විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරීන් කොන්ත‍්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිටුවීම
Posted on May 8th, 2017

කේ.ඞී. ලාල්කාන්ත සභාපති National Trade Union Center / Unions Lanka 

ගරු ජනාධිපති,
මෛතීරපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ – 01.

ජනාධිපතිතුමනි,

විශරාමික රාම නිලධාරීන් කොන්තරාත් පදනම මත නැවත සේවයේ පිහිටුවීම

මේ වන විට ග‍්‍රාම නිලධාරි සේවාවේ පුරප්පාඩු සංඛ්‍යාව 1850ක් පමණ වන බැව් අපට දැන ගන්නට ලැබී ඇත. මෙකී පුරප්පාඩු පිරවීම සඳහා ග‍්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට අනුව, විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවූ අතර ඒ සඳහා 120 000 ක් පමණ වූ අයදුම්කරුවන් පිරිසක් අයදුම් කර ඇති අතර, ඒ සදහා වූ තරග විභාගය 2016/09/03 දින පවත්වා ඇත. සෑම අයදුම්කරුවෙකුගෙන්ම විභාගය සඳහා රු. 500.00 ක විභාග ගාස්තුවක්ද අයකිරීමට කටයුතු කර ඇත.

    ඒ අනුව දැන් කළ යුතුව ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් අදාල විභාග ප‍්‍රතිඵල කඩිනමින් ලබාගෙන විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගෙන් අදාල පුරප්පාඩු පිරවීමයි. නමුත් එය එසේ කළ යුතු වුවත් අදාල විෂය භාර ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් විභාගය සමත්වූවන්ගෙන් පුරප්පාඩු පිරවීම වෙනුවට, මේ වන විට සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින ග‍්‍රාම නිළධාරීන් කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අප වෙත දැන ගැනීමට ලැබී ඇත. ඊට අදාලව මේ වන විට විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරින්ගෙන් අයදුම්පත් කැඳවීමට කටයුතු සිදුකරමින් ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.
 
    මෙය බරපතල ලෙස අදාල බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝණය කිරීමක් සේ අප දකින අතරම එය එක් පැත්තකින් විභාගය සදහා ඉදිරිපත් වූවන්ට කරන බරපතල අසාධාරණයක් බව අවධාරණය කරමු. මේ වන විට උපාධිධාරීන් මෙන්ම අ.පො.ස (උ පෙළ) සමතුන් විශාල ප‍්‍රමාණයක් රැකියා නොමැතිකම විසින් දැඩි පීඩාවට පත්ව රැකියා ඉල්ලා අරගල කරන තත්වයක් තුල ඔවුන්ට රැකියා ලබාදීම වෙනුවට නියමිත කාලසීමාව අවසන් කර විශ‍්‍රාම ගිය ග‍්‍රාම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම තුල එක් පැත්තකින් රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවයට මෙන්ම ඵලදායිතාවට හානිකරවීම වැළැක්විය නොහැකි වනු ඇත. තවද මේ තත්වය තරග විභාග පදනමින් බඳවා ගන්නා අනෙකුත් සේවාවන් සඳහාද ආදේශ කරන්නට ගතහොත් රාජ්‍ය සේවයම බරපතල කඩා වැටීමකට ලක්වීම වැළැක්විය නොහැකිවනු ඇත. ඒ මන්ද? තරග විභාග පදනමින් බඳවාගැනීම් නිසා පසුගිය කාල සීමාව තුල රාජ්‍ය සේවයට පිවිසි සියල්ලම වාගේ ඉතාම දක්ෂ පිරිසක් බව ඒ ගැන සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණි.
 
    එබැවින් ඉහත සියලූම තත්වයන් පිළිබඳ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස අවධානය යොමුකර, තරුණ අසහනයට මගපෑදෙන අයුරින්, ඔවුන්ට රැකියා ලබා නොදී ඒ වෙනුවට විශ‍්‍රාමිකයින් නැවත සේවයේ යෙදවීමට ගන්නා උත්සාහය වළක්වාලීමට මැදිහත්වන මෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.
 
ස්තූතියි.

මෙයට,
කේ.ඞී. ලාල්කාන්ත
සභාපති

පිටපත් ඃ     01. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මැතිතුමා
02. සියලූම මාධ්‍ය

සම්බන්ධීකරණය – පලිහවඩන 071 4497556  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress