අපේ තරුණයෝ අමු අමුවේ ඝාතනය කර ළිං වලට වස මුසු කර බොන්න දීපු ,වැව් අමුණු කුඹුරු විනාශ කල සුද්දා අද අපිට , මානව හිමිකම් ගැන උගන්නන්න එනවා … 1818 අපිට මතකයි … එක්සත් ජාතීන්ගේ චෝදනා වලට පිළිතුරු මෙන්න
Posted on March 17th, 2017

lankanewsalert.com

මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අපට අද උපදෙස් ලබා දෙන්නේ , එදා සිංහල තරුණයන් අමු අමුවේ ඝාතනය කල ,බොන වතුරට පවා ,වස මුසු කල කල පිරිස් බව ,රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර මහතා පවසනවා .

එක්සත් ජාතින් විසින් ශ්‍රි ලංකා යුධ හමුදාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා ,

1818 කැරැල්ලෙන් පස්සේ, දේශද්‍රෝහින් හැටියට බ්‍රිතාන්‍යන් විසින් ,හංවඩු ගැසූ අපේ වීරයන් 60 ක් පමණ , දේශප්‍රේමින් හැටියට ජනාධිපතිතුමා විසින් නම් කළා.ඔවුන් දේශද්‍රෝහින් හැටියට නම් කලේ ඉංග්‍රිසි ජාතිකයින්.ඔවුන් වීරයන් හැටියට අපේ හදවත් තුළ දිගටම හිටියා.

1818 න් පස්සේ ඉංග්‍රිසි ජාතිකයන් මොණවාද කලේ ? අවුරුදු 18-35 අතර සියළුම සිංහලයන් මැරුවා. ඔවුන්ගේ සියළුම කුඹුරු විනාශ කළා . ඔවුන්ගේ සියළුම හරකා -බාන ඝාතනය කළා .ඔවුන්ගේ සියළුම වැව් අමුණු විනාශ කළා . ඔවුන්ගේ සියළුම පළතුරු ගස් කැපුවා .ඔවුන්ගේ සියළුම ළිං වලට වස දැම්මා .එහෙම කරපු ඉංග්‍රිසින් තමා අද අපිට මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් උපදෙස් දෙන්නේ.

ඒ ඉංග්‍රිසි බටහිර රටවල්වල කීමට යටත් වෙලා තමා ,අද අපේ මංගල සමරවීර කියන අමාත්‍යවරයා අපේ යුධ වීරයන් දේශද්‍රෝහින් බවට පත් කරන්නේ.

එක අතකින් 1818 කැරැල්ලෙන් පස්සේ ඉංග්‍රිසින් විසින් දේශද්‍රෝහින් හැටියට නම් කල අය දේශප්‍රේමින් කරන අතරම , මේ රණවිරුවන්ව දේශද්‍රෝහින් බවට පත් කරනවා වක්‍රව මේ ආණ්ඩුව.

Read more at http://lankanewsalert.com/archives/61322#RFiIEdjdF4wFEJu3.99

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress