මෙහෙමත් බේගල් ඇද බාන මෛත්‍රීපාල සිරිසේනගේ  යමපාලනය.
Posted on January 12th, 2017

චාර්ල්ස්  එස් පෙරේරා විසින්.

බෙර ගහගෙන හොරනැ පිඹගෙන  ජනවාරි 3වනදා කුලියාපිටියේ වොක්ස්වැගන්  වාහන එක්කිරීමේ වැඩපොළක් සඳහායයි කියා  සිරිසෙනයි රනිලුයි මුල්ගල් තැබුවේ තවත් ජනතාව රවට්ටන්ට කරපු මහාලොකු වන්චාවක්. මේ බොරු කාර වංචනිකයෝ කියනවා උන් මුල් ගල් තිබ්බේ රක්ෂාවල් 2500ක් ලබාදෙන ෆෝල්ක්ස්වැගන් කර්මාන්තශාලාවකට කියලයි. නමුත් කලේ සේනොක් කියන දෙමළ ජාතිකයෙකුට අයත් සමාගමක් සමග  ලංකාවේ බිඔයි  අතර ඇතිකරගත් ගිවිසුමක් වොක්ස්වැගන්  වාහන එක්කිරීමේ වැඩපොළක් යයි කීම පමණයි. 

මේ ගිවිසුමට වොක්ස්වැගන් සමාගමේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සමාගමට ලංකාවේ කර්මාන්ත ශාලාවක් විවුර්තුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් තාමත් නැතිබවත්  ජර්මන් තානාපති කාර්යාලය සඳහන්කර ඇතිබැව් ප්‍රවුර්තිපත්තරවල සඳහන් කර ඇත. මුන් බලයට පැමුනුදා ඉඳලා කරන්නේ රටට විපත්තිකරන ජනතාවට අගහිගකම් ඇතිකිරීමයි. බලයට  පැමුනුදා ඉඳලා කියන්නේ ජනතාව මුලාකරන අමු මූලික බොරු බේගල්. මුන් සම්මුති ආන්ඩුවක්, යහපාලනයක් කියල ගෙනයන්නේ ජනතාව රැවැටීමක්.

මුන් කියන්නේ එකක්, කරන්නේවෙනත් එකක්. ජනාධිපති සිරිසෙනයි අගමැති රනිලුයි එකට ඉඳන් මුන්ගේ යහපාලනයේ තීරනගැනීමක් නැ. කියමනක් තියෙනවානේ  දකුණු අත කරන එක වම් අත දන්නේ නැ, වම් අත කරන එක දකුනු අත දන්නේ නැ කියල, ඒ වගේ තමයි මුන්ගේ ඉලව් යහපාලන ආණ්ඩුවත්. රනිල් කරන දේ සිරිසේන දන්නේ නැ. සිරිසේන කියන දේ රනිල් දන්නේ නැ. රනිල් කියන්නේ එකක්, සිරිසේන කියන්නේ වෙනත් එකක් . මේකද මුන්ගේ සම්මුති රජය ?

රවී කරුනානයක මුදල් ඇමති කියන්නේ බොරු. ශිෂ්ඨ විධියට කතාකරන්නවත් බැ.  ජනාධිපතති රාජපක්ෂ මැතිතුමා ගැන කතාකරනකොට කිසි ගෞරවයක් නැතිව කථා කරන්නේ  ඒ වගේමයි එක්සත් ජාතිකපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝදෙනෙක්. ඇස්.ඇම්. මරික්කාර්, මුජිබු රහ්මාන් බුද්ධිමත්ව කතාකරන්ට බැරි පුද්ගලයෝ. බෞද්ධ සිංහල කමට ගෞරවකරන සිංහලයෝ මුන්ට චන්දය දුන්නේ ඇයි දැයි තේරෙන්නෙ නැ.   

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් විවුර්තුකිරීමේ මහා බොරුව මෙන්ම බොරුවක්  හොරණ වගවත්තේ ඉතාලියානු ටයර් නිපදවීමේ කර්මන්ත සාලාවක් සඳහායයි දෑන්වීම් ගසා රනිල්වික්‍රමසිංහගේ  මුල්ගල්තැබීම. මේ ටයර් කර්මාන්ත ශාලාවෙන් රක්ෂාවල් 20 දාහක් ලබාදෙනවායයි කීමත් යුඅන්පීකාරියින්ගේ ජනතාව මුලාකරන්න ගෙතු බොරුවක්.මේ වගේ රට අවුරුදු දෙකකට තුනකට පසුව දියුනුකරනවායයි කියා කියා මුල්ගල් තිය තියා මුන්කරන්න යන්නේ  ජනතාව රවටාගෙන උන්ගේ විනාශකාරී යහපාලන ආණ්ඩුව 2020 වන තුරු බලයේ තබාගැනීමේ උත්සහයක්.

යහපාලන වචනය විකුණාගෙන කණ මෛත්‍රීපාල සිරිසේනටයි  රනිල් වික්‍රමසිංහටයි  මේ රට පාලනය කරනවා තියා මේ රට දියුනුවෙමගකට හරවන්නවත් බැ.

මුන් ඇදහලන බොරු බේගල් අස්සේ බටහිරට ආත්මය විකුණා සිටින චන්ද්‍රිකා කුමාරතුංග මොනවදකරන්නේ? බණ්ඩාරනායක නාමයටත් නින්දාකරන ඈ කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාගෙන් පලිගන්න රට බටහිරට විකුනන්න හදන එකයි.  මුන් ලංකාවේ මහා කරුමයකට ඇතිවුන පව් කාරයෝ.

මේ අතරතුර රිෂාඩ් බද්ද්යුදින් විල්පත්තුවෙ වනය විනාශකරමින් මුස්ලිම් ජාතිකයින් එහි පදින්චිකරවනවා. උතුරේ සිංහල ජනතාව ඔවුන් වාසයකළ ගම්වල පදිංචිය තහනම්කර උතුරෙන් එලවාදමනවා. හම්බන්තොට අක්කර 20දාහක් චීනෙට විකුනනවා, උතුරයි නැගෙනහිර සම්බන්ධකරලා දෙමල කතා කරනවුන්ගේ  ප්‍රදෙශයක්බවට පත්කරන්න ෆෙදෙරල් ව්‍යවස්ථාවක් සාදනවා. මේකට සිංහල බෞද්ධ ජනතාව ඉඩදිය යුතුද?

මුල ඉඳලා රනිල්- මෛත්‍රිපාල- චන්ද්‍රිකා හවුල කලේ ලංකාවේ සින්හල ජනතාවගේ ඇස් බැඳලා රටවිනාශයට ගෙනයන එකයි. සින්හල බෞද්ධ ජනතාව පත්තරකාරයින්ටයි ගුවන්විදුලියේ දේශපාලන සංවාදවලටයි රැවටෙන්නේ නැතිව එක්රාසිවෙලා මේ ආණ්ඩුවට විරුද්ධව නැගිසිටීමට සුදානම්විය යුතුයි. යුඇන්පී කාරයින්ටයි මෛත්‍රිපාල සිරිසේනට හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්පාක්ෂිකයන්ටයි ගන්වලට එන්ට දෙන්ට එපා.

මේ යහපාලන  කාලකන්නීන් කරන විනාශය දැක දැකත් සමහර පත්තරකාරයන් සහ  ඉංග්‍රීසි උගත් අතිපන්ඩිතයෝ  ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවට කල අති මහත් සේවය සැහැල්ලුවට ලක්කර  මේ විනාශකාරී සිරිසේන රනිල් ආණ්ඩුවට බයේ  ටිකක්  හෝ  ප්‍රයෝජනයක් ගන්න බලාපොරුත්තුවෙන් කත් අදිනවා.

ඔවුන් කියනවා මේ විනාශකාරි ආණ්ඩුව ආවට පස්සේ  බයනැතිව කතා කිරීමේ නිදහස තියනවලු, මාද්යවෙදීන්  මරන්නේ නැතිලු, සුදුවෑන් සංස්කෘතියක් නැතිලු, ප්‍රජාචන්ත්‍රය තියනවලු, ආඥා දායකයෙක් නැතිලු. මුන්මවාපාන මෙවැනි සහාසික රාජ්‍යයක් ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමා යටතේ නොතිබුන බවට රටේ පොදුජනාතව සාක්ෂියි.

සිරිසේන – රනිල්  යමපාලන ආණ්ඩුවේ රටට කියන මේ නිදහස සද්භාවය විනිවිදපෙනෙන සත්‍යතාවය ප්‍රජාතන්ත්‍රවාදය  තියෙනවද? රනිල් හොරරහසේ හම්බන්තොට ඉඩම් අක්කර 20 දාහක් චීන  කොම්පැනියකට පවරාදෙන්නේ පාර්ලිමේන්තුවටවත් නොදන්වා.  සිරිසේන ජනාධිපතිවත් දන්නේ නැ හරියටම අක්කර කීයක්ද දීලා තියෙන්නේ කියල. එට්කා කියල ඉන්දියාවත් සමග රනිල් අත්සන්කරනාවයි කියන ගිවිසුමේ මොනවදතියෙන්නේ කියල  පාර්ලිමේන්තුවට තාම දන්වලා නැ. මෙ වගේමයි රනිල් වික්රමසිංහ 2002 දීත් පාර්ලිමේන්තුවට නොදන්වා ප්‍රභාකරන් සමග සීඑෆ්ඒ ගිවිසුම අත්සන් කලේ. අපේ මිනිස්සුන්ට මේවා අමතකවෙලා නෑ.

මාද්යවෙදීන් ගණනාවක් අතුරුදහන් උනේ ජේආර් ජයවර්ධනගෙ හා ආර්. ප්රෙමදාසගේ ආන්ඩුකාලයේ. සිරිමා බන්ඩාරනායක මැතිනියගේ පුරවැසි අයිතිවාසිකම් තහනම් කලේද ජේආර් ජයවර්ධන. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මාද්යවේදීන්ට නම් කියා කිය තර්ජනකරනවා. මේකද මේ මුසල යහපාලන කාරයෝ කියන මාද්‍ය වෙදීන්ගේ  නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිද දක්නා ආණ්ඩුක්‍රමය  ?

මෙහෙම දේවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලේ නැ. ජවීපී විනාශකාරී කැරැල්ලට විරුද්ධව නඩු පැවරුවේ නැ. රනිල්ට විරුද්ධව බටලන්දේ මිනිස් ඝාතනවලට විරුද්ධව නඩු පැවරුවේ නැ.

ඇරත් එතුමා ජනාධිපති ධුරයට පත්වෙනකොට රටේ තිබුනේ සම්පුර්ණයෙන්ම වෙනස් තත්වයක් මහා ලොකුවට කතාකරන චන්ද්‍රිකාට වත් එදා අගමැති රනිල්ටවත් විසඳුමක් නැතිව තිබෙද්දී ජනාධ්පති රාජපක්ස මැතිතුමා ත්රුස්තවාදී කලබලකාරී අගහිගකම්වලින් බරවපැවති  තත්වයෙන් රටගලවාගන්න වහාම කටයුතුකලා. විශ්වාෂකටයුතු ඔහුගේ සොහොයුරා රටේ ත්‍රස්තවාදය නැතිකර ආරක්ෂාව සැපයීමට තෝරාගත්තා .

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවට සිටියේ විශ්වාසකරන්න බැරි කොය්වෙලේ හරි ඔහුගේ පිටටට අනින්න සුදානම්ව සිටි  මෛත්‍රිපාල සිරිසේන, මර්වින් සිල්වා , එස්බී දිසානානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, නීමල් සිරිපාල ද සිල්වා, චම්පික රණවක , රාජිත සේනාරත්න, ෆෛසේර් මුස්තපා වාගේ මිනිස්සු .

ඔවුන් සමග වැඩකිරීමේදී තදින් සිටියුතු අවස්ථා තිබෙන්න ඇති. ඒ නිසා කියන්න බෑ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒකාධිපතියෙක් වාගේ ආන්ඩුකලා  කියල.  ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ  ආණ්ඩුව වෙන කිසි ආණ්ඩුවකට මුහුණදෙන්නට සිදු නොවූ ප්‍රශ්නවලට මුහුණදෙමින්  ත්‍රස්තවාදයත් නැති කරල රට දියුනුකරල,  රටේ ඒකීය භාවයත් ආරක්ෂාකරගෙන රටට සාමය හා ආරක්ෂාව  සපයාදුන්නා. 

හොරා හොරා කියල මේ මුසල යහපාලන විනාශකාරයෝ හා අනාගතයක් නැති ජේවීපී කාරයෝ කෑගැහුවට  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරෙක් නොවෙන බවත් ඔහු අපේ රටේ වාසනාවකට ලැබුණු පිංවත් යොද සිංහලයෙක් බව   මහජනතාව දන්නවා.

 රනිල් ගේ ක්‍රියාපටිපාටියෙන් මිනිස්සුන්ට හොඳ හැටි තේරුම් ගිහිල්ල තියෙනවා රනිල් හොරෙක් කියලා. ඔහු මහබැංකු හොරකමට සම්බන්ධබව ඒක ඔහුගේ හොරු ආරක්ෂාකරන ප්‍රතිපත්ත්යයෙන්ම  තේරෙනවා.  වීමල්  වීරවන්ස, නාමල් රාජපක්ස,  බැසිල් රාජපක්ෂ  ආදීන් මහා මෝඩ චෝදනා උඩ සිරගතකරවන නඩුකාරයන් ද  මේ විනාශකාරී යහපාලකයන්ගේ  සේවකයෝ  මේකයි  මුන්කියන නිදහස්  නීතිය.

මේ වගේ වගකීමක් නැති ක්‍රමානුකුලව ජනතාව රවට්ටන්න බොරු බේගල් ඇදබාන මෛත්‍රීපාල සිරිසේන- රනිල්වික්‍රමසිංහ – චන්ද්‍රිකා  තුන්කුට්ටු විනාශකාරීන් ගේ ආණ්ඩුවකට පුලුවන්ද ලංකාවට සුදුසු ව්‍යවස්ථාවක් ලිවීමේ  කාර්යභාරය පවරන්න?

මේ රට නැවත දියුනුවකරාගෙන යන්න නම් නැවතත්  මහින්ද රාජපක්ෂ මැතිතුමා කොයි විධියෙන් හෝ සහභාගිවන ආණ්ඩුවක් ලංකාවට වහාම උවමනායි.

මෛත්‍රීපාල සිරිසේන වටා සිටින ශ්‍රීලංකා නිදහස්පක්ෂයට  ආදරයක් කෙසේවෙතත්  කැමැත්තක් තියෙන වුන් ආත්මගෞරවයක් කියල එකක තියෙනවානම් මෛත්‍රීපාල සිරිසේනගෙන් වෙන්වී  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකයත්වයෙන් පෙනීසිටින එක්සත් විපක්ෂයත් සමග එක් විය යුතු කාලය එළඹ තිබේ. 

4 Responses to “මෙහෙමත් බේගල් ඇද බාන මෛත්‍රීපාල සිරිසේනගේ  යමපාලනය.”

  1. Ananda-USA Says:

    Meka Volkswagen nowei, mewa Hoaxwagen ratha!

    Wikunanasinghe saha Aiyoooo Sirisena apey minissu mula karana jawaramak!

    Methena hadana ratha ekakwath pita-ratata wikunaney naha!

    Lankawata loku ratha kaali gennalla, ekata haikarala, Lankaweyma wikunantai hadanney!

    Siyalu badu okkoma Lankawata badhu (tax) nathiwa genney, maha vadi milata wikunaney!

    Vishva vidyalayakata wen karamu loku edamak badhu nathiwa nomiley SENOK Demala vyaparayata dunna!

    Tiken tika, apiwa mula karala, Apey Sinhala Rata para jathikayanta Wikunanasinghe wikunanawa!

    Rata wikunala deshadrohi UNP karayo mudal hambakaranawa apey rata ediriyatath mas-kadayak wagey palanaya karanna!

  2. Christie Says:

    මේ සෙන්කොට් සෙල්වල කවුද? මෙයා ඇන්ජින් තියෙන ඒවා ඉස්සර ආන්ඩුවට ගෙනල්ල දීල හම්බු කලාලු. මෙයාගෙ සහෝදරයත් ආන්ඩුවෙ ගොඩනැගුම් කරල හම්ම්බුකෙරුවලු. තාත්ත හැන්ඩි මැඩම්1956 සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දුව්න කාලේ ඒකේ ගබඩා බලාගත්තලු. ඔය කියන අයෝජන පිටරට සල්ලි ඔක්කොම අපේ සල්ලි. මිනිහගෙ උන් ඉන්නෙ ඇමෙරිකාවෙලු.

    56 යේ බන්ඩත් 2015 සිරිසේනත් බලයට ආවේ බේගල් උඩින් ඉන්දියානු අදිරද හා ඉන්දියානු පරපෝසිත සල්ලිවලින්s

  3. Ananda-USA Says:

    Sri Lanka offers resident visas for foreigners investing over $300K
    Thu, Jan 12, 2017, 08:24 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Jan 12, Colombo: Sri Lanka on Thursday offered temporary resident visas for foreign investors who invest a minimum of $300,000, in a move to ease pressure on the rupee.

    Sri Lanka’s Minister of Finance Ravi Karunanayake addressing a media briefing today invited foreigners to use Sri Lanka to bank their surplus cash. He said the funds coming through Commercial Banking license can be invested in Sri Lanka.

    The Minister said if foreigners, especially older people who like to spend time in Sri Lanka, can invest funds of at least $300,000, the government can offer temporary resident visas for 2 to 3 years. If they could increase the investments to $ 1.5 million the duration can be further expanded.

    The money can be invested in the Banking Sector, the Stock Market and in Treasury Bonds. He said that exchange controls will be totally eliminated and the investments can earn higher returns of 2-3 percent compared to rates around 0.5 percent elsewhere in the world. However, he said that cash in millions cannot be taken out of the country.

    The investments would boost the country’s foreign reserves and help cut reliance on foreign debt, Minister Karunanayake said. “What we want is investments and then there is no need of going behind loans,” he added.

    The move is in line with a 2016 Budget proposal to grant resident visas to foreigners who bring in a large amount of foreign exchange into the country.

    The Minister added that Mahinda Rajapaksa was presenting incorrect statistics on the loans obtained for the construction of the Hambantota Harbor.

  4. Samanthi Says:

    ජී.එස්‌.පී දෙන්න කොන්දේසි 58ක්‌

    පළාත් සභාවලට බලය බෙදීම
    ඉඩම් ආඥා පනත සංශෝධනය
    මැතිවරණ ප්‍රතිසංස්‌කරණ ඇතිකිරීම
    අපරාධ නීතිය සංශෝධනය කිරීම

    ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

    යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ (GSP+) බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟවී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වේ.

    මේ කොන්දේසිවලට එකඟ වී ඒ පිළිබඳ ප්‍රගතිය යුරෝපා කොමිසමට දැක්‌වීමට ද රජය ක්‍රියාකර ඇති බවද වාර්තා වේ.

    ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙනඒම, මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම, නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම, ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව රජය දන්වා ඇත.)

    පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, දූෂණවලට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් නව ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම, ඉඩම් ආඥාපනතට සංශෝධන සිදුකිරීම, දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම, පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 කාන්තා නියෝජනයක්‌ ඇතිකිරීම සහ මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.) ඇතුළු ඉතා බරපතල කොන්දේසි රැසක්‌ මෙම බදු සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟවී එම කොන්දේසි ඉටු කිරීමේ ප්‍රගතියද එම කොමිසම වෙත වාර්තා කර තිබෙන බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් ‘දිවයින ඉරිදා සංග්‍රහයට” වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress