ගාල්ලේ එජාප පරාජිතයෝ කුලප්පු වෙති.. ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි නඩු දමන්න යයි..
Posted on May 11th, 2017

ලංකා සී නිවුස්

ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය පිලිගත නොහැකි බව අභියාචනාධිකරණය විසින් තීරණය කිරීමත් සමග ගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැද මනාප ලයිස්තුවේ ඊළගට සිටින අපෙක්‍ෂකයින් විසින් සන්ධාන ලයිස්තුව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

එජාප ලයිස්තුවේ පරාජිත අපේක්‍ෂිතයින් කිහිප දෙනෙකු ඊයේ පස්වරුවේ මුණ ගැසී මේ ගැන සාකච්චා කර ඇති අතර දුරකතන මගින් දිස්ත‍්‍රික්කයේ එජාප ඇමතිවරයෙකුගෙන්ද උපදෙස් ලබා ගෙන ඇත.

ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන්නැයි ඉල්ලමින් ඉදිරි දින කිහිපය ඇතුලත මෙම පිරිස මුලින් මැතිවරණ කොමිසමටත් දෙවනුව අධිකරණයටත් යනු ඇති බවද වාර්තා වෙයි.

ගාල්ලේ එජාප පරාජිතයෝ කුලප්පු වෙති.. ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි නඩු දමන්න යයි..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress