උතුරේ බොදු නටබුන් රකින්න සිංහල බධ්ධයින් යන්න එපාලු ඒවා දෙමල බධ්ධයන් ගෙලු —ගල්කන්දේ ධම්මානන්ද සාමි හා ගැමුණු වන්නි නායක
Posted on May 25th, 2026

ධර්මසිරි සෙනෙවිරත්න

ඔය දේවල් උතුරේ හැදුවේ දෙමල රජවරුද. උතුරේ හිටිය සිංහලයෝ සිංහල රජවරු එක්ක එකතුවෙලා නොවෙයිද හැදුවේ. ඒ සිංහලයෝ නොවෙයිද උතුරෙන් එලෙව්වේ පහුගිය කාලේ , ඉතිරිය කොවියාර් කලේ . ඩොනමෝර් වාර්තාවේ පිටු 7000 කොහෙවත් නැහැ උතුරේ ”දෙමල ”කියල ජාතික ”මලබාර් මිස. ඒ අනුව 1832වන විටත් උතුරේ ස්ථිර පදිංචි දෙමලු හිටියේ නැති බව ප්‍රත්‍යක්ෂයි .

1815 ගිවිසුම අනුව යාපනය ඉංග්‍රීසීන් ගත්තේ උඩරට රජුගෙන්. මීට පෙර සෙනරත් රජු ආරක්ක්ෂක් පත්කිරීමේ ප්‍රශ්නයක් සාකච්චා කිරීම සඳහා යාපනේ ,කොට්ටියාර, පානම, මඩකලපුව වැනි ප්‍රදේශ වල නියෝජිතයෝත් ගෙන්නේව්වා .කාලිංග මාඝත් දෙමල නොවෙයි කාලින්ගයෙක් .ඔහු ආර්ය චක්‍රවර්ති වුනේ ”ආර්ය ”නිසා . වීරෝදාර ආරියන් ට එරෙහිව එහි සිංහලයෝ කැරලි ගැහුවා.

කුලෝත්තුංග ආරියන්ට එරෙහිව සටන් කලේ පුංචි බණ්ඩාර ප්‍රමුඛ අ ය . දෙමළුන් විසින් දුම්කොළ වගාවට ගෙනා කම්කරුවන් උතුරේ පදිංචි කලේ ලන්දේසීන් විසින් හා ඉංග්‍රීසින් විසින්. ඒ කට තමයි තේසවලමෙයි හැදුවේ .තේසවලමෙයි ලන්දේසීන්ට පෙර තිබුනේ නෑ . සුනිල් ආරියරත්නත් හරියට AT ආරියරත්න වාගේ කෙනෙක් .

දෙමල සිංහල බ්‍රාහ්මණ විතරක් නොවෙයි වෙනත් ජාතිකයනුත් මහන වෙලා ඉන්නතති සුළුවශයෙන්.එදා නොයෙක් අ ය මෙහෙ ඇවිත් පදින්චිවුනා රට දියුණු නිසා . එත් එයාල ඔය විහාරාරාම හදන මහා වැඩ කලේ නැහැ. ඕවා හදපු රජවරු සේරම සිංහල එළාර වත් වසර 44 තුල එකක්වත් හැදුව ද ? මේ තරම් ගජ බින්න දෙසන්න එපා ” හින්දු සාදු ” . ඔය දෙමලු ඕව හැදුව නම් රකින්න එපාය.

ඕව අද වෙනකොට විනාශ කළෙම දෙමලු. උන් ඕව රකිනවනම් අපි ඕව රැකගන්න යන්නේ නැහැනේ .විනාශ කරපු කරන නිසානේ යන්නේ . සුදස්සන හිමි එක්කැ ගැමුණු ගේ වැඩසටහන් දිගටම බැලුව ඒ හිමි යම් යම් තාර්කික අදහස් කියන නිසා ,. ඒ හිමි නොකියන දේ කියව ගන්න ගැමුණු මේ හින්දු සාදු අල්ලගත්තද මන්දා . සුදස්සන හිමි තොටවත්ත එක්ක එකඟ වෙනවා සමහරදෙට විරුද්ධ වෙනවා ඒවගේ එහිමි මේ ගල්කන්දේ හිමි හා ගැමුණු කියන දේ ගැන මොනවාද කියන්නේ දැනගන්න ආසයි .

එතකොට මේ කවුරු කවුරුත් ගැන අපට හිතා ගන්න පුළුවන් . සිරිල් මැතිවු පලකල පොතේ සන්සෝනි වාර්තාව අනුව මොන තරම් බොදු පුරාවිද්‍යා ස්තාන දෙමලුන් විසින් විනාශ කලාද කියල තියෙනව . මේ හින්දු සාදු ට ”ලවු ” දාන උන් ඒවා හෝ ඉතිහාස පොත් කියෙව්වද . ගැමුණු හොඳ තාර්කික දේවල් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වෙලා ඒ අතර ”මේ වගේ විස බෝම්බ ” යක් දෙකක් දාල බලනවා වගෙයි හිතෙන්නේ. —ධර්මසිරි සෙනෙවිරත්න —–

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress