ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටේ සඟ රජුවෙලා අවසන් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි
Posted on June 21st, 2017

සිරිමන්ත රත්නසේකර උපුටා ගැන්ම දිවයින

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට රටේ සඟ රජු වී අවසන් බවත් ඇතැම් විට උන්වහන්සේ රටේ රජු විය හැකි බවත් එම සංවිධානයේ සම කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝ කීය.

පහර දෙන්න පහර දෙන්න උන්වහන්සේ පන්නරය ලබා ඇති බවත් කියා සිටි උන්වහන්සේ කිසිවකින් නොසැලෙන ගුණයක්‌ උන්වහන්සේට ඇතැයිද කීය.

බොදු බල සේනා සංවිධානයේ සම කැඳවුම්කරු සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝa ඊයේ (20 වැනිදා) එම අදහස්‌ පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජික විහාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද කියා සිටියේය.

ඇතැම් දේශපාලනඥයින්, මාධ්‍ය සහ අන්තවාදී පුද්ගලයින් බොදුබල සේනා සංවිධානයට සහ එහි මහ ලේකම් ඥානසාර හිමියන්ට එරෙහිව එල්ල කරන අවලාද අපවාද ගැන අප තුළ ඇත්තේ දැඩි පිළිකුලක්‌. එක පුද්ගලයකු ඉලක්‌ක කර මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේ ඇත්තෙන්ම උන්වහන්සේ ඔවුන්ට දැඩි අභියෝගයක්‌ නිසයි.

ඥානසාර හිමි කවුරුද? උන්වහන්සේ ඉතිහාසයේ කළේ මොනවද කියා ඇතැමුන් දැන් විමසනවා. උන්වහන්සේ 2003 දී ගංගොඩවිල සෝම හිමි අපවත් වූ පසු ජාතික සංඝ සම්මේලනයේ බර කරට අරන් කටයුතු කළා. උන්වහන්සේ එහි නියෝජ්‍ය ලේකම් ලෙස අන්‍යාගම්කරණයට එරෙහිව පුළුල්ව කටයුතු කළා.

ඒ වගේම ජාතික සංඝ සම්මේලනය සහ ත්‍රස්‌ත විරෝධී ජාතික පෙරමුණ සමඟ රට තුළ විශාල වැඩ කොටසක්‌ කළා. 2004 අප්‍රේල් හතරවැනිදා විහාර මහා දේවි උද්‍යානයේදී අමා වැස්‌ස ලෙස තරුණ තරුණියන් තිස්‌දහසක්‌ පමණ එක්‌ කරගෙන විශාල වැඩසටහනක්‌ කළා.

අනතුරුව ජාතික හෙළ උරුමයේ උත්තරීතර සංඝ මණ්‌ඩලයේ සහ එම පක්‌ෂයේ ජාතික සංවිධායක, සම්බන්ධීකාරක ලෙස කටයුතු කළා. 2005 අන්‍යාගම්කරණයට එරෙහිව හඬ නැගුවා. මේ උන්වහන්සේ කළ කටයුතුවලින් බිඳක්‌ පමණයි.

ඒවගේම කියන්න ඕනෙ ඥානසාර හාමුදුරුවන් කාගේවත් කොන්ත්‍රාත්තුවක්‌ කරලා නැති බව. උන්වහන්සේ කරන්නේ රට, ජාතිය, ආගම වෙනුවෙන් කරන කොන්ත්‍රාත්තුවක්‌ පමණයි. මේ නිසා ගොඩාක්‌ අයගේ හිත රිදිලා තියෙන බව අපි දන්නවා.

උන්වහන්සේ මේ වන විට රටේම සඟ රජු වී අවසන්. සමහර විට උන්වහන්සේ රටේම ජනතාවගේ රජු වේවි.

රජය හරිනම් කළයුත්තේ අප මතුකරන ප්‍රශ්න හරිද වැරදි ද කියලා සොයා බලා ඒවාට විසඳුම් දෙනවා මිස අපි පසුපස පන්නා අපිව හිර කිරීම නොවෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියට අපි අභියෝග කරනවා හැකිනම් නැගෙනහිර පළාතේ පුරාවස්‌තු සංහාරය වන බවට, වෙහෙර විහාරස්‌ථාන ආක්‍රමණය කරන බවට, සහ රට පුරා මුස්‌ලිම් අන්තවාදය පැතිරෙන බවට ප්‍රකාශ කරන ලෙස. අපි හොඳින්ම දන්නවා ඔවුන් කිසිසේත්ම එවැනි ප්‍රකාශයක්‌ සිදු නොකරන බව. ඒ මන්ද යත් ඔවුන් සියල්ලෝම සුළු ජාතික ඡන්ද බලාපොරොත්තුවෙන් සිටින්නවුන් බව අපි හොඳින්ම දන්නවා. රටේ නායකයන් එලෙස සිතන තාක්‌ රට, ජාතිය, ආගමට එල්ල වී ඇති අනතුර තවදුරටත් එලෙසම පවතිSවි.

මෙහිදී, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ සහ සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජබුරේවෙල සංඝරතන හිමියෝ ද අදහස්‌ දැක්‌වූහ

2 Responses to “ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටේ සඟ රජුවෙලා අවසන් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි”

  1. Senerath Says:

    Sinhala Buddhist has been marginalised by sucessive governements of SriLanka. In the North, Tamil word is worth 10 times Sinhala word. In the South, Arabic word is worth 10 times Sinhala word.

  2. Christie Says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ.
    නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ.
    සෝබිත සින්හලයන් දෙකඩ කලා.
    ඉන්දියානු අදිරදය ඉතින් නානසාරටත් වැඩේදෙන්නවගේ.
    සී නෝර් කාරය දන්නවනෙ කතාව.
    හැබැයි දැන් බෝලෙ පෙරෙලෙන හැටි බැලුවම පේන්නෙ රට බෙදුවට පස්සෙ සින්හලයින්ගෙ ලොක්ක ඉන්දියාවේ උත්තර පෙදෙසේ වගේ සන්ඝ යෙක් වෙයිද?
    The way the ball is turning it looks like Gnanasara may be the person to run the Sinhala State of the Indian Union like in Uttra Pradesh of the Indian Union.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress