නැට්ටෙ ඉඳන් ගොම !
Posted on January 9th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

ඇමෙරිකාවේ නව ජනාධිපති වශයෙන් පත්ව සිටින ඩොනල්ඩ් ට්රම්ප් 1989 දී හා හා පුරා කියා ‘Ghosts can’t do it’ නම් චිත්රපටියක රඟපෑවේය. 1991 දී Razzie Awards නම් චිත්රපට උලෙළකදී ඔහුටසවුත්තුම සහය නලුවා‘ (Worst supporting actor) කිරුළ හිමි වූ අතරසවුත්තුම නවක තරුව‘ (Worst new star) සඳහා නිර්දේශිත නම් අතරටද එක්විය.

 

මෙම රඟපෑම් පරදන අන්දමේ ඉදිරිපත් කිරීම් මේ වන විට ශ්රී ලාංකික දේශපාලකයන් වෙතින්ද ඉදිරිපත්ව ඇත. හරිනම් මේ රඟපෑම් සඳහා ලබා දිය යුත්තේලැජ්ජා නැතිම නලුවාසම්මානයයි.

 

මේ තරගය සඳහා හොඳම ඉදිරිපත් කිරීම කලේ ෆයිසර් මුස්තාපා ඇමතිවරයාය. පලාත් සීමා නිර්ණ වාර්තාව භාර ගැනීම සම්බන්ධව මාධ් ඉදිරියේ විකාර රූපී නාටකයක් රඟපෑමෙනි. මෙහි පිටපත ලියුවේ කවුදැයි කියා එතැන සිටි මාධ්යවේදියෙකු විමසනු ඇසිනි. පිලිතුරු නැත. නමුත් පිලිතුර මුලු රටම දනී. එම වාර්තාවේ අනුමැතියට අත්සන් දෙකක් අඩුව ඇත. එසේ අත්සන් නොකල දෙදෙනා එජාප හා ශ්රීලනිපය නියෝජනය කරන අයයි. මේ ශ්රීලනිප නියෝජිතයා නොඅනුමානවම මෙෙත්රී පිලේ අයෙකු විය යුතුය. එබැවින් මෙම අත්සන් නොකිරීම ඔස්සේ පෙනී යන්නේ මේ කණ්ඩායම් දෙක තුල මැතිවරණයකට මුහුණ දීමට ඇති පසුබෑමයි. අද තම බලය පාවිච්චි කරමින් ජනතාව ඉදිරිපිට මොනවා දෙසා බෑවත්, ජනතාව වෙතින් එල්ල වන චෝදනා සහ ඉල්ලීම් වලට දෙසවන් වසා ගත්තත්, තම තමන්ගේ හෘද සාක්ෂිය හඬ ගා පවසන දෙයින් මිදෙන්නට කිසිවෙකුට හැකියාවක් නැත.

 

වත්මන් රජයේ දුර්වල ආර්ථික ප්රතිපත්ති හමුවේ ජාතික වශයෙන් හා පුද්ගලික මට්ටමින් දිනෙන් දින පීඩාවට පත්වන ජනතාව තුල දිනෙන් දින වර්ධනය වන කලකිරීම පැහැදිලිව පෙනේ. තමන් කන  බත්පතේ සිට තමන් හිසට සෙවන සලසන නිවාස දක්වාම වසා විහිද යන අසීරුතාවේ, අවිනිශ්චිත බවේ සෙවනැලි විසින් ජනතාවගේ මනැස් අඳුරු කර ඇත. මේ බව ජනතාවාදී දැක්මක් ඇති අයෙකුට නම් වටහා ගත හැකිය. නමුත් අවාසනාවට එවන් දැක්මක් ඇති දේශපාලකයන් හෝ වෙනත් විද්වතුන් විරලය.

 

මේ ආරවුල් අතරේ පසුගිය වසර අවසන් සතියේ ජාත්යන්තර මාධ්යවේදීන් හමුවේ කතාකල හිටපු ජනාධිපතිවරයා රජයට ඍජුවම අභියෝගයක් කලේය. මෙතෙක් දවස් මාධ්යයන් නගන ප්රශ්න හමුවේ තම ප්රතිපත්ති මත පදනම්ව මධ්යස්ථ ස්වභාවයකින් පිලිතුරු දෙමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙසේ එකවරම කල අභියෝගය හමුවේ, සම්මුතිවාදී ලේබලය අලවා ගනිමින්, වත්මන් ජනපති හා එක්ව ඔහුගේ කලගුණ සැලකීමේ ක්රියාවලිය යටතේ එජාපයේ දෑත් සවිමත් කරන්නට පෙල ගැසුනු සන්ධාන ඇමතිවරුන්ගේ බොක්ක රත් වන්නට ඇත. කවුරු කෙසේ මොන අන්දමට පහත හෙලන්නට හැදුවත් මහින්ද රාජපක්ෂ නම් චරිතය ජනතාව තුල සැදූ ප්රතිරූපය අවතක්සේරු කල නොහැක. අද ලක්ෂ 58 ක් ලෙස පැවසුනත් මේ වන විට අර ලක්ෂ 62 නු ත් කීයක් ඉතිරිව ඇත්දැයි සැක සිතෙන්නේ වත්මන් ආණ්ඩුව ගෙන යන අසංවේදී, දරදඬු සහ ආත්මාර්ථකාමී ප්රතිපත්ති තුල පීඩනයට ලක්වන ජනතාව දුටු විටය.

 

මේ හේතුව මත විය හැකිය. ඔවුන් හදිසියේම එජාප ඇමතිවරු සමග ප්රශ්න මවාගෙන, රණ්ඩු සරුවල් ඇති කරගෙන ප්රසිද්ධ වේදිකා ගණනේ බැණ අඬගසා ගන්නට වූහ. සීමා නිර්ණ කමිටු වාර්තාව භාර ගැන්ම ඒකාංගික නාට්යයක් නම් සන්ධාන ඇමති වෙස් පෙරලිය ප්රසාංගික නාට්යයක් බවට පත් වන්නේ එහෙයිනි. මේ රඟපෑම් පිලිබඳ යතාර්ථය ඒකාබද්ධ විපක්ෂයේ මාධ් හමු තුල කියවෙන කල්හි මේ නාට්යයන් මඳ විරාමයක් ලබා ඇත.

 

මේ අතර රජය කෙරෙහි ගොඩ නැගෙන ජනතා අප්රසාදය හමුවේ හැලෙන පිරිසෙන් කොටසක් කඩා ගන්නට ජනතා විමුක්ති පෙරමුණද අපේක්ෂා කලා විය යුතුය. නමුත් වර්ෂය අවසන මහින්ද රාජපක්ෂ පැවැත්වූ මාධ් සාකච්ඡාවත් සමගම ඔවුන්ගේ විරෝධයද යලි ඔහු දෙසට යොමු විය. හම්බන්තොටදීමහින්ද රාජපක්ෂගේ මැරයන් එරෙහිව ඇලවුන ජවිපෙ පෝස්ටර් ඔස්සේ කියැවුනේ එම කෙටි නාට්යයේ කතා වස්තුව බව පෙනේ.

 

ජවිපෙ නරක නැත. නමුත් යලි ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට නම් ඔවුන් තම යටගියාව පිලිබඳ විවෘතව කතා කල යුතුය. ඔවුන් තම දෙවන කැරැල්ලේදී අනුගමනය කල ක්රියා පිලිවෙත ඔස්සේ වඩාත්ම පීඩා වින්දේ සාමාන් ජනතාවය. එදා ඔවුන් සටන් වැදුනේ ඒකාධිපති වියරුවෙන් පෙලුන එජාප රජය සමගය. 2010 ජනාධිපතිවරණයේදී ජවිපෙ නායකයා, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට සහය පල කරනු වස්   වේදිකාව මතදී බදා වැළඳ ගත්තේ, සුප්රසිද්ධ බටලන්ද වදකාගාරය මෙහෙයවූ බවට චෝදනා ලත්, කලකදී ඔවුන්මබටලන්දේ වෘකයායන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ එජප නායක රනිල් වික්රමසිංහය. එජාපයේ පැටිකිරිය එදා 87 – 90 සමයේ ක්රියාකාරී ලෙස ජවිපෙ දේශපාලනයේ නියැලුනු අය දනිති. එහි ප්රතිවිරුද්ධ දිශාවද හා සමානය. මන්ද ජවිපෙ වෙතින් වඩාත්ම තර්ජන එල්ල වුනේ එක්සත් ජාතික පාක්ෂික පිරිස් වලටය. එබැවින් මොවුන් දෙපිරිස අතර පවතින සමගි සමාදානය ජනතාව දැනට දකිනු ඇත්තේ තවත් අවස්ථාවාදී හවුලක් ලෙසය.

 

එදා 2014 දෙසැම්බරයේදී එවක පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෙෙත්රීපාල සිරිසේන වෙනුවෙන් සෑදූ මැතිවරණ වේදිකාවක් කඩා බිඳ, පුද්ගලයන්ට පහර දී පොලිසියටද බලපෑම්කල නිශාන්ත මුතුහෙට්ටිගම අද රනිල්මෙෙත්රී රජයේම නියෝජ් ඇමතිවරයෙකි. හොඳම විහිලුව නම් අද සිද්ධිය සම්බන්ධව විභාග වන නඩුවේ විත්තිකරු වශයෙන් උසාවි යන එන අතරතුරම නව රජය වර්ණනා කිරීමට ඔහුු පසුබට නොවන ආකාරයයි. මොණරාගල දිස්ත්රික්කය නියෝජනය කරන එජාප යේ රන්ජිත් මද්දුමබණ්ඩාර සහ ශ්රීලනිපයේ විජිත් විජිතමුනි සොයිසා සම්බන්ධ සිද්ධීන්ද මෙබඳුමය. මේ ශ්රී ලාංකික දේශපාලනයේ ඇති ලැජ්ජා නැති ස්වභාවයයි. තමන් යම් ප්රධාන පක්ෂයක්, විශේෂයෙන් එජාප වැනි තමන් අරභයා දැඩි මර්ධනකාරී පිලිවෙතක් ගෙනගිය එජාපය සමග මෙසේ ගණුදෙනු කරන විට ජනතාව ජවිපෙ දෙසද එකම කූඩයට ලා සැලකීම පුදුමයක්ද?

 

මෙම රජය බලයට ගෙන ඒමට මුල්වූ සිවිල් සංවිධාන නියෝජිතයන් බොහෝ දුරට මේ ප්රශ්න දෙස බලන්නේ තමන්ට අදාල වන න්යාය පත්රයන්  පමනක් ඔස්සේය.  එහිදීමෙම ප්රධාන පක්ෂ දෙක එක්වී මේ දරන උත්සාහය සහ අත්හදා බැලීමසහ එහි ඇති ප්රජාතන්ත්රවාදී ස්වරූපය ගැන ධනාත්මකව බලා අගය කල යුතු බව ඔවුන්ගේ මතයයි. ඔවුන්ට අද ජනතාව මිරිකෙන ප්රශ්න නොපෙනෙන්නේ තම න්යාය පත්රය තුල ජනතාවාදී දැක්මක් නැති හෙයිනි. ජනාධිපති සැම විටම තම කතාවේදීමගේ ජනතාවයන පදය යෙදුවත් ඔහුට තම ජනතාව වන්නේ තමන්ට චන්දය දුන් එජාප සහ සුලු ජාතීන් පමනි. ඔහු සැම විටම තීරණ ගන්නේ රනිල් ප්රමුඛ එජාපය සතුටු කරන්නටය. එජාප නායකයා තමන්ට ලබා දුන් තානාන්තරයට කලගුණ සලකනුවස් සන්ධානයේ කොටසක් සහ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන පරාජිතයන් කොටසක්ද ඔහු රජයට ඈඳා ගෙන මේ ඊනියා සම්මුතිවාදී රජය ගොඩනැගීය. එතුල අතරමං වූයේ බහුතර ශ්රීලනි පාක්ෂිකයන්ය. එබැවින් මේ රජය තුල ඔය කියන අන්දමේ උත්සාහයක් හෝ අත්හදා බැලීමක් තිබෙනවාද යන්න සැක සහිතය. එතැන ප්රජාතන්ත්රවාදී බවක්ද නැත. මන්ද මේ වන විට සන්ධානයට චන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට නිළ විපක්ෂයක් නැති නිසාය. නිළ විපක්ෂයට ඇත්තේතම ජනතාවවෙනුවෙන් පමනක් සකස් වූ න්යාය පත්රයකි. සන්ධාන ඇමතිවරුන්ට තමන් වෙනුවෙන් චන්දය ප්රකාශකල ජනතාව කෙරෙහි හැඟීමක් තිබිනි නම් ඔවුන් පීඩාකාරී අයවැයකට පක්ෂව අත ඔසවනු නැත. බැඳුම්කර වංචාව හෝ දේශය කැබලිකර පිටරැටියන්ට බදු දෙන ව්යාපෘති හමුවේ නිහඬව ඉන්නේ නැත. ජනතාව තම ජීවන බරින් දින දින මිරිකී යත්දී තම දීමනා, වාහන, වරප්රසාද රැගෙන මදිවට ඒවා සාධාරණීකරනය කරමින් සැප විඳින්නේ නැත. එබැවින් මේ ක්රමය ප්රජාතන්නවාදයේ නව අත්හදා බැලීම කෙසේ වෙතත් බඩගෝස්තරවාදයේ නව අත්හදා බැලීමක් බව නම් කිව හැක.

 

ඉහත කී නාට්යවලට අමතරව ජනවාරි 3 වනදා රඟ දැක්වුනේ වොක්ස්වැගන් නාටකයයි. අධ්යාපන ඇමතිවරයා, තම අධ්යාපන කාර්යය පසෙක තබා සති මාස ගණනක් තිස්සේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් කුලියාපිටියේ ඇරඹීම ගැන කයිවාරු ගැසූ අතර, නියමිත දිනයේ අගමැති, ජනාධිපති ඇතුලු පිරිසක් මුල්ගල් පේලියක් තබා සමරු ඵලක විවෘත කලහ. සිරස නාලිකාව මගින් මෙම වොක්ස්වැගන් කතාව පිලිබඳව සැබෑව සාක්ෂි සහිතව රටට හෙලිකල අතර අගමැතිවරයා පැවසුවේ තමා වොක්ස්වැගන් කතාවක් නොකී බවයි.  නමුත්අද අපි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව විවෘත කරනවායි ඔහු පවසන අයුරු වීඩියෝ පටවල සටහන්ව ඇත. අගමැතිවරයාගේ ප්රහසන නාට් කවදත් මෙබඳුය. ජනවාරි 6වන දා ඔහු තමා සහභාගී වූ උත්සවයකදීමම මේ සතියෙ කර්මාන්ත ශාලා 4 ක් විවෘත කලා. හෙට 5 වන එක විවෘත කරනවායි පැවසීය. සමරු ඵලකයක් විවෘත කිරීම කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමක් ලෙස පෙන්වන්නට තැත් කිරීම තරම් විකාරයක් තවත් කොහි ඇත්ද?

 

දැන් අලුත්ම නාටකය ලෙසවරාය චීනයට පැවරීමරඟ දැක්වේ. හම්බන්තොට වරාය හා ඉඩම් පවරාදීම සම්බන්ධව දැඩි විරෝධයක් සමාජය තුල මතුව ඇත. මොවුන් 2015 මැතිවරණ සමයේදී මේ වරායට හා ගුවන් තොටුපලට ඉතා පහත් අන්දමින් අපහාස කලහ. චීනය වැනි බලවත් ආර්ථිකයක් ඇති රටක් නිකන්ම මෙවන්කලු ගලක් සහිත ස්විමිං පූල් එකක්බද්දට නොගන්නා බව ජනතාව දනිති.

ආයෝජන කලාපය විවෘත කිරීමේදී රාජිත සේනාරත්න ඇමති විසින් කල කතාව හරියට නාට්යයේ ගණන්කාරයා මෙන්ය. උඹලා,ඕකුන්, උන් වැනි වචන පාවිච්චි කරමින් ගිරිය යටින් කෑ ගසමින් කල කතාව ජාත්යන්තර අමුත්තන් සහභාගි වන සභාවකට තරම් වේද? අනික ඔහු උපහාසාත්මකව චීනය ගැන කතා කලේ ඉතා අශිෂ්ඨ ලෙසය. ‘මේ ගොල්ලො සිංහල දන්නෙ නැති නිසා කියන්නෙ. බිලියන් 1.3 ක් වියදම් කරල හදපු එක අපි 80% හරි මෙයාලගෙ ඇඟේ ගැහුවවැනි අරුතක් ඇති පහත් පෙලේ කතාවක් එතැන කියවුනි. මා දන්නා පමනින් තම අප්ප කුඩප්පලාගේ පුතාලා දුවලා තානාපති සේවාවනට නොයවන චීනය තම නිළධාරීන් විදේශ සේවාවන්හි යොදවන විට අදාල රටේ භාෂාවන් ගැන දැන කියා ගන්නට අවස්ථාවක් දේ. නැතත් මේ මොන අශිෂ්ඨකමක්ද?

 

මම එක බිම් අඟලක් විදේශිකයන්ට දෙන්නෙ නෑයි පම්පෝරි ගැසූ ජනාධිපතිවරයා උත්සවයට ආවේ නැත. පෙරදින මහ නායක හිමිවරුන් හමුවන්නට ගිය සුජීව සේනාසිංහ ඇමතිවරයා තමන් මේ ගිවිසුම ගැන හරි හැටි නොදන්නා බවත්, කොහොම වුනත් හම්බන්තොටින් අක්කර 15,000 ක් ව්යාපෘතියට ලබා දෙන බවත් මාධ්යයට පැවසීය. මේ ගිවිසුම ගැන හෝ යටතේ අත් කරගන්නා ඉඩම් ගැන ඇමතිවරු හිතෙන හිතෙන දේ පැවසීමද, මාධ්යයන්හි ප්රශ්න හමුවේ පිලිතුරු නොදීපලායාම සිදුවූයේ වරක් දෙවරක් නොවේ.

 

විල්පත්තු වන විනාශය සම්බන්ධව ජනාධිපතිවරයා නිකුත් කරන්නට යෙදුනු ගැසට් නිවේදනය තවත් රඟපෑමක් විය. ඔහු පරිසර ඇමතිද වෙයි. අතර කසල බැහැර කිරීමේ ක්රමවත් පටිපාටියක් නැති කමින් අපවිත් බවින් පිරුන නගර හිඟ නොවේ. පසුගිය දිනෙක මාධ්යයට අදහස් දැක්වූ සුදු ජාතික සංචාරක කාන්තාවක් මෙසේ පැවසුවාය. ”ශ්රී ලංකාව ලස්සන රටක්. But I am sorry to say this. මේ අලුත්ගම නෙමේ. කුණුගමකාටද ආඩම්බර? සංචාරක ඇමතිටද, පරිසර ඇමතිටද, පලාත් පාලන ඇමතිටද? (මේ කසල බැහැර කිරීමේ වගකීම පලාත් පාලන ආයතන සතුය. ආයතන අක්රීයව දැන් වසර 2 ආසන්නය) කාටවත් නොවේ නම් වැයික්කියේ ගණන්කාරයා වන සෞඛ් ඇමතිවරයාටද?

 

මේ සියලු දේ මැද රටේ අත්යවශ් හා ඉතා සාමාන් සංවර්ධන කටයුත්තක් වූ කටුනායක ගුවන් යානා ධාවන පථය අලුත්වැඩියා කරන්නට ඇරඹුවේද උත්සවයක් පවත්වමිනි. එම අලුත්වැඩියාව ඇරඹීම (!) ඇමති නිමල් සිරිපාල සිල්වා හැඳින්වූයේසංවර්ධනයේ දැවැන්ත පියවරක්වශයෙනි. අරණයක නාය යාමෙන් අවතැන් වූවන් මාස 8 ක් තිස්සේ ඉරීගෙන එන කූඩාරම් වල ගත කරද්දී කිලිනොච්චි වෙළඳ සංකීර්ණයේ ගින්නෙන් හානි වූ අයට වහා වන්දි ගෙවුවේ ජාත්යන්තරයට යවන නාටකයක් ලෙස විනා වෙන කුමකටද? එතැනදී විජයකලා ඇමතිනියතම ජනතාවවෙනුවෙන් නොබියව ඉදිරිපත්වන වීරවරියගේ චරිතය රඟපෑවාය. රජය නිහඬ වූයේ රඟපෑමක් පමනක් බව දන්නා නිසාද?

 

මේ සියලු විකාර දෙස බලා සිටින ජනතාවට සිදුව ඇත්තේ සිනාසෙන්නට නොව හඬන්නටය. , මේ එකකින්වත් තම ප්රශ්න නොවිසඳෙන බැවිනි. තම පීඩනය දිනෙන් දින ඉහල යන බව දන්නා හෙයිනි. සියල්ලටමත් වඩා අප මාතෘ භූමිය ඛේදජනක අවසානයක් කරා ඇදගෙන යන බැවිනි.

 

කෙසේ වුවද අගමැති, ජනාධිපති ඇතුලු මැති ඇමති කැල රඟ දක්වන මේ විකාර බලා සිටින විට සිතෙන්නේඩොනල්ඩ් ට්රම්ප් මොන නලුවෙක්ද. නලුවො ඉන්නෙ මෙහේනෙකියාය. මෙහිදී අපේ සැබෑ ප්රහසන නලුවෙකු වූ ටෙනිසන් කුරේ විසින්ජොන්සන් අැන්ඩ් ගොන්සන්චිත්රපටයේ නිතර කියන කියමනක් සිහිපත් වේ.

 

ඕකනෙ කියන්නෙ. නැට්ටෙ ඉඳන් ගොම

One Response to “නැට්ටෙ ඉඳන් ගොම !”

  1. S.Gonsal Says:

    Well done Vidura. What we need is people like you to fight against current POLITICAL PAL HORU.

    මන්ත්‍රී ධුරයෙන් විදුර යයිද ?

    කමල් ශ්‍රී ලියනගේ

    වත්මන් දේශපාලනය ගැන කලකිරීම නිසා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් මෙම සති අන්තයේ කැඳවා ඇති හොරණ ආසන බල මණ්‌ඩලයේ අදහස අනුව තමාගේ තීරණය ක්‍රියාත්මක කරන බවත් කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (9 දා) ප්‍රකාශ කළේය.

    දේශපාලනය එපා වීම නිසා සමු ගැනීමට සූදානමින් සිටින්නේ දැයි මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විදුර වික්‍රමනායක මහතා මෙසේද කීය. වර්තමාන ආණ්‌ඩුවෙත් විපක්‌ෂයෙත් දේශපාලනය ගැන මං සිටින්නේ කලකිරීමෙන්. තවදුරටත් වර්තමාන දේශපාලනය තුළ රැඳී සිටීම ගැටලුවකි. මා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා. මගේ තීරණය මේ සති අන්තයේ ආසන බල මණ්‌ඩලය කැඳවා දැනුම් දෙනවා. ඒ අනුව මා ගත් තීරණය ක්‍රියාත්මක කරනවා.

    මගේ තාත්තා ජීවත්ව සිටියදී ඔහු සමඟද මේ පිළිබඳව කතා කළා. තාත්තාද මා මෙම තීන්දුව ගන්නවාට කැමැත්තෙන් සිsටියා. දේශපාලන බල මණ්‌ඩලයේ තීන්දුව අනුව මා අලුත් ජනතා පෙළ ගැස්‌මකට නායකත්වය දෙනවා. ඒ සඳහා සියලු බලවේග ඒකරාශි කරනවා.

    අර පැත්තට මේ පැත්තට පැනලා දේශපාලනය කරන්න මා පුරුදු වෙලා සිටියේ නැහැ. අනාගතයේදීත් එවැනි වරප්‍රසාද මත මගේ දේශපාලනය තීන්දු කරන්නේ නැහැ. මේ සති අන්තයේදී ශ්‍රීලනිප ආසන බල මණ්‌ඩලයේදී ගන්නා තීන්දුව නියත වශයෙන්ම ක්‍රියාත්මක කරනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress