පාඨකයාට යහ පණිවිඩයක් ගෙන එන කෙමරූජ් භීෂණය
Posted on January 11th, 2017

කර්තෘවෛද්‍ රුවන් එම්. ජයතුංග
ප්රකාශනයසරසවි ප්රකාශන

ඔබ ජීවත් කරවීම වාසියක් නො වේ. ඔබ විනාශ කිරීම ද අවාසියක් නොවේ. නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන් හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීමයි. දෙවැන්න, කාම්බෝජයේ බලයට පත් පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීමයි. තුන්වැන්න, රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්වීමයි. පළමුව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල්කරගෙන සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේදී එය සිදුකෙරුණේ, ජාතියක්, වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නොව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ සමාජයීය යාන්ත්‍රික කළමනාකරණය යනුවෙනි.

ලෝකය මේ දක්වා දුර ඇවිත් තිබෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට භාජනයවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එවැනි පුද්ගල මැදිහත්වීම් බොහෝවිට යොමුවී ඇත්තේ, සමාජ ප්‍රගතියටයි. එහෙත් කලාතු‍රකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එවැනි පුද්ගල ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේදී අප අත්දුටුවේ එවැන්නකි. මිනිසා යනු සමාජ සත්වයකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගය ජයගත යුතුව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස්, යාන්ත්‍රික කළමනාකරණයකට සමාජය යටත් කිරීමෙන් නොව, මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරැදිව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින් නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කළේ ය.

Ruwan11011701

පොල්පොට් සැලකුණේ මාක්ස්වාදියකු ව‍ශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන් ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු ‍බොරු වළවල් අපමණ ය. එවැනි පුද්ගලයන්ගේ ඒ අත්හදා බැලීම් සිදුකෙරුණේ බලයෙන් පිටස්තරව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මඟින් ඇති කෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන් සමාජයකට ගෙවන්නට සිදුවූ වන්දිය අපමණ බව විසි වැනි සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ. මෙය මාක්ස්වාදින්ගේ වරදක් මිස, මාක්ස්වාදයේ වරදක් නොවේ. එසේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නො වූ බව සැලකිය යුතු ය.

උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔර්ලෝසුවක් වැනි සුඛෝපභෝගී භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඬුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝ ව්‍යාධියක් වශයෙන් මිස, විසිවැනි සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන්වත් ගිණිය නො හේ.

පසු කලෙක, මහජන අධිකරණය නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් වූ පසු පොල්පොට් මෙසේ කීවේය. ම‍ගේ හෘද සාක්ෂිය පිරිසුදු ය. ඕනෑම අපරාධකාරයකුට හෘද සාක්ෂියක් තිබිය හැකි ය. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය පිරිසුදු එකකැයි ඔහු අවංකවම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙතරම් දුෂ්කර ද ?යන්නයි.

විද්‍යාවෙන් තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත්ව ඇති නූතන ශිෂ්ටාචාරය තවමත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත්කොට නැත. පරිසමාප්ත මිනිසකු කිසි දිනෙක නිර්මාණය නොවනු ඇතත්, පරිසමාප්ත නොමිනිසකු බිහි වීම වළක්වාලනු වස්, එවැන්නන් බිහිකරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවක් බව නො කිවමනා ය. ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලාගැනීමට සැලැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ අවබෝධය ලබා ගැනීම සඳහා මෙතෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන් වෛද්‍යවරයකු වූව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව කටයුතු ප්‍රශංසනීය වෑයමකි. ඔබ ජීවත් කැරැවී‍ම වාසියක් නො වේ. ඔබ විනාශ කිරීම ද අවාසියක් නොවේ යැයි කියන පොල්පොට්ලා ශ්‍රී ලංකාවේ බිහි නොවනු වස්, රුවන් ජයතුංගගේ මේ වෑයම සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමි.

ගාමිණී වියන්ගොඩ

2 Responses to “පාඨකයාට යහ පණිවිඩයක් ගෙන එන කෙමරූජ් භීෂණය”

  1. Ancient Sinhalaya Says:

    We need a book published about the Sri Lankan pol pot Batalande Wadakaya. In Batalande Commission report it
    was clearly shown how Sri Lankan pol pot traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol
    pot r@nil wickramaSinhalakiller killed Buddhist jvpers with the support of catholic police top brass. Also minister
    of erection (permanent) john baas, joseph michael, merryl gunaratna, festus perera, douglas peris, ernest perera.
    etc. etc. were responsible. First names should give a clue! Hope Sinhala modayas can make the connection.
    Anyway nobody even talked about punishing Sri Lankan pol pot.

    Contrast this with catholic buddy hitler mala paharan’s catholic tigers of tamil drealam. They were given half the
    country on a plate by pol pot. Even after Sri Maha Bodhi massacre, Sri Dalada Maligawa massacre, Aranthalawa
    Bikku massacre catholic-controlled UNPatriotic party didn’t want to take any action! Their def sec tinass fdo
    even went to see his catholic buddy tamil sellan with apples and grapes. Catholic run UNPatriotic party used
    Sinhalese as cannon fodder. This included men, women, Buddhist monks, children, tri forces personnel, and
    police. What mattered to them was getting the Sinhalese murdered. Question why catholic tigers of tamil drealam never
    hurt a single priest or damaged a single church. Or click on following links to see why. Not for Sinhala modayas!
    They can’t put the two and two together and see the true colours of the catholic-run UNPatriotics.

  2. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress