රණවිරුවාට ජීවය දුන් භික්‍ෂුව අධිකරණයට ගෙනයැම
Posted on January 24th, 2017

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

ඉතිහාසයේ සිටම මේ රටට විනයක්‌ වූ කල්හි ඊට එරෙහිව බලමුළු ගොඩනගමින් පෙරට ගියේ අපේ මහ සඟරුවනය. එදා වීර පුරන්අප්පුලා, ගොංගාලේගොඩ බණ්‌ඩලා සේම වීර කැප්පෙටිපොළ ලා වැනි වීරයන් සුදු අධිරාජ්‍යවාදයට එරෙහි දිවි කැපකරමින් සටන් වැදුනේද මහා සංඝරත්නයේ ආශීර්වාදය සමඟය.

දුර ඈත ඉතිහාසයේ සිටම මේ රටත්, රට බේරාගත් රණවිරුවනුත් වෙනුවෙන් සෑම තැනකදීම පෙරට ආවේ අපේ වන්දනීය සංඝයා වහන්සේ වන්නාහ. සුදු අධිරාජ්‍යවාදීහු මේ පිංබිම යටත් කර ගැනීමට නොහැකි වූ තැන අපට උරුම ගමයි, පංසලයි, වැවයි, දාගැබයි යන සංකල්පයට මුලින්ම පහර දියයුතු බවට තීරණය කරනු ලැබූහ.

සුද්දා එදා එසේ කල්පනා කරනු ලැබුවේ ඒ බැඳීම බිඳ දමනතුරු සිව් හෙළය යටත්කර ගැනීම යනු අසීරු කරුණක්‌ බව මැනවින් වටහාගත් නිසාය.

එහෙත් ඉතිහාසයේ කතාව එසේ වෙද්දී සියලු තැන්හිදී රට ජාතිය සහ රණවිරුවා වෙනුවෙන් පෙරමුණ ගත් මහ සඟරුවන අරබයා අද සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? “ඉතිහාසය කන්නදැයි” ඇසූ ඇතැම් අමනෝඥ කළුසුද්දන් රජයන වටපිටාවක්‌ තුළ මේ මොහොත වන විට සුද්දන්ටත් වඩා ඉදිරියට යමින් රට ජාතිය වෙනුවෙන් පෙරට එන සඟරුවන මර්දනය කිරීමට කටයුතු කරමින් තිබෙන්නේය.

තිස්‌ වසරක ශාපලත් ත්‍රස්‌තවාදය අතුගා දමා මාතෘ භූමියට නිදහස දිනා දුන් රණවිරුවාගේ දුක සහ වේදනාව හමුවේ පෙරට එන මහ සඟරුවන අල්ලා හිතුවක්‌කාරී ලෙස සිරගත කරන්නට පාලකයෝ පුරුදු පුහුණුව සිටින්නාහ. එය අලඡ්ජී නින්දාසහගත ක්‍රියාවක්‌ බව ඔවුහු වටහා නොගන්නාහ.

වර්තමානයේ මුලින්ම එය සිදු කෙරුණේ රජයට එරෙහි විරෝධතාවක්‌ අතරතුර ඊට සහභාගි වූ මහසඟරුවන ඉපැරණි සිංහලේ ධජය රැගෙන ඒමේ වරදටය. වගකිව යුත්තන් එදා එය දුටුවේ නොව ඒ දෙස වුවමනාවෙන්ම බැලුවේ ජාතික ධජය විකෘති කළේයෑයි යන මානසිකත්වයකින් යුතුවය.

අවසානයේ ජාතික ධජය විකෘති කළේය යන චෝදනාව මහා සංඝරත්නයට එල්ල කරනු ලැබීය. එහෙත් එහිදී මහා සංඝයාවහන්සේ රැගෙන ආවේ සිංහලයේ ඉපැරණි ධජය බව අද වන විට අධිකරණය මගින් තහවුරු කර ඇත. එසේ වුවද එකී අධිකරණ තීන්දුව ලැබෙන තෙක්‌ ගෙවි ගිය කාලය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ චීවරයට එරෙහිව සිදු නොවුණේද?

මේ රට සතුරාගෙන් මුදා ගැනීමට ජීවිත කැපකරමින් විශ්මිත මෙහෙයුම් සිදු කළා වූ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව පසුගිය දිනවල ක්‍රියාත්මක වූ විමර්ශනවලට අනුව ඒ විරුවන් සිරගත කෙරෙද්දීත් සිදු වූයේ මෙයමය. ඝාතකයෝ යෑයි කියමින් ඔවුහු සිරගත කෙරුණාහ. එහිදී එයට එරෙහිව මහා සංඝයා වහන්සේ පෙරට ආහ.

අවසානයේ රටේ ඉදිරි ගමනට අනුශාසනා කරමින් පන්සලේ වැඩසිටි සංඝරත්නයට සිදු වූයේ රණවිරුවා වෙනුවෙන් පෙනී සිටීමේ වරදට සිරගෙට යන්නටය. උන්වහන්සේලා සති ගණනාවක්‌ එසේ සිරගත කර තබන්නට ආණ්‌ඩුව ක්‍රියා කළේය. එය සිදු කෙරුණේ කාගේ වුවමනාවටද යන්න ගැටලුවක්‌ බවට පත්ව තිබුණද බලයේ සිටින ඇතැම් කළු සුද්දන්ට නම් චීවරය යනු නයාට අඳුකොළ මෙන් වූ බව ඒ ඇතැමුන් කළ කී දෙයින් පැහැදිලි විය.

එහිදී ඔවුන්ට අමතක වූයේ හෙවත් පැහැදිලිවම කිවහොත් ඔවුන් අමතක කර දැමුවේ අපට උරුම ඈත ඉතිහාසය පමණක්‌ද? නැත. ඔවුන්ට මෑත ඉතිහාසයද අමතකව තිබිණි. ඔවුන් කළේ බලය හමුවේ බෙදුම්වාදයට ලංසු තබමින් සංහිඳියාව සහ සහජීවනය කබල් ගෑමය.

මහසඟරුවන සිරගත කෙරෙද්දී එසේ ඇතැමුන් වුවමනාවෙන් අමතක කර දැමූ අපේ මෑත ඉතිහාසය යනු කුමක්‌ද? එල්ටීටීඊයේ ත්‍රස්‌තවාදයට එරෙහි අවසන් විජයග්‍රාහී සටනේ පළමු වෙඩිමුරය එදා පත්තු කෙරුණේ මාවිල්ආරුවෙනි.

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසා දමා ජල බිඳක්‌ නොදී සිංහල, දෙමළ සහ මුස්‌ලිම් සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපයට ගනිද්දී ඒ මොහොතේ පළමුව පෙරට පැමිණයේද මහා සංඝයාය. සේරුවිල මංගලරාජ මහාවිහාරාධිපති සේරුවිල සරණකිත්ති හිමියෝ එහිදී එල්ටීටීඊයට එරෙහිව මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරනු ලැබූහ.

පසුගිය රජය ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින තැන දක්‌වා තල්ලු කෙරුණේ එසේ සංඝයාවහන්සේගේ නැගී සිටීම හමුවේ විය. මෙහිදී බෙංගමුවේ නාලක සහ මෙදා වෙනතක සිටියද අතුරලියේ රතන වැනි හිමිවරුන් ඇතුළු සංඝ රත්නය බොහෝ දේ සිදු කළහ.

අවසානයේ ඒ සටන ඇරඹිණි. බෙංගමුවේ නාලක හිමියන් ප්‍රධාන දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ හිමිවරු යුද බිමේ කඳවුරු වෙත ගොස්‌ පිරිත් දේශනා කරමින් රණවිරුවන්ට දිරි දුන්හ. එදා රණවිරුවනට සෙත් පතා බෝධි පූජාවක්‌ නොතැබූ විහාරස්‌ථානයක්‌ රටේ තිබුණේ නැත. ගමේ පන්සලේ නායක හිමියෝ ඒවායෙහි පෙරමුණ ගෙන සිටියහ. දායකයන් රැස්‌ කරමින් රණවිරුවනට ආශීර්වාද පතා උන්වහන්සේලා යුතුකම් ඉටු කරන්නට ජාතිය පෙළඹවූහ.

අවමංගල උත්සවයකට වැඩම කර අනුශාසනාවක්‌ කරද්දී වුව රට වෙනුවෙන් සටන් වැද සිටින රණවිරුවාගේ කැප කිරිම පිළිබඳ සිහි කරන්නට අපේ භික්‍ෂූහු එදා අමතක නොකළහ. ඒ ආශීර්වාදය රණවිරුවාට ලැබුණේ එසේය. එහි ප්‍රතිඵලය වූයේ රට විජග්‍රහණය කරවමින් එල්ටීටීඊයේ ශාපය දුරු කර අපට සාමය සහ නිදහස දිනා දෙන්නට රණවිරුවන් සමත් වීමය. අද ඇතැමුන් වුවමනාවෙන් අමතක කරදමා ඇති මෑතකාලීන ඉතිහාසය එය වන්නේය.

ගෙවී ගිය දෙවසරක කාලය තුළ එකී අමතක කිරීම ආණ්‌ඩුව සිදු කළ බවට පැහැදිලි සාක්‍ෂි ලෙස ඉහත සඳහන් කළ භික්‍ෂූන් සිරගත කිරීමේ සිද්ධීන් පෙන්වා දිය හැකිය. ඒවා මගින් මෙතෙක්‌ රටට කියා දුන් පාඩම වන්නේ අද බලයේ සිටින ඇතැමුන් තුළ චීවරය කෙරහි තිබෙන විරෝධයේ දිග පළලය. ඔවුන් ඒ විරෝධයට පිළිතුර ලෙස තෝරා ගත්තේ භික්‍ෂුව සිරගත කර මර්දනය කිරීමය.

එකී ක්‍රියාදාමය තවමත් නතර වී තිබේද? නැත. එය දැනුදු නින්දිත ලෙස සිදුවෙමින් තිබෙන්නේය. එය පෙන්වා දීමට ඇති පැහැදිලිම කතාව වන්නේ ඉකුත්දා තම සේවා විශ්‍රාම වැටපු ඉල්ලා කොළඹට පැමිණි අබාධිත රණවිරුවන් දැක්‌වූ විරෝධතාව හමුවේ අද සිදුව ඇති දේය.

රට වෙනුවෙන් සතුරා සමඟ සටන් වැදි ඒ රණවිරුවෝ තම අයිතිය ඉල්ලා පාරට ආහ. එහිදී සතුරු වෙඩි උණ්‌ඩයකින් හෝ බෝම්බ ප්‍රහාරයකින් තමන්ට අහිමි වූ පාදය වෙනුවට පැළඳ සිටින බොරු කකුල ගැලවූ ඒ ඇතැම්හු ඒවා මහ පාර මැද තබා තමන් යුද්ධයේදී උපන් බිම වෙනුවෙන් යුතුකම් ඉටු කළ අන්දම රටට සහ පාලකයනට පෙන්වා දෙන්නට වූහ.

මෙහිදී එදා මෙන්ම අදත් රණවිරුවන් අතරට ගිය මහා සංඝරත්නය ඔවුන්ගේ සුරතේ පිරිත් නූලක්‌ ගැටගසා ඔවුන්ට ආශීර්වාද කළහ. ඒ ආණ්‌ඩුව පෙරලන්නට නොව, ඒ විරුවන්ගේ දුක වේදනාව දුරුවන්නටය. අසරණකමට ධාර්මික පිහිට ලබා දෙන්නටය.

එසේ කොළඹට පැමිණි අබාධිත රණවිරුවෝ එදා දින අටක්‌ මුළුල්ලේ උපවාස, උද්ඝෝෂණ පවත්වමින් තම ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්‌ඩුවට බල කළහ. අවසානයේ එයට පිළිතුරක්‌ ලැබිණි. ඒ අබාධිත රණිවරුවන්ට එල්ල කෙරුණු අමානුෂික පොලිස්‌ ප්‍රහාරයකින් පසු සේවා විශ්‍රාම වැටුප පෙබරවාරියේ සිට ලබා දෙන්නෙමැයි කියමින්ය.

ඒ සමඟ අබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන් විය. එහෙත් ඉන් පසුව සිදු වූයේ කුමක්‌ද? මේ මොහොත වන විට අබාධිත රණවිරුවන් පැවැත්වූ එකී විරෝධතාවේදී ඔවුන්ට සෙත් පතා ඔවුන් අතරට ගිය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස සහ රාවනා බලය සංවිධානයේ මංගල යන හිමිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට පොලිසිය පියවර ගෙන ඇත.

මෙහිදී උන්වහන්සේලාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ මහජන පීඩාවක්‌ ඇතිවන පරිදි ක්‍රියා කරමින් රජයේ දේපලවලට හානි කිරීම යන්නය. එකී උද්ඝෝෂණය සිදු කළෝ ආබාධිත රණවිරුවෝය. එහෙත් පොලිසියට අනුව මේ වන විට රජයේ දේපලවලට හානි කරමින් මහජන පිඩාවක්‌ ඇති කර තිබෙන්නේ ඒ රණවිරුවන් අතරට ගොස්‌ පිරිත් දේශනා කළ අපේ හාමුදුරුවරුය.

එසේ වූයේ කෙසේද යන්න නම් අපට නොවැටහෙන්නකි. එහෙත් පොලිසියේ එම චෝදනාවට අනුව අනිද්දා (27 වැනිදා) ඉහත කී භික්‍ෂූන් වහන්සේලා තුන්නම අධිකරණය වෙත යායුතුව ඇත්තාහ.

මෙහිදී වගකිවයුතු බලධාරීන්ගෙන් අසන්නට අපට එක්‌ ප්‍රශ්නයක්‌ ඇත. ඒ පැහැදිලිවම මේ සිදු වෙමින් තිබෙන්නේ පොලිසිය හරහා මහසඟරුවන මර්දනය කිරීමට කටයුතු කිරීම නොවේද යන්නය. එසේ නොවන්නේ නම් විරෝධතාවේ නිරත වූ ආබාධිත රණවිරුවන්ට ආශීර්වාද කළ උන්වහන්සේලා උසාවි ගෙනියන්නේ වෙන කුමකටද?

මෙම සිද්ධිය හමුවේ වේදනාවට පත්ව සිටින එදා විරෝධතාවේ නිරත වූ අබාධිත රණවිරුවන් අද ආණ්‌ඩුවෙන් එක්‌ කාරුණික ඉල්ලීමක්‌ කරන්නේය. ඒ එදා තමන් වෙත පැමිණ පිරිත් කියා සෙත් පැතීම හැරෙන්නට වචනයකින්වත් අන් දෙයක්‌ නොකළ එම භික්‍ෂූන් වහන්සේලාට එසේ හිරිහැර නොකරන්නැයි යන්නය.

මේ ඉල්ලීම කරනුයේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී එඩිතරව පෙරට ගොස්‌ රට වෙනුවෙන් තම දැත් දෙපා, දෙනෙත් පූජා කර අද ආබාධිතව සිටින රණවිරුවෝය. එහෙයින් තව තවත් ගැටලු ඇතිකිරීමට වඩා ඔවුන් පවසන දේ දෙස අවධානය යොමුකරන්නට බලධාරීන් කටයුතු කළහොත් කාටවත් අවැඩක්‌ සිදු වෙයිද?

සමන් ගමගේ

 

3 Responses to “රණවිරුවාට ජීවය දුන් භික්‍ෂුව අධිකරණයට ගෙනයැම”

  1. Kumari Says:

    I agree with the author. The only thing the British, Prtuguese and the Dutch could not do to a finish was the annihilation of Buddhism from our island. However, during the British we lost the Sangha (the continuance) and the Buddhist leaders had to bring it from Thailand and Burma.

    From the time of JRJ every UNP government is doing their best to irradicate Buddhism. They get hold of a stupid leader like Sirisena and then try to buy out the Buddhist clergy.

    Recently I watched Ven Elle Gunawansa, who is insisting on a pre-election agreement with the leading political parties to safeguard the rights of the Sinhalese Buddhists. I think, then only can we protect Buddhism and our Heritage. https://youtu.be/P5vqmjQZc2Y?list=PLnV7cs8LAuKpze5L6xU-ARTS1D86pghkW

  2. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller and
    catholic-run UNPatriotic party doing it ever since the inception of it. Remember johna said about the Buddhist monks
    in the 50s? He wanted to disrobe monks and paint their heads with tar. That didn’t stop Sinhala modayas voting for
    the Buddhism-destroying, Sinhalese race-destroying, Sri Lanka-destroying catholic-run UNPatriotic party. Sinhalaya
    famous for being modayas will fall for the traitor party after just one lie. Sinhalaya modayas? Who would dispute it? Only a
    Sinhalese will. Now the problem is they haven’t just been modayas, they have been dhrohiyas as well. Not simple
    dhrohiyas! Monumental dhrohiyas. Any chance Sinhalaya survive for long? No chance when you have so many
    enemies within. Batalande wadakaya, maru sira, champakaya, parajithaya, durjanaya, somersaulting banda,
    kirxxlla, high priest rathanaya, ambare damilaya etc. etc. etc. List is too long.

    Alugosu (to Sinhalese only) thambi mudiyanselage jr@, alugosu lk r@ porisada, then worst of them all die hard
    catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller are/were not hesitant for a second
    to kill Sinhalese Buddhists including monks. Catholic controlled Sri Lankan media always make sure they are not
    reported and paint a rosy picture about the traitor UNPatriotics!

    Thambi mudiyanselage adarmitaya put foundations to break up Sri Lanka by introducing 13. Not even criticised. Alugosuwa introduced
    pathalayin to silence the opposition. It has been the norm for the UNPatriotics ever since. Sinhala modayas still
    revere the monster thambi mudiyanse. Lk porisada sent 600 policemen to the catholic tigers bullet in the east.
    Sinhala modayas never saw anything wrong with it. Then lk porisada gave terrorist weapons to kill our own
    soldiers. Nothing wrong of course for the Sinhala modayas. Now the worst traitor in the history of Sri Lanka
    Batalande Wadakaya. Since he got the Pathala Man PM through the back door he is trying to break up Sri Lanka to
    please his ardent supporters tamils, mussies and the catholic west. Only Buddhist monks oppose the traitor low
    life Batalande Wadakaya. So the Wadakaya keep imprisoning them. It is nothing to Wadakaya whose catholic
    police buddies tortured and murdered (eyes gorged while alive) Buddhist jvpers. Sinhalaya famous for being
    modayas still don’t understand the catholic run UNPatriotic party’s treachery!

    One fine example is malwatte chief thibbotte devidaththara who sits comfortably getting free dinners and helping to
    destroy Buddhism by supporting this Buddhism destroying, Sinhalese destroying, Sri Lanka destroying catholic run
    UNPatriotic party. Who needs enemies when you have people like them within?

  3. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress