නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ කාලය ඇවිල්ලා!
Posted on June 20th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

රටේ පවතින කාලකන්නි මුසල ජතික ස්වරුපය සියලුම ජන හදවත් සලිත කර ඇත. එය කොතරම් ප්රබලව සිදුවෙමින් පවතින්නේද යත් මේ රජය පිහිටුවීමට පෙරමුණගත් අයවලුන් පවා මේ පවතින තත්වයට එරෙහිව ආඩපාලි කියමින් තැන තැන සැරිසරන තත්වයකට පත්ව සිටි. බලයක් නැති ජනාධිපති කෙනෙක්, බලයක් නැති අගමැති කෙනෙක්, සිටිනරජයක්යයි කියාගත් මොකක්දෝ ඇති රටක, රජයනම් වූ ජාතික සුනියම විසින්, ජාතික වැදගත් කමක් ඇති ආරක්ෂක කදවුරු ගලව ගලවා ඉවත්කරමින්, හමුදා සෙබළුන් හා ආරක්ෂක ප්රධානින්, අත් අඩංගුවට ගෙන සිරගෙවල් තුල ගාල් කරමින්  රට බේරාගත් රණ විරුවන් දැඩි මානසික පීඩනයකට ලක් කරමින්, ගම්වර හා තාන්න මාන්න ලැබිය යුතු හමුදා ප්රධානින් අපරාධ කලවුන්සේ අපරාධ විමර්ශන කොමිසන් වලට් කැදවමින්, ප්රශ්න කරමින්, ඔවුන්ගේ මනස හා කාලය විනාශ කරමින්, පවතින ආරක්ෂක හමුදාව ම්ලේච්ඡ පීඩනයකට පත් කරන විටකදී, කම්පනයට පත්වූ  ස්වභාව ධර්මය, මිනිසුන් හා අනිකුත් ජීවින් පන පිටින් වල දමමින්, මහා අර්බුධයන්ද නිර්මාණය කර ඇති සමයකදී, රටේ තවත් ප්රදේශ ගණනාවක, ස්වභාවය විසින්ම දැඩි නියගයකින් ජනතාව පෙළමින් සිටින තත්වයක් යටතේ,.මේ වනවිට ලක්ෂ ගණනකගේ ජිවිත අවතැන් කරමින්, ස්වභාවය විසින්ම ජලයෙන් පහර දෙන මොහොතේම, පෙරේත ගොට්ටට පැනපු මල පෙරේතයින්සේ බඩජාරි ඇමතිවරුන් රටේ විපතට පත් ජනතාව අමතක කොට, තම තමන්ට ලැබෙන ඇමති ධුරවල දිග, පළල මනිමින් සිටි. එක පෙරේතයෙක් මහවැලියම කන්න දියව් කියන විට තව එකෙක් මට මහා බැංකුව කන්නදියව් යයි හඩ  තලයි., තම තමන්ට කන්න හුරු පුරුදු ආයතනම ගසා කන්නම ඉල්ලා සිටින තත්වයට පත්වූ මේ විලි ලජ්ජා නැති එවුන්, මේ වන විට වර්ෂ 1789 වසරේ ප්රන්සයේ ගොඩනැංවී තිබුණ සමාජ වාතාවරණයට සමානවූ තත්වයක් ශ්රී ලංකාද්වීපය තුලද නිර්මාණය කර ඇත.

එදා ප්රන්සයේ මොනවාද වුනේ, වර්තමානයේ ශ්රී ලංකාවේ මොනවාද වෙන්නේ යන්න සංසන්ධනාත්මකව බලන විට අනාගතය සම්බන්ධව අපි දකින්නේ, සුන්දරත්වයක් නොව මහා බියකරු සමාජ තත්වයකි. මේ පවතින මහා සමාජ ගිනි ජාලය නිර්මාණය කිරීමේදී, මෙරට ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතු අතර මේ වනවිට ඔහු සිදුවෙමින් පවතින තත්වය දැක දැක, කිසිවක් කර කියාගත නොහැකි තත්වයකට පත්ව සිටි. කිසිදු බලයක් නැති ඔහු තමාට උවමන ආකාරයට අමාත්යංශ ලේකම්වරයෙකුවත් පත් කරගත නොහැකි, තත්වයකට පත්කර අධික පීඩනයක් තුලින් ගමන් කරමින් සිටි. එදා ප්රන්සය පාලනය කලේ බලවත්ම,පාලකයෙකි.16 වෙනි ලුවී රජතුමා වශයෙන් ඉතිහාසගත මේ චරිතයේ ක්රියා කලාපය යුරෝපයේ එදා පැවති මුළු මහත් සමාජ යාන්ත්රණයම බිද වට්ටවන්නට සමත්වූ අතර, වර්තමානයේ ශ්රී ලංකාවේ සිදුවෙමින් පවතින්නේද ඊට සමානම වූ  සමාජ නිර්මාණයක් බව සියල්ලක්ම අවබෝධ කරගෙන කල්තියාම සුදානම් වීම ගුණදායක බව කිව යුතුමය.මේ වනවිට මෙරට සමාජ යාන්ත්රණයේ ඇති කිසිදු අංගයක් සම්බන්ධව ජනතා විශ්වාසයක් නැති අතර, මුළු මහත් සමාජ යාන්ත්රණයම දවා හළු කිරීමෙන් තොර ගොඩනැංවීමක් සිදු නොකළ යුතු බවට, මෙරට ජන මනස වර්ධනය වී ඇති  බව අප ඉතා පැහැදිලිව දකිමින් සිටින්නෙමු. මෙරට ජනතාව, ජනපති, අගමැති, මැති ඇමතිවරුන්ට අමතරව, අධිකරණය හා අටවාගත් ස්වාධින කොමිෂන් සභා සියල්ලක්ම ම්නක්කල්පිත විකාරරුපි රටකන දුෂිත පෙරේතයින් හා කුම්භාන්දයන් ලැගුම් ගත් ආයතන සේ හදුනාගෙන හමාරය. මෙරට ජනතාව තමන් කිසිදා අත් නොදුටු අප්රසන්න පාලන ක්රමයක අමිහිරි අත්දැකීම් තුලින් ගමන් කරමින් සිටින මේ මොහොතේ, මේ මහා ජාතික සුනියම කපා දමන්නේ  කෙසේදැයි සිතමින් සිටින මොහොතේදීම, මෙරට පාලක බුරුත්ත, මේ ජනතා විරෝධයට තමන් මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමින්,”අතීසාරයට අමුඩ  ගසන්නසේමැතිවරණයන් කල් දමමින් කන්න තියන හැම රාජ් දෙපලක්ම විකුණා කමින්, ඉන් නොනැවතී වසර 198ක් අනාගත පරපුරට අයත් උරුමයන්ද මේ පස් අවුරුදු පාලනය උරුම මල පෙරේතයින් විසින් විකුණා කන්නට සැරසෙන්නේ, තමන් බලයෙන් ගිලිහෙන්නට පෙර ගසා කැ හැකි සියල්ලක්ම ගසා කෑමේ අරමුණෙනි. බඩජාරි කමට සිමා මායිම නැති බවක් පෙන්වන, පළමු ශ්රී ලාංකීය රජය මෙය වන අතර, රටේ වැඩ කරන ජනතාවට තමන් පෙර දරු සියලුම ආකල්ප ඉවත ලා, පෙර සටන් පාඨයන්  වූපඩි වැඩි කරව ” “බෝනස් දියව්වෙනුවට, “පාලකයනි,තැපැල් ස්ථාන විකුණා දැමීම නවතා දමව්”  “තෙල් ටැංකි විකුණා දැමීම නතර කරව”  ” මේ රටේ ඉඩම් විදේශිකයින්ට විකිණීම නවතා දමව්යන ආකාරයට සිය සටන් පාඨ වෙනස් කොට රාජ් බලය ලබාගත් මල පෙරේතයින්ගෙන් ජනතා දේපල සුරැකීමේ සටනකට අවතීර්ණ වීමට සිදුව ඇත.ජනතාව රාජ් දේපල පාලකයින්ගෙන් බේරාගැනීමට සටන් වදින විට පාලකයින් ජනතා දේපල හැකි ඉක්මනින් විකුණා ගසා කමේ මහා නින්දිත අවදියකට රට පත්ව ඇත. මෙවන් තත්වයක් නිර්මාණය වීම තුලින් පෙන්නුම් කරනුයේ, පාලක හැත්තෑ බුරුත්තට ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ ආකාරයේ මහා දරුණු ජනතාවාදී ප්රහාරයකට මුහුණදීමට සිදුවෙන බවයි.

එදා ප්රංස විප්ලවයට මුලික හේතුවක් වුයේ, රජතුමා, තමන් සතු බලය අනිකුත් රාජ් ආයතන සමග බෙදාගෙන සිදු නොකිරීමේ උද්දච්ච ඒකාධිපතිත්වයේ,පලයක් වශයෙනි. එදා ප්රන්සය තුල සියලුම සැප සම්පත් සෘජුවම රජුගෙන් ලබන වංශවත් පවුල් 25,000ක් පමණ සිටි අතර එවකට එංගලන්ත කිරීටය යටතේ, එවැනිම වූ වංශවත් පවුල් තිබුනේ 220ක් පමණි. මේ ප්රංශ වංශවත් පවුල 25,000 මුළුමහත් බර දැරීමට සිදුවුයේ, පීඩනයෙන් මිරිකී සිටි ප්රංශ ජනතාවටමය.මේ බඩජාරි පවුල් කිසිදාක ජනතාවගේ කරින් බිමට බැස ජනතාවට සහනයක් ලබා නොදෙන අතර, ආකාරයෙන්මවූ වර්තමාන ශ්රී ලංකාවේ සිටිනාවූ පවුල ගණන කොතෙක්දැයි කිසිවෙක් ගණනය කර නැත. නමුත් මේ පරපෝෂිත දුෂකයින් රෝත්ත මහා මිල ගණන් ගෙවා අධි සුඛෝපබෝගී වාහන ගෙන්වා ගන්නේ මිහිදන්ව පස් යට පන අදින ජනතාවගේ ගැටළු විසදීමට යාමේදී, කොදු නාරටි පරෙස්සම් කරගනිමට දැයි අප අසන්නේ, මොවුන් විසින් ප්රසිද්ධියේම මාධ් සාකච්චා වලදී, කොදු අට කැඩෙන වාහන වල යා නොහැකියයි ප්රකාශ කර ඇති බැවිනි. අපේ රට තුල එදා ප්රංශය තුල සිදුවූ ආකාරයට සමානවම මෙරට ජනතාවගෙන්ම පෝෂණය වන පවුල් විශාල සංඛ්යාවක් සිටින අතර, ඔවුන්ගේ විදේශයන්හි ඇති නිවාස හා දු දරුවන්ද නඩත්තු වන්නේ මෙරට පොදු ජනතාවගේ මුදල් වලිනි. මේ සියලුම බර දැරීමට මුහුණදීමේදී, සැම සියලු භාණ්ඩයකම මිල ඉහල දමා ඇති අතර, පසුගිය රජයන් ජනතාවට ලබාදුන් සියලුම සහනයන්ද කප්පාදු කර ඇති තත්වයක් උද්ගතව තිබේ.

රට බත බුලතින් සරු කර, ආසියාවේ ධාන්යාගාරය වශයෙන් හදුන්වනු ලැබුවේ, පොළොන්නරු යුගයේදී මහා පරාක්රමබාහු රජ සමයේදීය. අප මහා රජතුමාගේ පැතුම වුයේ, අහසින් වැටෙන දිය බිදක්වත් ජනතාවගේ ප්රයෝජනයට නොගෙන මුහුදට යාමට ඉඩ නොහරින ලෙසයි. මිට වසර, 864කට පෙරදීය. සිය අරමුණු ඉටුකරගැනීම සදහා මහා සාගර වන වැව කරවූ අප මහා රජතුමා, කර්මාන්තයන් කරවීම සදහා මේ රට කිසිම දේශයකට ණය ගැනීම උදෙසා උකසට තැබුවේ නැත. එතුමා නිර්මාණය කල මහා සමුද්රයන් වැනි වැව් අමුණු වලින් ලැබෙන ප්රතිලාභ වසර 864ක් පුරා අඛණ්ඩව බුක්තිවිදින අප එය අනාගත පරපුරටද බුක්තිවිදීමට සුරක්ෂිත කර තැබිය යුතුය. එය විකිනීමට කිසිදු පාලකයකුට අයිතියක් නැති බවද වටහා ගත යුතුය. මහා පරාක්රමබාහු රජතුමා අපට අඛණ්ඩව ධනය උත්පාදනය කරන යාන්ත්රණයක් උරුම කළා මිස, අපව හා අප පරපුර උකසට තබා ධනය පොදිගසා ගත්තා නොවේ, එතුමා රජකළ අවුරුදු 33 කාලය තුලදී එතුමාට රටට ජාතියට අනාගත පරපුරට උරුම කල හැකිව තිබු සියල්ලක්ම ලබාදී දිවියෙන් සමු ගත්හ. එතුමා රටටවත් ජතියටවත් ආගමටවත් කිසිදු ණයක් නැතිව, අනාගත පරපුරද ණය කාරයන් නොකර තම වගකීම නිසි ලෙස ඉටුකළ මහා රජතුමෙකි. වර්ෂ 2015දි මෙරට බලයගත් නුතන පරගැති පරපුර, හම්බන්තොට වරාය චීනයට බදු දෙන්නේ වර්ෂ 198කත බව ප්රකාශිතය. අවුරුදු 5කට රටේ බලය ගත් එකාට උගේ පාලන කාලය නිමවූ පසු මහා පරාක්රමබහු රජතුමා මෙන් අනාගත පරපුරට අයත් කාර්යය අයට කිරීමට ඉඩදී යනවා විනා, පරම්පරාවන් කලයුතු කාර්යයන් කිරීමට නුතනයට කිසිදු අයිතියක් නැත. එබැවින් හම්බන්තොට වරාය නීති පොතේ කුමක් තිබුනද වසර 198කට  තබා අවුරුදු 99 බද්ද කට වුවද දීමට නුතන සිරිසේන පාලනයට කිසිදු අයිතියක් නැත. සත් එය වන අතර මිට පෙර කිසිදු ජනාධිපති වරයකු නොකළ මේ පාදඩ බදුදීමේ ක්රමයට එරෙහිව ජනතාවගේ නැගිටීම මෙරට සිටින කිසිදු ජගතකුට නවතාලිය නොහැකි බව අවබෝධ කරගැනීම මැනවි. .

සැබෑ තත්වය එසේ තිබියදී, මෙරට ජනතාවට අවැසිව තිබු, පිළිකා රෝගීන්ව පරික්ෂා කරන ස්කෑනර් යාන්ත්රණයක්, පවතින රජය විසින් ලබා නොදෙන බව අවබෝධ කරගත් ජනතාව, එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වරයාගේ ප්රකාශයක් වූ තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගනිල්ලා යන නියමයට අනුව යමින්, එම යන්ත්රය සදහා අවැසි මුදලටත් වඩා වැඩි මුදලක් එකතු කොට රජයේ ගිණුමකට බැර කර එම යන්ත්රය මේ රෝගීන් උදෙසා ඉක්මනින් ලබදෙන් ලෙස අයද සිටියහ. ජනතාවට මෙවූන්ගෙන් ලද ප්රතිචාරය කුමක්ද?, යන්ත්රය ලබදිමටවත් නොහැකි මේ පාලක රංචුව ගෙන්  තව මොනවා බලා  සිටින්නද? යන මන්සලමට පැමිණ අන්ද මන්ඳව ජනතාව බලා සිටි. මේ වන විට මෙරට ජනතාව,නුතන පෙරේත හා කුම්භාන්ඩ  දේශපාලනය සම්බන්ධව මනා ලෙස අවබෝධයෙන් සිටින අතර, ඔවුන් විසින්ම බලයට පත්කළ හංසයා වාරය නිමවා තිත්තයගේ වාරය එනතුරු ජනතාව බලාසිටි. පාලකයින්ගේ නොසන්සිදෙනා බඩජාරි කම විසින් නිර්මාණය කරන අමනකම විසින් ගොඩනංවන, ජනතා විරෝධයෙන් බේරීම සදහා පළාත් පාලන මැතිවරණ කල් දමනු ලැබූවද එහි අතුරු පලය විසින් මුළු රටම කුණු ගොඩක් බවට පත්ව ඇත.කුණු, කුණු ගද සමග මැස්සන් හා මදුරුවන් ව්යාප්තවීම තදින්ම සිදුවෙන අතර ඩෙංගු රෝගීන් හා ඩෙංගු මරණ සංඛ්යාව  ත්රස්තවාදී සමයේදී, ප්රභාකරන විසින් මරා දමන මිනිස් මල කදැන් සංඛ්යාවට සමාන තත්වයකට ඉතා ඉක්මනින්ම ලගාවන තත්වයකට පත්ව ඇත.

මෙවැනිම තත්වයක් පැවති එදා ප්රංශයේ 1789 ජුලි 14 වෙනිදා, ප්රංස ජනතාව පීඩනයේ උපරිමය එරෙහිව අවි දරාගෙන රටේ හමුදාව සමග අත්වැල් බදගෙන් ප්රංස විප්ලවය නමින් මුළු ලෝකයම හදුනන මහා බල පෙරලිය සිදු කරන ලදී. අප මේ පිලිබදව කතා කරන්නේ, එදා ප්රන්සයේ සිදුවූ දෙයට සමාන දෙයක් සිදුවෙනු දැකීම වළකාලීම අරමුණු කරගෙනය. විප්ලවය යනු සුන්දර දෙයක් නොවන බැවිනි.රජයට බදු ගෙවූ ජනතාව හා හමුදාව අත්වැල් බැදගෙන එදා කඩා පැන්නේ, සෘජුවම පාලකයින්ගේ ගෙවල්වලට හා ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාස වලටය. මහා කේන්තියකින් සිටි පිඩිත ජනතාවව මෙවන් අවස්ථාවකදී පාලනය කරගැනීම ඉතා අසීරු කරුණකි. එදා කැරලි කරුවෝ දුටු දුටු රදලයින්ව මරාදමා ඔවුන්ගේ ශරීර කොටස් ප්රසිද්ධියේ කෙලි භාණ්ඩ සේ පාවිච්චි කල ආකාරයන් සම්බන්ධව දීර්ඝ විස්තර අපට ඉතිහාසය උගන්වයි. තවද එදා ප්රංශ විප්ලවයට 20,000 කණ්ඩායමක් සෘජුවම සහබාගි වී ඇති අතර මෙතරම් පිරිසකට මේ කාර්යය සාර්ථකව ඉටු කරගැනීමට පාලකයන්ගේ දුශිකත්වය විශාල උපකාරයක් සිදු කර ඇත.නුතන ලාංකීය අමන දුෂිත පාලකයින්ට පසුගිය මැයි මස පළවෙනිදා ගාලු මුවදොර පිටියට පැමිණි ජන ගග සිහිපත් කරගත හැක. 20,000ක් නම් නොවේ. මේ මහා ජන ගංගාවේ අවේගශිලිත්වයට ප්රචණ්ඩත්වය දිනෙන් දින කා වද්දවන්නේ, වර්තමාන රජයයි. එදා ප්රංස විප්ලවයට පසු රටින් පලා යාමට වරම් ලැබූ සියලුම වන්සවතුන් රටින් පලාගිය අතර, එසේ කරගත නොහැකි වූ විශාල පිරිසකට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවුහ. අතර ප්රංස  අධිරාජ් හා රැජිනද විය.

අප රටට හා ජාතියට සටන් හා අරගල මෙන්ම සටන්වලදී පරාජයන් මෙන්ම ජයග්රහනයන්ද හොදට හුරු පුරුදුය. එදා ප්රංස විප්ලවය සිදුවන විටදී පවා මෙරට ජනතාව ලෝකයේ ප්රබලම අධිරාජ්යාවූ එංගලන්තය සමග සටන් කරමින් සිටියහ. තවද සටන් වලින් මහා ජග්රහනයන්ද ලබැගත්හ. ප්රංස මහා විප්ලවයෙන් පසු ලෝක ඉතිහාසයේ ඉස්මතුවූ ප්රබල චරිතය වූ නැපෝලියන් බොනපාර්ට් එංගලන්තය සමග සටන් කරනවිට එංගලන්තය සමගම වකවානුවේදීම, ලංකාවද සටන් කරමින් ජය පිට ජය ලැබීම සුලුපටු සිද්ධියක් නොවේ. 1815දි, වර්තමාන පාලකයින් මෙන්ම, ජග්රහනයන්ද  පාවාදුන් පහරයින්ගේ යුගය නිර්මාණය විය. පාහරයන්ග ආගමනයේන් පසු අප ලද විශාලම ජග්රහණය ලැබුවේ, වර්ෂ 2009 මැයි මස 18 වෙනිදාය. කොටි සංවිධාන නමින් වූ ලෝකය ප්රබලම අධිරාජ්යවාදය උරුම ඇමරිකා එකසත් ජනපදය ප්රමුඛ බටහිර අධිරාජ්යවාදයට එරෙහිවය. ජග්රහණය 2015 ජනවාරි මස 8 වෙනිදා සිදුකල මහා පාවාදීමෙන් පසු, මේ වනවිට වසර තුනකට ආසන්න වෙමින් පවති. එදා 1815 මහා පාවාදීමෙන් පසු වර්ෂ තුනකදී, සුද්දන්ට අමතක නොවන ආකාරයේ සටනක් වීර කැප්පෙටිපොළගේ නායකත්වය යටතේ දුන් ජාතියකට, 2015වෙ මහා පාවාදීමෙන් පසු වසර 3කට ආසන්න මේ යුගයේදී එදා සිදුවූ සටනට වඩා ප්රබල සටනකට මුහුණදීමට අනිවාර්යෙන්ම සිදුවන බව අවබෝධකර ගත යුතුය.ධර්මතාවය එයයි. මේ සටනේදී, මෙරට ජනතාව විශාල ජග්රහණයක් ලබන අතර, ප්රංසයේ  සිදුවූවාක් මෙන්වූ වංශවතුන්  හා නිවට පාවදෙන්නන්ව ගාතනය කරමින් සතුටුවන අන්තයක් නිර්මාණය වීමට ඉඩදිය යුතු නොවේ. එසේ වීමටනම් ඉතාම බුද්ධිමත් මවත් වන්නේ, නිසි කලට නිසි මැතිවරණයන් තබමින්, මහජන ගංගාවේ, ආවේගශිලිත්වයට නිදහසේ ගලායාමට ඉඩ හැරීමයි. මෙය මහා ගංවතුර අවස්ථාවකදී වාන් දොරටු විවරකර ජලය මුදා හරිනවා වැනි කරුණකි. මේ සත් බලයෙන් මත්ව මෝහයෙන් මුලාව සිටින පාලකයින්ට නොවැටහේ. එබැවින් එම අමන දනන්ගේ මුවින්, “පාන් නැත්නම් කේක් කාපල්ලාහෝඩෙංගු රෝගය සංවර්ධිත රටවලට උරුම දෙයක්වන වදන් ගුවනට මුසුවේ.

9 Responses to “නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ කාලය ඇවිල්ලා!”

  1. Senerath Says:

    “…… මිට පෙර කිසිදු ජනාධිපති වරයකු නොකළ මේ පාදඩ බදුදීමේ ක්‍රමයට ……… ”

    Not true. How about Iranawila lease of 400 acres to USA ?
    Leasing of part Port City to China ?

    These are not පාදඩ බදුදීමේ ක්‍රමය but a way of earning foreign exchange if done properly. Proper commecial ventures are effective means of governenace. We cannot live in isolation like North Korea. Even one of the richest country in the world Qatar is in trouble now due to the threat of isolation. Who are we ?

    People should wake up to prevent the motherland being gradually converted to a part of India or Saudi- Ariabia or even a China. People shoudl wake up to politicians creating another “super class” living on hard earn money of people and preaching BANA to common man.

  2. Ananda-USA Says:

    Today Derana TV reported that the the leadership of the Asgiriya Chapter made an announcement that the Govt should address the FACTS of Gnanasara Thero’s allegations against destruction of Archeological sites by Muslims, encroachment of govt lands by Muslims etc rather than HOUNDING him and the Buddhist clergy at large defending minority community interests.

    FINALLY, the Asgiriya Chapter clergy HAVE HAD ENOUGH of the CONTINUING DESTRUCTION of the Sinhala Buddhist majority communot of our Mitherland!

    Let us HOPE it will be SUSTAINED and not merely a WHIMPER to placate the ANGRY Sinhala Buddhist LAYMEN who have HAD ENOUGH of this Yamapalanaya BY THE MINORITIES, OF THE MINORITIES, FOR THE MINORITIES!

  3. Ananda-USA Says:

    Yes, indeed!

    I have been warning for some time that a BASTILLE DAY is looming in the near future as this DEAF, DUMB and BLIND continues its merry rampage to SACKING, LOOTING and DESTROYING our Motherland!

  4. Ananda-USA Says:

    Oops! I meant to say “as this DEAF, DUMB and BLIND Yamapalanaya ….”

  5. chandrasena Pandithage Says:

    Dear Senerath,

    First we would like to thank you for your comment on this article. Your comment is highlighting very interesting point in ongoing social system in Sri Lanka. We see lots and identified the followings as major points.

    1..Fear of isolation.
    2.Justifications on 99-198 years leasing Hambanthota Port.

    Nobody can isolate the Sun and the Sun is daily visit us looking after very well our country and the whole living creatures living here. Sun is generating power and provide huge amount of that power to our country. That power is enough to build up a rich nation here. We are having a heavenly richness and that richness make other people to visit here. Our heritage and civilization bond with long history and we did not market ourselves in outside. But out siders always visited us, Lord Buddha visited us three limes and that shows us the value of our country. Isolating our country is a joke.

  6. Lorenzo Says:

    USA,

    What is this BASTILLE DAY madness? Do you want another 1971 or a 1989?

    IF there is a BASTILLE DAY in SL, Sira will call the ENDIAN army. Is that you SECRET PLAN?

    NO BASTILLE DAY!!

    It is far more peaceful for the MILITARY and the SANGHA to takeover. Then there is a VALID RULER (military rule is valid rule as it has happened in Pakistan, Burma, Thailand, Turkey, etc. and NO ONE invaded them).

    SANGHA will ensure the MILITARY doesn’t create HUMAN RIGHTS issues. Even Tamilians will be MORE than happy to recognize SANGHA as HR guardians than POLITICIANS.

  7. Lorenzo Says:

    We need a NEW FIVE FORCES.

    VEDA are too few nowadays and western doctors are UNP. We don’t want them. Instead we need RANA VIRU.

    So the new 5 forces,

    SANGHA-VIRU-GURU-GOVI-KAMKARU

    SWORD-B excluded VIRU because at that time only POSH people joined the army. Not anymore. We MUST take them in.

  8. Ananda-USA Says:

    Katussa (Lorenzo),

    BASTILLE DAY is coming whether we like it or not. The ABUSES and BUNGLING of the Yamspalanaya, in particular the IMPENDING New Vonstotution, will PRECIPITATE IT.

    Let us hope it will result in a PEACEFUL transfer of power to the PATRIOTS of Sri Lanka without violence.

  9. Christie Says:

    People attack the West. I don’t know what is wrong with me. I see India and India colonists here as the problem faced by the us the Sinhalese.

    Indians here has become more powerful than ever. Please see what Modi said and saw during his visits here. We have hardly any sudhdhas here.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress