දූෂණ විරෝධී පෙරමුණ මහ බැංකුවට යළිත් ලියයි !
Posted on January 26th, 2017

දුෂණ විරෝධී පෙරමුණ

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක වරයෙක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳ මතුකළ කාරණා සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලමින් දූෂණ විරෝධි පෙරමුණ අද (26)  මුදල් අමාත්‍යංශ ලේකම් වරයා සහ මහ බැංකු අධිපති වරයා වෙත ලිපි දෙකක් යොමු කළේය.

දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ එහි  උපදේශක කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සන් වලින් යුක්තව යොමුකළ එම ලිපිය පහත දැක්වෙයි. 

2017 ජනවාරි මස 26 වැනිදා

ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග  මහතා,

මුදල් අමාත්‍යාංශ ලේකම්

මුදල් අමාත්‍යාංශය,

කොළඹ.

ප්‍රිය ලේකම්තුමනි,

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ පුවත්පත් නිවේදනය

2017 ජනවාරි 24 සහ ජනවාරි 25 දිනැති ලිපි සම්බන්ධයෙන් අවම වශයෙන් එම ලිපි ලද බව හෝ දක්වා අප වෙත පිළිතුරක් එවීමට හෝ ඔබ නිහතමානී නොවීම පිළිබද අතිශයින් කණගාටු වෙමු.

වගකිවයුතු රාජ්‍ය සේවකයෙකු ලෙස 2017 ජනවාරි 6 දින පෙ.ව. 11 ට රැස්වීම සම්බන්ධයෙන් ඔබගෙන් පිළිතුරක් ඉදිරියේ දී හෝ ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.

2016 නොවැම්බර් මස 1 සවස 5 ට ගරු මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඔබගේ ආරාධනයෙන් ආර්.පාස්කරලිංගම්, ආචාර්ය කුමාරස්වාමි, ඇතුළු නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයාගේ කාර්යාලයේ රැස්වීමක් පැවැත්වුණි.  එම රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරෙන් ඉවත් කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා හට Bank Lending, Report growth of each Bank, Increase Capital base, Budget proposal on portfolio lending and consumer lending යන විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ පසු විපරම් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ යුතු උක්ත කටයුත්ත අර්ජුන් මෙහ්න්ද්‍රන් මහතා වෙත පවරා ඇත්තේ කුමන අධිකාරියක් යටතේ ද? යන්න දැන ගැනීමට දුෂණ විරෝධී පෙරමුණ කැමැත්තෙන් සිටී.

එමෙන්ම, මෙම කරුණ පිළිබද ඊයේ (ජනවාරි 25) දින කැබිනට් පුවත්පත් සාකච්ඡාවේ දී ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම විෂය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී දැඩි අපහසුතාවට පත් වූ බව ඔබ ද නිරීක්ෂණය කරන්නට ඇත.  එවන් තත්වයක් යලි ඇති නොවීම සදහා ගරු රාජිත සේනාරත්න අමාත්‍යවරයා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විශේෂයෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට හෝ සත්‍ය කරුණු දැනුම්දෙන්නේ නම් එය අගය කරමු.

ඔබගේ මිතුරන් පවසන අයුරින් ඔබගේ  ශ්‍රේෂ්ඨත්වය ක්‍රියාවෙන් පෙන්වීමේ මෙහොත ඔබ වෙත උදාවී ඇත.

මෙයට විශ්වාසී,

පූජ්‍ය උලපනේ සුමංගල හිමි                                          රජිත් කීර්ති තෙන්නකෝන්

සභාපති/දුෂණ විරෝධී පෙරමුණ                                               උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

පිටපත්

  1. ජනාධිපති ලේකම්
  2. ගරු රාජිත සේනාරත්න මැතිතුමා – කැබිනට් ප්‍රකාශක
  3. ගරු කරු පරණවිතාන මැතිතුමා – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  4. අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව
  5. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

 2017 ජනවාරි මස 26 වැනිදා

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා

අධිපති,

ශ්‍රී ලංකා මහ බැංකුව,

කොළඹ 1.

ප්‍රිය මහත්මයාණෙනි,

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔබ වෙත උපදෙස් ලබාදීම

2017 ජනවාරි 24 සහ ජනවාරි 25 දිනැති ලිපිවලට අමතරවය.

2016 නොවැම්බර් මස 1 සවස 5 ට ගරු මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ගේ ආරාධනයෙන් ආර්.පාස්කරලිංගම් ඇතුළු නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයාගේ කාර්යාලයේ රැස්වීමක් පැවැත්වුණි. ඔබ ද සහභාගි වූ එම රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරෙන් ඉවත් කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා හට Bank Lending, Report growth of each Bank, Increase Capital base, Budget proposal on portfolio lending and consumer lending යන විෂයයන් සම්බන්ධයෙන් පසුවිමපරම් කොට ඔබ වෙත උපදෙස් ලබා දීමේ වගකීම පවරා ඇත.  අර්ජුන් මහේන්ද්‍රන් මහතා ට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වන ඔබ වෙත උපදෙස් ලබාදීමට ඇති අධිකාරිය කුමක්ද? සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ට එවැනි වගකීමක් පවරා දී ඇත්තේ ඔහු විසින් මුදල් අමාත්‍යාංශයේ කුමන තනතුරක් දරන බැවින් ද? අප වෙත දැනුම් දෙන්නේ නම් එය අපගේ කටයුතු සදහා පිටුවහලකි.

මෙයට විශ්වාසී,

 පූජ්‍ය උලපනේ සුමංගල හිමි                                         රජිත් කීර්ති තෙන්නකෝන්

සභාපති/දුෂණ විරෝධී පෙරමුණ                                               උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

පිටපත්

  1. ජනාධිපති ලේකම්
  2. ගරු රාජිත සේනාරත්න මැතිතුමා – කැබිනට් ප්‍රකාශක
  3. ගරු කරු පරණවිතාන මැතිතුමා – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  4. අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව
  5. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

 

3 Responses to “දූෂණ විරෝධී පෙරමුණ මහ බැංකුවට යළිත් ලියයි !”

  1. Ananda-USA Says:

    Even if Arjun Mahendran is not a Consultant to the Finance Ministry, he is a PAID ADVISOR to the PARA-GATHI AGA-MATHI!

    Why is this man continuing to be PAID by the GOSL for any services and STILL attending top-level government meetings?

    He should be in PRISON AWAITING TRIAL!

    My God, the NITPICKING and OBFUSCATIONS used by this Yamapalanaya to PROTECT & REWARD these GREAT CENTRAL BANK ROBBERS CRIMINALS is ASTOUNDING, even as they conduct a witch-hunt against the previous regime in the name of the much ballyhooed “good governance”!

    It is MIS-GOVERNANCE, not GOOD-GOVERNANCE that will reap you RETRIBUTION in SPADES! SOON!

  2. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller sitting on top
    of all these. They all lick Batalande Wadakaya’s bum since everybody scared of the Pathala Man PM. That’s truth.
    Nothing going to happen unless Batalande Wadakaya is not removed. Who is going to do it? Puppet maru sira? No
    chance in hell. Wadakaya knows it.

    Giving half the country to his catholic buddy hitler mala paharan on a plate in 2005 – no punishment

    Batalande torture camp where he tortured and killed Buddhist jvpers with his catholic buddy police top brass – no
    punishment

    millennium city intelligent officers to the catholic tigers of tamil drealam bullet – no punishment

    5585 billion CB robbery with his catholic buddy maha horandran – not going to be any punishment

    stopping state pension for future employees – Sinhala modayas over the moon since it is giving them a chance to
    beg on street after retirement

    stopping teaching history in school when Batalande Wadakaya was education minister – Sinhala modayas over the
    moon since it gives future generation no clue about their history

    Recent attack on Buddhist monks in Hambantota. It is a well known fact, catholic run UNPatriotic party hates
    Buddhists. Sinhala modayas still can’t fathom this simple truth.

    Batalande wadakaya is the cancer in Mother Lanka. There has not been a traitor of his caliber. Still Sinhala modayas
    revere the monster. No wonder Sinhalayas called modayas!

  3. Ancient Sinhalaya Says:

    Some useful links for the Sinhala modayas to see how much Batalande Wadakaya’s UNPatriotic party love the
    Sinhalese, Buddhism and Sri Lanka. These you can’t see in so called Buddhist (on paper) Sri Lankan media.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress