පරිසර පද්දතියට නීති විරෝධීව කසල බැහැර කිරීම -‘‘මුතුරාජවෙළ විනාශයි’’
Posted on June 7th, 2017
පරිසර පද්දතියට නීති විරෝධීව කසල බැහැර කිරීමට එරෙහිව කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11කට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මුතුරාජවෙළ යනු කොළඹ නගරයට අසන්නයෙන් ඇති හෙක්ටයාර් 1800කට පමණ වන සංවේදී පරිසර පද්දතියකි. දඩුගං ඔය, අත්තනගලූ ඔය, මීගමුව කලපුව හා කැළණි ඟගට මායිම පිහිටා ඇති මුතුරාජ වෙල පරිසර පද්දතියේ ආවේණික මතස්‍යය යන් හට තොතැන්නකි’ මෙයට අමතරව මතස්‍ය ප‍්‍රජනන කලාපයක්ද වන මුතුරාජවෙල ජලජ ජීවීන්ට ආරක්‍ෂිත කලාපයක්ද වන්නේය.
ආවේණික සමණල්ලූ මෙන්ම සංක‍්‍රණික කුරුල්ලන්ද ආවේණික කුරුල්ලන්ද විශාල ප‍්‍රමාණයක් වාසය කරන වගුරු භූමියක්ද වේ. උරග විශේෂයන් විශාල ප‍්‍රමාණයක වාස භූමියක් වන මුතුරාජවෙල වැසි ජලය ගබඩා කරගනිමින් ක‍්‍රමිකව මුහුදට මුදාහරින් පරිසර පද්දතියක්ද වේ. අභයභූමියක් ලෙස ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශිත මුතුරාජ වෙල මේවන විට විශාල තර්ජනයකට ඇද දමා ඇත.
කොළඹ නගරය තුළ දෛනිකව එකතු වන ටොන් 800ක් පමණ වන කසල කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ නියෝගයෙන් මෙම මුතුරාජවෙල පරිසර පද්දතියට බැහැර කිරීම ආරම්භ කර ඇත. මෙම කසල බැහැර කිරීම හේතුවෙන් මේ වන විට මුතුරාජවෙල පරිසර පද්දතියේ 1 ණඵ පමණ ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇත. ඒ හේතුවෙන් මීගමු පාර වත්තල, මහබාගෙ, නාගොඩ, කඳාන යන ප‍්‍රදේශවල අධික දුර්ගන්ධයක් හමායයි. එසේම මැසි උවදුර පැතිර යමින් ඇත. එමෙන්ම මදුරු ගණත්වයද විශාල ලෙස වැඩිවී ඩෙංගු රෝගීන් දෛනිකව සොයාගත හැකි කළාපයක් බවට පත්ව ඇත. මෙයට අමතරව උස්වැටකෙයියාව, දික් ඕවිට, ඇලකන්ද, කෙලවරපිටිය යන ප‍්‍රදේශවලටද වැසි සමයත් සම`ග විශාල මහජන සෞඛ්‍ය ගැටළුද මතුවී ඇත.
පහත් බිම් සංවර්ධන මණ්ඩලය මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන වල නිසි අවසරය ලබාගෙන නොමැති මෙම කසල බැහැර කිරීම ස‘දහා දේශපාලන නායකත්වය ප‍්‍රදේශයේ ආණ්ඩුවේ පක්‍ෂයේ දේශපාලන ප‍්‍රධානීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය භාර බස්නාහිර නගර සංවර්ධන ඇමතිවරයාද සපන බව ඔහුගේ හැසිරීම මගින් අපට තේරුම්ගත හැක. අදාල ආයතවලට ජනතාව පැමිණිලි කළද ඒ සදහා ගත්තාවූ පියවරක් නොමැත.
මෙම කරුණු මූලික කොටගෙන පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පාදක කොටගෙන කොළඹ මහ නගර සභවේ නාගරික කොමසාරිස් ප‍්‍රමුඛ රාජ්‍ය ආයතන 11ක ප‍්‍රධානීන්ට හා දේශපාලඥයන්ට විරුද්ධව 2017/06/09 වන දින පෙ.ව 10.30ට කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත. එම අවස්ථාවට ඔබ මාධ්‍ය ආයතනයේ නියෝජිතයකු මානව හිමිකම් කොමිසමට සම්බන්ධ කර මාධ්‍ය ආවර්ණය ලබාදෙන ලෙසත් ඒ හරහා මෙම පරිසර විනාශය වලක්වා ගැනීමට ප‍්‍රචාරක සහය ලබාදෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට සභාපති,
බී. අයි. ආබ්ඞීන්