ඔලුව හදනකම් නොසිට ඔලුව පාවිච්චි කරමු !
Posted on March 25th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

රූපවාහිනී නාලිකාවලින් දිනපතා ප්රවෘත්ති නරඹන අපේ ඇස ගැටෙන දේ අතර මැති ඇමතිලා සහභාගි වන උත්සවවලින් නම් අඩුවක් නැත. 2017 මාර්තු 17 වනදා හම්බන්තොට පැවති එවැනි උත්සවයක් නැරඹූවිට එහි ප්රධාන අමුත්තා වූ ධීවර හා ජලජ සම්පත් අමාත් මහින්ද අමරවීර කල කතාව නිසා යම් විශේෂත්වයක් දක්නට ලැබිනි. කැබිනට් මණ්ඩල වෙනසක් ගැනද කතාව තුල ඉඟි පලවූ බැවිනි. උත්සවය පැවතියේ මහින්ද අමරවීරගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිති කරගෙනය. මෙහිදී හම්බන්තොට දිස්ත්රික්කයේ ඉඩම් ඔප්පු අහිමි 3000 නීත්යානුකූල ඔප්පු පිරිනැමීමද සිදුවූයේය.

 

හම්බන්තොට දිස්ත්රික්කයේ 40% ක් පමන සිටිනුයේ ගොවි ජනතාවය. ඔවුන්ට අඩු තරමින් තම වගා කටයුතු කරදරයක් නැතිව කරගෙන යාමට හැකි වන්නේ තමන්ටම කියා ඉඩමක් තිබේ නම්ය. මෙහිදී අඩු තරමින් යන්න යෙදූයේ වගාවේ අස්වැන්න විකුණා ගැනීම හා ඊට අදාලව මතුවන අනෙකුත් ප්රශ්න පසුව ගැනෙන දේ බැවිනි. ගොවියෙකු වුවත් නැතත් ඕනෑම අයෙකුට තමන්ටම හිමි ඉඩමක්,ගෙයක් තිබේ නම් හොඳය. එනම් මේ උත්සවයේ අර්ථය මේ කියන දවසට මහින්ද අමරවීරගේ දේශපාලන ජීවිතයට වසර 25 ක් පිරී තිබුනේ නැත්නම් මේ 3000 ක් දෙනාට ඉඩම් ඔප්පු නැතිව තව කලක් ඉන්න තිබුනා කියන එකද? කෙසේ වුවද ඇමතිවරයා මේ තැනට පැමින ඇත්තේ හම්බන්තොට ජනතාවගේ කතිරයෙනි. මනාප චන්දයෙනි. කතිරය ඔහුගේ නමට වැටෙන්නට නම් කතිරය ගැසුවන්ගේ මනාපය ලැබෙන ආකාරයේ මොන මොන අන්දමේ පොරොන්දු ජනතාවගේ බොක්කටම වදින්නට ඇත්ද? දැන් කතිරයටත් වසර කිහිපයක් ගතව ඇත. හම්බන්තොට ජනතාවට බලපාන බරපතල ප්රශ්නයක් වන ඉඩම් පිලිබඳ ගැටලුව විසඳන්නට ඔහුට තම දේශපාලන ජීවිතයට වසර 25 ක් පිරෙන දිනය උදාවනකම්ම සිටීමට සිදුවීම ඛේදවාචකයකි. මේ වසර 25 ඇමතිවරයාට වැදගත් වන්නේ එම කාලය තුල තමන් වගා දිගා කරගත් ප්රතිලාභ නිසා වන්නට පුලුවන. ඉතින් තමන්ගේ කතිරය පූජා කර තමන්ට මේ නොසිඳෙනා උල්පත විවර කරදුන් හුදී ජනතාවට ආණ්ඩුවේ ඉඩම් තමන් ගනනේ, තමාගේ නමින් බෙදා දීමෙන් සතුට සමරන්නට ඇමතිවරයා පියවර ගන්නට ඇත.

 

මෙවන් ඉඩම් බෙදාදීම යමරෙට කෙරුනත් මේ ඔප්පුවල අන්තර්ගත වගන්තිවල මතුවන ගැටලු වෙනම සාකච්ඡා කල යුතුය. එකල ස්වර්ණ භූමි ඔප්පුවල මතුවූ නීතිමය ගැටලු දන්නේඒවාට මුහුණ පෑ අය පමනි.

 

මේ උත්සවයේදී ඔහු ඇමති මණ්ඩල මාරුව ගැන පවසා, තමන්ට හම්බන්තොට ජනතාවට සේවය කිරීම සඳහා මීට වඩා වැදගත්කමක් ඇති ඇමති පදවියක් ලැබෙතැයි අපේක්ෂා කරන බවද පැවසීය. ඊට හේතුව ධීවර රාජ්  අමාත්යවරයාද, පලාත් සභා ධීවර අමාත්යවරයාද හම්බන්තොට දිස්ත්රික්කයේම සිටීම බවද කියැවුනි. ඉන්දියන් සාගරයට එක පසෙකින් මායිම්ව පිහිටි හම්බන්තොට දිස්ත්රික්කයේ ගොවි ජනතාව මෙන්ම ධීවර ජනතාවද එක සේ බහුලව සිටිති. නමුත් මේ ඇමතිවරයාට ධීවර හා ජලජ සම්පත් අමාත් විෂය වැදගැම්මකට ඇති දෙයක් සේ පෙනී ගොස් නැත ! අනික අද ශ්රී ලාංකික ජනතාවට මාලු ආහාරයට ගන්නාවිට වැය කරන්නට සිදු වන මුදල මෙන්ම ධීවර කර්මාන්තය හා බැඳුනු අනෙකුත් ප්රශ්න ගැනද පෙනෙන විට ධීවර ඇමතිවරු සිටින ප්රමානය සමගම ධීවර කර්මාන්තයට අත්ව ඇති ඉරණම ගැන පුදුම සිතේ. මේවා වඩාත්ම සිතිය යුතු ධීවර ක්ෂේත්රයේ කටයුතුවල නිරතව සිටින අයයි.

 

අතර මේ දිනවල ශ්රී ලංකාව පුරා පැතිර යන ඩෙංගු වසංගතය මර්ධනය කරන්නට රජයට හදිසි අවශ්යතාවයක් පහලව ඇති බව පෙනී ගියේ මහජන සෞඛ් කාර්ය සහායක නිළධාරීන් පත්කර කාර්ය පැවරීම පිලිබඳ ප්රවෘත්තිය දුටු විටය. සඳහාත් උත්සවයක් පවත්වා, පත්වම් ලැබූ පිරිසට, තැඹිලි පාට ටී ෂර්ට් හා කැප් තොප්පි අන්දවා (ජනාධිපතිවරයාද ඇතුලුව) සෞඛ් ඇමතිවරයා වැඩෙ භාර දුන්නේ රාජකාරිය දේවකාරිය බඳු විය යුතු යැයි කියමිනි. මේ, රටේ විය යුතුම දෙයකට පවා මාධ් සංදර්ශන රඟ දක්වන අයුරුය. දහස් ගණන් ජීවිතය හා මරණය අතර සටනකට ඇද දමන ඩෙංගු වසංගතය මර්ධනය කිරීමට යොදා ගන්නා ක්රියා මාර්ගය උත්සවාකාරයෙන් පටන් ගත යුතුද? මෙවන් උත්සවයකට පවා නිකරුණේ මොන තරම් මුදලක් වැය වේද?

 

ඩෙංගු හෝ වෙනත් බෝවන වසංගත රෝගයන්ට හේතු විය හැකි අක්රමවත් කැලි කසල බැහැර කිරීමේ ප්රශ්නය මේ වන විට රට පුරා ඔඩු දුවා අවසන්ය. කාලයෙන් කාලයට මැතිවරණයකදී චන්ද ගුණ්ඩු ලෙස භාවිතා කල හැකි කුණු කඳුද රටේ විවිධ ප්රදේශවල දක්නට ඇත. මේවාටතිරසරවිසඳුමක් ලබා දීමේ වැඩ පිලිවෙලක්, අද වරින්වර අඬබෙර ගසා දියත් කරනතිරසරයන විශේෂණ පදය යෙදූ එකදු සංවර්ධන ව්යාපෘතියක් තුල වත් අන්තර්ගත වී නොමැත. එවන් ව්යාපෘතීන් ඇරඹී, යන දුර දිග දෙස බලන විට විසඳුමේ තබා ව්යාපෘති ක්රියාකාරකම්වල වත්තිරසරයන පදය අන්තර්ගතව ඇත්දැයි සැක සිතේ.

 

කැලි කසල බැහැර කිරීම පිලිබඳව නිසි විනයක් සහිත වැඩ පිලිවෙලක් ජනතාව අතරට ගෙන යා යුතුවාක් මෙන්ම කැලි කසලවලට කරන්නේ කුමක්දැයි යන්න පිලිබඳ ක්රමවත් සැලැස්මක් රජය සතුවද තිබිය යුතුය. මෙවන් වැඩ පිලිවෙලක් සකස්කර ජනතාව ඊට හුරු කිරීම, කසල මල්ලක් වාහනයක දමාගෙන ගොස් කොතැන හෝ අතහැරීම තරම් පහසු නොවන බව නිළධාරීන් වටහා ගත යුතුය. මේ පිලිබඳ වගකීම අර තැඹිලි පාට ටී ෂර්ට් ඇඳ කැප් තොප්පි පලඳා වැඩට බැස්සවූ අයට පමනක් සීමා වූවක් නොවේ. මෙවන් උත්සව අඬබෙර ගසා පැවැත්වීම තුල වගකීම එවන් පිරිසක් වෙත පැවරී ඇතැයි යන හැඟීම නරඹන අයගේ සිත් වලට කා වැදුනහොත් එහිද පුදුමයක් නැත.

 

මේ ආකාරයේ විනාඩියක දෙකක ප්රවෘත්ති තුල සිතනවා නම් සිතන්නට බොහෝ දේ තිබේ. නමුත් අද වන විට ජනතාවගෙන් බහුතරයකට යමක් විශ්ලේෂණාත්මකව සිතීමේ හැකියාවක් හෝ අවශ්යතාවයක් තිබේද? වත්මන් දේශපාලනය විසින් ජනතාව හුරු කර තිබෙන්නේ ඉතාම පටු අරමුණු කිහිපයක් සහිත ආත්මාර්ථකාමී ජීවන රටාවකටය. මහින්ද අමරවීර අමතිවරයාගෙන් ඔප්පුව ලබාගන්නා පුද්ගලයාට ඇති ලඟ ඉලක්කය එදින ගෙදර ගොස් රාත්රී ප්රවෘත්ති විකාශනයේදී තමන්ද පෙනෙන්නට සිටිනවාද යන්න බැලීම විය යුතුය. එතැනදී ඇමතිවරයා ඉදිරියේ තම කොන්ද කොපමන පාත් වෙනවාද යන්න හෝ තමා මේ කොන්ද පාත් කරන්නේ බොහෝ කලකට පෙර තමාට ලැබිය යුතුවූ දෙයකට මිස ඇමතිවරයාගේ පුද්ගලික ධනයේ ආනුභාවයෙන් තමන්ට ලැබෙන දෙයකට නොවන  බව එම තැනැත්තාට නොපෙනෙනවා සිකුරුය. මේ ආකාරයෙන් පෙරලුන පිට ගලපා ගන්නට තැත් දරනු මිස රටක අනාගතය, අඩු තරමින් තම පරපුරේ ඉදිරි අනාගතය ගැනවත් සිතා කටයුතු කිරීමේ අවශ්යතාවයක් කිසිවෙකුට ඇති බව නොපෙනේ.

 

කාලයෙන් කාලයට කුතුහලය දනවන විවිධ පුවත් ඇසේ. කාලයට දෙය අල්ලාගෙන උඩ පනින අතර කාලය ගත වීමත් සමග පුවත ජනතාවට මෙන්ම මාධ්යයටද අමතකය. අනුසාරයෙන් තමන් කතිරය ගසා පත්කර යැවූ දේශපාලකයාගේ වගකීම් සහ කාර්යභාරය ගැන කිසිවෙකුට අදහසක් තිබේද යන්න සැක සහිතය.

 

අද වන විට මිරියබැද්දේ හෝ අරණායක නාය යාම්වලින් අසරණව ගිය පිරිස පිලිබඳව යාවත්කාලීන වීමක් මාධ් මගින් සිදුවේද? අදටත් තාවකාලික කඳවුුරුවල වෙසෙන මේ පිරිසට තමන් අදහන ආගම දහම අනුව තම මලගිය ඥාතීන් සිහිපත් කරන්නටවත් හැකියාවක් නැති බව එවන් ඛේදවාචකයකට වසරක් පිරෙන්නට පෙරම ජනතාවට අමතකව ගොසිනි.

 

මෙවන් දෙයක් තම මාධ් සාකච්ඡාවකදීවත් මතු නොවන තැන අදාල ඇමතිවරුන්ට පහසුවෙන් ලිස්සා යාමට හැකිව ඇත. අසරණයින්ට කියන්නට ඉතිරිව ඇත්තේඑදා අපිත් මලා නම් ඉවරයිකියායි. මේ නිර්මල බුදු දහම ගැන මහ හඬක් නගන රටක විය යුතු දෙයක්ද? මෙය පාලක පක්ෂයේ මෙන්ම පාලන බලය ගන්නට බලා සිටින අයගේද වගකීමකි. තමන් වෙනුවෙන් රට පමනක් නොව ජාත්යන්තරය පවා නියෝජනය කරන බවට කයිවාරු ගසන අය අතින් මග හැරෙන මේ යුතුකම් වෙනුවෙන් හඬ නගන්නට සිදුව ඇත්තේ වින්දිතයන්ටමය. කොස්ගම සාලාව අවි ගබඩාව පිපිරීම නිසා උන් හිටි තැන් අහිමි වූ ජනතාවද මුහුණ දී සිටින්නේ මෙවන් තත්වයකටමය.

නමුත් කියන්නට තරම් දෙයක් තවම වී නැති ජනතාවට සිතන්නට නම් ඕනෑ තරම් දේ තිබේ. සංගීතවේදී වික්ටර් රත්නායකගේ දෙවන විවාහය! රංගන ශිල්පි සාරංග දිසාසේකරගේ විවාහය දෙදරා යාම! හිටපු ක්රිකට් ක්රීඩක චමින්ද වාස්ගේ දෙවන විවාහය!

 

මිනිසුන්ගේ හැඟීම්බර ස්වභාවය මේ අයුරින් හැඩ ගස්වන්නට මාධ් විසින්ද යම් කොන්ත්රාත්තුවක් කරනවා වත් දෝ කියා සැක සිතේ. නමුත් මාධ්යයක සැබෑ මෙහෙවර විය යුත්තේ ජනතාවට, හදවතට වඩා මොලය පාවිච්චි කරන්නට කියා දීමයි. ඔවුන් එය නොකරන තාක් පෙර පින් බලෙන් පාර්ලිමේන්තු ගිය ඇත්තෝ, වල බාගෙන නොව ඉහගෙනම කන්නට තව තවත් පෙලඹෙති.

 

ජනතාවගෙන් මුදල් එක් රැස්කර මහරගම පිලිකා රෝහල වෙනුවෙන් මිලට ගන්නට අපේක්ෂාකල පෙට් ස්කෑන් යන්ත්රය පිලිබඳ තොරතුරු ජනතාවටම අමතකව ඇති සේය. ජනවාරි 4 වන දින ටෙන්ඩරය අදාල සමාගමට ලබා දෙන බවත්, මාස 3 දී එය සාදා නිම කරන බවත් සෞඛ් අමාත්යංශ ලේකම්වරයා පැවසීය. මේ වන විටත් කිසිදු තොරතුරක් නැති වුවත් ලේකම්වරයාගේ ගණනය කිරීම අනුව තවත් මාස භාගයක් බලා සිටිය යුතුය. නමුත් පෙට් ස්කෑනරය මිලට ගැන්මට අදාල මුදල සම්පූර්ණ වූ බව දැනගත් අවස්ථාවේ ජනතාවගේ එම සද්කාර්යය පහත හෙලමින් සෞඛ් ඇමතිවරයා කතාකල අයුරු අද වන විට සියල්ලන්ට අමතකය. එදා ඔහු සඳහන් කල ජුලි මාසයේදී මෙරටට ලඟා වෙන බව පැවසූ රජයේ පෙට් ස්කෑනරය කොහිදැයි අසන්නට කෙනෙක් නැත. එවන් එකක් ගෙනාවා නම් ගැන උත්සවයක් නොපවත්වා සිටීවි යයි සිතිය නොහැක. ජනතාවගේ මේ ස්වභාවය ගැන දන්නා දේශපාලකයින් තමන් අතින් විය යුතු යුතුකම්ද ජනතාවගේ කර මත පටවන්නට තැත් කරති.

 

හම්බන්තොට ඉඩම් බෙදා දීමේ උත්සවයේදී මහින්ද අමරවීර ඇමතිවරයා තවත් අපූරු කතාවක් කීය. පලාතේ වැඩ වසන සංඝයා වහන්සේ නමක්, තමන්ට බුද්ධ ශාසන ඇමති පදවිය ලබා දෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ බව පැවසූ ඔහු බුද්ධ ශාසන ඇමතිව තමන් ජනතාවට මොනවා කරන්නද කියා විමසුවේ සෝපාහාසී සිනහවක්ද සහිතවය. මේ බුද්ධාගම ගැන ඇමතිවරයාගේ ඇති ආකල්පයයි. බුද්ධ ශාසන ඇමති තනතුර ගැන සන්ධානයේ මහ ලේකම්වරයාගේ දැක්ම මෙබඳු නම්, එවන් තනතුරක් ඇතිකර, අමාත්යංශයක් පිහිටුවා වාහන, කාර්ය මණ්ඩල සඳහා ගෙවීම් කරමින් අයවැයෙන් කොටසක් ඊට වෙන් කරමින් ගෙන යන වැඩ පිලිවෙල ඔහු අනුමත කරනවාද? මේ ප්රකාශය තුලින් පෙනෙන්නේ ඔහු ජනතාව සහ ආගමික කටයුතු ගොඩවල් දෙකකට ලා සලකන බවය. මේ න්යායම අනිකුත් ආගම් කටයුතු පිලිබඳ අමාත්යංශවලටද බලපානු ඇත.

 

අද ශ්රී ලාංකික ජනතාව පත්ව ඇති තත්වය දෙස බලන විට ඊට ප්රධන හේතුවක් ලෙස දැකිය යුත්තේ ජනතාව ආගමික සංකල්ප තුලින් වෙන්ව සිටීමයි. ආගමික දර්ශනය සැබෑ ලෙස වටහා ගන්නේ නම් ආගම් මුල් කරගෙන එකිනෙකා සමග කා කොටා ගැනීම නවතිනු ඇත. සමාජය තුල විනය, බුද්ධිය වර්ධනය වනු ඇත. මේ ආගමික කටයුතු විෂය භාර ඇමතිලා ආගම් ගැන සිතනු ඇත්තේද වෙන් වෙන් වශයෙනි. සංඝයා වහන්සේලා සහ අන්යාගමික පූජකවරුන් සිටින්නේ තමන්ට ආශීර්වාද කර පිරිත් නූල් බඳින්නට හෝ රෙදි පෙරවන්නට පමනක් යයි මොවුන් සිතා සිටිනවා සේය.

 

අද දේශපාලකයන් හා බහුතරයක් මාධ්යයන් එක්ව ජනතාව පටලවා ඇති පඹගාල දකිනවිට, තුල ජනතාවගේ දුර දක්නා නුවණ සහ විශ්ලේෂණාත්මක කුසලතාවන් මොටවී යන අයුරු පෙනෙන විට හැඟෙන්නේ කුමක්ද? තමන් දකින දේ ඔස්සේ කෙටි තීරණ වෙනුවට මේ පුංචි පුංචි පුවත් තුලින් පවා සමාජය ඇදගෙන යන ක්රමය විශ්ලේෂණය කිරීම අරමුණු කරගෙන ජනතාව කාණ්ඩ ගතකර බුද්ධිමය සංවාදයක් ගොඩ නැගීමක් දැන්වත් ඇරඹෙන්නේ නැත්නම් රටේ ඉදිරි තත්වය ගැන සිතීමද නිශ්ඵල වනු ඇත.

මුහුණු පොතේ අපූරු කියමනක් දුටිමි.

 

    ‘අරගල කල යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාවක් කිසි විටෙක පාදඩ පාලකයන්ට එරෙහි නොවේ.’

 

මම ඊට යමක් එක් කරමි. මේ අරගල කරන්නන්ගේ අරමුණ සුපිරිසිදු විය යුතුය. නොඑසේ නම් සිදුවනු ඇත්තේ අරගල කරන්නන්ගේ න්යාය පත්රයට අනුව වැඩ කරන පාලකයන් පිරිසක් බිහිවීමය. ඉන් සිදුවන වෙනසක් නොවනු ඇත.

 

ඊට හොඳම උදාහරණය නම් 2016 දෙසැම්බර් 11 වන දින සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් පැවැත්වුනනීතිය හදන්න කලින් ඔලුව හැදීමසම්මන්ත්රණයේදී කියැවුන කාරණාවකි.

සහෝදරවරුනි, අද සමහරු කියනව තවම වංචා දූෂණ වෙනව. මහින්ද රාජපක්ෂ පරාජය කිරීම එක විප්ලවයක්. එදා විප්ලවය නොකල නම් අද අපට මෙහෙම කතා කරන්න බැහැ. ඉතින් විප්ලවය වෙනුවෙන් යූඇන්පී එක බැංකුවක් කැඩුව නම් මම ඒකට එකඟයි

එබැවින් මෙවන් විප්ලවවාදීන්ගෙන් ඔලුව බේරාගෙන තම ඔලුව හදා ගැනීම සඳහා තමන්ටම තිබෙන බරපතල වගකීම වටහා ගැනීම පලමුවෙන්ම සිදුවිය යුත්ත වේ.

One Response to “ඔලුව හදනකම් නොසිට ඔලුව පාවිච්චි කරමු !”

  1. Christie Says:

    තේජා ඇතුලු මෙම වෙබ් අඩවියට ලියන අයට :

    ඉන්දියාව සින්හලයා වල දැමීමේ අවසාන මොහොත ලඟට ඇවිල්ල වගේය.

    ඉන්දියාවට හා ඉන්දියානු පරපෝසිතයනට පහර දෙන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress