සයිටම් භීෂණය ඈතක නො වේ
Posted on February 8th, 2017

නලින් ද සිල්වා

අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන් වන්නේ විසි තිස් දහසකට ජීවිත අහිමි වීමෙන් ද? මෙහි දී දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරනවා නම් හොඳයි. ඒත් දේශපාලන පක්‍ෂවලින් හා ක්‍රියාකාරීන්ගෙන් එසේ කටයුතු කිරීමට ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනියි. භීෂණය අස්සේ ම ආණ්ඩුව නව ව්‍යවස්ථාවත් සම්මත කර ගනීවි. මා භීෂණය පෞද්ගලිකවත් හොඳාකාරව දන්නවා. 1987- 89 කාලයේ දී ආණ්ඩුවෙන් මෙන් ම ජ වි පෙරමුණෙන් ද මට ජීවිත තර්ජන තිබුණා. මා ඉන් බේරුණේ මගේ ගුරුවරයාගේත් උපකාරයෙන් එංගලන්තයට ගිහිල්ලා. එයට සමහරු විරුද්ධ වෙන්නත් පුළුවන්. ඇයි එංගලන්තයට ගියේ කියලා ඒ අය අහන්න පුළුවන්. සමහරු ඉංගිරිසි වාග් සම්ප්‍රදායෙ ප්‍රකාශ සිංහලෙන් කියනවාටත් විරුද්ධයි. අප විරුද්ධ වුවත් අපට ඒවා යොදා ගන්න සිදුවෙලා. මෙහි සිට මරණයට මුහුණ දුන්නෙ නැත්තෙ එහෙමත් නැත්නම් වෙනත් රටකට ගියේ නැත්තෙ මොකද කියලා අහන්න පුළුවන්. මගේ ගුරුවරයාගේ ද මැදිහත් වීමෙන් මට ලංඩනයේ රාජකීය සංගමයේ අධිශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු දැන් මිය ගිහින්. මා තවමත් සයිටම් ගැන කතාකිරීමට ජීවත් ව ඉන්නවා. ඒත් මේ ලිපි කියවන බොහෝ දෙනකු මා කියන දේට විරුද්ධයි. ඔවුන් හොඳ සමාජවාදීන් වෙන්න ඇති. නිදහස් අධ්‍යාපනය රකින්න පෙරුම්පුරා ගෙන  ඉපදුණු අය වෙන්න ඇති. මා නිදහස් අධ්‍යාපනය ගැන කිසිම කැක්කුමක් නැති අයකු, නැගපු ඉණිමගට පයින් ගහපු අයකු ලෙසත් හිතනවා ඇති.

මේ අයගෙන් කී දෙනකු විශ්වවිද්‍යාල පනත, අදාළ අභියාචනාධිකරණ නඩු තින්දුව ආදිය කියවා ඇත් ද කියා මා දන්නේ නැහැ. ඔවුන්ට ඒ කිසිවක් නොකියවා නිගමනවලට ඒමේ හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. මට නම් එහෙම ශක්තියක් නැහැ. මා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත හා රෙගුලාසි ගැන නම් අවුරුදු හතළිහක පමණ කාලයක් තිස්සේ දන්නවා. අභියාචනාධිකරණ තීන්දුවත් මා කියෙවුවා. මට ඒ තීන්දුව ලබා දුන්නේ වෛද්‍යවරයෙක්. මා ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. ඔහු මොන අදහසකින් එය ලබා දුන්නා ද කියාත් දන්නේ නැහැ. අද මුහුණුපොතේ ජාතික චින්තන  කණ්ඩායමත් කාලෝ ෆොන්සේකා උපුටා දක්වනවා. ඔවුන්ට මා ද්‍රෝහියකු වෙලා. අනේ කාලේ වනේ වාසේ.

මට බටහිර වෛද්‍ය විද්‍යාවවත් බටහිර නීතියවත් (රෝම ලන්දේසි නීතියවත්) ලොකු නැහැ. ඒත් අද අධිකරණ නායක හිමිවරුන්ටත් ඇතැම් කරුණු නිරාකරණය කර ගැනීමට උසාවියට වැඩම කරන්න සිදුවෙලා. අපට වෙන කරන්න දෙයක් නැහැ. පාරට බැහැලා ජීවිත නැතිකරන්න වුවමනාවකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව හා නීතිය කියන්නෙ ක්‍ෂෙත්‍ර දෙකක් බව කියලා දෙන්න පඬියන් අවශ්‍ය නැහැ. නීතිය බූරුවෙක් කියන එකත් බටහිර කියමනක්.  ඒත් අපට ඒ බූරුව අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවත් අවශ්‍ය වෙනවා.

නීතියට වෛද්‍යවරයකු බිහි කරන්න බැහැයි කියන එක අන්තිම බාල කියුමක්. එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවලා තියෙන්නෙත් නීතියෙන්. ඒ සඳහාත් ආඥා පනතක් තියෙනවා. වෛද්‍ය සභාව ඕපපාතිකව පහළ වුණු දෙයක් නො වෙයි. නීතිය නැත්නම් වෛද්‍ය සභාවක්වත් ඒ සභාවෙ ලියාපදිංචි වෛද්‍යවරුන්වත් නැහැ. කෙටියෙන් කිවුවොත් බටහිර විධියට වෛද්‍යවරුන් නැහැ. අපේ රටේ වෙදමහත්වරුන්ට ඔය නීති තිබුණේ නැහැ. ගුරුවරයකුගෙන් ඉගෙන ගත්ත රෝගීන් සුවපත් කරන වෙදමහත්වරුන් හමුවෙන්න රෝගීන් ගියා. එච්චරයි. කෘෂිරසායනික වකුගඩු රෝගය සුවකරන්න පුළුවන් වෙදමහත්වරුන් ඉන්නවා. වරක් ඒ වෙදමහත්තයකු ගැන වාර්ත වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට එක් නාළිකාවකින් ගියා. ඔවුන් දීන කමට අපෙන් ඉල්ලා සිටියේ රෝගය සනීප වූ බවට බටහිර වෛද්‍ය සහතික දෙන්න කියා. අපේ වෙදකම බටහිර වෙදකමේ ආධිපත්‍යයට යට කරන්න මා කැමති වූයේ නැහැ. කතාව එතැනින් ම අවසන් වුනා. රුපවාහිනි නාළිකා පවතින්නේ මේ දෙරණ මත නොවෙයි.  වෛද්‍ය සභාවටත් කටයුතු කළ හැකි රාමුවක් නීතියෙන් සකසා තිබෙනවා. එය සකසා ඇත්තේ වෛද්‍ය විද්‍යවෙන් නො වෙයි. වෛද්‍ය සභාව නිසි අයුරෙන් කටයුතු කර ඇත්දැයි නිගමනය කෙරෙන්නේ නීතියෙන්, අධිකරණයෙන්. අප මේ සරල කාරණය තේරුම් නොගෙන වෛද්‍ය විද්‍යාව හා නීතිය යනු ක්‍ෂෙත්‍ර දෙකක් බවටත් නීතිය බුරුවකු බවටත් කරන පඬි ප්‍රකාශ තුට්ටුවකට ගණන් ගත යුතු  නැහැ. වැඩිම වුවොත් ඒවා රැල්ල සමග යෑමට, ජනප්‍රිය වීමට කරන බාල හා ලාබ ප්‍රකාශ පමණයි.

අභියාචනාධිකරණ තීන්දුච අවශ්‍ය වුවහොත් පසු දිනෙක කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. අභියාචනාධිකරණය ඉතා පැහැදිලිව කියනවා වෛද්‍ය සභාව තමන්ට නීතියෙන් දී ඇති බලය ඉක්මවා ක්‍රියා කර තිබෙන බව. නීතියෙන් එයට කියන්නේ අල්ට්‍රා වයිරෙස් කියායි. නීතියෙන් දී ඇති බලය ඉක්මවා කටයුතු කරන්න කිසිවකුටවත් බැහැ. ඇතැම් විට අප කියනවා සියළු දෙනා නීතියට යටයි කියලා. වෛද්‍ය සභාවත් නීතියට යටයි. වෛද්‍ය සභාවටත් නීතිය ඉක්මවා කටයුතු කරන්න බැහැ.

එමෙන් ම අභියාචනාධිකරණය පෙන්නුම් කර දෙනවා වෛද්‍ය සභාව සයිටම්හි හා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් දෙවිධියකට ක්‍රියා කර තිබෙන බව. අධිකරණය වෛද්‍ය සභාව හිතාමතා නපුරක් (මාලා ෆිඩෙ) කළාය කියා කියන්නේ නැහැ. එහෙත්ව දෙවිධියකට සලකා ඇති බව නම් කියනවා. පෙත්සම්කාර ශිෂ්‍යාව ඉල්ලා ඇත්තේ වෛද්‍ය සභාවේ යාවකාලීන (ප්‍රොවිෂනල්) ලියාපදිංචියක්. අභියාචනාධිකරණය තිරණය කර ඇත්තේ එකී ශිෂ්‍යාවට ඒ ලියාපදිංචිය දීමට නෛතික බාධාවක් නැති බවයි.  වෛද්‍ය සභාව එය නොපිළිගන්නේ නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිය හැකියි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් කොතෙකුත් අඩුපාඩුකම් තිබෙනවා. අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක්වත් නැහැ. සයිටම්හි මා හිතන්නේ වෛද්‍ය උපාධියට අමතරව තවත් උපාධිවලට උගන්වනවා. ඒ සම්බන්ධයෙන් අන්තරේට ප්‍රශ්න නැතිවා වගෙයි. සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළු වී ඇත්තේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්. ඔවුන්ට උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහිත ව සාමාර්ථ තුනක් තිබෙන බව කියනවා. ඔවුන්ට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට නොහැකි වී ඇත්තේ සුදුසුකම් නොමැති නිසා නොව අධ්‍යාපන ක්‍රමයේ හා ඇතුළත් කර ගැනීමේ නි ර්ණායකවල ඇති ප්‍රශ්න නිසයි. දිස්ත්‍රික්ක මත පදනම් වී ඇතුල් කිරීම මෙහි දී බලපානවා. මුදල් ගෙවා උපකාරක පන්තිවලට යන්නේ ඒ දිස්ත්‍රික්කයේ ම දරුවන් පමණක් නො වෙයි. අප දැනගත යුත්තේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීම සහ ඇතුළත් කිරීම යනු එකක් නොව දෙකක් බව. උසස් පෙළ පරීක්‍ෂණයට මෙතරම් වැදගත් තැනක් ලැබී ඇත්තේ තරගකාරීත්වය නිසා. අපේ කාලයේ උසස් පෙළ පරීක්‍ෂණයක් තිබුණේ නැහැ. එකල තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය. එකල විෂය හතරකට පෙනී සිටිමට සිදු වුනා. ඉන් විෂය දෙකක් පමණක් සමත් අයත් පසු කලෙක වෛද්‍ය පීඨවලත් මහාචාර්යවරු වුනා. කාලෝගෙන් අහලා බලන්න. අප සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි. ඔවුන් ඉල්ලන්නේ යාවකාලීන ලියාපදිංචියක්. ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්නේත් නැති නම් සිසුන් ඇතුළත් කිරීම සඳහා ක්‍රමයක් සකස්කර ගැනීමටත් නොහැකි  නම් එයින් කියැවෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රතික්‍ෂෙප කිරීමක් හා අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව බලධාරීන් ලබාගෙන ඇති අධ්‍යාපනයේ ද ඇති දුර්වලකමක්.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 08

4 Responses to “සයිටම් භීෂණය ඈතක නො වේ”

  1. aloy Says:

    We must thank Nalin for this article; it should be an eye opener to the JO and socialist who are hellbent on crating trouble n SL. This provide the opportunity to RW to take a high ground and escape all the charges that are levelled against him and crate another batalanda. many thousands will die as a result. This will also give an opportunity for the separatists, con-stitution makers etc. who are out to destroy the Sinhale. These people should know that only a handful is there to support them; the vast majority of citizens are against these businessmen who are parading as government doctors.

  2. Christie Says:

    Christie Says:
    February 9th, 2017 at 2:56 am
    Christie Says:
    February 9th, 2017 at 2:42 am
    මේ දොස්තර ස්කෝලෙ ඉන්දියානු පරපෝසිත ලනුවක් තිබුනනම් ඔය බෙරිහන්දෙන උන්ගෙ කටේ වඩේ පිරිල.

    දැන් මුන් ඉන්දියානු පරපෝසිතයගෙන් සමාජ වඩේ කාල බෙරිහන් දෙනව.

    ඇද අන්තර ජාතික ඉන්ගිරිසියෙන් උගන්වන ස්කෝලවල මැදපෙරදිග වැඩකරන අයගෙ ලමයි කොච්චර ඉන්නවද?

    සයිටම් විරෝදීන්ගේ මොලයත් මුදලුත් යැපෙන්නෙ ඉන්දියානු පරපෝසිතයගෙන්.

    ආ! ඔය පෙරටුගාමී කියන මිනීමරුව ඉන්දියානු අදිරදය වෙනුවෙන් විජේවීර බලාගත්ත ගොයියද?

  3. Christie Says:

    Christie Says:
    February 9th, 2017 at 2:56 am
    Christie Says:
    February 9th, 2017 at 2:42 am
    මේ දොස්තර ස්කෝලෙ ඉන්දියානු පරපෝසිත ලනුවක් තිබුනනම් ඔය බෙරිහන්දෙන උන්ගෙ කටේ වඩේ පිරිල.

    දැන් මුන් ඉන්දියානු පරපෝසිතයගෙන් සමාජ වඩේ කාල බෙරිහන් දෙනව.

    ඇද අන්තර ජාතික ඉන්ගිරිසියෙන් උගන්වන ස්කෝලවල මැදපෙරදිග වැඩකරන අයගෙ ලමයි කොච්චර ඉන්නවද?

    සයිටම් විරෝදීන්ගේ මොලයත් මුදලුත් යැපෙන්නෙ ඉන්දියානු පරපෝසිතයගෙන්.

    ආ! ඔය පෙරටුගාමී කියන මිනීමරුව ඉන්දියානු අදිරදය වෙනුවෙන් විජේවීර බලාගත්ත ගොයියද?

    දොස්තරයෙක් වෙන්න සල්ලි ගෙවල ඉගෙන ගත්තම මොකද?

    බාස් කෙනෙක් වෙන්න ලන්ඩන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය හරියක් දාන කාර්මික ස්කෝලෙක සල්ලි ගෙවල ඉන්ගිසියෙන් ඉගෙන ගන්න අය ගැන කිසිම සද්දයක් නැත.

    ඒ බාස්ලට සහතිකේ ගන්න ඉස්සර පිටරට රස්සාවල්.

    We are brain washed by the Indian Imperialists and Indian colonial parasites and we play in to their hands.

  4. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist pol pot r@nil wickramaSinhalakiller is rubbing his hands with glee.
    Pathala Man PM is itching to do another Sinhalese cull. Last time the catholic run UNPatriotic party at the driving
    seat they got rid of over 150,000 Sinhalese. This is the breakdown Sinhala modayas:
    60,000+ Buddhist jathiya vinashakarana party insurgency. Alugosu (to Sinhalese only) adarmistaya thambi
    mudiyanselage jr@, alugosu (to Sinhalese only) lk porisada, alugosu (to Sinhalese only) pol pot r@nil managed
    to kill over 60,000 by dragging the BHEESHANA SAMAYA on. As usual brain dead and deaf Sinhala modayas couldn’t
    make the connection why the catholic run UNPatriotics didn’t want to rehabilitate the insurgents. What rehabilitation?
    They were Sinhalese. So this way to the gallows! Sinhala donkeys still didn’t see the true colours of the UNPatriotics.

    More Sinhalese cull to come of course with the catholic tigers of tamil drealam with the catholic hitler mala paharan.
    Catholic run UNPatriotics had all the set up in place. Defence sec, army chief, police top brasses etc. etc. all pseudo
    Sinhalese. Started the cull. Tri forces personnel, police, Buddhist monks, men, women and children. Over 100,00
    gone! Catholic run UNPatriotic party over the moon.

    Now 2 years gone. So the traitor chief die hard catholic token
    Buddhist pol pot r@nil wickramaSinhalakiller is looking for that spark to ignite the cull. Don’t worry again the
    Sinhala modayas will not see a connection. Catholic run media will propagate MR slanders. Sinhala modayas will
    believe every word. Meanwhile traitor chief pol pot r@nil will & co get the job done. Sinhala modayas will be facing
    extinction soon!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress