අනුර නෙලන්නේ තමන් වැපුරූ දේ – මෙන්න සාක්කි
Posted on June 12th, 2017

උපුටා ගැන්ම හෙළබිම සිංහල පුවත්

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත් කසුන් දිසානායකගේ විවාහ උත්සවය පිළිබඳ මේ වනවිට සමාජ ජාලා වල දැඩි අවධානයක් යොමු වී තිබේ. මෙහිදී මතභේදයට තුඩු දී ඇති කරුණු රැසකි. 
කසුන් දිසානායක මාළඹේ පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගෙන ඇති අතර රාජපක්ෂ ආණ්ඩු සමයේ මිහින් ලංකා ආයතනයේ සේවය කොට ඇත. ඉන්පසු වර්තමාන ආණ්ඩු සමයේ ශි්‍ර ලංකන් ගුවන් සේවයට මාරු වී ඇත්. තවද බෞද්ධයන්ට නිරාගමික වීමට උගන්වන ජවිපෙ නායකයාගේ පුතාගේ විවාහ උත්සවය පවත්වා ඇත්තේ පල්ලියක වීම ද විශේෂත්වයකි්.
මේ කරුණු පදනම් කරගෙන සමාජ ජාලා තුල ජවිපෙ දෙබිඩි පිළිවෙත් දැඩි විවේචනයට ලක් වී ඇත. මීට අමතරව සොමවංශ අමරසිංහ ගේ පුතා සහ නිහාල් ගලප්පත්ති ගේ පුතා එංගලන්තයේ ඉගෙන ගැනීමත් 88-89 කාලවලදී ජවිපෙ නායකය කලුකුම් මස් බුදුමින් අත්තනායක හාමු ලේස අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම ගැනත් කතා බහට ලක්වී ඇත.
පියවරුන්ගේ දේශපාලනය දරුවන්ට අදාළ නොවන නමුත් පියවරුන්ගේ දේශපාලනයට දරුවන් ගාවාගෙන විවේචනය කිරීමේ කලාව ලංකාවට හඳුන්වා දුන්නේ ජවිපෙ නායකයාන්ය. ඒ පංති අතර පරතය පෙන්වීමටය. දැන් එම මඩ ගොහොරුවේ ඔවුන්ද නාමින් සිටී.

පහතින් දැක්වෙන්නේ එයට හොඳ උදාහරණයකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress