මේ කොයි යන්නේ සෛටම් යන්නේ?
Posted on April 14th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඉතිහාසයේ කළු අකුරින් සටහන් වෙන දුෂිතම රජය බිහිව ගලායමින් පවතී. මේ රජය බිහි කිරීමට හා පවත්වා ගෙන යාමට අවැසි විවිධ ආකාරයේ ව්‍යාපෘතීන් රාශියක්, පරගැති දේශපාලන ප්‍රජාවගේ මුලිකත්වයෙන් නිර්මාණය කර පවත්වාගෙනයාම අප නිතරම දකින සිදුවීම් අතර ඇත. මේ ව්‍යාපෘතීන් ඉතාමත් සුක්ෂම ලෙස නිර්මාණය කරන ලද බැවින්, මෙරට ජනතාවට එකවර මේවායේ ඇති සැබෑ ස්වරුපය හදුනාගත නොහැක. මේ වනවිට මේ පාලනය සුරකින ප්‍රබලම මෙවලම බවට, “සෛටම් අර්බුදය” නම් වූ දේශපාලන නිර්මාණය ඉදිරිපත් කර ඇත. තවද එය ඉතා සාර්ථකව පවතින යහපාලන රජයට ඉදිරියට ගලායාමට ඇවැසි පසුබිම සකස්කරදී ඇත. මෙවන් තත්වයක් තුලදී, කල යුත්තේ කුමක්දැයි යන්න මෙරට ජනතාවට පහදාදීම එතරම් පහසු කටයුත්තක් නම් නොවේ. අප මේ දෙස නිහඩව බලා සිටිනවාද? නැත්නම් දකිනදේ හා අපට පෙනෙන දේ පවසනවාද යන දෙමන්සලම තුලට වී බලා සිටින මේ මොහොතේ, පවතින තත්වයන් අපට බලකර සිටින්නේ, ජනතාව පිළිගත්තද නොගත්තද මේ සිදුවෙන දේශපාලන නාඩගම සම්බන්ධව, අප දරණ මතයද ඉදිරිපත් කරන ලෙසයි.

මේ දේශපාලන රංගනයේ, පෙරමුණු බල ඇණිය වන්නේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංවිධානයයි. ඔවුන් සටන් පාඨය බවට පත් කරගෙන ඇත්තේ, “නිදහස් අධ්‍යාපනය සුරකිමු” — “අධ්‍යාපනය පවුද්ගලික කරණයට කිරීමට එරෙහිව සටන් කරමු යන්නය” මේ සටන් පාඨය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ යුගයේදී ආරම්භව මහින්ද රාජපක්ෂ යුගය පසු කරගෙන විත්, යහපාලන යුගයේදීද දේශපාලන කරලියේදී දිදුලන සටන් පථයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකීය සමාජයේ ජීවත්වෙන අපද විවිධ තත්වයන් යටතේ, විවිධ යුගයන්හිදී මේ සටන් පාඨයන් හා සමීප සම්බන්ධතාවයන් ඇතිව කටයුතු කොට තිබේ. තවද ඒ ඒ යුගයන්හිදී, විවිධ තලයන් තුලදී කටයුතු කොට අපටම ආවේනික වූ අත්දැකීම් වලින්ද පෝෂිතව සිටින්නෝ වෙමු.

සෛටම් යනු මේ යුගයේ, ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකි. මේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව,
1. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සටන් වදින අතර,
2. අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිධානයද සටන් කරයි.

පළමුව මෙරට ජනතාව අවබෝධ කරගත යුත්තේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සටන හා අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිධානයේ සටන,  සටන් දෙකක් මිස  එකම සටනක් නොවන බවයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ, මෙය නීත්‍යනුකුලව ලෙස වෛද්‍ය විද්‍යාලයක් ලෙස ස්ථාපිතව නැති බව හා මේ වෛද්‍ය විද්‍යාලය හා බද්ධව ඇති ශික්ෂණ රෝහල නිසි ප්‍රමිතියකින් තොර බැවින් ගුණාත්මක වෛද්‍යවරයකු මේ පවතින තත්වය යටතේ,මෙයින් බිහිකළ නොහැකි බවයි. මේ අනුව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා සිටින මේ වැදගත් කරුණු දෙක සම්පුර්ණ කිරීම තුලින් මේ අවුලේ, වර්තමාන පදනම විනාශ කොට දැමිය හැක. නමුත් මේ විද්වත් සභාව පෙන්වා දෙන අඩුපාඩුව නිවැරදි කර එහි ඉගෙනුම ලබන සිසු දරුවන්ට තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනංවා ගැනීමට ඉඩ සලසනවා වෙනුවට, අර්බුදයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් වෛද්‍ය සභාව ප්‍රකෝප කිරීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටි. ඒ සමගම, අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිධානයද, තමන්ගේ සටන් පාඨත් සමග මේ සටන හා බද්ධව ඇත. දැන් හැමෝටම පෙනෙන්නේ, මෙය එකම සටනක් ලෙස මිස සටන් දෙකක් ලෙස නොවේ.

මේ රටේ උගත් බුද්ධිමත් දේශපාලනීකරණය නොවූ වෛද්‍ය සභාව, සිය වෘත්තීය ගවුරවය සුරකින ආකාරයට වෛද්‍යවරුන් බිහිකිරීම කළමනාකරණය කරන ලෙස සටන් වදින මොහොතේම, එය පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බැවින්, එය වසා දමන ලෙස, අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිධානය බලකර ඉල්ලා සිටි.

 මේ පවතින තත්වය අපව කැදවාගෙන යනු ලබන්නේ, වර්ෂ 1982-1984 යුගයටයි. ඒ අද වෛද්‍ය සභාව ඉල්ලා සිටින කරුණු සියල්ලක්ම සම්පුර්ණ කරන ලදුව, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේද, පුර්ණ සහය ඇතුව ඉතා වැදගත් වෛද්‍යවරයකුගේ මුලිකත්වයෙන් ගොඩනංවන ලද රාගම පිහිටුවන ලද පවුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙතය. මේ වෛද්‍ය විද්‍යාලය රාගම රෝහලට අනුබද්ධව ආරම්භ කල අතර, බොහොම ප්‍රථමික තත්වයේ ගොඩනැගිලි  සංකීර්ණයක් තුල පළමු අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී. මේ වෛද්‍ය විද්‍යාලය වැඩිදියුණු කිරීමේදී, එහි, Auditorium and Library ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ව්‍යාපෘතියට සහකාර ව්‍යපෘති කළමනාකාරවරයකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යක් මටද උදාවිය. තවද  එහි ඉදි කරන ලද නව ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුතුද වලටද සහකාර ව්‍යපෘති කළමනාකාරවරයාගේ කාර්යභාරය ඒ ඉදි කිරීම් සමගම යටතේම නිම කිරීමේ භාග්‍ය ලද්දෙමි. මා මේ ඉදිකිරිම කටයුතුවල දී සිටින කාලයේදී, මා දැරූ දේශපාලන මතයට අනුව, මගේ සටන් පාඨය වුයේද, “නිදහස් අධ්‍යාපනය සුරකිමු” — “අධ්‍යාපනය පවුද්ගලික කරණයට කිරීමට එරෙහිව සටන් කරමු යන්නය” යන්නයි. පවුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට එරෙහි මතවාදයක සිටින අයෙකුට, හිමිවූ සුවිශේෂ වරමක් ලෙස එය මම සලකන අතර, මා සේවය කල ඒ කාල පරිච්චේදයේදි උගෙනීම කරමින් සිටි සිසු දරුවන් වෛද්‍යවරුන් බවට පත්ව විදේශයන්හිදී සේවය කරනවිට ඔවුන්ගෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමේ, භාගයද ලැබීමද,මා ලද තවත් සුවිශේෂී වරමක් ලෙස ම්ම් විශ්වාස කරමි. නමුත් දැඩි මතධාරින්ව සිටි අප, අපගේ මතය වූ “නිදහස් අධ්‍යාපනය සුරකිමු” — “අධ්‍යාපනය පවුද්ගලික කරණයට කිරීමට එරෙහිව සටන් කරමු” යන මතයෙහිම එල්බගෙනම සිටියෙමු. අපේ අත්දැකීම් වලට අනුව, එදා එම සිසු දරුවන්ට කිසිදු රජයේ වෛද්‍ය හෝ හෙදි කාර්ය මණ්ඩලයෙන් පහත් ආකාරයේ සැලකීම වලට මුහුණදීමට  සිදුවුයේම නැත. තවද ඔවුනට වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීම සදහා වැයවුයේ ලක්ෂ පහක් පමණ මුදලක් බවද කිව යුතුව තිබේ. ආරම්භයේ පටන් මෙය රජයට පවරා ගන්න තෙක්ම, මෙයින් බිහිවුයේ ඉතා හොද වෛද්‍යවරුන්ය. නමුත් එදා ඒ සටන ගෙනගියේ, එවකට පවතී ධර්මිෂ්ට රජයට එරෙහිව සිටි, අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිධානය හා රාජ්‍ය විරෝධී ජනතාව විසිනි.

එදා සිට මේ වනවිට වසර 34ක කාලයක් ගෙවී ගොස් ඇත. එදා මෙරට සිසු පරපුර රාගම පිහිටවූ පවුද්ගලික විද්‍යාලයට එරෙහිව සිදුකල සටන ජය ගත්හ. ඒ දකින හා පෙනෙන්නට ඇති මායාවක් බව වටහා ගැනීමට හැක්කේ කාලයක් ගතවූ පසුවය. තවද “නිදහස් අධ්‍යාපනය සුරකිමු” — “අධ්‍යාපනය පවුද්ගලික කරණයට කිරීමට එරෙහිව සටන් කරමු යන” සටන් පාඨය යටතේ දිවි දුන් සිසු පරපුරේ සංඛ්‍යාත්මක අගයක් කිසිවෙක් දන්නේද නැත. අද තවත් පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිව ඇත. එයට එරෙහිවද, පරණ සුපුරුදු සටන් පාඨය එලි දක්වා ඇත. නමුත් එදා සිට මෙදා දක්වා ආ ගමනේදී, අප දුටු දේවල් සිහිකරමින් පුරුකෙන් පුරුක විශ්ලේෂණය කරන විට, අපට තව දුරටත් සුරකින්න නිදහස් අධ්‍යාපනයක් ඉතිරිව තිබේද යන පැනය ඉදිරියේ නිරුත්තර වීමට සිදුව තිබේ, ඇත්තටම, අපට සුරකින්න නිදහස් අධ්‍යාපනයක් ඉතිරිව නැත. මෙය කතා කලයුතු ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ, නැති දෙයක් සුරකින්න වර්තමාන විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය පරපුරව මෙහෙයවන්නේ කවුද? ඒ ඇයි? යන ප්‍රශ්න සම්බන්ධව මෙරට ජනතාව අවබෝධයක් ලබාගත යුතුමය. මේ අරගලය පෝෂණය කරන අයම එහි පලද නෙලාගන්නා බව කිව යුතුව තිබේ. ඒ අනුව වර්තමානයේ පවතින මේ රජය බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කල අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිධානය විසින් මේ සිදු කරන්නේ, තමන් බලයට පත්කළ රජය ආරක්ෂාකරගෙන යාමේ සටනයි. මේ සටනට ශක්තිය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණද, එහි ව්ත්තිය සමිතිද මේ වනවිට පෙරමුණ ගෙන ඇත. වර්තමානයේ මේ සිසු සංවිධාන  හා වෘත්තීය සමිති මෙහෙයවනු ලබන්නේ, ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වය විසින්ය. විශ්ව විද්‍යාලයට ඇතුලත් වනවිටම නවක වාදයෙන් පෝෂණය කර දීනත්වයෙන් බවුතිෂ්ම කරනු ලබන මේ සිසු දරුවන්ට නිදහසේ අධ්‍යාපනය සිදුකරගෙන යාමට වරම් අහිමි කරන අයම, නිදහස් අධ්‍යාපනය සුරකිද? යන පැනය යලි යලිත් ඇසිය යුතුව ඇති අතරම, යුද්ධයේ තීරණාත්මක මොහොතේ, වැඩවර්ජන රැල්ලක් දියත් කිරීමට වෙර දැරූ, රට ගැන නොසිතනවුන්, රටේ සිසුන්  සම්බන්ධවත්, රෝගීන් සම්බන්ධව සටන්ව්දිය යන්නද  මිත්‍යාවකි.

මේ වන විට, තම අතීත සටන් සගයන්ට නිගාදෙමින්, ඒ සගයන්ගේ ඝාතකයින්ව, බලයට ගෙන ඒමට; ඒ සටන් සගයන් බිහි කල අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංගමයම “නිදහස් අධ්‍යාපනය සුරකිමු” — “අධ්‍යාපනය පවුද්ගලික කරණයට කිරීමට එරෙහිව සටන් කරමු යන්න” ඉදිරියට දමාගෙන මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව සටන් වැද, මේ පවතින යහපාලන රජය බිහිකරගත් ඒ බලවේග, මේ සිදු කරන්නේ තමන් විසින් බලයට පත්කළ රජය සුරැකීමේ ක්‍රියාදාමයයි. ඒ ඔවුන්ගේ එකම අරමුණයි. ඉන් එහා ගිය කිසිම දෙයක් කිරීමට ඔවුනට බලයක්ද නැත. මේ තත්වය අප මනාව තේරුම් ගත් කල මේ සිදුවෙමින් පවතින්නේ, “අප විරුද්ධ වෙන්නම් ඔගොල්ලන් බය නැතිව කරගෙන යන්න” යන සංකල්පයට අනුකුලවූ සිසු සටනක් හා කම්කරු වෘත්තීය සමිති සටනක් හා බැදුන අව්‍යජ වෘත්තිය ගවුරවය වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සටනයි. තවද මේ සටන තීව්‍ර කරමින්, මහා පෙළපාලි යමින්, උද්ඝෝෂණ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානය විසින් ජනතා අවධානය තමන්වෙතට යොමුකරවා ගනිමින්, ජනතා අවධානයෙන් අත්කරවනු ලබන්නේ, මේ රටේ සිදු කල මහාම වංචාව වන බැදුම්කර වංචාව, ජනතාවට දිනෙන් දින බදු බර පැටවීම් නිසා ඇතිවන ජන පීඩනය, ජනතාව සතු රාජ්‍ය දේපල විකුණන මේ පවතින රජයට එරෙහිවූ ජනතා සටනයි. එබැවින් මෙරට ජනතාවත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරම්පරාවත් මේ සිදු කරන මහා අපරාධය අවබෝධ කරගෙන, “නිදහස් අධ්‍යාපනය සුරකිමු” — “අධ්‍යාපනය පවුද්ගලික කරණයට කිරීමට එරෙහිව සටන් කරමු” යන සටන් පාඨයෙන් වියෝවිය යුතුය. අප එසේ කියන විට මතු වන ප්‍රශ්නය වන්නේ, අඩුම වශයෙන් මේ පවතින නිදහස් අධ්‍යාපනයේ ශේෂයවත් රැකගත යුතු නැද්ද යන පැනයයි. අපට උරුමව තිබු මහා ධන නිධානයක් වන නිදහස් අධ්‍යාපනයෙන් නිසි පල නොලබා නිදහස් අධ්‍යාපනය විනාශ මුඛයට අද දමා ඇති බව සත්‍යකි. ඒ තත්වයට අද දැමීමේ ක්‍රියාවලියට අද ශිෂ්‍ය සටන් ව්‍යාපාරය තුල රගදෙන බලවේගයන්ද විශාල දායකත්වයක් සපයා ඇත. නිදහස් අධ්‍යාපනයට අද ඇති ලොකුම තර්ජනය වන්නේ, ඔය මොරදී පෙන්වා දෙන සෛටම් නම්වූ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නොව, නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන් යාමට ජනතාව විසින් සපයාදී ඇති මුදල් කන්දරාව පෙනී පෙනී මහා දවාලේ සොරකම් කරන මේ නිර්ලජ්ජිත ආණ්ඩුවයි. හෙට දිනයේදී නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමට තියා, ආණ්ඩුවේ සේවකයින්ගේ පඩි ගෙවීමටවත් නොහැකි තත්වයක් ඇති වර්තමානය නිර්මාණය කලේ, ඔය සටන් වදිනවා යයි මොරදෙන අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය සංවිදානය හා බැදුන සංවිධාන ජලයයි. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ, සැබෑ සටනේ, ඉලක්කය වන්නේ මේ හොරා පොලිස් රජය පලවා හැරීමයි. ඒ සදහා පෙලගැසෙමු.

One Response to “මේ කොයි යන්නේ සෛටම් යන්නේ?”

  1. Christie Says:

    Tanks

    ඉන්දියානු පරපෝසිත අබන්ස්ල තමයි කොලොඹ කුනු එකතු කරන්නෙත් කුනුකන්දල් ගහන්නෙත්.

    මුන් මහදනවතුන් උනේ රොස්මීඩ් ප්ලේස් එකේ බන්ඩලට පුකපිහින හොටුපිහින හා වෙනත් ගේදොර බඩු දීල.

    අද මුන්ගෙන් යැපෙන ජෙප්පො මීතොටමුල්ල ව්පැත්තියෙන් රට අල්ලන්න යනව.

    J V P is the Sinhala terrorist arm of the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress