අ(න)ර්ථයෙන් ධර්මයෙන් කෙරෙන ආක්‍රමණය
Posted on May 15th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

වෙසක් සඳ බැස ගියේය. සමගම රටේ පුලුල්ව කතා බහට ලක්ව තිබුනු ඉන්දීය අගමැති නරේන්ද් මෝඩිගේ සංචාරයද නිමා විය. නරේන්ද් මෝඩි ලංකාවට ගොඩ බසින්නට පෙර අපේ අග්රාමාත් රනිල් වික්රමසිංහ කඩිමුඩියේ ඉන්දියාවට ගොස් පැමිනියේ කුමකටද යන්න දන්නේ ඔහුම පමනි. අතර චීන රජයට අයත් සබ්මැරීනයක් ශ්රී ලංකාවට පැමිනෙන්නට තැත් කල මුත්, එය හරවා යවන්නට ශ්රී ලංකා නාවික හමුදාව කටයුතු කලේය. සමගම ගුවන් යානය පා මුලටම ගොස් දෝත පා මෝඩිව පිලි ගන්නට සැදී පැහැදී සිටියද, අගමැතිවරයාට තමන්ගේ ආරාධනාව අනුව වෙසක් උළෙලේ සමාප්ති උත්සවය වෙනුවෙන් රටට පැමිනි නේපාල ජනාධිපතිනිය පිලි ගන්නට කාලයක් තිබුනේ නැත. එකම තීරයක්එකම මාවතක්නම් සමුලුවට සහභාගි වනු පිනිස චීනය බලා පිටත්වූ බැවිනි. නමුත් ඉන්දියාව මේ සමුලුව වර්ජනය කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ජාත්යන්තර වෙසක් උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අගමැතිවරයාට ආරාධනා කලේ ඇයි? ඉන්දියාවේ 79.8% හින්දු ආගම අදහන ජනතාවක් සිටින අතර බෞද්ධයන් සිටින්නේ 0.7% කි. බුදුන් උපන් දේශය ඉන්දියාව බව සැබෑ වුවද වෙසක් උත්සවය වැදගත් වන්නේ බෞද්ධයන්ටය. දැනට බෞද්ධ ලෝකයේ ඉහලම තැන වැජඹෙන දළයි ලාමා තුමාටවත් ආරාධනා කල යුතුව තිබුනායයි මට සිතේ. සුන්නි, ෂියා මුස්ලිම් නිකාය හෝ කතෝලික, ක්රිස්තියානි නිකායවල හෝ පෙනෙන්නට ඇති බෙදීම් මෙන්ම ථෙරවාද, මහායාන ආදී වශයෙන් බෙදී ඇති බුද්ධාගම පිලිබඳවත් මඳ විචිකිච්ඡාවක් තිබුනත් මට දැනෙන්නේ පුද්ගලයින් තම තමන්ගේ මතයට අනුව ආගම් ඇදහීම කලත් නබි තුමා, ජේසු තුමා වැනි ආගම් කතුවරු මෙන්ම බුද්ධගමේද එකම කතුවරයා වන්නේ බුදුන් වහන්සේ බවයි. මොන විදියට බුද්ධාගම ඇදහුවත්, මොන නිකායට වැඳුම් පිදුම් කලත් පංච සීලය කාටත් පොදු බවයි.

 

එබැවින් අප රටේ ඇති විවිධ පක්ෂවල දේශපාලකයන් මේ නරේන්ද් මෝඩි, එනම් ඉන්දීය අගමැතිවරයාගේ පැමිනීම අරභයා බොරු පච කීම පංච සීලයේ හතරවන සිල් පදය කඩ කිරීමකි. මේ වෙසක් සමයේ එය හොඳ වැඩක් නොවේ. මේ පච කෙලීමට නිමිත්තක් ලෙස වෙසක් උත්සවය ඈඳා ගැනීම ඊටත් නරකය.

 

දැන් මොවුන් කරන්නේ මෝඩිගේ පැමිනීමේ අර්ථය යට ගැසීම සඳහා විමල් වීරවංශ කියූ කලු කොඩි කතාව ඇදගෙන ජනතා අවධානය වෙනතකට හැරවීමයි. මෙය තනිකර සම්පප්රලාප තුලින් ජනතාව ගොනාට ඇන්දවීමකි.

 

මෝඩි පැමින හමුවූයේ කවුද? ඔහු චාරිත්රානුකූලව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ ජාත්යන්තර වෙසක් උත්සවයේ සමාරම්භක උළෙලට සහභාගී වූ බව සැබෑය. නමුත් ඔහු ජන හමුවක් ලෙස හමුවුනේ වතුකරයේ ජනතාවය. මේ ජනතාව හමුවූ මෝඩි ක්රිකට් ක්රීඩකයෙකු ලෙස අගය කලේ මුරලිදරන්ය. මුරලි ද්රවිඪ ජාතිකයෙකු වුවත්, විවාහ වූයේ දකුණු ඉන්දියානු ව්යාපාරිකයෙකුගේ දියණියක සමග වුවත් ඔහු ක්රීඩා කලේ ශ්රී ලංකාව වෙනුවෙනි. ශ්රී ලාකික ජනතාව එකා වන්ව මුරලිට ආදරය දැක්වූයේ, මුරලි ගැන ආඩම්බර වූයේ කිසිදු භේදයකින් තොරවය. නමුත් මෝඩි විසින් මුරලි නම් චරිතය අනිකුත් ක්රිකට් චරිත අතරින් උරා පෙරාගෙන වතුකරයේ ජනතාව ඉදිරියට ගෙන හැර පෑවේමේ උඹලගේ මිනිහෙක්යන පනිවුඩය සමගය. උදාහරණයත් සමගම තමා හමු වන්නට තෝරාගත් ජනතාව ගැන විග්රහ කිරීමේදී මෝඩිගේ අපේක්ෂාව පැහැදිලිය. ඔහු එදා හැටන් දික්ඔයදී ඇමතුවේ ශ්රී ලාංකිකයන් නොව වතුකරයේ දෙමළ ජනතාවය. ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනතාවය. ‘තමන්ගේමිනිසුන්ය. මීට යටින් ඔහු දෙන පණිවුඩයමලයනාඩුවපිලිබඳව මිස අන් කුමක්ද?

 

වතුකරයේ ජනතාවට උගන්වන්නට ඉන්දියාවෙන් ගුරුවරුන් 1000 ක් සහ වෛද්යවරුන් පිරිසක් එවන්නට සැරසෙන බවට ආරංචි පවතී. මේ ගුරුවරුන් දෙමළ භාෂාවෙන් කටයුතු කරන අය විය යුතුය. එපමනක් නොව වතුකරයට නිවාස සාදා දෙන්නටද ඔහු පොරොන්දු විය. මෙහිදී සැලකිය යුතු කරුණු දෙකක් තිබේ. එකක් නම් ශ්රී ලංකාවේ සිටින දෙමළ මාධ් උපාධිධාරීන් හා උසස් පෙල සමතුන් රැකියා නැතිව සිටිද්දී ඉන්දියාවෙන් ගුරුවරු ආනයනය කල යුත්තේ ඇයි? අනික ඉන්දියාවේ දෙමළ බසින් කටයුතු කරන ප්රාන්තය වන තමිල්නාඩුවේ විදුහල්වල අධ්යාපන මට්ටම ඉන්දියාවේ අනිකුත් ප්රාන්ත සමග සසඳන කල්හි ඉතාම දුර්වල තත්වයේ පවතින්නක් බව වාර්තා වී ඇත. එහි පාසල් ගුරුවරුන්ගේ හිඟය 21.4% ක් බව සඳහන් වේ. තමිල්නාඩුව භූමි ප්රමානය අනුව ශ්රී ලංකාව මෙන් 2.25 වඩා විශාලත්වයෙන් යුක්තය. ජනගහනය වර්ග සැතපුමට 1400 කි. එහි සෞඛ්යය හා සනීපාරක්ෂක තත්වයද මෙබඳුය. එවන් බරපතල තත්වයක් තිබියදී ඒවා විසඳන්නට කටයුතු නොකොට ශ්රී ලංකාවේ ප්රශ්න විසඳන්නට දඟලන්නේ ඇයි?

 

අනික වතුකරයේ තිබෙන අඩුපාඩු විසඳීම සඳහා කටයුතු කල හැකි අමාත්යංශ මෙන්ම වතුකරයටම විශේෂිත වූ අමාත්යංශද අපේ රජය යටතේ ඕනෑ පදම් තිබේ. ඒවා භාරදී ඇත්තේද වතුකරය නියෝජනය කරන අමාත්යවරුන් වෙතය. වතුකරයේ සංවර්ධන කටයුතු සඳහා සෑම වසරකම අයවැයෙන් වෙන්වන මුදල් කන්දරාවක් තිබේ. ඔවුන් වැඩි දෙනෙක් මේ තාක් පැවති සියලු රජයන් සමගම පාහේ එක්ව මේ බලතල ලබාගත් අයයි. අවංකව වැඩක් කරන්නට අවශ් වූවා නම් ඉන්දියාවෙන් මෝඩිම පැමින මේ අඩුපාඩු සම්පූර්ණ කරනකම් ඉන්නට ඕනෑ නොවනු ඇත. මෝඩිටද වෙසක් පොහොය අල්ලා පිංකමක් කරන්නට වුවමනා වී නම් ඉතාම පහසුවෙන්, අද වන තෙක් තාවකාලික නවාතැන්වල කල් ගෙවන මිරියබැද්ද, අරණායක, මීතොටමුල්ල ආදී පෙදෙස්වල ආපදාවලින් විපතට පත්ව ජනතාවට යමක් කරන්නට ඉඩ තිබුනි. මන්ද ඒවා අනපේක්ෂිතව රජය මත කඩා වැටුනු ආපදාවන්හි භාරයයි. ඒත් එසේ නොකර වතුකරයේ ජනතාව අල්ලා ගත්තේ ඇයි? මේ ඔහු මොවුන්මගේ මිනිසුන්කියා සිතන නිසාය.

 

මෝඩිගේ මේ වතුකර චාරිකාව තුල ඉස්මතු කරන්නට තැත් කරන මේ බෙදීම නොපෙනෙන්නට තරම් අප ජනාධිපති, අගමැති ඇතුලු රජය අන්ධ භාවයට පත්ව ඇතැයි අපි නොසිතමු. මෙය තවත් බෙදීමක ආරම්භය බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් මොවුන් ජාත්යන්තරය සතුටු කරීම සඳහාත්, තමන්ගේ පුද්ගලික ලාභ ප්රයෝජන සඳහාත්, බලයට ඇති කෑදරකම නිසාත් මෙය නොපෙනෙනවා සේ සිටිති. එපමනක් නොව වෙනත් පලක් නැති දේ අල්ලාගෙන ජනතා අවධානය වෙතට යොමු කරන්නට තැත් කරති. විමල්ගේ කලුකොඩි කතාවද එවැන්නකි. විමල් වීරවංශගේ විරෝධයන්, උපවාසයන් ජනතාවට අලුත් දේ නොවේ. රජය මේ කතාව ප්රශ්නය යට ගසන්නට යොදා ගත්තත් මෝඩිගේ චාරිකාව නිසියාකාරව විග්රහකලා නම්  රජය බෞද්ධ කොඩිය පෙරටු කරගෙන කරන්නට යන දහදුරා වැඩ නිසා  කලු කොඩි දැම්මත් කමක් නැතැයි සිතෙනු ඇත.

 

එදා සිටම ඉන්දීය නායකයන් කල පරිදි ශ්රී ලංකාව සමග මිත් සම්බන්ධතා පවත්වාගෙන යාම තමාගේද අරමුණබව වෙසක් උළෙලේදී නරේන්ද් මෝඩි පැවසීය. එදා සිටම ඉන්දීය නායකයන් ශ්රී ලංකාව සමග සම්බන්ධතා තබා ගැනීමට කල හරිය ගැන නම් නොකිව මනාය.

 

1981 මැයි මස 19 දා චෙන්නායිහි එනම් එවකට මදුරාසියේ චිත්රපට ශාලාවක් අසලදී උමා මහේෂ්වරන් සහ වේලුපිල්ලේ ප්රභාකරන් අතර සිදු වූ වෙඩි හුවමාරුව පිලිබඳව ආර්. නාරායන් ස්වාමි ලියූ ප්රභාකරන්ගේ චරිතාපදානය වනදුරාවබෝධ මනසක ඇතුලාන්තයනම් කෘතියේ සඳහන් වේ. එහිදී අත්අඩංගුවට පත්වූ ප්රභාකරන් බලන්නට පැමිනිරෝසංවිධානයේ නියෝජිතයන්, එම අපරාධ සිද්ධිය පිලිබඳව ප්රශ්න කරනවාට වඩා උනන්දු වූයේ ත්රිකුණාමලය වරාය පිලිබඳව දැනගන්නට බවත් පිලිබඳව ප්රභාකරන්ද පුදුම වූ බවත් එහි සඳහන්ව තිබේ. ඊලඟට එවකට ශ්රී ලංකා රජයට අත්යවශ්යව සිටි අපරාධකරුවෙකු වූ ඔහුව ශ්රී ලංකා රජයට භාර දෙනු වෙනුවට මදුරාසි උසාවියෙන් ඇප ලබාදී රහසිගතව යාපනයට පැන ගන්නට උදව් කලේ ඉන්දිරා ගාන්ධි රජයයි. ඉන්දීය අගමැතිනිය 1983 න් පසු සටන් පුහුණුව සඳහා තම භූමිය මෙන්ම රජයේ හමුදාවල උපදේශකත්වයද එල්ටීටීඊ සංවිධානයට ඍජුවම, එලිපිටම ලබා දුන්නාය. 1987 ජුලි මසදී එවක ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ශ්රී ලංකා මුහුදු තීරය හා ගුවන් සීමාව ආක්රමණය කරමින් පෙන්වූ බලහත්කාරය හමුවේ එදා අප හිස මත පැටවූ ඊනියා සාම ගිවිසුම පිලිගනු හැර වෙනත් විකල්පයක් ශ්රී ලාංකික රජයට නොවීය. තම හමුදාවන් ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර බලෙන් ස්ථාපිත කර, 1987 දී ශ්රී ලාංකික හමුදාවන් විසින් මෙහෙයවූ සුප්රකට වඩමාරච්චි මෙහෙයුම ඔස්සේ අවසන් වන්නට ගිය යුද්ධය තවත් අසාධ් කලේ මේ ඉන්දීයහිතමිත්රයාය‘. එදා සිටි ඉන්දීය නායකයන්ටද අවශ්යව තිබුනේ එල්ටීටීඊ සංවිධානය අපේක්ෂාකල වෙනම රාජ්යය ලබා ගන්නට ඔවුන්ට ආධාර උපකාර කිරීම නොවේ. ඔවුන් හා රජය අතර විරසකය වැඩෙන්නට අවස්ථාව සලසා දෙපාර්ශ්වයම හෙම්බත් වන්නට ඉඩ හැර ශ්රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වෙමින් අපේ රට තම යැපෙන්නෙකු බවට පත් කිරීමය. අද මෝඩි වතුකරයේ ජනතාව හරහා කරන්නට යන්නේද  එම ක්රියාවලියමය.

 

පසුගිය වසර කිහිපය මුලුල්ලේම ඉන්දීය ධීවරයින් විසින් ශ්රී ලංකාවේ මුහුදු සීමාව ආක්රමණය කිරීම නොකඩවා සිදුවිය. එමෙන්ම තමිල්නාඩු දේශපාලකයන්ගේ අවධානය සෑම විටෙකම ශ්රී ලංකාවේ වාර්ගික ප්රශ්නය වෙත ඒක පාර්ශ්විකව යොමු වූයේ තමන්ගේ උතුරා ගිය ප්රශ්න විසඳීම පසෙකට දමමිනි. මෝඩිගේ ගිලන්රථ බෙදීම ඔහුගේ මැදිහත් වීමේ ආරම්භයයි.

 

බිලියන 1.2 ජනතාවක් සිටින ඉන්දියාවේ ලෝක බැංකු දත්තවලට අනුව වාර්ෂික ඒක පුද්ගල දල ජාතික ආදායම $ 1850 කි. එහි ලැයිස්තුගත කිරීම් අනුව ලෝකයේ රටවල් අතර ඔවුන් සිටින්නේ 123 වන ස්ථානයේය. ශ්රී ලංකාව සම්බන්ධව වා. . පු. දල ජාතික ආදායම $ 3926 කි. එනම් ලැයිස්තුවේ 93 වන ස්ථානයේය.

 

කෙසේ වුවද සමස්ත රටක් ලෙස $ ට්රිලියන 2.454 දැවැන්ත ආර්ථිකයට එනම් ලොව 6 වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ ඒක පුද්ගල දල ජාතික ආදායම මෙසේ පහල තත්වයක පැවතීමට හේතු සොයා පිලියම් යොදනවා වෙනුවට ශ්රී ලංකාවේ ප්රශ්නවලට අත පෙවීම සඳහා සාධාරණ හේතුවක් කිසිසේත් පෙනෙන්නට නැත. ඉන්දියාව වැනි ලෝක බලවතෙකුගේ සිහිනය තේරුම් ගත හැකිය. නමුත් ඔවුන් තම අභිමතය සපුරා ගැනීමට පෙලඹෙන විට තත්වය පාලනය කර ගැන්මේ වගකීම ඇත්තේ අනෙත් පාර්ශ්වයේය. අතින් වත්මන් රජය ජාත්යන්තර මිත්රත්වයේ නාමයෙන් නිකම්ම හිස පාත් කරගෙන මෙම බලපෑමට යට වන අයුරු ඛෙදජනකය. අද මෝඩිලා කරන්නට යන දේ එකල දඹදිව විසූ අශෝක අධිරාජ්යයාගේ ඔලුවේවත් තිබූ බවක් පෙනෙන්නට නැත.

 

මෝඩි ලංකාවට පැමිනියේ වෙසක් උත්සවය සඳහා පමනක්ම යැයි රජය පවසද්දී ඔහු ශ්රී ලංකා රජය සමග වෙළඳ ගිවිසුම් 4 ක් අත්සක් කලබව ඉන්දීය ප්රවෘත්ති සේවාවන්වල සඳහන් විය.ඇත්ත කියන්නේ කවුද?

මෝඩිගේ පමිනීමේ සැබෑ අරමුණ වසංගන්නට රජය භාවිතා කරන පුවත් කිහිපයකි. හිටප ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමග ඉන්දීය අගමැතිගේ හමුව සහ විමල් වීරවංශගේ කලු කොඩි කතාව ඉන් ප්රමුඛ ස්ථාන ගනී. ජනතාවද මේ පුවත් ඔස්සේ එල්ලෙමින් මේ අතට බැණ අඬගසා ගනිති.

 

අවසානයේ එකක් කිව හැකිය. මෙසේ කලු කොඩි දෙස බලමින් සිටිත්දී ඉබේම සුදු කොඩි පෙනෙන්නට පටන්ගත හැකි දවස ඈතක නොවන බවය.

One Response to “අ(න)ර්ථයෙන් ධර්මයෙන් කෙරෙන ආක්‍රමණය”

  1. Christie Says:

    ඉන්දියානු පරපෝසිත් මහත්ම ගාන්දි නැමැත්තා 1927 ඇවිල්ල උතුර හා කන්ද උඩරට ඇවිදලා සිහින මවාගෙන ගියා. මෝඩි අදිරදයා දෙවරක් ඇවිත් සැබෑවූ සිහින අමතා ගියා.
    ඉන්දියානු අදිරද මෝඩි ඇවිල්ල ඉන්දියානු වැසියන් අමතලා ගියා. අපි සින්හල මුස්ලිම් හා කිතුනුවන් සමග කෙලගන්නවා.අපි අපිත් කෙලගන්නවා. ඒ අතරේ ඉන්දියානු පරපෝසිතයො සින්හල සන්හාරය කරගෙන යනව.
    Gandhi came in 1927 and dreamt about it. Modi saw the realized dreams. Jai Hind. Nonviolent Genocide of Sinhalese.
    Majority Sinhalese be they are Buddhists, Christians or Muslims should unite and stand up to the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress