සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත
Posted on June 25th, 2017

නලින් ද සිල්වා

 සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.

සයිටම් ඇති කෙළේ පහුගිය ආණ්ඩුවෙන්. එය එස් බී ගේ පනතක් වුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන. එහෙත් එහි වගකීම ඒ දෙදෙනාට පවරා අනෙක් අයට ඇඟ බේරා ගන්න බැහැ. මුළු කැබිනට් මණ්ඩලය ම එයට වග කිව යුතුයි. එදා ඔවුන් එයට විරුද්ධ වූවා නම් ඒ බව රටට කියා ඇමතිකමින් අස්වෙන්න තිබුණා. එහෙත් චම්පක ඇතුළු කිසිවකු එදා අස් වූයේ නැහැ. අනෙක් අතට දිනේෂ්ට අද කියන්න බැහැ ඒක එස් බීගෙ පනතක් තමන් කෙළේ ඉදිරිපත් කිරීම පමණක් කියා. ඔහුත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. සයිටම් ජාතක කෙළේ පහුගිය ආණ්ඩුව. අද ඔවුන්ට සයිටම් උප්පැන්න සහතිකයට පියා ලෙස තම නම නොදී ඉන්නට බැහැ. සයිටම් ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයත් වග කිව යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුල් වූ සිසුනට පහර දීම අනුමත කරන්න බැහැ. එහෙත් ඔවුන්ට එහි බලෙන් කඩා වැදීමට අවසරයක් තිබුණේ නැහැ. රජයේ දේපොළවලට හානි කර බලය ලබා ගැනීම විජේවීරගේ සිට එන බංකොළොත් ප්‍රතිපත්තියක්.  අන්තරේ කැඳවුම්කරු හා පුබුදු ජාගොඩ පරස්පර කතා කියනවා. ඔවුන් කියනවා තමන් බුද්ධි අංශයේ කණින් රිංගා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල් වුණා කියලා. අනෙක් අතට කියනවා සෞඛ්‍ය ඇමති හමුවීමට වෙලාවක් ලබා ගෙන තිබුණා කියා. එසේ වෙලාවක් ලබා ගෙන තිබුණා නම් පොලීසිය දැන හිටින්න ඇති මේ සිසුන් මොකාට ද එන්නෙ කියා. නැතත් බුද්ධි අංශය දැන සිටින්න ඇති. ආණ්ඩුව මෙන් ම අන්තරේ ද බුද්ධි අංශය හෑල්ලුවට ලක් කිරීමට කැමතියි. ආණ්ඩුවත් පෙරටුගාමීනුත් බුද්ධි අංශයට විරුද්ධයි. පුබුදු ජාගොඩට පරස්පර ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔහු තමන් නොදන්නා ක්වොන්ටම් භෞතිකයක් ගැන  පොතක් ලියා එවැනි ම පුද්ගලයකු වූ කාලෝ ෆොන්සේකාගේ ගෞරවයට පාත්‍ර වුණා. අන්තරේ සිංහල  සංස්කෘතිය වෙනුවෙන් පෙළපාලි යන්නේ නැහැ.

 කොහොමටත් අන්තරේ කැඳවුම්කරුට පොලීසිය පහර දී නැති පාටයි. ඔහුට බැටන් පහර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර වදින්නේ නැත්තේ ඔහු ගුරුකමක්වත් කරවා ගෙන ද? එහෙත් පෙරටුගාමීන් ඒවා විශ්වාස කරන්නේ නැහැ. අන්තරේ කැඳවුම්කරු පෙරටුගාමියෙක් ද නැත්නම් පසුගාමියෙක් ද? ඔහු පෙරමුණේ ඇවිත් ප්‍රහාරයට ලක්වීමට පෙර පසුබැස අනෙක් ශිෂ්‍යයන්ට පෙරට යෑමට ඉඩ සලසනවා ද? ඔහු අනෙක් සිසුන්ට පොලීසියට මුහුණ දීමට අවස්ථාව ලබා දෙන අන්දමේ නායකයෙක් වෙන්න ඕන! ඔහු ගැන ආණ්ඩුවට ආඩම්බර හිතිල ද කොහෙ ද පොලීසිය ඔහු රක්‍ෂිත බණ්ධනාගාරගත කිරීමට කටයුතු කරලා ඔහු ආරක්‍ෂා කිරීමට. 

 එදා සයිටම් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මහින්ද රාජපක්‍ෂ ඇතැම් සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව පවා ලබා දුන්නා. එදා සයිටම් ලියා පදිංචියට විරුද්ධ නම් ඇමතිවරුන්ට ඊනියා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවෙන් දොට්ට බහින්න පුළුවන්කම තිබුණා. එදා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් නොවූයේ සුදු වෑන්වලට බයේ ද? අද ඒකාබද්ධ විපක්‍ෂය හොරගල් අහුලනවා. ඔවුන්ට සයිටම් දරුවාට උප්පැන්න නොදී ඉන්න බැහැ. එදා එස් බී කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපතිකමට පත්කර ගැනීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලට උපදෙස් දුන්නේ කුමක් සඳහා ද යන්න අද කාලෝවත් එස් බීවත් කියන එකක් නැහැ. කාලෝගේ පියා ඇපොතිකරිවරයෙක්. වෛද්‍යවරු ඇපොතිකරිවරුන්ට සැලකුවේ නැහැ. කාලෝට ඒ ගැන දොස්තරලා සමග කහටක් තිබුණේ නැද්ද? කාලෝ සුපුරුදු පරිදි රැල්ලත් එක්ක යනවා. ඔහුගේ සභාපති කාලයේ අවුරුදු පහ පහුගිය ජනවාරි මාසෙ අවසන් වුණා. ඔහු අද ඉන්නෙ මාස හයක සේවා දිගුවක් සමග. මා ඔහට අභියෝග කරනවා විද්‍යාව ගැන මෙන් ම සයිටම් ගැන ද මා සමග විවාදයකට එළඹෙන ලෙස.

 මෙරට බටහිර වෛද්‍යවරුන් ඔය කියන තරමේ බුද්ධිමතුන් නො වෙයි. ඔවුන්ට පුළුවන්ද ඩෙංගු (ඩෙංගි) රෝගයට ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට. ඔවුන්ට පුළුවන් බටහිර සඟරාවක යමක් තිබුණොත් අපට එය කියා දෙන්න. ඔවුන් කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන කියන්නේ කුමක් ද? එයට ප්‍රතිකාරයක් තබා හේතුවවත් ඔවුන් දන්නවා ද? එහෙත් ඔවුන්ට සමාජයේ වැදගත් කමක් ලබා දී තිබෙනවා. සයිටම් පිළිබඳ රැස්වීමේ දී සයිටම් විරෝධි වෛද්‍යවරයකුට පහර දීලා. පහර දුන්නේ කවුද?

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කියමින් විරුද්ධ වන්නේ කුමකට ද? ඔවුන් පෞද්ගලික ව්‍යවසායන්ට විරුද්ධ නැති බව චැනල් සේවයේ යෙදීමෙන් පෙන්නුම් කරනවා. ආසිරි රෝහලෙන් දැන් පණිවුඩ ලැබෙනවා ඉරිදා පෞද්ගලික වෛද්‍යවරුන් හමුවීමට කැමති ද කියා. සතියේ දිනවල වර්ජනය කර සතිඅන්තයේ පෞද්ගලික ව සේවය කිරීමට වෛද්‍යවරුන් උත්සාහ කරනවා ද? බටහිර වෛද්‍යවරුන්ට අවශ්‍ය හදිසි නීති පනවා ගෙන මැතිවරණ කල් දැමීමට ද? බටහිර වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වලට විරුද්ධ නැහැ. නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ යැයි කියන මා අවුරුදු දහයක් රැකියාව නැතිව සිටිය දී පෞද්ගලික ආයතනයක උගන්වන්න ගියේ නැහැ. අනෙක් අයට එය නොදැණුනත් මගේ දරුවන්ට පමණක් ඒ නිසා කරදර ඇති වුණා.

 බටහිර වෛද්‍යවරුන් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධත් නැහැ. අද රටේ ශාන්ත තෝමස් ත්‍රිත්ව කාන්තා වැනි පෞද්ගලික විද්‍යාල තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන්ගේ දූ පුතුන් එහි ඉගෙන ගත්තා, ඉගෙන ගන්නවා. එයට අමතර ව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. බටහිර වෛද්‍යවරුන්ගේ දුවලා පුතාලා ඒවාහි ඉන්නවා. එමෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව පෞද්ගලික විශ්වවිද්‍යාලවල හැදෑරීමට මෙරටින් පිටරට යනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ දරුවන් ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන බටහිර වෛද්‍යවරුන් වෛද්‍යවරියන් සේවය කරන අයත් ඉන්නවා. ඒ විශ්වවිද්‍යාලවලට සිසුන් යවා කොමිස් ගන්නා අයත් ලංකාවේ ඉන්නවා. ඒ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ආපසු පැමිණ පැරණි ඇක්ට් 16 පරික්‍ෂණයට පෙනී සිටි අයත් මෙරට රෝහල්වල අනිසි ආකාරයෙන් සායනික පුහුණුව ලබා ගත් අයත් ඉන්නවා. අර පරීක්‍ෂණයට සිසුන් පුහුණු කරන පෞද්ගලික විද්‍යාලත් කොළඹ තියෙනවා. බටහිර වෛද්‍යවරුන් ඒ කිසිවකට විරුද්ධ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ සමාජවාදීන්වත් ජ වි පෙ සමාජවාදීන්වත් පෙරටුගාමී සමාජවාදීන්වත් ඒ කිසිවකට විරුද්ධ නැහැ.

 මොවුන් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම පමණයි. සයිටම් ආයතනයේ අනෙක් උපාධිවලටත් ඔවුන් විරුද්ධ නැහැ. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අඩු නම් එය උසස් කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ආණ්ඩුව ඒ සඳහා එකඟ වී තිබෙනවා. මේ පිළිබඳ මා ලියූ ලිපි බොහොමයි. පෙරටුගාමීන්ටත් වෛද්‍යවරුන්ටත් කාලෝටත් නොතේරුණත් අද ඇත්තේ සයිටම් උපාධිධාරීන්ගේ තාවකාලික ලියා පදිංචිය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණය තීරණය කර ඉවරයි ඔවුන්ට තාවකාලික ලියා පදිංචිය දිය යුතු ය කියා. කාලෝ එයට වීරුද්ධව ඉහළ අධිකරණයට ගිහින්. අපි තීන්දුව එනකම් බලා ඉමු.

 අප අමතක නොකළ යුතු කරුණක් නම් රජයේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට ද ලැබෙන්නේ තාවකාලික ලියා පදිංචියක් පමණක් බව. ඔවුන්ට ස්ථිර ලියා පදිංචිය ලැබෙන්නේ සීමාවාසික ව වැඩිදුර සායනික පුහුණුවක් ලැබීමෙන් පසුව. එතෙක් ඔවුන්ට වෛද්‍යවරුන්  ලෙස සේවය කරන්න බැහැ. එයින් කියන්නේ ඔවුන්ගේ උපාධිය ප්‍රමිතියෙන් අඩු බව ද? සයිටම් උපාධිධාරීන්ගේ සායනික  පුූහුණුව වැඩි කරන්න තාවකාලික ලියා පදිංචිය දීමෙන් පසුව පුළුවන්. එහෙත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඒ පුහුණුව තාවකාලික ලියා පදිංචියට පෙර ම දීමට. මා නම් පෞද්ගලික ව එයට කැමති නැහැ. මගේ අදහස අනුව සයිටම් උපාධීිධාරීන්ට අවශ්‍ය නම්  සීමාවාසික ව අවුරුදු එකහමාරක පුහුණුවක් ලබා දිය හැකියි. සයිටම් සෙද්ධාන්තික පුහුණුව ඉහළ මට්ටමක ඇති බව වෛද්‍ය සභාවේ බොහෝ දෙනා තම වාර්තාවේ පිළිිගෙන තිබෙනවා. වෛද්‍ය සභාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත්තේ ඔවුන්ට රෝහලක්වත් නැතිව. වෛද්‍ය සභාවේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැන අධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා.

සයිටම් ප්‍රශ්නය දඩමීමා කරගෙන ආණ්ඩුව පෙරළන්න බැහැ. පෙරටුගාමීන් හා ජ වි පෙ සයිටම් හරහා තම පක්‍ෂ ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. සයිටම් නිසා විය හැක්කේ ආණ්ඩුව හදිසි නැති පනවා මැතිවරණ අහෝසි කර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තවත් නැති කිරීමයි.

 නලින් ද සිල්වා

 2017 ජූනි 24

19 Responses to “සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත”

  1. Senerath Says:

    Agree with this.
    Not only ” වෛද්‍යවරුන්ගේ කුහක වත ” but also certain politicians කුහක වත also exposed (only slightly). People like Champika, Dinesh and a lot within JO have shown only කුහක principles. People will surely reject them regardless of their confidance in wining votes, unless they get together with the governement and stop letting yougesters get killed or loos their future. පුබුදු ජාගොඩ, if organising these fights shall be arrested.

  2. Christie Says:

    Thanks Nalin.

    1. SAITM is a business started by a Sinhalese

    2.JVP is the Sinhala terrorist arm of India.

    Indian and Indian Colonial Parasites will do their best to destroy successful Sinhala businesses and kill the owners.

    Best examples are Wellwatta Spinning and Weaving Mills and Upali.

    Peratugaamiyo lokka is the former body guard of Wijeiweera.

    Nalin there is always a twist to every thing.

    If ETCA goes through member numbers of GMOA will go through the roof with Indian Doctors.

  3. Ananda-USA Says:

    Strangely, Nalin makes no comment above on whether private medical schools catering only to RICH stets who can afford to pay their very high college fees, is DESIRABLE in our country.

    He makes no mention of what the impact of such private medical colleges for RICH students along would do after several decades to the medical profession and to income distribution in the nation as a whole.

    The last thing we need is to crate a system that would guarantee a lopsided distribution of wealth denying the bulk of the ordinary people of our country an opportunity to join an economically vibrant and broad middle class.

    Education is almost the SOLE MEANS by which Sri Lankans of modest means, who are the great majority of our families, get an opportunity to improve their economic status to attain a good and rewarding life in our country.

    Therefore, would it not be a good thing for all citizens to ensure that the benefits of FREE EDUCATION are retained in a partnership between private and government professional (mefical/ engineering/law etc) educational establishments by ENSURING academic MERIT BASED ACCESS to education in these private schools through a program that grants scholarships to the NEEDY students based on MEANS/INCOME TESTING? The COST of these scholarships should be SHARED in some ratio between the private colleges and the government. The cost share of the private colleges would be derived from their gross operating profit.

    In this way, the goetnment would realize a benefit in sharing the cost of education of our citizens with the private colleges, the private colleges would derive a reasonable profit from their services and facilities, and most importantly, we can educate MORE students in rewarding professions while maintaining uniform standards across private and government institutions. It would be a win-win situation for all stakeholders.

  4. Christie Says:

    Hi

    Who are the wealthy in our country? Tell me some names.

    The real rich do not send their kids to fee paying medical schools. They are in the West. I have come across a lot and I am sure Ananda USA must have come across some.

    There are lots of people who want to give their children a hand in life.

    Please go and see who are the kids at International schools.

    What about other private higher education; Ayurvedic Medicine, IT, Automobile, Marine, Hospitality, Electrical, Air Conditioning and the list goes on. What about Grero and Bandula who made their fortunes out or private Education (Tution)?

  5. Ratanapala Says:

    There are Sri Lankan parents who pay millions to educate their children in foreign medical colleges – Nepal, Bangladesh and other including New Zealand and Australia. I am sure doctors who qualify from these foreign institutions return to Sri Lanka to practice their profession. Is it not better to retain this money in Sri Lanka and educate the same students in a fee levying private medical school in Sri Lanka? How can this measure have any impact on those who qualify from the Free Education system. In any case most of those pass out through the Free Education system – mostly who pass out well end up in foreign climes. Can someone please educate me?

    As long as SAITM can comply with the necessary standards is there a problem here? Is it possible for a simple one time examination like GCE (A) Level results forever restrict a gifted child, (whose life ambition is to practice the medical profession) from ever learning to practice as a doctor? At the other end of the spectrum are those whose only ambition is to somehow get through the exams and make money. Are all doctors who find approval from the Sri Lanka medical council unparalleled doctors in their profession? How do the doctors who pass through the Sri Lankan Medical system measure up to those from elsewhere in the world?

    I believe this SAITM issue is taking the current political dialogue in a wild goose chase. There are more important things that needs addressing by taking to the streets than this SAITM issue. Jadapalana administration is having a great time chasing an ill informed student population with water cannon and batton charges – which is more closer to Batalanda doctrine!

    Nalin is right. They are helping the Jadapalanaya to bring about chaos as a prelude to making Sri Lanka a police state!

  6. Christie Says:

    Sri Lankan medical student raped in Bangladesh

    Wednesday, June 21, 2017 – 11:30
    Newsin.Asia

    (File Photo)
    Law enforcers have arrested a youth for reportedly raping a Sri Lankan girl, who is an MBBS student of University of Science and Technology Chittagong (USTC), in the port city on June 18.
    The Police said that the suspect, Md Arif, 26, a sales executive of Khushi Mart was arrested yesterday and jailed today.
    The victim filed a rape case against Arif at the Khulshi Police station on June 19 alleging that Arif raped her at a hotel in Khulshi on June 18 night, the investigation officer, Sub-inspector Rupak Kanti Chowdhury said.
    According to the case statement Arif who hails from Panchagarh, was introduced to the girl over the phone and they have started to chat since June 11.
    On June 18 night, Arif called the girl to a hotel adjacent to her hostel.
    She was raped by Arif there, the case statement read.

    This jut last week. It is cheaper than SAITM MBBS. In the West it cost about 100, 000 US $ a year and there are lots of students in Western Universities.

  7. Ananda-USA Says:

    Christie,

    Real rich parents who can afford to send their children to med schools in the west are few, and they usually are fearful of their children never returning to Sri Lanka.

    A far greater number would like to send their children to fee levying schools in Sri Lanka itself at a much lower cost than sending them abroad. Also, many of these parents would be from minority communities who are generally wealthier than Sinhala Buddhists.

    That leaves a majority of Sinhala Buddhist patents who cannot afford to pay high fees and whose children have not scored high enough to secure a place in the free government medical schools.

    My PRIMARY CONCERN is to devise a way to help the latter group of parents by partly by leveraging the high fees paid by those who can afford to pay them.

    In this way, we can achieve the SOCIAL COMPACT that we should have with the VAST MAJORITY of our able but poor families. In the long run, that SOCIAL COMPACT will broaden our MIDDLE CLASS, REDUCE INCOME DISPARITY between our citizens and MINIMIZE the likelihood of VIOLENT REBELLIONS such as those precipitated twice by the JVP.

    I am interested in helping those ORDINARY FAMILIES of MODEST MEANS get a leg up in life. After all, that was the reason for SWRD introducing universal compulsory free education in Sri Lanka in 1956. This can be the next step along that path, where we DEVISE A SCHEME to get the RICH to fund the EDUCATION of the POOR without sacrificing medical competency in the country.

    I believe it is a LAUDABLE POLICY for the nation to adopt at a time when people are increasingly feeling ignored by their DEAF, DUMB, BLIND, UNCARING and CORRUPT leaders.

  8. Christie Says:

    Thanks Ananda;

    There are lots on non-Sinhala children doing medicine in the West. They are filthy rich compared to Sinhales and there are lots of them.

    We can only aim for a far and equitable society is only if our income as a country is positive.

    Allowing private education businesses is one of them. Bangladesh is doing it and a week ago one of our MBBS student girl was raped there.

    Banda is the one who destroyed the education for Sinhala poor. His kids were not.

    1956 the fifth standard scholarship numbers were reduced and Dhanayaka started 8th standard scholarships.

    Central schools were destroyed under Banda.No more Englis. Only for his kids and Indian Colonial Parasites.

    When and who were the start of corrupt leader? from 1956 onwards.

  9. Leela Says:

    අන්තරේ සහ දොස්තරල සය්ටමේ අද රටට භයානක ප්‍රශ්ණයක් කොරලා කියන නලින්ගෙ මතයට මමත් ඒකඟය්.

    මම ජහපාලනයට තරයේ විරැද්ධය්. සයටමේ ප්‍රශ්නයක් කරගෙන පාර බ්ලොක් කරන අන්තරේට සහ දොස්තර මාපියාවටත් විරැද්ධය්. ඒ අැය්. කුනු, ඩෙංගු වගේ පොදුවේ හැමෝම එපා කියන රටේ දැවෙන ප්‍රශ්ණයක් නෙවෙය් සය්ටමේ. ETCA, නව ව්‍යවස්තාව වගේ රටට හෙනහුරා පාත් කොරන ප්‍රශ්ණයකුත් නෙවෙය්.

    ලංකාවෙ මෙඩිකල් කොලෙජ් එකේ A3 තියන අයත් ඉන්නවා S3 තියන අයත් ඉන්නවලු. කොළඹින් A/L කරල ෆේල් අය වන්නියෙන් කලා නම් පාස්. ඒනිසා තරඟයෙන් ෆේල් නමුත් දොස්තර වෙන්න සුදුසු අයට ලංකාවෙම දොස්තර වෙන්න විකල්පයක් තිබිය යුතු නැද්ද? තිබිය යුතුමය්.

    අර කරඟයෙන් ෆේල් නමුත් හුගාක් සල්ලි තියන අය අැමරිකාව එංගලන්තෙ වගේ රටවල මෙඩිකල් කොලෙජ් යනවා. ටිකක් සල්ලි තියන අය මැලේසියාව නේපාලය යුක්‍රේනය වගේ රටවලට යනවා. සල්ලි නැති අය දෙමවුපියන්ගෙ ඉඩම් කඩම් උගස්කරල/විකුනලා අප්‍රිකාවෙ රට වලට ගිහින් MBBS/MD පාස් වෙලා අාපහු ලංකාවට අැවිත් ACT 16 විභාගෙනුත් පාස් වෙලා SLMC ඒකේ රෙජිස්ටර් වෙලා දොස්තරල හැටියට රටට සේවය කරනවා.

    කොහොම හරි A3 තියන අයත් S3 තියන ලකී අයත් (දෙගොල්ලම) ලංකාවෙ මෙඩිකල් කොලෙජ් එකෙන් MBBS පාස් වෙලා SLMC ඒකේ දොස්තරල හැටියට රෙජිස්ටර් වෙනවා. සය්ටමේට අපහාස කොරන අන්තරේ අය්යල නම් කියන්නෙ ඒ අයගෙ දැනුම වැඩිය් කියලය්. අර S3 තියන දොස්තරගෙ දැනුම A3 තියන දොස්තරට අඩුද කියල අන්තරේ අය්යල කියන්නෙ නැහැ.

    දැන් GMOA කට්ටියට ප්‍රශ්ණය වෙලා තියෙන්නේ අර A3 ය් S3 අතර ප්‍රථිපල තිබෙන ලංකාවෙ මෙඩිකල් කොලෙජ් වලට සුදුසු නමුත් ඒකට යන්න බැරි දරැවන් සය්ටමේ මගින් දොස්තරල වෙන එකය්.

    ලංකාවෙ ඉහල ජාතියන්තර පාසල් වල ලන්ඩන් A/L කරන ලමය් ලංකාවෙ මෙඩිකල් කොලෙජ් යන්න ඉල්ලන්නෙ නැහැ. ඒ් අය ලංකාවෙ මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙන දරැවන් වගේම ගෙවල ඉගන ගන්න තමන්ට හැකි මට්ටමේ පිටරට මෙඩිකල් කොලෙජ් වලට ගිහින් පාස් වෙලා සමහරැ අාපහු ලංකාවට එනවා.

    දැන් ඔය පිටරට ගිහින් ඉගනගෙන අාපහු ලංකාවට එන ලමයින්ට සය්ටමේ වගේ මෙඩිකල් කොලෙජ් එකකට ගිහින් ලංකාවෙම ගෙවල ඉගන ගන්න අවස්ථාව දුන්නොත් රටට හොඳක් වෙන්නෙ නැද්ද? මගේ මතය නම් ඉතාම හොඳක් වෙන බවය්. ලෝකෙ හැම රටකම වගේ ගෙවල ඉගන ගන්න මෙඩිකල් කොලෙජ් තිබෙනවා නම් අැය් ලංකාවට විතරක් එවැනි මෙඩිකල් කොලෙජ් නරක? නෙවිල් ෆර්නැන්ඩු මගෙ කවුරැවත් නෙවෙය්. මගේ කවුරැවත් සය්ටමේට ගියෙත් නැහැ යන්නෙත් නැහැ. ඒනිසා දොස්තර නෙවිල් ෆර්නැන්ඩු ගැන මගේ මතය කිව යුතුය්. සය්ටමේ පටන් ගැනීමෙන් නෙවිල් රටට කලේ විශාල සේවයක්.

    සය්ටමේට අැතුලු වීමේ අවම සුදුසු කම් විශ්ව විද්‍යාල ප්‍රතිපදාන කොමිසම නිර්දේස කර තිබෙනවා. සය්ටමේ උපාධිය උසාවියෙනුත් අනුමත කර තිබෙනවා. ඉතින් සය්ටමේ අඩුපාඩු තිබෙනවා නම් SLMC එක එම අඩුපාඩු පෙන්වා දිය යුතුය්. අඩුපාඩු නිවැරදි කරගන්න SLMC සහ GMOA එක සය්ටමේට උදව් කල යුතුය්. නිතිමය ගැටලු තිබෙනවා නම් සය්ටමේ විසන් උසාවියෙන් නිර්දේස ලබා ගත යුතුය්. රජය අවශ්‍ය අන පනත් සකසා ප්‍රශ්ණ විසදිය යුතුය්. නමුත් සය්ටමේ මහපාර දිගේ විසදිය යුතු ප්‍රශ්ණයක් නම් නෙවෙය්.

  10. Ananda-USA Says:

    Leela,

    I agree with you almost completely, except perhaps on two issues:

    1. ALL medical graduates must meet the same academic and training standards set by thd SLMC and satisfy the same Registration/Licensing requirements set by the GOSL.

    Any DEFICIENCIES that may exist now should be identified snd corrected through additional training through the collaboration of the SLMC, GOSL and even the GMOA. Much of this has already been identified and legislation prepared to be enacted and gazetted. Current SAITM students, in particular should not be abandoned; they should be helped to meet the required qualifications by both the SAITM and the GOSL.

    2. The longer term issue is the future of private medical colleges in the country. Here, the government should endure that they do not become the SOLE PRESERVE of the RICH, and should be made to SERVE the POORER families of the country through admissions based on MERIT alone, and scholarships awarded to POOR students based on MEANS/FAMILY INCOME testing. The scholarships should be JOINTLY FUNDED by both the private medical colleges and the government in some agreed upon ratio of cost sharing. The contribution from the private medicsl college should be derived from its PROFITS. Thus, we will habe created a way of PREVENTING the private medical colleges serving only the RICH, and of getting the RICH to subsidise the Medical Education of the POOR students as well.

    It would be a WIN-WIN SOLUTION for ALL 3 parties: the RICH folks, the POOR folks, and the nation as a whole interested in educating MORE of its children to become COMPETENT doctors, while PREVENTING the CONCENTRATION of the nation’s WEALTH within a narrow RICH class and encouraging the emergence of a BROADER economic middle class in the country, in the future.

    Our CURRENT socio-economic DECISIONS will impact the FUTURE economic health and peace & security in our country; we dare not IGNORE those FUTURE CONSEQUENCES.

  11. Leela Says:

    Ananda-USA,
    We are all for free education particularly for students in less privileged or under developed districts. I doubt anyone with sane mind want to abolish the current arrangement. What we must understand however is; fee-paying education has been a worldwide trend for some time. Sri Lanka is lagging behind and countries like Malaysia and Nepal are miles ahead of us. Just google and see the progress of Manipal university in Nepal.

    In the good old days however, only a nominal fee was charged to study at higher education institutes in the UK. Local students were offered councils grants to meet their expenses. For my luck, I too was there at the right time and qualified for a council grant at one stage.

    Things started to change after seventies. First, cash trapped government forced all education institutes to levy a higher fee from foreign students. Soon enough, all education institutes were compelled to fund their own budget to a great extent. In no time tuition fees had become exorbitantly expensive for all students. Worse, local council grants became scarce. Well to do parents were compelled to contribute for their children’s higher education. Not so well to do were had to rely on loans. Medical education was not treated different. Imagine the situation if such a change took place in Sri Lanka.

    But there were no weighty student riots in the UK. Everyone adjusted to the new situation swiftly. Higher fee wasn’t a bar for foreign students. Indeed, they flocked to the UK for in bigger numbers. Unlike during our time, many a foreign student studied part-time and worked full-time, in recent times. Somehow, ‘education’ has transformed to be a thriving business in the UK. Needles to say third world countries followed suit.

    In the early eighties, there was only one International school in Sri Lanka. Back then, just like in most developing countries, school as well as tertiary education was a state monopoly in Sri Lanka. Original international school in Sri Lanka was prohibitively expensive even for returning Sri Lanka expats. Even today, one has to pay Rs.1.2mn registration fee for kindergarten and a term fee of half a million rupees.

    With expansion of the open economy, demand had arisen for schools with international based curriculum. And a few more International schools were started by late eighties under the companies act. And they were of very high standard but expensive. Children from these schools were in a class of their own. They got admission to top universities the world over. A trend was set and the demand couldn’t be met. Soon, entrepreneurs ceased the opportunity and there popped up hundreds of sub-standard International schools.

    As I commented in Sinhala, today, need for fee paying education has become a must for Sri Lanka. As you say the government can and must be in charge of the curriculum and the standards.

  12. Christie Says:

    Thanks Leela, you have contributed without being ideological. In the old days lots of Indian Colonial Parasites went to Britain and they hardly pay any fees. Banda is the best example. If you had a bit of brain you could succeed those days and get a qualification. Banda’s sister was not smart as her brother.

    People have forgotten when the old UNP built Central Colleges in villages island wide opening up world class education to poor and underprivileged. All that was destroyed by the SLFP and Socialists who were was financed by India and Indian Colonial Parasites.

    This attack on Neville Fernando is because he is a Sinhalese.

    When ETCA comes GMOA will have lots of Indian doctor members and will be a very rich organization.

  13. Wetta Says:

    CWW Kannangara introduced free education, as we all know.

    He, the founder of that concept called it “නිදහස් අධ්‍යාපනය” and NOT “නොමිලේ අධ්‍යාපනය”. CWWK had very good command in Sinhala language and therefore he knew very well the difference in the meanings. If he and the government meant “free-of-charge education” they could have easily called it”නොමිලේ අධ්‍යාපනය”, which wasn’t the case. In translating to the language called English, both “නොමිලේ” and “නිදහස්” became “free” which is a language problem. Because of a language translation problem then initial meaning of the concept cannot change.

    What we must have today is නිදහස් අධ්‍යාපනය and not නොමිලේ අධ්‍යාපනය.

    Means-testing is a must and the rich and the well-off must pay for their education while the poor should be financially helped by the government. Then this government-private problem does not arise. Rich must pay for their education regardless whether they are in private or government system.

  14. Christie Says:

    Thank you Wetta; You are spot on. When CWWK and the then UNP introduced Free Education they offered Scholarships to poor students at 5th Standard to Central Schools. The Scholarships were means tested.

    Who is actually behind the SAITM issue and why were waiting this long?

  15. Vaisrawana Says:

    CWW Kannangara tried hard to bring free education to all the children of the country irrespective of the economic standing of their parents. Education worth that name was in English and was available only to children of the privileged few at the top stratum of society, meaning the so-called elite, who were subservient to the imperial government. The vast majority of the population of all ethnic communities, that is about 99%, were extremely poor, and eked out a hand to mouth existence mainly through agrarian occupations. The colonial government provided a certain type of elementary education in the vernacular languages whose highest achievers could not rise above the rank of a notary public, or a vernacular school teacher. To be a clerk in a government department, a person had to have a knowledge of English, which the vernacular school system was not equipped to provide. There were English medium ‘colleges’ which charged a nominal fee from each student. The students were from the moneyed class. The sum of money the government spent on each child of such a college was more than seven times what was spent on a child in a free (not fee levying) vernacular school. Actually, the government was providing virtually free education to the selected lot as well. Its overriding purpose was to turn out the clerical staff necessary to help run its administration, in addition to training suitable candidates for the ‘professions’, i.e., doctors, engineers, lawyers, etc from that class. Cultural deracination of young native Ceylonese from the elite class was probably regarded as even more important. The nominal sum charged in this case was in order to make English education inaccessible to the children of the downtrodden multietnic majority!

    CWW Kannangara was a Christian, but not from a very rich family background. First working as a teacher, he studied to qualify as a lawyer. He knew the difficulties, the privations that the poor people underwent. He identified education as the single most important factor that contributed towards the social and economic uplift of the poor. He, along with others like State Council member for Dumbara A. Ratnayake, a lawyer himself, conceived the idea of universal free education. But a lot of opposition to their proposal came from the Christian, English speaking elite (naturally dominated by the minorities). Kannangara achieved his goal, that is, he got the Free Education bill passed through the State Council, after a relentless struggle of six years. He called free education a “pearl of great value”. By ‘free’ he meant “available without charge”. “Nidahas” was a direct translation of the word. I don’t think the Sinhala word was used in that sense before. To talk about free education in the sense autonomous education without reference to money spent on it would have been simply ridiculous in that context.

    Ironically, to begin with, free education, introduced in 1944, four years before independence, benefited the English medium students of the privileged class more than it did the children of the poor classes. The basic education was to be in the mother tongue medium. But post primary education was to be in English, and this was offered through a rural central school system to students selected from vernacular schools on merit basis. The English medium was to be phased out gradually, and this process was completed in the early 1960s. The visionary pioneers of change at that time (particularly, post-1956) did everything possible within their power to spread proficiency in English as a second language as something indispensable for a decent education among all the children of the country, poor and rich, alike, something baulked by the colonial rulers during their time. Unfortunately, few people today know about these things.

  16. Dilrook Says:

    Thank you Vaisrawana for that valuable information.

    A very trivial matter. CWWK was born and educated as a Christian and married a Christian. However, he converted to Buddhism later in life.

    He was never against private education. The aim was the broad base education by making it affordable to all. Free education was meant to be “free of charge” education.

    The transition to “Swabhasha” was mostly fueled by economics than nationalism. The government could not afford an English education to all as schools proliferated enormously. With the end of colonial rule, Christian and even Buddhist educationalists left the country in drones. This was a huge blow to educating children in English. However, governments did they best with available resources to uplift English proficiency. About 5% of the people were fluent in English at that time and very few of them chose teaching.

    With affordability rising, English education has become affordable to the people and the government.

    @Wetta

    University students are adults (over 18 years of age). They are no better off than students from poor families. Testing their parents’ affordability does not apply as they are adults. However, a more equitable allocation of university opportunities to ethnic groups can uplift certain backward communities, fair across the ethnic spectrum and the country will have more doctors.

  17. Ananda-USA Says:

    Dilrook,

    Means testing should be done for non-adult AND adult students to determine eligibility for the need-based private-medical college scholarships that I had advocated.

    For ALL students the family income should be tested, and family size should be taken into account, while for adult students BOTH the student’s income and the family income should be tested because all these students, IRRESPECTIVE OF AGE, rely on income from their families.

    While MOST entering students are above 18 years in age as you say, WUITE-A-FEW students are below that age. I was barely 17 when I entered eFac at Peradeniya University, and there were quite-a-few other underage students in my batch as well.

  18. NAK Says:

    The biggest threat to free education are the International schools mushrooming all over the country.
    None of these defenders of free education even mention a word about that.
    Today’s free education is just nominal and every parent knows it is private tuition that gets the children through exams and no one is bothered to see if there is any education in it.
    This is why the university teachers recently expressed their concern about the education level of of the students selected to universities.

  19. Christie Says:

    “about the education level of of the students selected to universities.” And the ones coming out of Universities.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress