මහින්ද යුගයේ බැදුම්කර වංචා සිදුව නෑ.. – මුදල් ඇමතිට ඩබල් මල පැන්න විගණකාධිපතිගෙන් රහසේ ඉල්ලූ වාර්තාව මෙන්න..
Posted on January 29th, 2017

| lanka C news | ලංකා සී නිවුස්

රජයේ විගණකාධිපතිගේ විගණන වාර්තාව සම්බන්ධව මුදල් අමාත්‍යවරයාගේ නොහොබිනා හැසිරිම සම්බන්ධව ප්‍රකාශ කරමින් රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කල ප්‍රකාශයක් සන්ඩේ ටෛම්ස් පුවත් පතේ සඳහන් වේ.

එතුමා පවසන පරිදි මම වෛද්‍යවයෙක් වගේ, මට පශ්චාත් මරණ පරික්ෂණය සිදු කොට වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කරනවා. මම වාර්තාව ලබාදීමට කටයුතු කිරිමෙන් පසු එහි අඩංගු කරුණු සම්බන්ධව ඔහුන් සතුටු නොවන අතර ඒ හරහා මගේ වෘත්තීමය ගරුත්වය විනාශ කිරීමට කටයුතු කරනවා යයි පැවසිය.

රජයේ ඉල්ලිම මත මහා බැංකුවේ 2005 සිට 2015 දක්වා සිදු වූ භාණ්ඩාගාර බැදුම්කර පිලිබඳ විගණන වාර්තාවක් ලබාදීමට රජයේ විගණකාධිපතිතුමා විසින් කටයුතු කරන ලදි. එහිදි මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාර බැදුම්කර පිලිබඳ විශේෂිත වූ කරුණු 10 ක් සම්බන්ධව කරුණු පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබු අතර ඒ සඳහා සියලු ලිපිගොනු පරික්ෂාවට ලක් කොට විගණන වාර්තාව පිලියෙල කිරීමට රජයේ විගණන දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.

ඒ අතර මුදල් අමාත්‍යවරයා විසින් රජයේ විගණකාධිපතිවරයා අපහසුවට පත් කරමින් අවස්ථාවන් ගනනකදීම සිහි කැදවීම කොට එම කාර්යය නිසියාකාරව කිරිමට ඇති ඉඩකඩ අහුරා ඇති බව එම විගණන වාර්තාවේ පිටු අංක 18 හි 3.6 ඡේදයේ මෙසේ සඳහන් වේ:-
2008 වර්ෂයේ සිට 2016 දක්වා අවස්ථා 2136 කදි කර තිබු බැදුම්කර නිකුත් කිරිම් වලට අදාළව ප්‍රශ්න දහයට පිලිතුරු සැපයීම සඳහා 1997 වර්ෂයේ සිට ආරම්භ කර තිබු බැදුම්කර නිකුත් කිරිම් ක්‍රියාවලිය පිලිබඳව ගැබුරින් පරීක්ෂා කල යුතු වුවද, මුදල් අමාත්‍යවරයාගේ නොඉවසිලිමත් සහ අචාරශිලිත්වයෙන් තොර සිහි කැදවීම් හේතුවෙන් එවැනි ගැබුරු පරීක්ෂාවන් සඳහා ප්‍රමාණවත් කාලයක් මෙම කාර්‍ය සඳහා යෙදවිය නොහැකි වීම”.

තවද පසුගිය රජය සමයේ නිසි අනුමැතියන් තොරව මෙසේ බැදුම්කර අලෙවි කොට ඇත් ද යන මුදල් අමාත්‍යවරයාගේ පැනයට පිලිතුරු දෙමින් රජයේ විගණකාධිපති නීරික්ෂන ඉදිරිපත් කරමින් සඳහන් කොට ඇත්තේ. වාර්තාවේ පිටු අංක 19 හි 4.1 යටතේ
VII.හී
2005 වර්ෂයේ අප්‍රෙල් මස සිට හෝ එයට පෙර කාලයක් සිට 2015 වර්ෂය දක්වාම සaජු ක්‍රමයට බැදුම්කර නිකුත්කර තිබිම සහ එය අවිධිමත් ක්‍රියාවක් බවට අනාවරනය වූ බව සාක්ෂි නොවිම. ඒ අනුව මහා බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සaජු ක්‍රමයට බැදුම්කර නිකුත්කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණවත් කරුණු මාගේ අවධානයට ලක් නොවීය.” යන්නයි.

2005 සිට 2015 දක්වා සිදු වූ භාණ්ඩාගාර බැදුම්කර පිලිබඳ විගණන වාර්තාව මෙතනින්

http://www.auditorgeneral.gov.lk/web/images/special_report/Bond_report/direct_placement/Bond-Report-on-direct-placement-ceylon-bank-of-srilanka.pdf

One Response to “මහින්ද යුගයේ බැදුම්කර වංචා සිදුව නෑ.. – මුදල් ඇමතිට ඩබල් මල පැන්න විගණකාධිපතිගෙන් රහසේ ඉල්ලූ වාර්තාව මෙන්න..”

  1. Hiranthe Says:

    Ravi Illang Kanawa!!!

    But these thieves have no shame!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress