සිංහලේ ගැන ඉගෙන ගන්න කරුණු ටිකක්    2
Posted on April 12th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න (මගේ ”’ජාතිය පාවාදීම ”’ පොතේ කොටසක් ”))

 1832 දී රාජකාරිය තහනම කිරීමේදී  එය වැඩවස ම් ක්‍රමයකට අයත් වහල් සේවයක් බව ඉංග්‍රීසීන් විසින්  ප්‍රකාශ කරන ලදී  මතු පිටින් මහා සාධාර නයක් කරන බවක්  අඟවමින්  මොවුන්ගෙන් සමහරෙකු කටයුතුකලේ  වෙනෙකක් සිතතුළ සඟවා ගෙනය .. ඔවුන් සිතුවේ  රාජකාරි ක්‍රමය  තහනම් කර  කුලී  සේවකයන්  ඇති කිරීමේ ක්‍රමයක් ඇති කලවිට  ඔවුන්ගේ වතු වගාවන් සඳහා  අවශ්‍ය තරම් කුලීකාරයන්  සිංහලයන්ගෙන් ලබා ගත හැකිවනු ඇති බවය්  .එහෙත් සිංහලයෝ කුලීයට අනුන්ගේ වැඩ කිරීමට කැමති වුයේ නැත . . රාජකාරි ක්‍රමය යටතේ ඔවුන් යෙදුනේ  තම සමාජයේ පොදු වැඩ වලය . එය යුතුකම් ඉටුකිරීමක් ලෙස ඔවුහු සැලකුහ ..ඉංග්‍රීසින් යටතේ කුලීවදට  අකමැතිවීම  උගතුන්විසින්  අර්ථකථනය කරන ලද්දේ   ”’ සිංහලයන්ගේ උප්පත්ති  කම්මැලි කමක් ”’ ලෙසය .(. ජී  සී මෙන්ඩිස් ගේ ඉතිහාසපොතෙන්  මෙය ලියන මම ඉගෙන ගත්තෙත් එසේය >).එහෙත් එය සත්‍ය වශයෙන් නම් ”’ස්වයං පෝෂිත මිනිසෙකුගේ  අභිමානය ””’ ලෙස හැඳින් විය යුතුයය් මම දැන් සිතමි .

             ජනතා සේවය යය උඩින්  පෙන්වුවත් රාජකාරි ක්‍රමය අහෝසි කිරීමේ යටි අරමුණක් වූ බව ඉමර්සන් ටෙනන්ට් ගේ  මේ ප්‍රකාශයෙන් පෙනී යය් . ….”’….දේශීය ප්‍රභූවරු ට්ටේ රැකියා  හා ජීවනෝපාය  ක්‍රම විෂයෙහි දැක වන  බලපෑම හැකි තරම් පාලනය කිරීම මම නිර්දේශ කරමි . එසේ කරන්නේ මුදල්  ආදායම ගැනම සිතා නොව  බලය තහවුරු කරගැනීම  හා ආධිපත්‍යයේ  අභිමානය අපට වැදගත් නිසාය …..බ්‍රතාන්ය පාලකයෝ  ගම් ප්‍රධානීන් ගේ බලතල කප්පාදු කිරීමට හා  නිලනාම අවලංගු කිරීම……..ආදී කටයුතු  කර ඇති අතර  මහජනතාව  කෙරෙහි විශේෂ  ආධි පත්යයක්  පැතිරවීමට ඇති අවස්තාව නැති කිරීම සඳහා  රාජකාරි ක්‍රමය  නැති කිරීම විශේෂ වේ ..,,,””’

       වර්තමාන සිංහල තරුණ තරුණියනි පාසලේ ඉතිහාසපොතෙන්  මෙතෙක් ඔබ ඉගෙන ගත්තේ ඉංග්‍රීසින් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි ලියන ලද ඉතිහාසයය් සිංහලේ වැඩවසම් ක්‍රමයක්  තිබු නේයය් ද රාජකාරි ක්‍රමය යනු වහල් ක්‍රමයක් යය් ද ඔබටත් මටත් කළු සුද්දන් විසින් උගන්වා ඇත . .අපව ගිලගත් මේ මිෂනාරී අධ්‍යාපනයෙන් කුරුවල් වී සිටි මම නම් ඉන් ගැලවුනෙමි .ඔබට ගැලවීමක් නැත්තේ ඔබ තවමත් මේ මිෂනාරී අධ්යාපනය්යේ හිරකාරයෙක් නිසය් .රජය ඔබෙන් ඉතිහාසය වසන් කරය්.

                                                             ඉන්ග්රීසින්ටත්  උන්ගේ වහලුන් වූ කළු සුද්දන්ටත් එදා සිංහලේ ”රාජකාරිය ”නම්වූ තමන්ගේ වැව පන්සල තමන් විසින් නඩත්තු කර ගැනීම රට රැකගැනීම ආදිය වහල් ක්‍රමයක්සේ පෙනුනත් බටහිර ධනවාදී ක්‍රමයේ ස්වාමි සේවක සබඳතාව යටතේ වැටුප් ලබන  ”කුලී කාරයා ”ට ඔහු ගේ ”’ ‘නව’රාජකාරිය දේවකාරියක්”’ලෙස උගන්වනලදී .”’රජතුමා   ආගම හා වැසියා සමග ඒකීය  භාවයට ‘පැමිණීමේ ”’එදා සම්ප්‍රදාය  වෙනුවට පැරණි රාජකාරිය  අහෝසි කිරීමෙන් පසුව ස්වාමි සේවක  සම්බන්ධතාව ඇතිවී ම නිසා  සේවයේ තෘප්තිය පලාගියේය .

                                                සිංහලයාට ඇති එකම රට රක ගැනීමට නම්,,, ලෝකයේ මේවනවිට ඇති ශ්‍රේෂ්ටතම සංස්කෘතිය රක ගැනීමට නම් සිංහලයා ලෝකයේ අනෙකුත් බලවේගයන් අතරේ දියවී යාම නතර කර කර ගැනීමට අවශ්‍යනම් සිංහල බෞද්ධයෝ එකට එකතුවී දැනට බලවත් වී සිටින සියලු දේශපාලන හා ශාස්ත්‍රීය  මිෂනාරී බලවතුන් ගේ ග්‍රහණයෙන් මිදිය යුතුය .දේශප්‍රේමිත්වය දියාරු කර අපි ස්මාට්  වෙමුයය් කියන්නේ ඔබ යලිත් ඉතිහාසය හදාරා සත්‍යය සොයා යනු වැලක් වීමටය . මේ ප්රෝඩා තන්ත්රවාදයය්.,,,,  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress