ඉතිහාසයේ කිසිදා නැති තරමට බෞද්ධ භික්‍ෂුන්ට ගරහන්නේ, අපහාස කරන්නේ යහපාලන යුගයේයි..- කෝට්ටේ සංඝ සභාව
Posted on June 29th, 2017

– ADA

මෙතෙක් ශ්‍රී ලංකා සමාජයේ නොවූ විරූ තරමට හේතු රහිතව බෞද්ධ භික්ෂූන් විවේචනය කිරීමටත්, භික්ෂූන්ට චෝදනා එල්ල කිරීමටත්, සංඝ මූලස්ථානවලට අපහාස කිරීමටත්, ශාසනික දේපොළ ජනසතු කරගැනීමටත්, අන්තවාදී සංවිධාන හා ඇතැම් දේශපාලන නායකයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග දැඩි සේ ප්‍රතික්‍ෂේප කරන බව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවෙහි උද්ගතව ඇති ජාතික හා ආගමික ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ විශේෂ යෝජනා මාලාවෙහි මෙම කරුණු දක්වා සිටී. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන ජාතික හා ආගමික මතවාද පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රකාශ කරමු. වර්තමානයේ බොහෝ අය තම මතිමතාන්තර තුළ මුල්බැස ගනිමින් අදහස් ප්‍රකාශ කිරීම තුළින් සමාජයේ ඔවුනොවුන් අතර කලහකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වී ඇති බව පෙනී යයි. මෙතෙක් ශ්‍රී ලංකා සමාජයේ නොවූ විරූ තරමට හේතු රහිතව බෞද්ධ භික්ෂූන් විවේචනය කිරීමටත්, භික්ෂූන්ට චෝදනා එල්ල කිරීමටත්, සංඝ මූලස්ථානවලට අපහාස කිරීමටත්, ශාසනික දේපොළ ජනසතු කරගැනීමටත්, අන්තවාදී සංවිධාන හා ඇතැම් දේශපාලන නායකයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගද, විශේෂයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාවද්‍ය ප්‍රකාශයන්ද අපි දැඩි සේ ප්‍රතික්‍ෂේප කරමු. එම ක්‍රියාකලාපයන් අප දකින්නේ පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම්වස් ඉදිරිපත් කරන අදහස් මිස පොදු සමාජ සුභසිද්ධිය අපේක්ෂාවෙන් සිදුකරන ඒවා නොවන බවය.

එසේ දැනට ඉස්මතු වී ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ බෞද්ධයන් පමණක් තම ආගමික මූලධර්මවල පිහිටමින් සාමකාමීව ජීවත් විය යුතු බවත්, අන් අය එසේ ක්‍රියා නොකළ යුතු බවත්ය.

වසර 2500 ක අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික සංස්කෘතිය දැඩි සේ හෙළා දකිමින් ඒ තුළින් ඇතැමුන් අනවශ්‍ය ප්‍රතිලාභ ලබාගනිමින් සියලු ආගමිකයන් අතර බෞද්ධයන් වෛරය හා ක්‍රෝධය පතුරුවන අන්තගාමී පිරිසක් ලෙස හංවඩු ගැසීමේ ක්‍රියාදාමයක ඇතැමුන් යෙදී සිටින බවක්ද පෙනේ.

එබැවින් දැනට සමාජයේ පවතින මෙම ස්වරූපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධ භික්ෂූන්ට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට වසර දහස් ගණනක් ආරක්ෂා කරගත් තම අනන්‍යතාව රැකගැනීමේ ඛේදනීය තත්ත්වයක් උදාවී ඇත. භික්ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාව මේ දිනවල අන්‍යාගමිකයන්ට සිදු කරතැයි කියන වැරදි පිළිබඳ සංඛ්‍යාලේඛන හා ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු විමර්ශනයක් නොකොට ජනතාවට නිවැරදි කරුණු හෙළි කිරීමට ක්‍රියා නොකිරීම පිළිබඳව අපගේ අප්‍රසාදය පළ කරමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට හිමිතැන හා ඒකීය රාජ්‍ය සංකල්පය පිළිබඳ කරන විකල්ප යෝජනාවලටත්, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනුගතව සියලු ජාතීන් එකට ජීවත් වන පරිසරය වෙනස් කිරීමේ අරමුණින් ගොඩනගන අනවශ්‍ය සංවාද පිළිබඳවත් අපි එකඟ නොවෙමු.

එබැවින් දැනට පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අනුමනය කළ යුතු න්‍යායාත්මක යෝජනාවලියක් අප සංඝ සභාව මගින් රජයට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

පළමු දේශපාලන මතිමතාන්තරවලින් හා ජාතික හා ආගමික අන්තවාදයෙන් තොර සියලු ආගමිකයන් හා ජාතීන් නියෝජනය වන, රටවැසියන්ට අවිවාදයෙන් පිළිගත හැකි ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහිත විද්වත් ස්වාධීන කොමිසමක් පිහිටුවීමට යෝජනා කරමු. එම කොමිසම මගින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපියක් සංක්ෂේපනයෙන් මෙහි පහත දක්වා ඇත.

1.ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජාතිකයන් හා ආගමිකයන් අතර උද්ගතව ඇති ගැටලුවල යථා ස්වභාවය තේරුම්ගැනීම පළමු පියවරයි.

සමාජයේ දැනට කතාබහට ලක්ව ඇති සිංහල බෞද්ධ පසුබෑම, බෞද්ධ සංස්කෘතික ලක්ෂණ දියාරු කිරීම, බෞද්ධ පුරාවස්තු අල්ලාගැනීම හා එම පුරාවස්තු විනාශ කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග, බෞද්ධ කාන්තාවන් වන්ධ්‍යාභාවයට ලක්කිරීම, බෞද්ධයාගේ සමගිය නැති කිරීමට ගනු ලබන උත්සාහය, බෞද්ධ සංකේතවලට හානි කිරීම, බෞද්ධ ගම්මානවල කිසිදු පදනමක් නැතිව මුස්ලිම් අය පදිංචි වීම, ශ්‍රී ලාංකේය ඉතිහාසය විකෘති කිරීම, පෙර නොවූ විරූ පරිද්දෙන් සිංහල බෞද්ධ ජනතාව මත්ද්‍රව්‍යවලට පුරුදු කිරීම, මුස්ලිම් අය මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම, මුස්ලිම් අන්තවාදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම, ක්‍රිස්තියානි මූලධර්මවාදී ආයතන ශ්‍රී ලංකාවේ පිහිටුවීම හා බෞද්ධයන් ඔවුන්ගේ ආගමට නතුකරගැනීම, ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුගත නොවී අන්‍යාගමික නීති ස්ථාපිත කිරීමට ගනු ලබන ප්‍රයන්තය, මුස්ලිම් ජනගහන වර්ධනය, බෞද්ධයන්ගේ ව්‍යාපාර කූඨ ක්‍රම මගින් අත්පත් කරගැනීම, උතුරු නැගෙනහිර ජීවත්වන ඇතැම් පිරිස් බෞද්ධ සිද්ධස්ථාන හා බුදු පිළිම විනාශ කිරීම, මුස්ලිම් ජනතාව විසින් සිදු කරන වන විනාශය, අනවසර පදිංචි කිරීම වැනි බෞද්ධයන් විසින් ඉදිරිපත් කරනු ලබන ගැටලු සම්බන්ධයෙන්ද

බෞද්ධයන්ගෙන් කිතුනුවන්ට සිදුවෙතැයි කියන අනර්ථයන්, ඇතැම් දේශපාලඥයන් සඳහන් කරන පරිදි කතෝලික පල්ලි ඉදිරියේ බුදු පිළිම තැබීම වැනි කිතුනුවන් හා ඇතැම් කතෝලිකයන් විසින් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන්ද උතුරු නැගෙනහිර හන්දිගානේ බෝ පැළ සිටුවීම, සිංහල බෞද්ධ ජනතාව විසන් සිදුකරතැයි කියන කුපිත කිරීම්, උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවලට සිංහල බෞද්ධයන්ගෙන් සිදුවෙතැයි කියන අනර්ථයන් වැනි හින්දු ජනතාව විසින් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ද,

සිංහල බෞද්ධයන් විසින් මුස්ලිම් ජනතාවට සිදු කරතැයි කියනු ලබන හිංසා පීඩා සම්බන්ධයෙන්ද විශේෂයෙන් ඔවුන්ගේ ව්‍යාපාර හා ආගමික ස්ථාන බෞද්ධයන් විසින් විනාශ කරන්නේයැයි ඉස්ලාම් ජනතාව විසින් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන්ද වර්තමානයේ බෙහෙවින් සාකච්ඡාවට භාජනය වී ඇති කරුණු පිළිබඳ උක්ත කමිටුව නිවැරදිව සොයා බලා දැනට උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් ඉතා නිවැරදිවූත්, සත්‍යවූත් කරුණු පමණක් වගකීමක් සහිතව ඒකරාශී කළ යුතුය.

රට අස්ථාවර කිරීම සඳහා ක්‍රියාත්මක වන විවිධ ජාතික මෙන්ම ජාත්‍යන්තර බලවේග හඳුනාගැනීමත්, ජාතීන් අතර හා ආගමිකයන් අතර පවතින කලකෝලාහල හා ගැටුම්වල ස්වභාවය අතිශයෝක්තියෙන් තොරව විනිවිදභාවයෙන් යුතුව හඳුනාගැනීමටත් සියලු ජාතීන්ගේ ජනගහනය වර්ධනය, ආගමික වර්ධන සහ ඒ ඒ ජනකොට්ඨාස පදිංචි භූමිභාග පිළිබඳවත්, නිවැරදිවූත් සත්‍යවූත් අපක්‍ෂපාතීවූත් තොරතුරු ඒකරාශී කිරීම සඳහා පියවර ගැනීම පළමු කාර්යය බව අපි විශ්වාස කරමු.

2. දෙවැනි කරුණ සේ අප දකින්නේ උක්ත තොරතුරුවලින් හඳුනාගත් විවිධ ගැටලුවලට බලපාන අභ්‍යන්තරික හා බාහිර හේතු සාධක විමර්ශනාත්මකව සොයා බැලීමයි.

ජාත්‍යන්තරව සිදු කරනු ලබන දේශපාලනික හා ආගමික බලපෑම, පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම, දේශපාලනික හේතු, අන්තවාදී ආගමික සංකල්ප ව්‍යාප්ත කිරීම, දැනට කතාබහට ලක්ව ඇති ඒ ඒ ජනකොට්ඨාසවල භූගෝලීය ව්‍යාප්තිය, ආර්ථික සංස්කෘතික, සමාජීය හා අධ්‍යාපනික කරුණුද, ඔවුනොවුන් අතර ඇති අනවබෝධයද උක්ත හේතු සාධකවලට අන්තර්ගත විය හැකිය.එබැවින් ශ්‍රී ලංකාවේ ස්ථිරසාර සාමයක් ගොඩනැගීමට අපේක්ෂා කරන්නේ නම් දැනට උද්ගතව ඇති එම ගැටලුවලට මූලික හේතු සාධක සොයාගැනීම අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කරමු.

03.ගැටලු නිරාකරණය කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ හඳුනාගැනීම

දැනට අප ජීවත්වන්නේ 21 වැනි ශතවර්ෂයේය. එබැවින් වඩා හොඳ කුමක්දැයි තෝරා බේරාගෙන කටයුතු කිරීමට පෙළඹිය යුතුය. රටක ජීවත්වන ජනතාව ජාතික හා ආගමික කරුණු පදනම් කරගෙන ආරවුල් හා යුද්ධ ඇතිකර ගැනීමෙන් ලැබෙන දුර්විපාක පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුය. මේ වනවිට ලෝකයේ ඇතැම් රටවල සිදුවන එවැනි අවස්ථා හේතුවෙන් මරණයට හෝ දුකට පත්වන ජනතාවගේ ස්වභාවයෙන් අපට හොඳින් වටහාගත හැකිය. පසුගිය තිස් අවුරුදු යුද සමයේ අත්දැකීම් අපේ ජනතාවට තවමත් අමතක නැත.

රටක ජීවත්වන ඒ ඒ ජාතීන් සහ ආගමිකයන් අතර පවතින ගැටලු වරින් වර ඉස්මතු වීමත්, වරින් වර සංසිඳීමත් ස්වාභාවික සංසිද්ධියකි. ඇතැම්විට දේශපාලන විසඳුම් හා යුදමය විසඳුම් මගින් ගැටලුවලට විසඳුම් ලැබී තාවකාලිකව සහනයක් සමාජයට ලබාගත හැකිය. රටක ජීවත්වන ජනතාව අතර ඇති විය යුතු සාමය, සමගිය, සහජීවනය සහ ජාතික සංවර්ධනය කොතරම් වටීදැයි හඳුනාගැනීම මෙහි අරමුණයි. වෙනත් අයුරකින් පවසතොත් සාමකාමී රටක ජීවත්වන ජනතාවට ලැබෙන ප්‍රතිලාභ හඳුනාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. සදාකල් ජීවත් නොවන සමාජයක මිනිසුන් ලෙස සතුටින් සමගියෙන් එකමුතුව, ඔවුනොවුන් අතර භෞතික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද ඇති විය යුතු ඒකාබද්ධතාවෙහි ඇති වැදගත්කම සමාජයට අවබෝධ කරදීම සඳහා ක්‍රියා කළ යුතු බව අපි යෝජනා කරමු.

04.ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අනුඟමනය කළ යුතු ක්‍රමවේද

ඕනෑම ගැටලුවක් ඇතිවීම සඳහා හේතු තිබිය යුතු බව ඉහතින් අවධාරණය කළෙමු. එම ගැටලුවලට පාදක වී ඇති හේතු සාධක නිවැරදිව හඳුනාගෙන එම හේතු සාධක නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවසාන යෝජනාව යි. කෙටි නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ බහුතරයක් ජීවත්වන සිංහල ජාතිකයන් සහ බෞද්ධයන් අතර පවතින ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ ආගමික අනන්‍යතාව සුරැකෙන පරිදි මෙරට ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහයට අනුගත වූ ආගමික සහ ජාතික ප්‍රතිපත්තියක් අන්‍ය ජාතීන් විසින් ඇතිකරගැනීමට පෙළඹවිය යුතුය.

2. ඒ ඒ ජාතීන් හා ආගමිකයන් අතර නිවැරදි අවබෝධයක් නොමැති වීම එක් කාරණයක් විය හැකිය. ඒ අවබෝධය ඇති කරගැනීම සඳහා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාත්, විවිධ ජනමාධ්‍ය මගිනුත් සියලු ජනතාව අතර අවබෝධයක් ඇති කළ යුතුය.

3. භූගෝලීය වශයෙන් ඒ ඒ ජන කොට්ඨාස හුදෙකලාවීම මේ අරගලවලට හේතුවක් නම් එසේ නොවීමට අවශ්‍ය සාධක සකස් කළ යුතුය.

4. සියලු ජාතීන් අතර පවතින දැඩි ආගමික මතවාද ප්‍රතික්ෂේප කිරීම සහ ඔවුනොවුන් එකට බද්ධ කිරීම සදහා සත් ක්‍රියාමර්ග අනුගමනය කළ යුතුය.

ඉහතින් දක්වන ලද්දේ සුළු නිදර්ශන කිහිපයක් පමණි. මේ සියලු ක්‍රියාමර්ග අනුගමනය කළ යුත්තේ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පවත්වාගනිමින් මෙරට පැරණි සංස්කෘතිය රැකගනිමින් සෙසු ජාතීන් හා ආගමිකයන් ඊට අවනත වෙමින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ග වැනි ගැටලුවලට හේතු පාදක වී ඇති කරුණු විසඳාගැනීමෙන්ම බව අපි විශ්වාස කරමු.

එබැවින් දැනට සංවාදයට ලක්ව ඇති ආගමික හා ජාතික ප්‍රශ්නය විසඳාගැනීමට අවශ්‍ය කරන යෝජනාවලියක් සේ උක්ත කරුණු අපි අවධාරණය කරමු. දැනට ශ්‍රී ලංකාවේ පවතින සියලු ආගම් හා ජාතීන් නියෝජනය වන සාමාන්‍ය ජනතාව අතර පවතින සාමකාමී ස්වරූපය වෙනස් කිරීමට ඉදිරිපත් වී හේතු සාධකවලට ඉඩ නොදිය යුතු බවත්, ඒකීය ශ්‍රී ලංකාවෙහි ගොඩනැගී ඇති උතුම් සංස්කෘතිය තුළ හිඳිමින් සියලු ජාතීන්ට හා ආගමිකයන්ට සැනසීමෙන් ජීවත් වීමට අවස්ථාව සලසාදීම රජයේ වගකීම බවත් අවධාරණයෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තෙමු.

 

2 Responses to “ඉතිහාසයේ කිසිදා නැති තරමට බෞද්ධ භික්‍ෂුන්ට ගරහන්නේ, අපහාස කරන්නේ යහපාලන යුගයේයි..- කෝට්ටේ සංඝ සභාව”

  1. Ancient Sinhalaya Says:

    It is not surprising every time catholic run UNPatriotic party ruling Sri Lanka, destruction of Buddhism, murdering
    Sinhalese (Buddhists of course) and destruction of Sri Lanka go on at an alarming pace. While these going on they
    have always managed to keep the Sinhala modayas in the dark with the support of catholic run media in Sri Lanka.
    During the BHEESHANA SAMAYA catholic run UNPatriotic party got rid of 60,000+ Buddhists when they could’ve
    stopped it within 2 weeks like Sirima B did. Sirima B stopped it within 2 weeks, rounded up all the culprits and
    rehabilitated and released back to the society. UNPatriotics? They thought this as a very good opportunity to cull
    a sizable portion of Sinhala Buddhist population and prolonged it for 6 years. 60,000+ gone! Top catholic police
    guys/deshapaluwans were at it like there is no tomorrow. To date Sinhala modayas don’t know about the back
    ground this Sinhala cull! UNPatriotics even managed to fool the jaathidhrohee vermins’ party aka jvp and they
    go to bed with the very people who killed their brethren mercilessly, burnt alive in tyres etc. Can you just believe
    these Sinhala modayas?

    Then the catholic tigers of tamil drealam’s Sinhalese murdering project started. Again catholic run UNPatriotic party
    dragged it on for 30 long years saying the terrorists were too strong. They simply didn’t want to stop it since
    vast majority of the victims were Sinhalese. Traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega
    Theif Batalande Wadakaya pol pot r@ni wickramaSinhalakiller even gave half the country to his catholic buddy
    hitler malapaharan on a plate. Still no catholic country in Sri Lanka! So he sent millennium city intelligent officers
    to the catholic tigers of tamil drealam’s bullet. Luckily for Buddhism, Sri Lanka and the Sinhalese, MR came and
    stopped so called invincible terrorists in no time. In the 30 years catholic run UNPatritoic party got rid of 100,000+
    Sinhlese. Another Sinhalese cull! Again Sinhala modayas didn’t realise. How lucky these UNPatriotics are?

    All staunchly catholic countries in the world, us, uk, france, germany, brasil, argentina, etc. etc. wanted MR’s blood
    for stopping the creation of a catholic country. Even archbishop two three of south africa was an ardent supporter
    of catholic tigers of tamil drealam. Convent educated sister jayalalitha from tn was also an ardent supporter. But
    Sinhala modayas couldn’t work out why? Sinhalayas called modayas for a reason of course!

    Now the catholic run UNPatriotic party wants to stop Kandya Perahara, rob Dambulla Temple of its proceedings,
    a number of Buddhist monks are in prison. Still Sinhala modayas chanting the mantra MR is a thief while the traitor
    YAMA PALLAN couldn’t find anything to substantiate these bogus claims. Sinhalaya famous for being modayas
    don’t need proof, they just see one bogus headline in the catholc run media in Sri Lanka accept it to be 100% true.
    In the meantime, destruction of Buddhism, Sri Lanka and Sinhalese race goes on unabated by the catholic run
    UNPatriotic party. Sri Lanka, the Sinhala modayas’ paradise!

  2. Ancient Sinhalaya Says:

    Some useful links for Sinhala modays. These you can’t see in so called Buddhist (on paper) Sri Lanka. Catholic
    tigers of tamil drealam attacked and killed pilgrims at two of the most sacred sites for Buddhists: Sri Maha
    Bodhi and Sri Dalada Maligawa, Buddhist Bikku massacre at Aranthalawa. Still catholic run UNPatriotic party didn’t
    want to do anything to hurt catholic tigers. Their defence sec. tinass fdo (currently eastern governor) even went to see his catholic buddy
    tamil sellan with apples and grapes. Sinhala modayas were thinking the UNPatriotics were fighting a war! Can you
    believe? Catholic tigers attacked 0 churches, harmed 0 priests. Sinhala modayas in the dark to this day!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress