ජාතික විගණන පනත ක්‍රියාත්මක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කැෆේ සංවිධානය ගරු ජනාධිපතුමන් වෙතින් සිදු කරන විවෘත ආයාචනයයි.
Posted on January 29th, 2017

පුවත්පත් නිවේදනය කැෆේ සංවිධානය

ගරු ජනාධිපතිතුමනි,

ජාතික විගණන පනතට 2016 සැප්තෑම්බර් මස නීතිපතිවරයාගේ අනුමත කරනු ලැබීය. පනත සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන කැබිනට් අනු කමිටුට විසින් පනත සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ සියල්ලම අවසන් අනුමැතිය ලැබූ පනත් කෙටුම්පතට ඇතුලත් කරනු ලැබ ඇත. 

මේ වන විට විගණකාධිපතිවරයා ද, අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශව සියල්ල ද ‘ජාතික විගණන පනත’ සම්බන්ධයෙන් සිය එකගතාව ලබා දී ඇත.  ජාතික විගණන පනත සම්බන්ධයෙන් තවදුරටත් ඉතිරිව ඇත්තේ එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ විවාදය සදහා ගැනීම පමණී. 

ගරු ජනාධිපතිතුමන් අප සංවිධානය පැවැත්වූ සාකච්ඡාවක දී ප්‍රකාශ කර සිටියේ 2017 ජනවාරි මස ජාතික විගණන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.  නීනිඥ ජේ.සී.වැලිඅමුණ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මේ පිළිබද ගරු ජනාධිපතිතුමන් සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා වෙත මෙම පනත ගැසට් කිරීමේ වගකීම පවරනු ලැබීය.  ඉහත තත්වයන් යටතේ, 2017 ජනවාරි 8 දින පනත ජාතික විගණන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අප ඒ අනුව බලාපොරොත්තු තබා සිටියෙමු.

ජාතික විගණන පනත යථාර්ථයක් බවට පත් කිරීමට දැඩි වෙහෙසක් ගත් වත්මන් පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතා ද 2017 වසරේ ජනවාරි මස මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වනු ඇතැයි අවස්ථා ගණනාවක බලාපොරොත්තු පළ කළේය.

දුෂණ වැලැක්වීම සදහා දැවැන්ත සමාජ කතිකාවතක් ඇරඹී ඇති මෙම අවස්ථාවේ දී ජාතික විගණන පනත නීතියක් බවට පත් කොට එය ක්‍රියාත්මක කිරීම අතිශයින් එලදායී වනු ඇත්තේය.  එබැවින්,  ජාතික විගණන පනත හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දෙන මෙන් කැෆේ සංවිධානය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටී.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 ජනවාරි මස 29 වැනිදා

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress