විපතට පත් ජනතාව යලි නගාසිටුවන්නට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් සහන සේවා මෙහෙයුම්
Posted on June 7th, 2017

මාධ්‍ය ලේකම් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

පසුගිය දිනවල ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ නාය යෑමෙන් විපතට පත් ජනතාවගේ ජනජීවතය නැවත නඟා සිටුවීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක රජයේ ආපදා කළමනාකරණ මෙහෙයුම් වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදා තත්වයක් වාර්තා වූ අයගම සහ කලවාන ප්‍රදේශයන්හි සහන සේවා මෙහෙයවීම සඳහා පත් කරන ලද විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, කඩුවෙල ශ්‍රී.ල.නි.ප.ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මේ වන විට එම ප්‍රදේශයන්හි අවස්ථා කිහිපයකදීම නිරීක්ෂණයන් සිදුකරමින්, එම ප්‍රදේශයන්හි විපතට පත් ජනතාව සෘජුවම මුණගැසෙමින්, ප්‍රදේශිය ලේකම් කාර්යාල ප්‍රමුඛව සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන ඒකරාශි කොට වඩා විධිමත් සහ ක්‍රමානුකූල ක්‍රමවේදයක් මඟින් ගංවතුරින් පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ කඩිනම් ක්‍රියාමාර්ග සැලසුම් කරන ලදී.

ඒ අනුව විපතට පත් සෑම පවුලක් වෙනුවෙන්ම මූලිකව රුපියල් දස දහසක මුදලක් කඩිනමින් ලබා දීමටත් ඉන් අනතුරුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අධීක්ෂණ සහ තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අනෙකුත් වන්දි මුදල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.එමෙන්ම ගංවතුර ඇතුළු ආපදා තත්වයන් බොහෝමයකදීම ඒ ඒ සිදුවීම් වලට අඳාළව සහන සේවා සැපයීමේ වැඩපිලිවෙලවල් ක්‍රියාවට නංවා ලබා ඇති අත්දැකීම් මත සහන සේවා සැපයිය යුතු ක්‍රියාන්විතය සංවිධානය කිරීම සඳහා එම ප්‍රදේශයන්හි නියෝජිතයන්ට අමතරව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ආයතන අංශයන්හි සහාය ගරු අමාත්‍යතුමන් මීට එක් කර ගැනීම විශේෂ කටයුත්තක් ලෙස දැක්විය හැක.

විපතට පත් ප්‍රදේශයන්හි පවත්වා ගෙන ආ පාසල් විපතින් අනතුරුව දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නැවත  ආරම්භ කිරිමට පෙර විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික ඉංජිනේරු,පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නිළධාරීන් විසින් සෑම පාසලකම පිහිටුවා ඇති ගොඩනැඟිලි වල යෝග්‍යතාවය පිළිබඳව ඉංජිනේරුමය විද්‍යාත්මක තක්සේරු කටයුතු සිදු කරන ලදී.

තවද  කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යන සේවා ස්ථානයන් වෙතින් විපතට පත් මෙම ප්‍රදේශයන්හි ජනතාව වෙත අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය ඇතුළත් ප්‍රදානයන්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව ස‍ඳහා සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත්, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ විජේසිංහ, ජානක වක්කුඹුර ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයන් රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහාභාගි වුහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress