වෘත්තීය ක‍්‍රියාමාර්ග සහ ජල සැපයුම  අඩාලවීමේ අවධානම
Posted on February 9th, 2017

උපාලි රත්නායක  සභාපති National Water Supply And Drainage Employees Union 

ජලසම්පාදන මණ්ඩලය ඉංජිනේරු ඩිප්ලෝමාරීන්ගේ සංගමය සහ කාර්මික නිළධාරීන්ගේ සංගමය ඵක්ව අද සිට (පෙබ 9) වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කොට ඇත. ඵ් අනුව පහත වෘත්තීය ක‍්‍රියා මාර්ග සිදුකරයි.

  1. අතිකාල ප‍්‍රතික්ෂේප කිරීම,
  1. රාත‍්‍රී නඩත්තු සේවා මුර වාර්තා නොකිරීම,
  1. සතිඅන්ත නඩත්තු සේවා මුර වාර්තා නොකිරීම,
  1. අදාල නොවන රාජකාරිවල නොයෙදීම,

ජලසම්පාදන මණ්ඩලයේ බලධාරීන් ගැටළුව විසඳීම වෙනුවට වෘත්තීය ක‍්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමේ ක‍්‍රියාමාර්ග අරඹා ඇත. ඵ් අනුව අප වෘත්තීය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත් විසඳුම් ලබානොදන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමටද තීරණය කර ඇත්තෙමු.

ජනතාවට සිදුවන අපහසුකම් සලකා ජලපිරිපහදුවල කටයුතු පමණක් සිදුකරන අතර නඩත්තු සේවා මුරවලට වාර්තා නොකරන බැවින්  බිඳවැටීම් අළුත්වැඩියාවක් සිදු නොවන නිසා ජල සැපයුම අඩාල වීමේ අවදානම් තත්වයක් උදාවනු ඇත. ඵ් අනුව වහාම ඉල්ලීම් විසඳීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අප බලධාරීන්ට අවධාරණය කර සිටින්නෙමු.

ස්තුතියි.

මෙයට,

උපාලි රත්නායක 

සභාපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress