රේගු වෙන්දේසියට තබා ඇති Rose Wood දැව තොගය අඩු මිලට ලබාගැනීම
Posted on January 29th, 2017

සමස්ත ලංකා රේගු සේවා සංගමය. 

ගරු ජනාධිපති තුමා                                                                                             
ජනාධිපති ලේකම්කාර්යාලය
කොළඹ 01.

මැතිතුමනි.

රේගු වෙන්දේසියට තබා ඇති Rose Wood දැව තොගය අඩු මිලට ලබාගැනීම සදහා දරන උත්සාහය වලක්වන ලෙස ඉල්ලීම.

නීති විරෝධී ලෙස ශ‍්‍රිලංකාව හරහා ප‍්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලද රු කෝටි 100 කටත් වඩා වටිනා ඍදිැ උදදා දැව මෙට්ට්‍රික් ටොන් 415ක් පසුගිය මාසයේ රේගු වෙන්දේසියට තබන ලදි.

එහෙත් රේගුව අපේක්‍ෂා කල මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින් එම දැව තොගය යලිත් වරක් 2017.01.28 වන දින වෙන්දේසියට ඉදිරිපත් කිරීම සදහා කටයුතු කරමින් සිටින විට රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයා එම දැව තොගය වෙන්දේසියට නොතබන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබේ. 

පසුව කරන ලද සොයා බැලීම් වලදී හෙළිදරව් වූයේ ධැව තොගය සදහා ඉල්ලූම් කරන්නන් විසින් තැබිය යුතු රු. මිලියන 12ක ආපසුව ගෙවන තැන්පතුවට අමතරව රු මිලියන 10ක ආපසු නොගෙවන තැන්පතුවක් තැබිය යුතු බවට වන කොන්දේසියක් ටෙන්ඩර් පත‍්‍රිකාවට ඇතුල් කිරීම සදහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වරයා විසින් මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එකී අනුමැතිය ලැබෙන තෙක් දැව තොගය වෙන්දේසියෙන් ඉවත්කර ඇති බවයි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ මෙම උත්සාහය සාර්ථක වුවහොත් Rose Wood දැව තොගයට කිසිවෙකු මිල ගණන් ඉදිරිපත් නොකරනු ඇත. එවිට මෙම ක‍්‍රියාවලිය පිටුපස සිටින පුද්ගලයා කවුරුන්හෝ ඉතා අඩු මිලක් ඉදිරිපත් කර මෙම දැව තොගය මිලදී ගනු ඇත. අපගේ අවබෝධයේ හැටියට රේගු අධ්‍යක්‍ෂක ජනරාල් වරයාට මෙවැනි බලපෑමක් කළ හැක්කේ මුදල් ඇමතිවරයාට පමණි.

එබැවින් මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට මෙම දැව තොගය සදහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අයිතිය ආරක්‍ෂා කර දෙන ලෙසත් ඒ මගින් මහා භාණ්ඩාගාරයට බැරවිය යුතු අති විශාල මුදලක් ජාවාරම් කරුවන් අතට පත්වීම වැලැක්වීම සදහාත් අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි,

මෙයට විශ්වාසී,
ජේ. ඒ ගුණතිලක
ලේකම් 
සමස්ත ලංකා රේගු සේවා සංගමය. 

සම්බන්ධීකරනය – ජේ.ඒ. ගුණතිලක – 071-8246948

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress