සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය
Posted on April 4th, 2017

නලින් ද සිල්වා

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒබ්‍රහම් සුමන්තිරන් ඊයේ ඩේලි මිරර් පුවත්පතට කළ ප්‍රකාශයකින් කියැවෙන්නේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව බලය බෙදීමට එකඟ වී ඇති බවයි. මේ අමූලික අසත්‍යයක් බව දිනේෂ් ගුණවර්ධන නිකුත් කර ඇති පණිවුඩයකින් කියැවෙනවා. පසුව ඒබූහම් සුමන්තිරන් තම ප්‍රකාශය නවමින් කියා ඇත්තේ තමා ප්‍රකාශ කෙළේ ආණ්ඩු පක්‍ෂ නායකයන් ඒ ගැන ජනාධිපති සමග සාකච්ඡා කළ බවයි.

එහෙත් මේ ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ සුමන්තිරන්ලා අනුගමනය කරන වංක ප්‍රතිපත්තියයි. ඔහු ඩේලි මිරර් පත්‍රයට කරන ලද ප්‍රකාශය දිනේෂ් ගුණවර්ධන ප්‍රතික්‍ෂෙප කිරීමත් සමග තම ස්ථාවරය වෙනස් කර ගෙන. ඔහු ආණ්ඩු පක්‍ෂ නායකයන් ගැන කරන ප්‍රකාශය පැහැදිලි නැහැ. සුමන්තිරන් සඳහන් කරන්නේ කා ගැන ද? දෙමළ ජාතික සංධානය ආණ්ඩු පක්‍ෂයේ ද? නැත්නම් ආණ්ඩු පක්‍ෂයේ නායකයන් සුමන්තිරන් ගැන ඔය කතා කීවේ ද? එකක් කඩතොළු මකා ගන්නට ගිය ආචාරියා ගැන දෙමළ මෙතෝදිස්ත ඒබ්‍රහම් සුමන්තිරන්ට කියා දීමට කිසිවකු නැත් ද?

කලකට ඉහත මා සර්වපාක්‍ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡාවලට සහභාගි වුණා. එහි වාර සියයකට වැඩි ගණනක් රැස්වීම් පැවති නමුත් කිසිම තීරණයකට එළඹීමට බැරි වුණා. වරක් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට දීමට ප්‍රකාශයක් සූදානම් කළ විට අප එයට තදින් විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත කමිටුව ම ජනාධිපති මුණ ගැසුණා. එහි දී මා ඉතා තදින් කතා කළ විට සමහර ඇමතිවරුන් මා දෙස ඔරවා බැලීමට තරම් කාරුණික වුණා. ඔවුන් සමහරකු අද යමපාලන ආණ්ඩුවේත් ඇමතිවරු. කෙසේ වෙතත් මහින්දගේත් විරුද්ධත්වය මත ඉඩම් හා පොලිස් බලතල කතාව ඉවත් කර ගත්තා.

 මා එම කමිටුවේ කටයුතු කෙළේ හමුදා ජයග්‍රහණයක් තෙක් කල් මැරීමට පමණයි. හමුදා කිලිනොච්චියට ඇතුල් වීමෙන් පසු මා එහි රැස්වීම්වලට සහභාගි වුණේ නැහැ. ජයග්‍රහණය ගැන මට විශ්වාසයක් තිබුණා. මා ඉවත් වීමෙන් පසු තිස්ස විතාරණ කමිටුවේ වාර්තාවක් කියා ලේඛනයක් ජනාධිපතිට යවා තිබෙනවා. එහෙත් ඒ කමිටු වාර්තාවක් නොවෙයි. එය සලකා බැලිය යුතුවත් තිබුණේ නැහැ. විය යුතු පරිදි ම ජනාධිපති එය ගණන් ගෙනවත් නැහැ. ජනාධිපති වාර්තාවට ප්‍රතිචාර නොදක්වන්නේ යැයි කියමින් කමිටුවේ එවකට තොණ්ඩමාන් නියෝජනය කළ යෝගරාජා හා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ කාරියප්පර් ඒ දෙදෙනාගේ ලේඛනයක් ජනාධිපතිට යවා තිබෙනවා. ඒ දෙදෙනාගේ ලේඛනයක් කොහොමටවත් කමිටු වාර්තාවක් වන්නේ නැහැ. ඒ දෙදෙනා කුමක් කීවත් කමිටුව නිල වශයෙන් වාර්තාවක් යවා තිබුණි නම් ඔවුන්ට  එවැනි ලේඛනයක් යැවීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ. එහෙත් ජාතික ව්‍යාපාරයේ කිහිප දෙනකු මා ද ඊනියා වාර්තාවකට අත්සන් තබා ඇත කියා වැරදි ප්‍රචාරයක් ගෙන ගියා. ඔවුන්ට අවශ්‍ය වූයේ මට විරුද්ධව පෝස්ටර ද අලවා මා අපකීර්තියට පත්කිරීමයි. සර්වපාක්‍ෂික නියෝජිත කමිටුව මා ඉන් ඉවත් වීමට පෙර සියළු දෙනාගේ අත්සනින් වාර්තාවක් නිකුත් කර නැහැ. ඉඩම් හා පොලිස් බලතල ගැන නිකුත් කිරීමට තිබූ ප්‍රකාශයත් අපේ මැදිහත් වීමෙන් නැවතුණා.

සුමන්තිරන් නැවතත් පෙන්නුම් කර ඇත්තේ දෙමළ ජාතිවාදීන් ක්‍රියා කරන අන්දමයි. ඔවුන් කියන කරන දෙයෙහි නිල වටිනාකමක් නැහැ. එහෙත් මේ කමිටුවලට සහභාගි වීමෙන් කමිටුවල අනෙක් සාමාජිකයන් ද යම් යම් දේට කැමති වී යැයි කියමින් ඔවුන්ට ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාව ලැබෙනවා.  අද සුමන්තිරන් ඊනියා මෙහෙයුම් කමිටුව සම්බන්ධයෙන් කරන්නේ එයයි. ඔහු මෙහෙයුම් කමිටුවේ නම විකුණමින් බලය බෙදීමට එකඟතාවක් ඇතැයි කියනවා. සුමන්තිරන්ගේ ඩේලි මිරර් ප්‍රකාශයෙන්වත් ඒකාබද්ධ විපක්‍ෂය පාඩමක් ඉගෙන ගත යුතුයි.

දෙමළ ජාතිවාදය පදනම් වන්නේ බොරුව හා බොරුව මත පමණයි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇතැයි කියන ඊනියා අසාධාරණකම් මොනවාදැයි දෙමළ ජාතිවාදීන් කිසි දිනෙක කියන්නේ නැහැ. ඊළමකට යෑමට බලාපොරොත්තුවෙන් සිටින හීනමානයෙන් පෙළෙන සිංහල විරෝධී පඬියන්වත් ඒ අසාධාරණකම් මොනවාද කියා කියන්නේ නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් අසාධාරණකම් ඇතැයි කීම පට්ටපල් බොරුවක්. වෙල්ලාලයන් 1949ට පෙර සැමදාමත් උත්සාහ කෙළේ මුළු රටේ ම නායකයන් බවට පත්වීමට. මෙය ඇතැම් සිංහල ජාතිකවාදීන් ද අමතක කරනවා. ඔවුන් කීමට උත්සහ කරන අන්දමට වෙල්ලාලයන්ගේ තිබුණේ කුල ප්‍රශ්නයක් පමණක්. එය වැරදියි.  වෙල්ලාලයන් සිංහල විරෝධී තැනට මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසින් විසින්. ඇතැම් ජාතිකවාදීන් ප්‍රශ්නයේ ආරම්භයේ ඇත්තේ සුද්දන් බව දැකීමට කැමති නැහැ. එබැවින් ඔවුන් සුද්දන් බේරා වෙල්ලයන් පිට පමණක් වරද පැටවීමට උත්සාහ කරනවා.

දෙමළ ජාතිවාදී ප්‍රශ්නය පිටුපස ඇත්තේ ඉංගිරිසින්. වෙල්ලාලයන් කෝරමණ්ඩල වෙරළෙන් ගෙනැවිත් යාපනයේ බලවතුන් කිරීමෙන් ලනදේසීන් මුලික වරද කළා. ඉංගිරිසින් ප්‍රශ්නය මෙහෙයවූවා. ප්‍රශ්නය කළමනාකරනය කළා. අදත් ජෙනීවා සම්මේලන හා විසිරුණු දෙමළ ජනයා මෙන් ම සිංහල විරෝධී විග්නේස්වරන් පිටුපස ඉන්නේත් ඉංගිරිසින්. සිංහල විරෝධී විග්නේස්වරන් උතුරු මුහුද සිංහලයන්ට අහිමි කිරීමට සූදානම් වෙනවා. විග්නේස්වරන්ට ඇත්තේ ඥාතිත්වයෙන් තම සීයලා වූ අරුණාශලම්ලාට තිබූ සිංහල විරෝධයයි.

ව්‍යවස්ථා මණ්ඩලයේ සේවය කිරීමෙන් කවදා නමුත් ඒකාබද්ධ විපක්‍ෂය අමාරුවේ වැටෙනවා. ඔවුන් පක්‍ෂ නොවූ තීරණ ඔවුන්ගේ කරපිට ද දැමීමට දෙමළ ජාතිවාදීන් කටයුතු කරාවි. සුමන්තිරන් ඊයේ කළ දේ හෙට ද කරාවි. මෛත්‍රිපාල මොනවා කිවුවත් කරත් රනිල් ව්‍යවස්ථා මණ්ඩලය හා  ජනමත විචාරණයකින් පමණක් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කරන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. එදිනට ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමාද වූවා වැඩි බව පැහැදිලි වේවිි. අද කළ යුත්තේ සුමන්තිරන්ලාට කුද ගසා ගැනීමට කියා ඒකාබද්ධ විපක්‍ෂය සමස්ත ව්‍යවස්ථා මණ්ඩලයෙන් ම අස් වී එකි මණ්ඩලයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීමයි. එහෙත් එය මාධ්‍ය සංදර්ශනවලින් පමණක් කරන්න බැහැ.

නලින් ද සිල්වා

2017 අප්‍රේල් 04

One Response to “සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය”

  1. Ancient Sinhalaya Says:

    Traitor catholic run UNPatriotic party of course supporting their catholic buddy abrham sumnathiran. Just like they
    did all they could to support their buddy hitler mala paharan. There is no surprise he is running to daily news. We are sure traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Batalande Wadakaya pol pot r@nil wickramaSinhala killer is giving his fullest support to brethren.

    These catholic tamils were discriminated/being discriminated by the majority hindus. They found a novel way to
    fight it. Fight Sinhalese and show their muscle and hindus automatically submit to them. That’s what catholic buddy
    hitler mala paharan did. It worked. So these cancers doing the same thing.

    Write in tamil, go to university (through
    back door?, medicine, engineering, law preferred of course) depriving Sinhalese students’ their fair share, qualify,
    straight away start stabbing Mother Lanka. Ungrateful …..

    If These traitor cancers not happy, they should leave Sri Lanka and go to where they came from ask for their
    drealam in tn. Nobody going to stop you. Nobody going to miss you. Nobody going shed a tear for you. Never
    enough, never happy, never grateful, never loyal, never Sri Lankan. Why? Because their hearts, minds, loyalties
    all in hell hole tn. Go there for xxxx’s sake.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress