දහම් සිරිසේන හරහා ජනාධිපති මෛත්‍රීට පගාව දීමට සම්බන්ධීකරණ ලේකම් ඩොලර් මිලියන 20ක් අල්ලස් ඉල්ලා මිලියනයක් අත්තිකාරම් අරන්..?
Posted on April 23rd, 2017

ලංකා සී නිවුස්

දිවයිනේ පලාත් පාලන ආයතනයන් සඳහා විදී ලාම්පු සවි කිරීමෙදි දැනට භාවිතා කරන අධික විදුලිය වැය වන වීදි ලාම්පු වෙනුවට LED විදුලි පිරිමැස්ම සහිත ව්‍යාපතියක් සඳහා අවශ්‍ය ඇනවුම් ලබාදීමට අවශ්‍ය ආණ්ඩුවේ අනුමැතිය ලබාදීමට ඩොලර් මිලියන 20 ක (රුපියල් මිලියන 3000ක්) අල්ලසක් එක්තරා සමාගමකින් ඉල්ලා ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියකින් චෝදනා කරයි.

ජනපති පුත් දහම් සිරිසේන හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිය යුතු යැයි කියා ජනාධිපතිගේ ලේකම්වරයෙකු වන මියුරු භාෂිත ලියනගේ විසින් ඩොලර් මිලියන 20 ක අල්ලසක් එක්තරා සමාගමකින් ඉල්ලා ඉන් අත්තිකාරම් ලෙස ඩොලර් මිලියනයක් ගත් බවත් වාර්තා කොට ඇත.

පුවත මෙතනින්

http://lankaenews.com/news/5629/si

ඉසුරු සහ චම්පික කුණු ප්‍රතිචක්‍රීයකරන සමාගම් වලින් අල්ලස් ඉල්ලීම හෙළිකිරීමෙන් පසු තවත් පතාකයන්ගේ බඩු එළියට..! ජනාධිපති ලේකමෙක් මෛත්‍රීට සහ දහම්ට කියා ඩො.මි.20 ක් පගාව ඉල්ලලා: මිලියනයක් ඇඩ්වාන්ස් දීලා

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.22, ප.ව‍‍‍.6.00) ඉසුරු දේවප්‍රිය මහ ඇමැතිවරයා සිය බිරිඳ ලවා සහ චම්පික රණවක කැබිනට් ඇමැතිවරයා සිය ගෝලයන් ලවා  කැනේඩියානු සහ ජර්මානු සමාගම් දෙකකින් කුණු ප්‍රතිචක්‍රීයකරන ව්‍යාපෘති දෙකක් සඳහා ඩොලර් මිලියන 3 ක් සහ ඩොලර් මිලියන 3.5 බැගින් අල්ලස් ඉල්ලීමේ සිද්ධි දෙකක් ලංකා ඊ නිව්ස් විසින් වාර්තා කිරීමෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් එවැනි අල්ලස් ඉල්ලීම් පිලිබඳ සිදුවීම් නොකඩවා ලංකා ඊ නිව්ස් වෙත ලැබෙමින් පවතී.

ඉන් වැදගත් සිදුවීමක් වන්නේ දහම් සිරිසේන පුත්‍රයා හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිය යුතු යැයි කියා ජනාධිපතිගේ අපාය සහාය ලේකම්වරයෙකු වන පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් මියුරු භාෂිත ලියනගේ නමැත්තා විසින් ඩොලර් මිලියන 20 ක අල්ලසක් එක්තරා සමාගමකින් ඉල්ලා සිටීමයි. 

සිද්ධිය මෙසේය.

දැනට කාලයක සිට ලංකාවේ මාර්ග  ආලෝක කරණයට භාවිතා කරන සම්ප්‍රදායික විදුලි පහන් වෙනුවට බලශක්ති පිරිමසන led  විදුලිපහන් සවිකිරීමට 2012 වසරේ සිට ලෝකයේ විවිධ රටවල සමාගම් වරින්වර ශ්‍රී ලංකාවේ රජයට විවිධ ව්‍යාපෘති ඉදිරි පත් කර ඇත. වනචර දශකයේ සියළු ආයෝජන සිදුකෙරුණේ රාජපක්ෂ පවුලේ කල්ලිය හරහා බැවින් එකල led ව්‍යාපෘතිය සිදු කිරීමේ බ්‍රෝකර් කම ලබාගෙන සිටියේ මහින්ද රාජපක්ෂගේ මියගිය අක්කාගේ පුතාවන  හිමාල් හෙට්ටිආරචි වන අතර ඔහු ගේ  චෙස්මි කොන්සොලිඩෙට්  නම් නාමික සමාගම හරහා සියලු led  ව්‍යපෘති ඉදිරිපත් කළ යුතුව තිබුණි .

නමුත් සමාගම් දෙකක් හැර අන් සියළු සමාගම් හිමාල් හෙට්ටිආරච්චි ඉල්ලු කොමිස් මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර පිටව ගිය අතර  ඉතිරි වුයේ  LS  කොමියුනිකේෂන් හා සෙමිඉලෙක්ට්‍රිකල් ලංකා නම් සමාගම් දෙක පමණි. නමුත් ඒ කිසිදු සමාගමක් එක LED  බල්බයක් තබා ඉටිපන්දමක් හෝ නිෂ්පාදනය කරන සමාගම් නොව නාමික බ්‍රෝකර් සමාගම් විය.

දැනට ලංකාවේ  වීදි පහන් ලක්ෂ 8 කට අසන්න ගණනක් ඇති අතර ඉන් නීත්‍යානුකුලව සවිකර ඇත්තේ ලක්ෂ 5කට ආසන්න වීදි පහන් ප්‍රමාණයකි. අන් සියල්ල නීති විරෝධීව  පළාත් පාලන නියෝජිතයින් අනවසරයෙන් සවිකළ වීදි පහන් ය.

අවසානයේ ඉතිරි වූ ඉහත කී සමාගම් දෙකම බ්‍රෝකර් සමාගම් වූ අතර හිමාල් හෙට්ටිආරච්චි සහ ඔහුගේ චෙස්මි කොන්සොලිඩේටඩ් කණ්ඩායම් ඉල්ලූ අති විශාල කොමිස් මුදල ලබාදීමට එකඟ වූ ව්‍යාපෘතිය  වෙත  මෙම LED  ව්‍යාපෘතිය ලබාදීමට එකග විය.   මෙම සමාගමේ සිටිනුයේ   කොරියන් ජාතිකයෙක් සහ ශ්‍රීනාත් පෙරේරා නම් කොරියාවේ කම්කරු රැකියාවක නියුතු ව සිට පැමිණියෙකි .  මේ එකඟතාවය සිදු වූයේ 2014  අවසාන කාලයේ වන අතර  2015 ජනවාරි 8 දා රාජපක්ෂලා පරාජය වී ගෙදර ගියේය.

ඉන්පසු ටික කලකට පසු  ඉහත කී අල්ලස් දීමට එකඟ වූ සමාගම  අලුත් ආණ්ඩුව සමග පෙර පුරුදු ජාවාරම  ආරම්භ කල අතර මෙවර ඔවුන්ගේ පහසුකම් සපයන්නා  වූයේ ජනාධිපති ගේ පාර්ලිමේන්තු ලේකම් වන මියුරු භාෂිත ලියනගේ නමැත්තා ය.

LED  හෝ වෙනත් මෙලෝ දානයක් ගැන තාක්ෂණික දැනුමක් නොමැති මියුරු භාෂිත මෙම ව්‍යාපෘතිය ට  කැබිනට් අනුමැතිය ලබාදීමට ඩොලර් මිලියන 20 ඉල්ලා ඇත. මියුරු භාෂිත ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් මිලියන 20 න් කොටසක් දහම් සිරිසේන හරහා  ජනාධිපති වෙත යන බවයි. ඉන්පසු අත්තිකාරමක් ලෙස ඩොලර් මිලියන් 1 ක ප්‍රමාණයක් මියුරු භාෂිත ලියනගේට  අල්ලස් ලෙස ලබා දී තිබේ. ඒ සමගම මියුරු භාෂිත මෙම ව්‍යාපෘතිය ට අවශ්‍ය අනුමතිය  ලබාගැනීම සදහා අදාල සියලු ආයතන වලට දැඩි බලපෑම් එල්ල කිරීම ආරම්භ කෙළේය. මොහු එහිදී සියලු ආයතනවල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා ගේ ව්‍යාපෘතියක් බවත් එයට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසත් ය.

මෙහි එක් අවස්ථාවකදී  මුදල් අමාත්‍යාංශයට බලපෑම් කළ විට නිලධාරීන් පවසා ඇත්තේ අදාල කාරණය ගැන  — Full Story

http://lankaenews.com/news/5629/si

One Response to “දහම් සිරිසේන හරහා ජනාධිපති මෛත්‍රීට පගාව දීමට සම්බන්ධීකරණ ලේකම් ඩොලර් මිලියන 20ක් අල්ලස් ඉල්ලා මිලියනයක් අත්තිකාරම් අරන්..?”

  1. Susantha Wijesinghe Says:

    THE ACT OF A PRESIDENTS SON,ALLEGEDLY REQUESTING A $20,000,000 DOLLAR BRIBE, (RS.3000 MILLION), ON BEHALF OF THE PRESIDENT, IS A **REPREHENSIBLE ACT**, AND SHOULD BE FOLLOWED BY NAMING AND SHAMING STRICTURES. THE NEWS REPORTS THAT THE FIRST TRANCHE OF ONE MILLION DOLLARS HAS BEEN ALLEGEDLY ACCEPTED. DISGUSTING AND DAMNING.

    MORE NEWS OF BRIBE TAKING. It is reported that the BIRINDI of the Western Province THIEF MINISTER, has allegedly requested a bribe of $3,000,000 (RS45,000,000..Million) from a Canadian Company, and that they have said it was very illegal and that they can all go to JAIL for offering BRIBES. The Birindi has acted as the Personal Secretary of the Thief Minister, and has said that she wants to have a chat. The Canadian Company vanished.

    Another News article reflects that Champ Ranaa’s henchaiyas has allegedly requested a BRIBE of $3.5 Million….RS.52,000,000 Million from a German Company whom the publisher has with held the name. WE LOST THEIR SERVICES.

    Still further, The American Embassy has told an American Company very discreetly not to waste time and money, and discouraged to come forward.

    WHAT IS HAPPENING TO THIS BEAUTIFUL COUNTRY, CALLED SRILANKA ? THE POLITICAL RASCALS HAVE BECOME MILLION DOLLAR ROGUES. THERE ARE POOR PEOPLE WHO LIVE ON A BISKOTHU AND THREE PLAIN TEAS FOR THE DAY.

    WILL WE EVER SEE THE LAW OF KARMA COMING TO THESE POLITICAL ROGUES DOOR STEPS ?

    ALL THIS IS NEWS REPORTED, AND IAM MAKING IT ADDITIONALLY EMPHATIC.

    REQUEST CORRECTION WHERE IAM WRONG. THANKS

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress