ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ පුවත්පත් නිවේදනය
Posted on August 11th, 2026

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න        හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගැනීම තුලින් විපක්ෂය මර්ධනය කිරිමට ආණ්ඩුවේ ඇති කැමැත්ත සහ උවමනාව නිර්ධය ලෙස ප්‍රකාශයට පත් වූ බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.

මෙයට පෙර සේවයේ යෙදී සිටි පොලිස්පතිවරුන් හට අත්වූ කණගාටුදායක ඉරණම වත්මන් පොලිස්පතිවරයාට අත් නොවිය යුතු බව ට කාරියවසම් මහතා සිදු කළ ප්‍රකාශය නිදහස් අදහස් දැක්වීමකි.  තව ද, එහි කිසිදු තර්ජනයක් ගැබ් නොවේ.  84,000 කට වැඩි පොලිස් දෙපාර්තමේන්තුවේ නායකයා කිසි ලෙසකින් හෝ මෙවැනි ප්‍රකාශයකින් බිය ගැන්විය හැකි බියගුල්ලෙකු නොවේ. ඔහුගේ සමස්ත කතාවේ අන්තර්ගතය වන්නේ ‘ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු නොකළ යුතු’ බවය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කළ නීතිඥ සාගර කාරියවසම් මහතා නීති විෂය පිළිබඳ ප්‍රවීණයෙකි.  දේශපාලනඥයෙකු ලෙස පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මගින් තහවුරු කර ඇති හිමිකම් සුරැකීමට ස්වාධීනව පියවර ගත් ගරු අධිකරණයට ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ගෞරවය හා ස්තුතිය පිරිනමමු.

නිදහස් අදහස් දැක්වීමක් වන එය ප්‍රකාශය මත පදනම්ව සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගැනීම තුලින් ‘පොලීසිය ආණ්ඩුවේ අවශ්‍යතාව මත කටයුතු කරන ආයතනයක් බවට ජනතාව තුල වූ අදහස’ තවදුරටත් ස්ථාපනය වූවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති පුද්ගල අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමකි. වත්මන් ආණ්ඩුවට තමන්ගේ දේශපාලන මතවාදයට විරුද්ධවන සියළු දෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිය පාක්ෂිකයින් පිනවීමට අවශ්‍යව ඇත.

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගැසට් කර තිබිය දී, විපක්ෂයේ දේශපාලන නායකයින් මර්ධනය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය පරාජය කිරීම සියළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා කණ්ඩායම් එක්ව කටයුතු කළ යුතුව ඇත.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න        හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්

Rajith Keerthi Tennakoon

Former Governor of Uva, Southern and Central Provinces

Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research – CHR Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress