිරිස්, වහාභි-ශාරියා ඉකුවාන් ආක්‍රමණය වැනි විෂබීජ වලට එරෙහිව (1) එක රටක්-එක නීතියක්, (2) සුද්දගේ නීතිය අපිට එපා (ඥානසාර හිමියන්ට දඬුවම් කරන්නේ 1883 දී ඉන්දියාවෙන් කොපිකල 1863  දී ඉන්දියන් සමාජයට පැනවූ දණ්ඩ නීති සංග්‍රහයට අනුවය) යන තේමා දෙක මුල් කරගෙන, 1802 දී සිටම සුද්දන් හා සිංහල කළු සුද්දන් විසින්  සිංහල බෞද්ධයින්ට සිදු කල හානි නිවැරදි කිරීමේ නිර්භීත සටනක 2012 සිට තනියම අවතීර්ණව සිටින, රට-ජාතීයේ අනාගතය වෙනුවෙන් වයස 19 සිට සිය ජීවිතය කැපකල මුර දේවතාවෙකුගේ විදේශ ගමන් බලපත්‍රය අසාධාරණ ලෙස අධිකරණයක හිරකරගෙන තිබේ. BBS වෙබ් අඩවිය හා මුහුණ පොත ක්‍රිස්තියානි ගූගල් බැලුම් ඇමති හරීන් ප්‍රනාන්දු විසින් තහනම් කරවා ගත්තේය. යූටියුබ් වල BBS,  Gnanasara යන නම් සඳහන් කල නොහැකිය!

ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම ඉල්ලන සිංහල කළු සුද්දෝ

බැටළු හම් පොරවා ගත් සමහර මුස්ලිම් දේශපාලකයින් ඉත්තන් යොදවා දමන බොරු නඩුවලට එක් නීතීඥයින් ලක්ෂ 100 ක ගාස්තුවක් ඉල්ලා සිටියේය. මිසිස් චන්ද්‍රිකාට BBS අරහංහය. අපි ලඟදීම බලු සේනාව බලු කූඩුවට දානවා යයි ඇය එක්තරා මුස්ලිම් රැස්වීමකදී වහසි බස්  දෙඩූ පරිදිම එය සිදු විය!  වරක් සිය ඔඩොක්කුවේ බෝම්බයක් ගෙන යාමට පවා ඉදිරිපත්වූ ඇය සිය මවගේ මිනියට නිල් සාරියක් ඇන්ඳවීමට ක්‍රියාකලේය. එය ඇගේ මවගේ ආගමට ඇයට තිබූ සැළකීමට නිදසුණකි.

බලු කූඩුව හා රංජන් රාමනායක

 මේ කාලයේදීම උසාවියට කෙළින්ම දෙවරක්ම අපහාසකල, රටේ සංඝ සමාජය අපහාසයට ලක් කිරීමේ කොන්ත්‍රාත් එකද භාරව සිටි, යහපාලන උප ඇමති  රංජන් රාමනායකට ලැබුණේ වසර 4 ක සිර දඬුවමකි (1/12/2021; 2022 අත් හිටවූ සිරදඬුවම ; රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සමාව 8/2022)  ඔහුට සිදුකල මේ <විපතට> විරුද්ධව NGOකාරයින් හා සමහර දේශපාලකයින් ජිනීවා පවා ගියේය.  ඔහුට සිදුවූ එකම විපත නම් ඔහු බොරු කොණ්ඩයක් දමාගත් අයෙක් බව රටට එලිවීම පමණය. විජය කුමාරතුංගට වූ දේමය.

මෙවන් පසුබිමක් යටතේ සිංහල බෞද්ධයෙකු වශයෙන් නොව, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ පොතේ නීතිය හා පාරේ නීතිය (Law in Book and Law in Action) සම්භන්ධයෙන් අධ්‍යයනය කල අයෙක් වශයෙන්, මෙම 2016 හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට කලායයි කියන අපහාසය පිළිඹද නඩුවේ 2018 තීන්දුව <ඥානසාර තීන්දුව> පිළිඹඳව විමසා බැලීමට මම තීරණය කලෙමි.  එහි ප්‍රතිඵලයක් වශයෙන් මා පිලියෙල කල දීර්ඝ වාර්තාවක් 1/22/2019 දින ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවිය.

LankaWeb – Six lawyers and a monk: importance of impotence

බීරි අලින්ගේ හෘදය ශාක්ෂිය

ඉන් පසුව පිළිවෙලින්, නීතිපති පාරින්ද රණසිංහ පංචස්කන්ධයට දෙවරක් හා අල්ලස් කොමිෂමට පත්වූ රංග දිසානායක යන පංචස්කන්ධයට යනුවෙන් තුන් වරක්ම මෙම <ඥානසාර දඩයම> නමැති අවනඩු ඉවත් කිරීමේලා ඔවුන්ට ඇති වගකීම හා වගවීම පෙන්වා දෙන ලද  නමුත්, ඔවුන් බීරී අලි මෙන් සිටී.

*1. ජනවාරි 08, 2025 නීතිපති පාරින්ද රණසිංහ වෙත යවන ලද ප්‍රථම සංදේශය

<මෙම සංදේශය 2025 ජනවාරි මස ඔබ වෙත යවන ලද්දේ මහේස්ත්‍රාත් අමරසේන මහතා විසින් 2025 ජනවාරි 9 දින බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ට (VG) ට දෙන ලද දඬුවමට පෙරය. එහි අරමුණ වූයේ  ලංකාවේ යම් උසාවියක් විසින් මෙවැනි නඩුවක් විසඳීමේදී අනුගමණය කල යුතු යයි සැළකෙන මූලික නීති සිද්ධාන්තයක් පෙන්වා දීමය>.

Summary

This analysis reveals that the dishonest Black-White ruling class in Sri Lanka used a strategy ofkilling Ven. Gnanasaara alive” (නොමරා මරණවා) to silence his mission (and his message) by deploying the AG’s Dept. and the courts system as willing or unwilling partners within their sphere of political influence. This was possible because AG Dept. lawyers and the judges either did not know or did not follow the requirement of considering extra-legal data (evidence) in handling cases of politically sensitive nature such as under the Penal Code 291 or the ICCPR.

The inherent discretionary powers they enjoy in interpreting laws suffer when they take a tunnel vision of themselves limiting to law in the book, case law and law texts, without considering other relevant facts (evidence) available. This enlightened approach is known in Jurisprudence as applied law and applied geography (efficacy of law). It is not too late for the AG’s department to take such an enlightened approach to prevent further miscarriage of justice to Ven. G.”

 *2. ජූනි12, 2025, රංග දිසානායක මහතා, අධ්‍යක්ෂක ජෙනරාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව: <ලංකාවේ අධිකරණ පද්ධතියතුල සිදුවන හඳුනාගත් දූෂණ ක්‍රියාවලි දෙකක් – මඩකලපුවේ මංගලාරාම රජ මහා විහාරයේ අම්පිටියේ සුමනරතන හිමි, බොදු බල සේනාවේ නිර්මාතෘ ගලගොඩ අත්තේ ඥානසාර හිමි>

රංග දිසානායක මහතා හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් සිටියදී දිලීප පිරිස් හා JVP සාමාජික උපුල් කුමාරප්පෙරුම යන නීතීඥයින් දෙදෙනාද සමඟ හවුල්ව පැවරූ නඩුව සම්බන්ධයෙන් VG ට දෙන ලද ඇපැල් උසාවියේ තීන්දුවට අදාල විග්‍රහය මෙම සංදේශයේ ඇතුලත් විය. රංග මහතා JVP නීති කොමිටුවේ සාමාජිකයෙක්ව සිටි බව පසුව සැක කටයුතු ලෙස මියගිය නන්දන ගුණතිලක මහතා එලිදරව් කලේය.

*3. ජූනි 5, 2026 – නිතිපති පාරින්ද රණසිංහ මහතා- බොදු බල සේනාවේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව රටේ දැනට පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ නාමයෙන් <නොමරා මැරීම>;

නීතිඥයින් හය දෙනෙක් හා භික්ෂුවක්: නපුංසක යන වචනයේ වැදගත්කම”  යන මාතෘකාවෙන් ඉංග්‍රීසී භාෂාවෙන් ලියන ලද 1/22/2019 දිනැති එම සංදේශය කියවීමට ලංකාවෙබ් ලින්ක් එක මෙහි පහතින් දක්වා ඇත.

LankaWeb – Six lawyers and a monk: importance of impotence

එම වාර්තාවෙන් පෙන්වා දෙන ලද්දේ එවකට ඇපැල් උසාවියේ සභාපතිව සිටි පද්මන් සූරසේන මහතා විසින් කරණ ලද වැරදි නිගමන වල ඇති නීති විරෝධී ස්වභාවයය. කබරගොයා තලගොයා කල ගනයේ ඔහුගේ තර්ක මෙන්ම, මහේස්ත්‍රාත්ව සිටි රංග දිසානායකගේ දෙබිඩි රඟපෑමද එහි සටහන් කරන ලදී.

මෙම මුළු <නාටකයම> එම සිද්ධියට අදාල විඩියෝ හඬ පටය පරීක්ෂාවෙන් බැලීමෙන් පමණක්ම නිශේධ කල හැකිව තිබුණත් නඩුකාරයා එක්කෝ එය බැලුවේ නැත, නැත්නම් එය ශාක්ෂියක් ලෙස  ඉදිරිපත් කරන්නට දුන්නේ නැත. එසේත් නැත්නම් ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අන්ධයින්-ගොළුවන්-බීරන් සේ හැසුරුණේය!

2026 ජූලි 27 දින සංඝ සමුළුව හා 1873 පානදුර මහාවාදය

<බුද්ධාගම කියන්නේ බොරුවක්> යන සුද්දන් (මෙහිලා 1505 සිට ආ පෘතුගීසීන් දුෂ්ට හා කෲර නරුමයින්  වුවත්, 1656 සිට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කල ලන්දේසින් සිය යටත් විජිත වල වැසියන් කෙරෙහි නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමණය කලේය)  හා කළු සුද්දන් 1802 සිටම ගෙන ගිය කුනුහරුපය 1873 දී වළලා දැමුවත් එහි අවතාරයට 2015 යහපාලන ආණ්ඩුවේ ජෝන් අමරතුංග ඇමති විසිනුත් වන්දනාමාන කලේ එලිපිටට වඩා යටින් ශූක්ෂම ආකාරයටය. මේ වනවිට රටේ ඉරණම ඉතාමත් භයංකාරය. බුද්ධාගම භාරදී තිබෙන්නේ ඊට විරුද්ධව ලිපි ලියූ ක්‍රිස්තියානි සුනිල් සෙනෙවිටය!

පෝයට සිල් ගන්නා බෞද්ධ උපාසිකාවන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය පසුකර උතුරට එන්නේ වෛරය පතුරුවන්නට යයි අසවේදුට හෝ දොන් ජුවන් ධර්මපාල කෙනෙකුට මිස JVP කාරයෙක් වුනත්, අනුරාධපුරය අසල් ගමක උපන් අයෙකුට කට අරින්න පුළුවන්ද? එය තවත් අගමැති කෙනෙක් පොසොන් කියන්නේ ලංකාවට සිදුවූ ප්‍රථම විදේශ ආක්‍රමණය යයි කිව්වා වැනිය. එසේත් නැත්නම් මදර්ස් ඩේ එක සමරමින්, සිද්ධාර්ථ යශෝදරාව දාල ගියා, මම නම් ගන්නේ යශෝදරාගේ පැත්ත” යයි හරිනි අමරසූරිය ලබා දුන් ඔපීනියන් එක වැනිය! නටාෂා එදිරිසූරියගේ සුද්දෝදනගේ පැටියා කතාව වැනිය!

බොල්ෂෙවික් පාර වෙනුවට ජල ද්‍රෝණි විසඳුම

*1. ඇමතිවරු හාමුදුරුවරුන්ට වනචාරියා කියන පහල මට්ටමට රට වැටී ඇති මෙම බොල්ෂෙවික් සෙවනැලි මතුවන කාලයක, රට-ජාතිය-ආගම [දෙස-බස-රැස, කුමාරතුංග මුනිදාස,] බේරා ගැනිමේ කාර්යය ඉටුකල හැක්කේ රටේ හාමුදුරුවරුන්ගේ එකමුතුවකින් පමණමය.

*2. ආර්ථික, සාමාජික, සංස්කෘතික, සදාචාරය, විනය යන සෑම අංශයකින්ම රට කොට උඩ යමින් සිටින හා නානා මාදිලියේ විදේශ බලවේගවලට යටවෙමින් පවතින අවධියක රටේ විරුද්ධ පක්ෂ නන්නත්තාරව සිටී. ජනාධිපති සිහින මවන සමහරු ඒකීය රටක් පවත්වා ගන්නේ කෙසේද යන්න ගැනවත් පැහැදිලි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරගන්නට අසමත්ව සිටී. පලාත් සභා නමැති මර උඟුලෙන් හෝ පාලමකින් මෙම දිවයින ඉන්දියාවට යාකිරීමෙන් හෝ සිංහල ජාතිය ක්‍රමයෙන් දියවී යාමේ නිසැක ආනිසංශය පිළිඹඳව මොවුන් හැසිරෙන්නේ වැල්ලේ හිස ගසා ගත් පැස්බරුන් මෙන්ය.

*3. ශීඝ්‍රයෙන් බොල්ෂෙවික් පාරේ දුවන්නට යන ආණ්ඩුවක් ඉදිරියේ, ලක්ෂයක් මරලා හරි අමාරුවෙන් 1965 සිට <දුක් විඳලා> අල්ලා ගත් ආණ්ඩු බලය  ආපසු දෙන්නේ නැත යන කතා මඟින් ජනතාවගේ මතකයට 1971, 1988-89 භීෂණ සම හොල්මන් කරද්දී, මෙතෙක් පණ අදිමින් සිටි මුර දේවතා සංකල්පය අළු ගසා දමා නැගිටින්නට සදන්නේ  1931, 1948, 1972, 1978 සන්ධි ස්ථාන වලදී සිට පක්ෂ දේශපාලකයින් විසින් කරගෙන ගියාවූ බොරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සිදුවූයේ, විශේෂයෙන් සිංහල බෞද්ධයයි කියා ගන්නා පාලක පංචකන්ධ විසින් කරගෙන ගියේ, <සමහර පිරිමි හිතහොඳ ගෑණුන්ට සළකණ ආකාරයට> සිංහල බෞද්ධයින්ට සැළකීම නොවේද යන කාරණය අවභෝධවීම  නිසා විය යුතුය. පක්ෂ දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගිය අපිට අන්තිමට ඉතුරුවුනේ කොඩිවල පොලු පමණක් යයි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් ආවර්ජනය කරන්නේ මෙම හිත හොඳ ගෑණු කතාවම නොවේද?

*4. බොල්ෂෙවික් ප්‍රපාතයෙන් රට ජාතිය ගලවා ගන්නට හැකි දේශපාලන ව්‍යාපාරයක් දැනට නැත. ආණ්ඩු බලයට විරුද්ධ වන අය හිරේ දමා හෝ නොදමා නිහඬ කිරීමත්, ගම් මට්ටමින් රාජ්‍ය බලය  තහවුරු කර ගැනීමත් දැනට සිදුවෙමින් පවතී. යම් ගමක පවුල් 200 ක් සිටිනවා නම් ඉන් පවුල් 10-20 අතර කාඩර් පවුල් (JVP) සිටිනවා නම් ගම පාලනය කිරීම 1971/1988-89 ක්‍රමයට කල හැකිය.

*5. ග්‍රාම සේවා නිලධාරී මට්ටමෙන් පිහිටුවීමට යන ප්‍රජා ශක්ති කොමිටු සංයුක්ත වන ආකාරය අනුව  ආණ්ඩුවේ දේශපාලන  හස්තයකින් ඒවායේ යාන්ත්‍රණය පාලනය වීම සිදුවීමට යන බව පැහැදිලිය.  1971 න් පසු ගම් මට්ටමින් පිහිටුවන ලද ජනතා කොමිටි සංකල්පය, ජනතා කොටි යනුවෙන් උපහාසාත්මක ලෙස ඒකාලයේ ජන වහරට එක්වූයේ, අසාර්ථකවූයේ, ඒවා ආණ්ඩුවේ දේශපාලන ගැත්තන් ගෙන් සමන්විත ඒකක වූ නිසාය

< At the grassroots level, Community Development Councils comprising Government officers and 15 to 35 locally selected community members represent rural populations by identifying needs, submitting development proposals, and supporting project execution.

The Chairman of this Community Development Committee is the representative and the nominee of the Regional Development Committee Chairman.

The Secretary is the Community Development Officer of the relevant Grama Niladhari Division. The Community Development Committee will also have the Grama Niladhari, Samurdhi Development Officer, Agricultural Inspection Assistant or the Agricultural Instructor and the family health officer or the public health inspector as members.

The rest of the members will be selected from the community. Among them, there should be a minimum of five females. There should also be five members of ages between 16 and 35. The membership of these units should comprise persons of all faiths and ethnicities, professionals, needy people, entrepreneurs, State and private sector employees, intellectuals and others willing to make intellectual contributions as well as other volunteers.>

<Rooted in the late 1960s leftist coalition (United Front) manifestos criticizing colonial bureaucratic structures, People’s Committees were established under the People’s Committees Act No. 16 of 1971 by the United Front government of Sirimavo Bandaranaike. Designed to decentralize administration and curb bureaucratic inefficiency, these village- and ward-level bodies were meant to give citizens an advisory and supervisory role over public administration.>

ඉන්දියාව හා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වල න්‍යාය පත්‍ර වලට අනුව එය එම විදේශ  බලවේග වලට ප්‍රශ්ණයක් නොවේ. ඔවුන්ගේ ඉලක්ක වන්නේ ඉන්දියන්-ලංකා පාලම, ත්‍රිකුණාමළ වරාය වැනි දේ මිස සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය හෝ ත්‍රිපිටකය රැකදීම හෝ නොවේ.

*6. බොරු පොරොන්දු දී මැර බලයෙන් බලය අල්ලාගත් මාක්ස්වාදී/පසිස්ට්වාදී කණ්ඩායමක් දිගටම බලයේ සිටිනවා මෙන් නොව, චන්දයෙන් ජනයා රවටා බලය ලබා ගත් පසු නැවත වතාවක් මහජන චන්දයකට යාමට සිදුවන වත්මන් ආණ්ඩුවට, මොන දහංගැට ගසා හෝ එය වලක්වා ගැනීමට තැත් කිරීම හැර වෙන විකල්පයක් නැත. මෙම දිවයිනේ ඉතිහාසය මෙවැනි අවදානම් වලට මුහුණ දුන්නේ මුර දේවතා සංකල්පය මඟිනි. මෙය අප්‍රමාදව සිදු නොවුනොත් අතින් කඩන්නට හැකි  දේ පොරොවෙන් තබා, බුල්ඩෝසර් එකකින් වත් කරන්නට නොහැකි වන්නේය.

*7. 1832 කෝල්බෲක් සූත්‍රයෙන් ගැලවීම: ගම-වැව-දාගැබ ත්‍රිත්වය

කෝල්බෲක් සූත්‍රය යටතේ අඩපණ කර තිබෙන ගම-වැව-දාගැබ යන භූමිය මත පදනම්වූ භූගෝලීය (geographical), පාරිසරක (environmental/ecological), සාමාජික, ආර්ථික, ඓතිහාසික ත්‍රිත්වය නියමාකාරයට (meaningful) යලි නැවත ක්‍රියාත්මක කිරීමෙන් මිස, මෙම පක්ෂ දේශපාලන කළු සුද්දගෙන් රට වැසියාට ගැලවීමක් නොමැත.

වැව් ප්‍රතිසංස්කරණය, ගම් සභා වලට පණදීම යනාදි වශයෙන් සුදු ආණ්ඩුකාරයින් මේ පිලිඹඳව යම් අවධානයක් යොමු කලත් (1856 ගම්සභා පණත- වෝඩ් ආණ්ඩුකාරයා), ගම් උදාව, ගම නැගුම, සමෘධි, ගම් පරළිය, දිවි නැගුම යන නම් යටතේ  <ගම ගොඩ නැඟීම සඳහා යයි> කළු සුද්දන් කල ව්‍යාපාර වල අවසාන ප්‍රතිඵලය වූයේ <කොළඹට කිරි- අපට කැකිරි>යනුවෙන් සටන් පාඨයක් JVPකාරයින්ට සපයා දීමක් පමණය.

බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම

බොල්ෂෙවික් ආණ්ඩුවක් ආවේ පසුගිය ප්‍රජාතන්ත්‍රවාදී යයි කියූ ආණ්ඩු වල ආත්මාර්ථකාමි වැරදි ක්‍රියා නිසාය. අතරමංවී, නිර්වින්ඳනය වී සිටින චන්ද දායකයා ඉන් ගලවා ගැනීම සඳහා පැහැදිලි ප්ලෑනක් දෙන දේශපාලන ව්‍යාපාරයක් සඳහා ආරම්භයක් ජූලි 27 සංඝ සමුළුවේ ලිඛිත ප්‍රකාශණයේ සඳහන්වේ.  මේ ආකාරයට අනුව රටේ පහලම සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම සේවා වසම් 14,020 ජල ද්‍රෝණි වශයෙන් නැවත මායිම් කර ඒවා යොදගෙන දිවයින ස්වාභාවික මායිම් සහිත භූමි ඒකක වශයෙන් බෙදා ජන සභා සංකල්පය ක්‍රියාවට නැංවීම ජනතාවගේ උරුමයය.

රනිල් ජනාධිපති සමයේදී, ඇමෙරිකාවේ සමන්තා පවල් නෝනාගේ ආශිර්වාදය සහිතව ග්‍රාම සේවා වසම් වල ජන සභා පිහිටුවීම ක්‍රියාත්මක කිරීමට හිටපු කතානායක  කරු ජයසූරිය හා වික්ටර් අයිවන් යන දෙදෙනාට භාර දෙන ලදී (2022).  මීට කලින් බැසිල් රාජපක්ෂ ඇමති විසින් 2012 ජන සභා අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙක් පවා පත් කර  (කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන ආචාර්ය  හා මෛත්‍රීපාල සමයේ (2019) සබරගමුව පලාතේ ආණ්ඩුකාරයාවූ ධම්ම දිසානායක පත් කලත්)  එය අතර මඟ නතරවිය. මීට පෙර උගත් පාඩම් සංහිඳියා  කොමිෂමද ජන සභා ගැන සඳහන් කලේය (2011).

මේ හැම යෝජනාවකම තිබූ මුලික දෝෂය නම් ඒවා ස්වාභාවික මායිම් සහිත වියයුතුය යන විද්‍යාත්මක නිර්ණායකය අමතක කිරීමය. මේ නිසා 2022 නොවැම්බර් මස මෙම කරුණ ගැන සාකච්චා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති රනිල්ට යැවූ ලිපියට යහපත් ප්‍රතිචාරයක් ලැබුණත් හමුවීමට නොහැකිවිය. ඒ අතරතුර ඒ පිළිඹදව පිළියෙල කල කෙටුම්පතේ කොපියක් වත් BBS සංවිධානයට ලැබුණේ නැත!

පක්ෂ දේශපාලකයින් විසින් උගුරට හොරා බේත් කන්නට හදන මේ ජල ද්‍රෝණි සංකල්පය දැන් රටේ මුර දේවතාවුන්ගේ අතට  පත්වී ඇත. මෙම ජල ද්‍රෝණි-ජන සභා යාන්ත්‍රණය විවිධ දේශීය හා විදේශීය  රට කැබලි කිරීමට මාන බලන විවිධ දේශීය හා විදේශීය යටිකූට්ටු කරුවන්ගේ උදහසට පාත්‍රවන්නකි.

මෙම බලවේග දැන් 2026 අග රොටිය පුච්චා ගැනීමට හොඳම අවස්ථාව යයි සිතා ක්‍රියා කරමින් සිටී. ඊළම්වාදී ශානක්‍යන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංචණය වන දාගැබ ඉවත් කරන්නට ඉල්ලන තරමට වියරුවී සිටී. ඒ අස්සේ රට කඩන යන ජරමරවූ චන්ද්‍රිකා  විසින්2003 දී ගෙනා ISGA (Interim Self Governing Authority) හා PTOM   ප්ලෑන් වලට විරුද්ධව ඒවා මඟින් රට කඩෙනවා යයි ඒ දිනවල උසාවියට ගිය JVP නායකයින් දැන් උතුර හා නැඟෙනහිර පලාත් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීමේ කතාවක් කරේ දාගෙන සිටී

 මේ නිසා මේ සාමකාමී  ජලද්‍රෝණි විප්ලවය කල හැක්කේ ජාතියේ මුර දේවතාවුන්ට පමණය. 1953 අගොස්තු 12 දින සිදුවූ හර්තාලය ගැන කුසල් පෙරේරා විසින්  කල විග්‍රයකදී පවසා සිටියේ (with Kula Sri Kariyawasam), ඒ කාලයේදී මෙන් නොව 1978 න් පසුව නිදහස් වානිජ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ දේශපාලනය ජාවාරම් කාරයින් විසින් ග්‍රහණය කරගෙන ඇති බවය. ඔහු පවසන්නේ රනිල් අගමැති/ජනාධිපතිවී කලේ ජාවාරම්කාරයින් සඳහා වෙළඳ පොල  ගොඩ දැම්මා මිස රටේ මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට විසඳුම් ලබුණේ නැත යන්නය. මෙවැනි තත්වයක් යටතේ දේශපාලකයින්ටත් ජාවාරම් පරිසරයෙන් ගැලවීමට නොහැකිය. මේ නිසා JVP ආණ්ඩුවටත් <දූෂණයෙන්> ගැලවිය නොහැකිය.

ඔහු කියන්නේ “ශීලාචාර සමාජයක් ගොඩ නැඟීම සඳහා, රාජ්‍ය නියාමනයක් සහිත සංවර්ධන සැලස්මක්, විවෘත වළඳ පොල අත්හැර අළුත් සංස්කෘතියක්, අළුත් දේශපාලනයක්  යනාදිය පිළිඹඳව කතිකාවක් ඉදිරිපත් කරණ පංචස්කන්ධ/යක්, පක්ෂයක්/ ආයතනයක් අවශ්‍ය බවත් එසේ නැතනම් ගැලවිය නොහැකිය. ඔහු කියන්නේ “ශීලාචාර සමාජයක්  සඳහා, රාජ්‍ය නියාමනයක් සහිත සංවර්ධන සැලස්මක්, විවෘත වළඳ පොල අත්හැර අළුත් සංස්කෘතියක්, අළුත් දේශපාලනයක් ගැන කතා කල හැකි පංචස්කන්ධ/යක්, පක්ෂයක්/ ආයතනයක් අවශ්‍ය බවත්, එසේ නැත්නම් සිදු වනුයේ <නිකම්> මැතිවරණ ව්‍යාපාර පමණක් බවය. මෙම භාරධූර වගකීම රටේ  මුර දේවතාවුන්ගේ ඔඩොක්කුවට වැටී ඇත. එය ඉෂ්ට කිරීමේදි ඒ තුලට රිංගීමට  එන හතුරන් ගෙන් ප්‍රවේසම් වැදගත්කම මීට පෙර සීහල උරුමයට හා ජාතික  හෙල උරුමයට සිදුවූ අකරතැබ්බ වලින් පැහැදිලි වී ඇත.

මෙම ලිපියට අදාල ඇමුණුම් හා ජල ද්‍රෝණි-ජන සභා ක්‍රියාවට නැංවීමේ සැලැස්ම මීලඟ ලිපියෙන් ඉදිරිපත් කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress