නිකොලායි ගොගෝල් ගැන
Posted on June 12th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග  Dr Ruwan M Jayatunge M.D.

Dr. Rami Bou Khalil යනු ලෙබනනයේ මනෝ වෛද්යවරයෙකි. විශ්ව විද්යාල මහාචාර්යවරයෙකි. (ඔහු ගැන කියවන්න http://www.damour-mc.com/dris.php?did=45 ) ඔහු අරාබි කලාපයේ ප්රකට විද්වතෙකි. එවැනි විද්වතෙකු සමග යූක්රේනියානු ජාතික ලේඛකයෙකු වූ නිකොලායි ගොගෝල් සහ ඔහුගේ මනෝභාවයන් පිලිබඳව පරියේෂණ ලිපියක් එළි දැක්වීමට මට හැකි වීම ගෞරවයක් ලෙස සලකමි.
සිංහල පාඨකයන් නිකොලායි ගොගෝල් ගැන දන්නේ මළ මිනිස්සු කෘතියේ ලේඛකයා ලෙසටය​. අපගේ පරියේෂණ ලිපිය මගින් නිකොලායි ගොගෝල් තුල තිබූ ින්නෝන්මාද ලක්ෂණ අප පෙන්වා දුන්නෙමු.

තිලක් පුෂ්පකුමාර සේනානායක මහතා නිකොලායි ගොගෝල් ගැන මෙසේ ලියයි. ;ශ්රේෂ්ඨ රුසියානු නවකතා කලාවේ අසමසම ශ්රේෂ්ඨ චරිතයක් වන නිකොලායි ගොගොල්ගේ ජීවිත කතාව විශ්වකෝෂයක් බඳුය. 1802 අප්රේල් 01 වැනිදා යුක්රේනයේ පොල්කාවා පළාතේ සොරෝචින්ස්කි ගමේදී උපත ලද ගොගොල් කුඩා කල පටන්ම සැපසම්පත් විඳිමින් හැදී වැඩුණු පුද්ගලයකු වූයේය. ඔහුගේ පියා ඉඩකඩම් හා දැසිදස්සන් සහිත ධනපතියකුª වූ නිසා ආර්ථික අහේනියක් ගොගොල්ගේ ළමා කාලයට ඇතුළු නොවිණි. ආගම දහම කෙරේ ගොගොල් නැඹුරු වූයේ ඔහුගේ මව දැඩි ආගමික භක්තියෙන් කටයුතු කළ කාන්තාවක් වූ නිසාවෙනි. ගොගොල්ට පසුකලෙක දැඩි ආගමික උමතුවෙන් යුතුව ජීවත්වීමට මවගේ ආගමික නැඹුරුව බලපෑ අතර කුඩා කලදීම සිය මවගේ ආගමික නැඹුරුව වෙත ඔහු ආකර්ශණය වූයේය.ගොගොල්ගේ කෘති අතර Evening on the Farm Dikanka (1831) Mirgorod (1835) Inspector General (1836) (නාට්යයකි) Dead Soul (1842) (මළ මිනිස්සු) යන ග්රන්ථ ඔහුගේ සුවිශේෂ කෙටිකතාව වූ ”Over Coat” – හිමකබාය ශ්රේෂ්ඨ නිර්මාණ අතරවෙයි. නිකොලායි ගොගොල් සතුව කොතරම් සුවිශේෂ දක්ෂතා පැවතිය ජීවිතයේ යථාර්ථය වටහා ගැනීමට පෙර ඔහු අකාලයේ මිය පරලොව ගියේය.

අපගේ පත්රිකාව පළ වූයේ Journal of Medical Biography
Pathography and autopathography: The case of Nikolai Gogol (1809–1852)
By Dr. Rami Bou Khalil and Dr Ruwan M Jayatunge

අපගේ පත්රිකාව පහත දැක්වේ

http://journals.sagepub.com/d…/full/10.1177/0967772016661130

http://journals.sagepub.com/doi/full/10.1177/0967772016661130

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress