ජනතාව  විපිළිසර කරවූ ”නැණ සර ”පැනය   පැනසර ලෙසින් විමසමු 
Posted on May 23rd, 2017

ධර්මසිරි සෙනෙවි රත්න 

බොදුබල සේනාවේ   ඥාන සාර  හිමියන්   නිසා ජාතික වාදීහු දෙපැත්තකට බෙදී ඇත .ඒ හිමියන්ට කැමති බොහෝ දෙනෙක්  ම සිංහල බෞධ්ධයනේ රට ගැනත් ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්නොය .ඔවුන් කියනදේම  ඒ හිමියන්ද පෙන්වාදෙන නිසා ඔවුහු එතුමාට ගරු කරති ලොව පුරා පැතිරෙන ඉස්ලාම් ත්‍රස්තවාදය දැන් ලංකාවේද හොල්මන් කරන බව කවුරුත් දනිති .එය ජනප්‍රිය මාතෘකාවකි ඒගැන ප්‍රසිද්ධියේ කතාකරන කෙනෙකි ඥානසාර හිමි.ජනතා ඉල්ලීම  කතාවෙන් හෝ  සපුරන එහිමියන්ට දැන් ”’බොහෝ අ ය”” එකතුවී ඇත්තේ සිංහල බෞද්ධයන් රැකගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. 

                                මේ හිමියෝ NGO අතකොලුවක් ය ., චම්පක රණවක  ගේ බලල්  අතක්ය, එජාප සිරිසේන  රජය  විසින්දැනට කෙරෙන දේශද්‍රෝහී ක්‍රියා මාර්ග ගැන ජනතා අවධානය වෙනතක යොමු කිරීමට සිරිකොතෙන්  එතුමා මෙහෙයවන්නේය,  ආදීවශයෙන් ඒ හිමියන් ගැන කියන අයද ඇත .ඔවුන් ඉදිරිපත් කරන තර්ක  සමහරක් වැදගත්ය    එනම්   ,,,1  බොදුබලසේනාවේ ප්‍රධානියෙක් වන ඩිලන්ත විතානගේ සුප්‍රසිද්ධ  සිංහල බෞධ්ධවිරෝධී ,ජාති විරෝධී NGO වක සේවය කල අයෙකි   2 ඩිලන්ත චන්ද්‍රිකාගේ සිංහල විරෝධී පැකේජ  වාදියෙකි .3 BBS  norwayරටට ගොස් උපදෙස් ලබාගෙන ඇතිබව  සුප්‍රසිද්ධ කරුණකි  එසේකලේ BBS පිහිටුවීමට කලින් වුවද  ලංකාව දෙකඩ කරනන්ට උඩගෙඩි දුන්  සිංහල බෞද්ධ විරෝධී එවන් රටකට නිකම්වත් පයගසන්නට  භික්ෂුවකට  ලැජ්ජාවක් තිබිය යුතුය 4 හලාල් ප්‍රශ්නයට  නටු නැටුමේ ප්‍රතිඵලයක්  නැත එහෙත් සටනක් දැන් නැත ..5 උතුරේ බෙදුම් වාදීන් ගැන කතා නැත   6 .  හනුමන් පාලම හා එට්කා  ගැන කතා නැත , සටන් නැත ,7  සයිටම් ගැන  හා අනෙක් දැවෙන ආර්ථික ප්‍රස්න  ගැන කතා නැත 8 චම්පකගේ අම්මාගේ අවමගුලේදී ඥාන සාර  හිමි චම්පක හිතවාදියෙක් බව මොනවට ඔප්පුවිය . ජාතික බලවේගයට චම්පක එකතු කරගත යුතුය යන අදහසක් එතුමා විසින් කියා ඇත . මුළු රටම දන්නා අවස්ථාවාදී ජාතිද්‍රෝහී   විටින් විට කටුස්සෙකුමෙන් පාට මාරුකරන,,, ජවිපෙ සාමාජිකයෙකු,,,, ජාතිකචින්තනවාදියෙකු ,,, ,බෙදුම්වාදි කොටින්ට විරුද්ධව සටන් නොකරනු යය කියුවෙකු,, ඉන්පසු කොටිවිරෝධියෙකුවූ ,,,සොමහිමියන් ගේ දර්ශනයට ඉල්ලුමක් අතය් දන සිහල උරුමයට පැන  දේශප්‍රේමී  එස් එල් ගුණසේකර එළවා තමන් නායකවී හෙලුරුමයට පයින් ගසා  දැන් දේශද්‍රෝහීරනිල් සිරිසේන හවුලට හේත්තුවී .එජාපයේ සාමාජිකයෙටත් වඩා එජාප වී ඇති එට්කා හනුමන් පාලම  තෙල්ටන්කි ඉන්දියාවට පාවාදීම , මෙන්ම නිරාගමික නව ව්‍යවස්තාවකින් මුළු සිංහල බෞද්ධ ඉතිහාසයම වෙනස් කිරීමට  උඩ ගෙඩි දෙන .සිංහලේ මාරයාවන  චම්පක රණවක  වැනි මිනිහෙක්   නැවත ජාතික බලවේගයකට හේත්තු කරන්නට කතා  කිරීම  නිසා ඥානසාර හිමි ජාති  ද්‍රෝහියෙකු බව සනාත වී ඇත .. 9   මේ හිමියෝ  ඉහතකී රටේ දැවෙන ප්‍රශ්න ජනතාවට අමතක කරවන්නට පමණක්  මුස්ලිම් ත්‍රස්තවාදයාගන පමණක් විටින් විට කතා කරන්නේ රජයේ නියෝජිතයෙකු වශයෙනි .ටිකකුද්ඝෝෂණ කර ගතමනාවෙන්  පසුව නිහඩවෙය් 

                                                                      මේ චෝදනා හා අදහස් භයානකය ,විශේෂයෙන් භික්ෂුවකට හොඳ නැත .සිංහල බෞද්ධයන්ට හොඳ නැත .එතුමන් පසුපසයමින්  රටජාතිය සාමය රකින්නට උත්සාහගන්නා  ජනතාව අසරණ කරවය් විපිළිසර කරවය් .. මෙසේ ජනතාව දෙකට බෙදීම නිසා දේශද්‍රෝහීහු රට විනාශ කරති .රට රැකීමට කියා බොදුබලයට සහාය දෙන්නෝ මෙනිසා මේ කරුණු සොයා බැලිය යුතුමය .

                                                                    එම අවංක බොදුබල හිතය්ශීහු   ,,,  චම්පක රණවකගේ  දේශපාලනය ගැන එතුමන්ගේ  අදහස ප්‍රසිද්ධියේ හෙළිකරන ලෙස බල කල යුතුය .එට්කා හනුමන් පාලම  තෙල් ටැංකි ප්‍රශ්නය  ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස බල කල යුතුය  එහිමියන්ගේ අවංක භාවය හෙළිකර ගැනීමට ප්‍රශ්න කලයුතුය  ..එවිට රටම ඇත්ත දන ගන්නේය .එය රටට අහිතකරනම් ජාතිකවාදීහු උන්වහන්සේ ව ප්‍රතික්ෂේප කලයුතුය .. චම්පක ලානම් නැවතත් වැද්ද නොගත යුතුය .යමපාලන රජය විශේෂයෙන්ම රනිල් අගමැතිකමෙන් එළවා දමන තුරු ටිකක් පරිස්සමෙන් සිටිය යුතුවන්නේ  රනිල් බලාසිටින්නේ හදිසිනීති ඇඳිරි නීති  ,””’ මාෂල් ලෝ ”” පනවා එකාධිපතියෙකුවීමට  නිසාය .  ඥාන සාර හිමි පෙන්වාදෙන ඉස්ලාමික ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම ඇත්ත බව අප ඔබ කවුරුත් දනිමු .එයට පිළිතුරු දීමට පෙර රනිල්බලයෙන් පහකර සිටිය යුතුය නැතහොත් බෞද්ධ විරෝධී රනිල් බෞද්ධ සංහාරය පටන් ගනු ඇත . 

                                            ඥානසාර හිමියනි මේ ඔබගේ අවස්තාවය් .ඔබවැනි ඍජු කතා ඇති අය  නිර්භීත අය අපට අවශ්ය් .ngo දිලන්තලා  චම්පකලා යමපාලකයෝ   සමග සබඳකම් නැතිබව  ඔබතුමාට පෙන්විය හැකිනම් එය රටට ජාතියට ආගමට කරන අමිලසේවයක් වනු ඇත .අපගේ සැකසංකා  දුරුකරන්න . 

      

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress