පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අපවත් වූයේ Smallpox නිසා ඇතිවූ Septic shock තත්වයෙන් ද ?
Posted on June 13th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුවෙහි දී උන්වහන්සේ ගේ ශරීරයෙහි කුෂ්ඨ රෝගය පැතිර ගිය ආකාරය විස්තර වන්නේ පහත පරිදිය. ‘ කෙසේ ඇති වී ද යත් – හබ සා විතර සීන් කස් ඇතිව ලා පසු ව මුං සා ව , පසුව මෑ ඇට සාව, පසුව ඇඹුල සාව,පසුව බෙල් සාව,ලා පැසී ගොසින් පැළී සිල්වන්ට වන.

සියල් සිරුර වේයන් කෑ පරඩැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය.

එවක් පටන් ඵූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ යයි ප්‍රසිද්ධ වූ සේක. පසුව දවස් ගණනකින් ඇටත් බිඳින.

බැලීමටත් අක්ෂම වූ සේක. හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකී පුස්කා ගිය පැණි කැවුම් සේ විය. ශිෂ්‍ය වහන්දෑත් බැලිය නොහී අත්හල සේක. උන් වහන්සේ ද කිසි පිහිටක් නැතිව මඤ්චපරායනව හොත් සේක.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද, 2014. පි.අ. 340 )

මේ අනුව පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අපවත් වූයේ Smallpox  (වසූරිය) නිසා ඇතිවූ Septic shock  (පූතික කම්පනය ) තත්වයෙන් බව උපකල්පනය කල හැකිය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress