And they ask why a tender procedure wasn’t followed to hire BNS – Gotabaya
Posted on March 6th, 2017

And they ask why a tender procedure wasn’t followed to hire BNS – Gotabaya

2 Responses to “And they ask why a tender procedure wasn’t followed to hire BNS – Gotabaya”

  1. Indrajith Says:

    වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා
    රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න.
    ——————————————————–

    සරත් ධර්මසේන සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත – Divaina

    රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ මහ බැංකු අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා තමා වෙත තරයේ උපදෙස්‌ දුන් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (6 දා) මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

    නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සහ තම දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මේ තීරණය පිළිගන්නා ලෙස තමාට තරයේ උපදෙස්‌ දුන්විට එම තීරණය ක්‍රියාත්මක කරනවා හැරෙන්නට තමාට වෙනත් විකල්පයක්‌ නොතිබූ බවද ඇය කීවාය.

    අධිපතිවරයා එහිදී තමා දෙසට හැරී .dද සඑ. යන වචන භාවිතා කරමින් එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස තමාට නියෝග කළ බවද ඇය කියා සිටියාය.

    අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආසිම් මහතා එම තීරණයේ අහිතකර බව සිව් වතාවක්‌ පෙන්වා දුන්නත් පළක්‌ නොවූ බවද නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා නිහඬව බලා සිටි බවද ඇය කියා සිටියාය.

    ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරෙන රාජකාරි කටයුතු ගැන දැනීමක්‌ හා අත්දැකීම් නැති තමා හදිසියේම එහි ප්‍රධානියා ලෙස පත්කර ඇති බව දැන ගන්නට ලැබී විශ්මයට පත්වූ බවද ඇය කීවාය.

    තමා එම තනතුරට පත් කරනු ඇතැයි කිසි දිනෙක අපේක්‍ෂා නොකළ බවත් තනතුර භාර ගැනීමට ඇති අකමැත්ත පළකොට දන්නා හඳුනන උසස්‌ නිලධාරීන් මාර්ගයෙන් වෙනත් අංශයකට මාරුවක්‌ ලබා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ නිසා අවසානයේදී එවකට මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හමුවී කරුණු ඉදිරිපත් කළ බවද සෙනවිරත්න මහත්මිය කීවාය.

    එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකුව සිටි ආචාර්ය ආසිම් මහතා ඉන් ඉවත් කිරීමට තමාට අවශ්‍යවී තිබෙන බව අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට පැවසූ බවත් ඒ නිසා තනතුරේ දිගටම රැඳී සිටින ලෙස ඔහු තමාට දැන්වූ බවත් එම කාරණාව කිසිවකුට හෙළි නොකර රහසක්‌ වශයෙන් තබා ගන්නා ලෙස ඔහු තමාට එම අවස්‌ථාවේදී පැවසූ බවත් දීපා සෙනෙවිරත්න මහත්මිය කොමිසම හමුවේ පැවැසුවාය.

    ඉන්පසුව වෙන ගත හැකි පියවරක්‌ නැති නිසා තනතුර භාරගත් බවත් පළමුවෙන්ම කළේ රජයේ ණය දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම කැඳවා තනතුරේ කටයුතු කරගෙන යැමට තමාට සහාය වන ලෙස ඉල්ලා සිටීම බවත් ඇය කීවාය.

    එවකට රජයේ ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය ආසිම් මහතා ඇතුළු උසස්‌ නිලධාරීන්ගෙන් තමාට විශාල සහායක්‌ ලැබුණු බවත් එතැන් සිට තමා දිගටම කටයුතු කළේ ඔවුන්ගේ උපදෙස්‌ හා මග පෙන්වීම යටතේ බවත් පැවසූ සාක්‍ෂිකාරිය ආචාර්ය ආසිම් මහතා රාජ්‍ය ණය අංශය ගැන විශේෂ දැනුමක්‌ මෙන්ම උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාගෙන සිටින අයෙකු බවත් ඔහු මහ බැංකුවට ඉතා වටිනා සම්පතක්‌ බවත් කියා සිටියාය.

    සෙනවිරත්න මහත්මිය ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දීම ආරම්භ කළේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    ඇය කොමිසමට විස්‌තර කළ අන්දමට මහා බැංකුවේ සේවයට බැඳී වසර 28 ක්‌ සේවය කර ඇත. කාර්ය මණ්‌ඩල නිලධාරියකු ලෙස සේවය ආරම්භ කළ ඇය අර්ථ සාධක සහ විනිමය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කීපයක සේවය කර තිබේ. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. වසර 28 ක සේවා කාලය තුළ උසස්‌වීම් කීපයක්‌ ලබා ඇති ඇය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි තනතුරට පත්වී ඇත්තේ 2015 පෙබරවාරි 09 දායි. එම තනතුරට පත් කළ බව මහ බැංකුවේ මානව සම්පත් අංශයෙන් 2015 පෙබරවාරි 6 දා ඇයට දැනුම් දී තිබේ.

    තමා එම තනතුරට පත්වීමට කලින් තනතුරේ කටයුතු කළේ ධම්මික නානායක්‌කාර මහතා බවත් තමාට මතක ඇති හැටියට ඔහු මාස 3 ක්‌ පමණ එම තනතුරේ සේවය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සෙනවිරත්න මහත්මිය කියා සිටියාය.

    කොමිසම සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා, මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරට පත් වූයේ කවදාද?

    සාක්‍ෂිකාරිය- 2015 ජනවාරි 25 දා.

    ********

  2. Ananda-USA Says:

    Well said, President Mahinda Rajapaksa!

    “Magey putha Yoshithata marenda yanna sudusu kamak uwamanada?”

    Our heroic Sinhala kings always sent their sons to fight in battles as Mahinda did.

    Which UNP politician sent HIS sons to fight for HIS country? NONE!

    Instead, they asked “what is the suitability if Mahinda’s son to fight” in the war against terrorism, from within the safety of the Parliament!

    These are the same unpatriotic politicians who MOCKED that the Sri Lanka Army was “going to Pamankada, not Alimankada” and “attacking Medawachchiya not Kilinochchiya”!

    This ILLUSTRATES the ESSENTIAL DIFFERENT E between the MR/UPFA leadership and the Yamapalanaya: DEMOSTRABLE PATRIOTISM!

    Dulce Decorum Est, Pro Patria Mori!

    And now, these CRAVEN COWARDS pretend they are qualified to GOVERN the Nation? NOT IN MY EYES!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress