මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම්..
Posted on February 3rd, 2017

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ

ෆෙඩරල් රටක් නිර්මාණය කිරීම, රටේ සම්පත් විකුණා දැමීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ‘විගඩමක් මේ රූකඩ පාලනය විසින් නටන්නට හදන බවත් එහි තිර පිටපතේ කොටසක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යාජ රනිල් විරෝධයක් පෙන්වන බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

මේ දවස්වල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ව්‍යාජ රනිල් වික්‍රමසිංහ විරෝධයක් සහ ව්‍යාජ එජාප විරෝධයක් පෙන්වනවා. මුදල් ඇමති රවී කරුණානායක ලොතරැයි මිල රුපියල් 30 කළාම ජනාධිපතිවරයා ඒක නැවත රුපියල් 20 කළා. එහෙම කරලා ව්‍යාජ එජාප විරෝධයක් පෙන්වලා වීරයෙක් වුණා.

ඒ වගේම මේ වන විට හෙයන්න ඕනෙ හැම දෙයක්ම හොයලා ඉයර, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් පරිදි සිදු කරපු මහ බැංකු බැඳුම්කර වංචාව ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පිහිටුවලා තිබෙනවා. ව්‍යාජ රනිල් විරෝදයක් පෙන්වලා කොමිසමක් දාලා කල් ඇද ඇද ඉන්නයි මේ හදන්නේ. එහෙම නැතිව රනිල්ට දඩුවම් දෙන්න නොවෙයි. ඒ වගේම ‘මම ඉන්නකම් රට බෙදන්න දෙන්නේ නැහැ. රණවිරුවන්ට දඬුවම් දෙන්න ඉඩ තියන්නේ නැහැ’ කියමින් රටම රවට්ටමින් ජනාදිපතිවරයා වීරයෙක් වෙන්න හදනවා.

දැන් බලන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයා නව ව්‍යවස්ථාවක් හදමින් ඉන්නවා. ඒක ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලා දැන් රටම දන්නවා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය බලයක් පළාත් සභාවලට දීලා ඒවා පළාත් ආණ්ඩු බවට පත් කිරීමේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් තමයි එතැන හැදෙන්නේ ඒක ජාතිකවාදී බලවේග විසින් හෙළි කළාම, එන ජනතා විරෝධය මැඬ පවත්වන්න ජනාධිපතිවරයා වීරයා වගේ කියනවා. ‘මම ඉන්නකම් රට දෙන්න දෙන්නේ නැහැ’ කියලා. ඊට පස්සේ එයා පසුගිය දවසක නිමල් සිරිපාල ද සිල්වා මහතා ලවා කියෙව්වා ‘13 වැනි සංශෝධනය බලාත්මක කළ යුතුයි’ කියලා. මේ සියල්ලම එකම තිරපිටපතක දර්ශන. මේ රූකඩ, පරගැති හවුල තමන්ගේ බටහිර, දෙමළ ඩයස්පෝරා, හාම්පුතුන්ගේ උවමනාව අනුව රට කඩන්නයි මේ හදන්නේ. එවිට නැග එන ජනතා විරෝධය මැඩ පවත්වන්නයි මේ විදියේ විගඩමක් රඟ දක්වන්නේ.

දැන් එජාප මන්ත්‍රීවරයකු ලවා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සැලසුම මේ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව එළියට දමලා තිබෙනවා. මේ අයට උවමනා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ඔවුන් දේශපාලනයෙන් ඉවත් කරන්න. ඔවුන් නැති දේශපාලන පිටියක් හදා ගන්න. එවිට ඒක ප්‍රතිවාදීන් නැති දේශපාලන පිට්ටනියක් වෙනවා. එහෙම පිට්ටනියක මේ අය තනියම සෙල්ලම් කරන්නයි සූදානම් වෙන්නේ. මේ ‘සෙල්ලමත්’ පත්තරයකින්වත් දැක්කේ නැති විදියටයි ජනාධිපතිවරයා අද ඉන්නේ.

කොහොම වුණත් මේ විගඩම ඇතුළේ රනිල්, මෛත්‍රී නිමල් සිරිපාල තමන් දුන්නු භූමිකාව නියමෙට රඟ දක්වන බව පෙනෙනවා. ජනතාව විශේෂයෙන් මේ ජනාධිපතිවරයාගේ ව්‍යාජ රනිල් – එජාප විරෝධය හොඳින් වටහා ගත යුතුව තිබෙනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

2 Responses to “මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම්..”

  1. Ananda-USA Says:

    Yes, Indeed!

    More BACKSTABBING TREACHERY from the APPAYA Aiyoooo Sirisena!

    Trying to fool the voters by pretending to oppose UNP and Ranil Wikunanasinghe, but in reality working hand-in-glove with those UNP and Tsmil TRAITORS!

  2. Christie Says:

    ඉන්දියන් අදිරදය හද්පු ගෙයි නෙ රනිලුයි සිරිසේනයි කුලියට ඉන්නෙ. ඉතින් ඔය ජෝඩුව බොරුවනෙ ගෙනියන්නෙ. චන්ද්‍රිකනෙ ගේ ඉන්දියාවෙන් බදු අරන් තියෙන්නෙ.

    මුන් සින්හලයන් ලෝකයෙන් අතුගා දමන තුරු නවතින්නෙ නැහ

    සින්හලයනි අපිට වෙන දේ වටහා ගන්න. එකතු වන්න. ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගී සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress