රනිල්ගේ ඉන්දියා ගමන
Posted on April 23rd, 2017

නලින් ද සිල්වා

රනිල් තකහනියක් ඉන්දියාවට යන්නෙ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට කියා කිසිවකු හිතනවා නම් එය දේශපාලනය ගැන වැටහීමක් නැති කමෙන් කෙරෙන්නක්. අපට විදුලිය ලබා දීම ගැන කතා කරන ඉන්දියාව රටෙන් කොපමණ ප්‍රමාණයකට විදුලිය දී තිබේ ද? මෝදී ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීමට තව සති දෙකකින් ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ තවත් ව්‍යාජයක්. ජාත්‍යන්තර වෙසක් දිනය (පූර්නිමා) ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් නො වෙයි. සිංහල බෞද්ධයන් රැවටීමට හැමෝම කටයුතු කරනවා. සිංහල බෞද්ධයන් ද රැවටෙන්නට දත කට මැදගෙන බලා සිටිනවා. සිංහල අවුරුද්දට රට පනින රනිල්ට සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන ඇති කැක්කුම කුමක් ද? රනිල්ට වෙසක් වැදගත් ද? රනිල්ට මෝදි ලවා වෙසක් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ගත හැකි ද? 

මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ දෙමළ ජාතිවාදය සැනසීමට, එයට කප්පන් දීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බව අප නිතර මතක් කරනවා. ඒත් දේශපාලනයෙහි යෙදී සිටින්නන් හරි ඔවුන් ළඟින් ඇසුරු කරන්නන් හරි අප කියන කිසිවක් සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ අප නාථ දෙවියන් පසු පස යන මෝඩයන් කියා.  මොවුන් කිසි දිනෙක දැනුම කියන්නෙ මොකක් ද ඒ ලබාගන්නෙ (නිර්මාණය කරන්නෙ) කොහොමද කියන එක ගැන කල්පනා කරලා නැහැ. ඇතැමුන් ඒ පිළිබඳ බටහිර පොතපත කියවලා ඇති. එහෙත් කල්පනා කර නැහැ. ඔවුන් ඒ පොත්පත්වල ඇති දේ පුනරුච්චාරණය කරනවා. අද්‍යශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම පොත් කතුවරුන්ගෙන් දැනුම ලබා ගැනීමට වඩා වෙනස් වන්නේ කෙසේ ද? නාථ දෙවියන් ගැන කියවන කිසිවකුවත් කිසිදා කිසිවක් දැනුමට එකතු කර නැහැ. කුණු ප්‍රශ්නයට තමන්ගේ ම වූ විසඳුමක් ඉදිරිපත් කළ ඊනියා බුද්ධිමතකු වේ ද? කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුව අද වන තුරු මේ ඊනියා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සොයා ගෙන” ඇත් ද? ඔවුන් දන්නේ අද්‍යශ්‍යමාන ප්‍රාණීන් විහිළුවට ලක් කිරීම පමණයි.

ජාතික ව්‍යාපාරයෙහි අයත් ඒකාබද්ධ විපක්‍ෂයෙ අයත් සිතන්නෙ 2019/20 ගැනයි. ජනාධිපතිවරණය, මැතිවරණය ගැන ඔවුන් කේන්දර බලනවා. ඒත් රනිල්ට, ඉන්දියාවට හා එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලට එයට පෙර නව ව්‍යවස්ථාව අවශ්‍යයයි. මෛත්‍රිපාල යම්තාක් දුරකට ඔවුන්ට දැන් ප්‍රශ්නයක් වී තිබෙනවා. මෛත්‍රිපාල ඉතා පැහැදිලිව කියනවා ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථාවකට හෝ ව්‍යවස්ථා සංශෝධනවලට හෝ තමා එකඟ නැති බව. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී දුන් පොරොන්දු පත්‍රයෙහි ඒ බව සඳහන් වෙනවා.

මෛත්‍රිපාලට අද ඒ පොරෙන්දුවට ගරු කරන්න වෙලා තියෙනවා. රනිල්ටත් ඉන්දියාවටත් ප්‍රශ්නය වී ඇත්තේ එයයි. මෛත්‍රිපාල පත් කර ගත්තේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් මැදිහත් වෙලා. ඒත් ඉන්දියාවට දැන් මෛත්‍රිපාල ප්‍රශ්නයක් වෙලා. රනිල්ට හැකිනම් මෛත්‍රිපාලට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න වුණත් පුළුවන්. එහි දී ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ගේ සහායත් බොහෝ විට ලබා ගනීවි. ඒකාබද්ධ විපක්‍ෂයටත් මෛත්‍රිපාලට දඬුවම් කිරීමට අවශ්‍ය නිසා සමහරුන් එයට එකඟ වේවි. ඔවුන්ට අමතක වේවි එවිට බලය සම්පුර්ණයෙන් ම රනිල්ගෙ කියලා. අද එදාට වඩා දක්‍ෂ ඩොයිලිලා හා කෞටිල්‍යලා ඉන්නවා.

රනිල්, සම්බන්ධන් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. අද ඉන්දියාව දැළ එළා ගෙන යනවා. ඉන්දියාවට ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය ව තිබූ නමුත් දෙමළ ත්‍රස්තවාදය හා දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔවුන් ඒ සඳහා අපට ආධාර දුන්නෙත් නැහැ. ඒත් ඉන්දීය ජනමාධ්‍යවේදිනියක් මහින්දගෙන් මේ ආධාර ප්‍රශ්නය අසා ඇයට අවශ්‍ය පිළිතුර ලබා ගත්තා. මහින්ද හා මෛත්‍රිපාල අතර ඇත්තේ පෞද්ගලික ප්‍රශ්නයක්. විශේෂයෙන් ම බැසිල් රාජපක්‍ෂ හා මෛත්‍රිපාල මෛත්‍රිපාල අතර ඇත්තේ පෞද්ගලික ප්‍රශ්නයක්.

මේ කවුරුන්වත් රට වෙනුවෙන් තම පෞද්ගලික ප්‍රශ්න අමතක කරන්න සූදානම් නැහැ. මෛත්‍රිපාල –- මහින්ද – ගෝඨා ත්‍රිත්වය බලයට ගෙන ඒමට කතා කරන්නේ එක්කෝ නොදරුවන් , නැත්නම් වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නන්. ඒ න්‍යාය පත්‍රය රටට හිතකර එකක් නො වෙයි. මෙහි දී අප වෙනත් අයකු ජනාධිපති කිරීම පෙරදැරි කරගෙන නොවෙයි මේ න්‍යාය පත්‍රයට විරුද්ධ වන්නේ. ඒ සූත්‍රයට අනුව වැඩ කළහොත් පළමුවෙන් ම විසි වන්නේ ගෝඨාභයයි. ඔහු වටා සිටින අය ඒ බව අවබෝධ කරගන්නවා නම් හොඳයි. මෙය ඔවුන්ට දෙන උපදෙසක් නොවෙයි. ඔවුන් අප දෙන උපදෙස්වලට සවන් දීම නවත්වලා බොහෝ කල්. මාත් මේ කරුණු ලියනවා පමණයි. 

අද අවශ්‍ය වන්නේ මෛත්‍රිපාල ඉවත් කිරීම නොව රනිල් ඉවත් කිරීමයි. ඉන්දියාව එයට විරුද්ධ වේවි. ත්‍රිකුණාමල තෙල් ටැංකිවලට වඩා ඉන්දියාවට අවශ්‍ය වන්නේ භූමියයි. ත්‍රිකුණාමල වරායයි. මුහුදයි. ඔවුන්ට චීන මුහුදු සේද මාර්ගයට මුහුණ දෙන්න අවශ්‍යයි.  සුසිල් ප්‍රේමජයන්තට ඒ බව ඒ ආකාරයට ම නැතත් යම් කිිසිවක් වැටහෙනවා. සමහර විට මෛත්‍රිපාලටත් වැටහෙනවා ඇති. රනිල්ට ඒකෙන් ඇති වැඩක් නැහැ. ඔහුගේ ප්‍රමුඛතා වෙනත් දේ. සම්බන්ධන් තෙල් ටැංකි ගැන කියන්නේ කුමක් ද? ඔහු පාර්ලිමේන්තුවට පත් වී ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන්. ඒත් ඔහු ඉන්දියාවේ ඉත්තෙක් පමණයි. තෙල් ටැංකිවලටත් වඩා රනිල්ට සම්බන්ධන්ට අවශ්‍ය ව්‍යවස්ථාව.

අද අප කල්පනා කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණය ගැන හෝ මහා මැතිවරණය ගැන හෝ නොව රනිල් අගමැති කමෙන් ඉවත් කර ව්‍යවස්ථාව පරාජය කිරීම ගැනයි. රනිල් වෙනුවට මහින්ද පත් කර ගත හැකි නම් ඉතා හොඳයි. පෞද්ගලික හේතු නිසා ඒ කළ නොහැකි නම්, බැසිල් හරි වෙනත් කවුරු හරි එයට විරුද්ධ නම් අපට වෙනත් ව්‍යවස්ථානුකූල ක්‍රමයක් ගැන හිතන්නට වේවි. 

නලින් ද සිල්වා

 2017 අප්‍රේල් 23

7 Responses to “රනිල්ගේ ඉන්දියා ගමන”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Batalande Wadakaya pol pot r@nil wickrama
    Sinhalakiller wants to make Sri Lanka a colony of India. Cancer in Mother Lanka doesn’t have to think twice since
    he hasn’t got a drop of Sinhalese blood in him. To please his ardent supporters tamils, mussies, catholics and
    the catholic west, he will do anything. After plundering and plundering whatever we had since getting the PM (Pathala
    Man) job through the back door, traitor kalakanniya short of cash now. So he will sell and sell.

    Cancer in Mother Lanka destroying her for good. Hope the traitor kalakanniya,
    Cancer in Mother Lanka will get one himself for the crimes the low life committing against the Sinhalese, Sri Lanka and
    Buddhism.

  2. Christie Says:

    සුද්දගෙ කාලෙ බිරිතානි-ඉන්දියානු අදිරදයේ පාලකයන් ගියේ බිරිතානියටය.

    අද ඉන්දියානු අදිරදයේ පාලකයන් යන්නේ ඉන්දියාවටය.

  3. Christie Says:

    https://pbs.twimg.com/media/C-KiCRhXoAA1A_U.jpg

  4. Ananda-USA Says:

    Unions agitate to press Sri Lankan PM to take up oil tanks retrieval with Modi

    Apr 24 (BDN) Seven trade unions in the Sri Lankan petroleum sector has launched an indefinite strike to force Sri Lankan Prime Minister Ranil Wickremesinghe to take up with his Indian counterpart Narendra Modi their demand that India should forthwith return to Sri Lanka the 99 giant oil tanks which were given to it on a 35 year lease in 2003.

    As serpentine queues of vehicles formed at petrol stations throughout the island on Monday, Wickremesinghe is to leave for New Delhi for meetings with Modi and other Indian leaders on Tuesday.

    Apart from the unions, successive Sri Lankan governments have themselves been wanting to terminate the agreement, which they believe had bartered away a unique national strategic asset – 99 World War II vintage tanks, each with a capacity of 12,000 tonnes and an overall capacity of one million tonnes.

    India, which was eying the tanks since 1987 on account of their strategic value in the projection of their interest in the Bay of Bengal, took them with alacrity in 2003, when the then government headed by Prime Minister Wickemesinghe offered them.

    Wickremesinghe had hoped that India’s presence at the facility would prevent the Tamil Tiger rebels from attacking it. Colombo’s calculation was correct. The Tiger guerrillas made no attempt to destroy the tanks which stored valuable fuel. India then went on to help Sri Lanka in many ways to defeat the Tamil insurgency.

    The agreement signed by the Sri Lankan government’s Treasury (Finance) Secretary, the Lanka Indian Oil Corporation (LIOC) and the Ceylon Petroleum Corporation (CPC) on Feb 7, 2003 envisaged the transfer of all the 99 tanks and the land on which they stood, to the LIOC on a 35 year lease for an annual payment of $100,000. But the Sri Lankan government was guaranteed access to the tanks to fulfil “national and security needs”. Another important clause was that the agreement could not be annulled unilaterally.

    Between 2003 and now, the LIOC has invested $15 million in renovating 14 tanks in the Lower Tank Farm. It has plans to spend another $17 million to refurbish some of the 84 tanks in the Upper Tank Farm. The tanks in the Upper Tank Farm have remained un-refurbished and un-used because of war and political instability.

    However, in 2013, when India did not support Sri Lanka on the issue of human rights violations, and downgraded its representation at the Commonwealth Summit in Colombo, the Mahinda Rajapaksa government unofficially indicated that it would take back the tanks from the LIOC saying that the transfer of land was illegal. But the government backed out when India said that the 2003 bilateral agreement could not be annulled without both parties agreeing and that the land was transferred by an inter-governmental agreement.

    When Rajapaksa gifted huge infrastructure projects to the Chinese on a platter, India had advised Sri Lanka that it should ensure that its strategic national assets remained under Sri Lankan control. But this was ignored and the “sell out” became an issue in the 2015 presidential election leading to Rajapaksa’s defeat.

    But to the surprise and dismay of Indians, the new Sri Lankan government of Maithripala Sirisena and Ranil Wickremesinghe turned the heat on the India-controlled Trincomalee oil tank farm. In 2016, the government declared that it would take back 16 tanks and give them to the CPC, as the CPC needed storage space.

    When the CPC sent a team to inspect the tanks, the LIOC detained one of the members saying the entry was illegal as the LIOC was in charge of the high security facility. To defuse the public outcry, the LIOC said that if the CPC wanted storage facilities, the LIOC would provide them, but the tanks could not be arrogated by anybody.

    The government then said that it wants to develop the 84 tanks in the Upper Tank Farm as a “Joint Venture” between the LIOC and CPC on the basis of a study done by consultants Earnest and Young. To keep the Sri Lankan government in good humor, India agreed to have discussions on this and talks are on.

    Parliamentary committee

    Meanwhile, the parliamentary Committee on Public Enterprises (COPE) reported that the land lease agreement had not been signed; and the LIOC had not paid its lease dues regularly. It urged the government to take back the tanks.

    Refuting the charges, the LIOC said that it has been paying the lease fee of $100,000 every year without fail. It had also been paying taxes. In 2016-2017, for example, it had paid LKR 30 billion as tax out of an income of LKR 80 billion.

    The LIOC said that the Land Lease Agreement was not necessary as the land was transferred by the government through the 2003 agreement under the signature of the treasury (finance) secretary.

    Discussions in Delhi

    Prime Minister Wickremesinghe is expected to discuss the matter with Narendra Modi in New Delhi on April 25. But the focus will be on forming a Joint Venture to run the tank farm rather than the issue of taking back the tanks. India has said that it will not give back the tanks before the end of the lease in 2038.

    Read More:: BDN (Source)

  5. Ananda-USA Says:

    Modi is coming to Sri Lanka not to Celebrate Vesak, but to supervise the IMPLEMENTATION of ETCA and the 13A as part of the GRAND STRATEGY to Indianize Sri Lanka!

    REPEAL the13A and STOP the ETCA!

    Have to OUST the SLAVISH Yamapalanaya FIRST!

    ………………..
    Hindu outfit opposes Indian PM Narendra Modi’s visit to Sri Lanka next month
    Sun, Apr 23, 2017, 09:36 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Apr 23, Chennai: A leader of a Hindu outfit in Chennai has opposed the Indian Prime Minister Narendra Modi’s visit to Sri Lanka next month to participate in the United Nations Vesak Celebrations which will be held in the country for the first time.

    The leader of Hindu Makkal Katchi Arjun Sampath on Saturday has accused the Sri Lankan government of suppressing Hinduism and following a policy of Buddhist chauvinism and opposed the visit of Prime Minister Narendra Modi to the island nation to take part in the Buddhist festival.

    “From the times of twin epics Mahabharath and Ramayan, Tamil Eelam is the land of Lord Siva and a part of the expanded ‘Paripoorna Hindu Rashtra’. But, the entire island had been declared as a Buddhist state and the Hindus in the island who are the natives of Lanka had been massacred,” the Hindu party leader Arjun Sampath was quoted by Deccan Chronicle.

    Prime Minister Modi has confirmed his participation in UN Vesak Day celebrations to be conducted in Sri Lanka and will inaugurate UN Vesak Day in Colombo on May 12.

  6. Ananda-USA Says:

    Fourth round of talks between India and SL on ETCA today

    DailyNews.lk
    2017-04-24

    The fourth round of official talks between India and Sri Lanka regarding the Economic and Technology Cooperation Agreement (ETCA) will take place today (24) in New Delhi, officials said yesterday.

    Secretary to the Ministry of Development Strategies and International Trade Chandani Wijewardena told Daily Mirror that this would be the fourth round of talks on ETCA between the two sides. She said the talks would go on for three days and would end on April 26.

    She said only basic proposals were being discussed at the moment and that nothing would be finalized. “These are talks that were in progress at the moment between the officials of the two countries,” she said.(Kelum Bandara)

  7. Lorenzo Says:

    Very interesting speech by Susil. I normally watch the last 30 seconds. That is enough. He says some PROVERB I didn’t get. I asked my friend, a doctor from SL. He said there are 2 VERSIONS of that proverb.

    Here is the MODERN VERSION which perfectly describes YAMAPALANAYA rule!!!

    PLEASE excuse me LW and readers.

    This is FILTHY but there is NO better way to describe the ECONOMIC STRATEGY of this YAMAPALANAYA regime.

    What they DO is the FILTHY part not my saying is. So please do NOT shoot the messenger. I’m not filthy this YAMAPALANAYA is FILTHY. People should know.

    “H*ttha baddata deela, kuliyata h*kanawa”.

    * = U

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress