කැබිනට් සංශෝධනය; කතාව ඩිජිටල්, වැඩ ඇනලොග්
Posted on June 12th, 2017

රණවීර පතිරණ ප‍්‍රධාන ලේකම් පළමු පෙරමුණ

‘‘සෝභිත හිමියනි ඔබ පැතූ ලොව අප ගොඩනගන්නෙමු’’ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු වත්මන් ආණ්ඩුවේ නායකයෝ මිය ගිය සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරියේ හැගුම්බරව දිව්රුම් දුන්හ. ඒ අධිෂ්ඨාන හැගීම්පිරි මූණු සෝභිත හිමියන් නුදුටුවත් රූපවාහිනයට කිට්ටු වූ ජනතාව දැක්කේය. ඔවුන්ද නායකයන්ගේ හැගීම් සමග ඒකාත්මික විය. යහපත් රටක් ගොඩ නැගීමට, කැපකිරීම් කිරීමට යළිත් ඔවුන් සූදානම් වූයේය.

ආණුඩුවේ නායකයන් අද සිදු කරන දෙය සෝභිත හිමියන්ට පෙනෙන්නේ නම් ‘‘තොපිට යන්න අපායවල් නෑ බොලව්’’ කියා කෑගසනු ඇත. එතැණින් නතර නොවී ‘‘ මේ හොර හැත්ත එළවා දමන්න පෙරට වරෙව්’’ කියා ජනතාවට අණ කරනු ඇත. පාලකයන්ගේ වාසනාවට උන් වහන්සේ අප අතර නැත. නමුත් ජනතාවනම් හොර හැත්ත එළවා දැමීමට ඇගිලි ගනින්නට පටන්ගෙන ඇත.

පසුගියදා සිදු වූ කැබිනට් සංශෝධනයට අදාළ විෂයයන් ජූනි 9 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් වී හමාරය. කැබිනට් සංශෝධනයත් විෂයයන් වෙන් කිරීමත් මගින් යළිත් වරක් ‘‘කටේ නරි වාදම රෙද්ද පල්ලෙන් බේරී’’ ඇති බව පෙනේ.

අගමැතිතුමා කතා කරන හැම විටම අනාගත ලෝකයට ගැලැපෙන ආකාරයෙන් රට සකස් කළ යුතු බවට අවධාරණය කරයි. රට ඩිජිටල් කරණය කළ යුතු බවට කියයි. ආණ්ඩුවේ කතාව ඩිජිටල් වුණාට වැඩ ඇනලොග් බව කැබිනට් සංශෝධනයේ විෂයයන් වෙන් කිරීමේදී පෙනී යයි.

කැබිනට් සංශෝධනය සහ දේශපාලන අරමුණු

කැබිනට් සංශෝධනය සිදු වූයේ අනාගත දේශපාලන අරමුණුත් සමග බව පැහැදිලිය. ප‍්‍රධාන වශයෙන් සංශෝධනය සිදු වූයේ ආර්ථික කටයුතු අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය අතරය.

ඇත්ත වශයෙන්ම අනෙකුත් අමාත්‍යංශ සංශෝධන ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ඉදිරි අරමුණු නිරවුල්ව කරගෙන යෑමට ‘වැඩ පහසු කිරීමේ’ උවමනාවන් වෙනුවෙන් සිදු වූ බව පළමු පෙරමුණේ අදහසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා තමන්ගේ ‘‘වැඩ’’ අවසන් කර තිබුණේය. ඔහු ලෝක බලවතුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරමින් අපේ රටේ මෙතෙක් පැවැති විදෙස් ප‍්‍රතිපත්ති වෙනස් කළේය. නොබැදි ප‍්‍රතිපත්තියෙන් ලංකාව ඉවත් කළේය. පලස්තීන සහයෝගිතා ප‍්‍රතිපත්තියෙන් රට ඉවත් කළේය. මේ ඔහු විදේශ ප‍්‍රතිපත්තියේ කළ ප‍්‍රධාන වෙනස්කම් දෙකකි.

ඇත්ත වශයෙන්ම ඔහුට දැන් විදේශ අමාත්‍යංශයේ වැඩ නැත.

ඊළගට අවශ්‍ය වූයේ ‘‘ඔහු ඇතුළු පිරිස’’ සකස් කළ විදේශ ප‍්‍රතිපත්තියට අනුකූලව රටේ ආර්ථික ප‍්‍රතිපත්ති වෙනස් කිරීමයි. එහෙමත් නැත්නම් ආර්ථික කි‍්‍රයාවලිය මෙහෙය වීමයි.

මෙම උවමනාවේදී ආර්ථික කටයුතු අමාත්‍යංශය නිවැරදි ලෙසම මංගල සමරවීර අමාත්‍යවරයාට භාර දිය යුතුව තිබුණි. එය සිදු විය. ඒ එක්කම ජනමාධ්‍ය අමාත්‍යංශය ඔහු ඉල්ලා ගත්තේය. ආර්ථිකය හැසිරවීමේදී මතය හැසිරවීමේ වැදගත්කම මංගල සමරවීර මහතා  ඇතුළු පිරිස හොදින්ම දනී.

කැබිනට් විෂයයන්ගේ විකෘතිය පෙන්වන්නේ ආණ්ඩුවේ විකෘතියයි

රවී කරුණානායක අමත්‍යවරයාට අසාධාරණයක් නොවන්නට විදේශ කටයුතු අමාත්‍යංශය භාර දුන්නේය. ඔහුට තව දුරටත් දේශපාලනමය සහ ආර්ථික සාධාරණත්වය ඉටු කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවරා දී ඇත.

මෙයාකාරයෙන් අමත්‍යංශ විෂයයන් වෙන් කිරීම රටේ සංවර්ධන කි‍්‍රයාවලියේදී විකාරයකි. විදේශ අමාත්‍යංශය යටතේ ලොතැරැයි මණ්ඩලය ගැට ගැසීම හිතා ගන්න බැරි තරමේ විකෘතියකි.

මෙම විකෘතිය විදේශ කටයුතු අමත්‍යංශයේ පමණක් නොව අනෙක් හැම තැනකමත් ඇත. ඉඩම් සහ පාර්ලිමේන්තු අමාත්‍යංශය යටතේ කන්තලේ සීනී සමාගම පවරා ඇත. එක් සීනි සමාගමක් විතරක් පාර්ලිමේන්තු අමාත්‍යංශ විෂය භාර ගයන්ත කරුණාතිලක මහතාට පැවැරුවේ ඇයි?

විද්‍යාත්මකව විෂයයන් වෙන් කිරීමේ  ක‍්‍රමවේදය අනුව කල්පනා කළොත් මේවාට පිළිතුරු නැත. දේශපාලනිකව කල්පනා කළොත් තේරුම් ගැනීම පහසු කරයි.

පළමු පෙරමුණ ලෙස අප  මුලින් කිව්වා සේ අමාත්‍යංශ සංශෝධනයේ ප‍්‍රධාන අරමුණ වූයේ ලෝක බලවතුන්ගේ උවමනාවන්ට අනුව රටේ ආර්ථිකය ගැට ගැසීමයි. ඊට සුදුසුම පුද්ගලයා පත් කර ගත්තේය. අනෙකුත් අවශේෂ වෙනස් කම් ‘‘වෙනස් කම් කරන්නාගේ’’ රුචිකත්වය සහ ඉල්ලුම් කරුවාගේ බලපෑමේ  ප‍්‍රමාණය මත සිදු වූයේය.

එසේ කටයුතු කිරීම විකෘතියක් ලෙස පෙනේ. නමුත් මේ පෙන්වන්නේ ආණ්ඩුවේ දේශපාලන විකෘතියයි. සිදුවෙන හැම සදාචාර විරෝධී සිදුවීමක් පිටුපසම, බලහත්කාරකමක් පිටුපසම ඇත්තේ මෙම දේශපාලන විකෘතියයි.

ඇත්ත වශයෙන්ම වත්මන් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු සහ අභිලාෂයන්ට පයින් ගසා බොහෝ කල්ය. තව දුරටත් ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ උවමනාවක් ආණ්ඩුවට නැති බව පැහැදිළිය. ජනතාවට සේවය කිරීමට උවමනාවක් තිබෙන අයට වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් පැහැදිළිය.

සෝභිත හිමියන් ඉදිරියේ පළමු පෙරමුණේ අපත් දිව්රුම් දුන්නේය. ඒ ජීවත්ව සිටියදීයි. උන් වහන්සේගේ පැතුම වූයේ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අනවරත අරගලයයි.

එදා ජනාධිපති අපේක්ෂක, වත්මන් ජනාධිපති සහ සංවිධාන 41ක් උන් වහන්සේ එක් මිටකට එකතු කළේය. ඒ කොළඹ පදනම් ආයතනයේදීයි. සිංහල, දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ, වමේ සංවිධාන සහ සිවිල් සංවිධාන වලින් මේ එකතුව සමන්විත වුණි. ඒ සැවොමත් සාධාරණ සමාජයක් ගොඩනැගීමට ප‍්‍රතිඥා දුන්හ.

නමුත් ඒ බොහෝ දෙනෙක් සිය ප‍්‍රතිඥාවන්  බලය ලත් විගස අමතක කළේය. ටික දෙනෙක් ටිකෙන් ටික අමතක කළේය. ජනතාව ඉදිරියටවිත් අපට පැවැසීමට ඇති සත්‍යය එයයි.

මේ නිසා සාධාරණ සමාජයක් ගොඩනගනුවස් ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමේ උවමනාව ඊයෙට වඩා අද ඇතිව තිබෙන බව අපගේ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන, සංවිධානය වෙමු යැයි අප ජනතාවගෙන් ඉල්ලා  සිටිමු.

ස්තූතියි,

රණවීර පතිරණ

ප‍්‍රධාන ලේකම්

පළමු පෙරමුණ

4 Responses to “කැබිනට් සංශෝධනය; කතාව ඩිජිටල්, වැඩ ඇනලොග්”

  1. ranjit Says:

    Pathirana you guys have been fooled by this Yamapalanaya witch doctors and big time thieves. Don’t believe on these hypocrites anymore. Sira and Ranil are the biggest liars of all time. They hoodwinked the the poor people in this country in wholesale. They are their to get fat and rich for themselves not on behalf of us the poor voter. Sobitha thera maybe crying seen the situation in this country from his grave. To get power in to their hands these two lied even to their closest friends and supporters. They are driving this country to hell with their stupid idiotic actions. No one has experience or brains to take our country forward except brains to steal and get rich, richer, richest. Damn this uneducated pigheads who rule like dictators.

  2. Kumari Says:

    Sobitha was one of the first casualties of Yahapalanaya. From the day Sobitha requested to see Mahinda from his hospital bed (apparently Sobitha has said Mahaththayo, Api Revatuna, Sir we were fooled), Yahapalanaya knew they have to eleminate the monk. Sobitha was to do a U turn and before that he was transferred to several hospitals, seen by seven different doctors and then only the dead body was brought back. The undertakers in SL have informed that internal body parts were removed when the body was given to them for embalming.

  3. Ananda-USA Says:

    This modern saying “Kathawa digital, wada analog” is quite apt!

    It reminds me of the old Sinhala adage “Kathawa dolawen, gamana paying” of a bygone age.

  4. Ananda-USA Says:

    I BLAME Ven Sobitha SEVERELY for his DESTRUCTIVE role in PRECIPITATING the Nationsl Disaster that has UNFOLDED since the REGIME CHANGE he helped to ENGINEER on Jan 8, 2015.

    Indeed, I would go as far as to say “Sobithaya Modaya, Kavum Kandy Yodaya”!

    As a revered Buddhist Monk steeped in the history of the Sinhala nation and aware of our National Disasters precipitated by political bunglers like himself, he should have EXERCISED FAR MORE CAUTION than he did in TRUSTING the SIREN SONGS of the Neo-Colonialists in cahoots with TREASONOUS MINORITIES wailing about “human rights” and “good governance” gifts.

    Most of us less well known PATRIOTS CLEARLY saw the danger of DISMANTLING the ONLY DEFENCE WE HAD in the MF/UPFA govt and did not foolishly fall into that TRAP, while Ven Sobitha led the Sinhala people off the cliff, like the Pied Piper of Hamlin mesmerized by his own addle-pated rhetoric!

    Sobitha Hamudurowo stabbed the Sinhala Buddhists right in the CENTER of our collective heart and I am regretfully moved to say …..

    Biwwa neda wadakaha sudiya?
    Biwwa neda Yahapalanaya?
    Aney magey Sobitha paney,
    Kiyannako attha aney,
    Apita pewwa neda Yamapalanaya?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress