ඔබ සිටින්නේ රාමුව තුල නම් පින්තූරය දැකිය නොහැක
Posted on June 30th, 2017

කීර්ති රත්නායක

තෙදිනකට පෙර මෝඩි ඇමෙරිකාවට ගියේ ට්රම්ප් හා එක්ව මුසොල්මානුවන් පතුරු ගැසීමටය,පකිස්ථානයට වරෙන්තු කිරීමටය.එදා ඉන්දියානු කීම ඇසූ යහපාලන රජය පකිස්ථාන් සාක් සමුලුව වර්ජනය කලේය.විපතේදී පිහිටවූ මිතුරා අමතක කලේය.මෙදා ට්රම්ප්මෝදි හවුල ඇමෙරිකාවේ සිට පකිස්ථානය ඇතුලු මුස්ලිම් ලෝකයට වරෙන්තු කරන විට එහි ගියේ මහින්දය.සත්ය හිරු මෙනි.ඇසිපිය වේගයෙන් ගැසෙනු ඇත,ඇස් නිලංකාර වනු ඇත.හදවත වික්ශිප්ත වනු ඇත.මිනිසුන් ස්වභාවයෙන්ම සත්ය දෙස බැලීමට බියය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය මැයි මාසයේදී මැදපෙරදිග සංචාරයක නියුතු විය. ඔහු පෙරලා ඇමෙරිකාවට බලා ගියේ කලාපයේ ඇවිලෙන ගින්නට පෙට්රොල් වක් කොටය . සෞදි අරාබිය යේමනයේ ආරම්භ කල යුද්ධය ආපිට කැරකී ඇත. අද යේමනය අන්තර් මහාද්වීපික මිසයිල වලින් සමන්විතය. සෞදියට යේමන මිසයිල වලින් ආරක්ෂා වීමට නම් ඇමෙරිකානු පේට්රියට් මිසයිල නැතුව බැරිය. මෙවන් පසුබිමක් තුල ඩොනල්ඩ් ට්රම්ප් ඇමෙ. ඩොලර් බිලියන 110 අවි ගිවිසුමක් සෞදිය සමග අත්සන් කලේය.

ගිවිසුමේ ප්රධාන කොන්දේසියක් වූයේ, සෞදිය නායකත්වය දරන ගල්ෆ් සහයෝගීතා පෙරමුනේ රටවල් 6 ඉරානය සමග ගනුදෙනු අත්හැරීමය. සෞදිය, එමීර් රාජ්ය, කුවේටය, බහරේනය, ඕමාන් යෝජනාවට එකග වුවද කටාර් රාජ්ය ඊට එකග නොවීය. එහි ප්රථිපලය වූයේ සෞදිය විසින් කටාර් රාජ්යට එරෙහිව සම්බාදක පැනවීමය. රටකට එරෙහිව සම්බාදක පැනවීමේ නිල අයිතිය එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය සතු වුවත් ඇමෙරිකානු උෂ්නය හේතුවෙන් සෞදිය අත්තනෝමතිකව එය ක්රියාවට නැගුවේය. අනුව ශුද්ධ වූ රමදාන් උපවාස සමයේ ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමූ අතර තවත් සම්භාදක ගනනාවක් පැනවීය.

1996 දි බිල් ක්ලින්ටන් විසින් ඇමරිකානු මුස්ලිම් පුරවැසියන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්රහයක් ධවල මන්දිරයේ ආරම්භ කලේය . ඉන් පසු බලයට පත්වූ පරිපාලන තුල නොකඩවා එම භෝජන සංග්රහය පවත්වන ලදි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප් පසුගිය වසරේ ලංකාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඉෆ්තාර් උත්සවයක් පැවත් වු අතර ධවල මන්දිර පරිපාලනයට සමගාමීව සියලු උත්සව මේ වසරෙ අවලංගු කොට තිබුනි.

ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආරාධනාවක් අනුව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි පසුගිය තෙදින තුල ඇමරිකාවේ සංචාරයක යෙදිනි. මෝදිට ධවල මන්දිරයේදී රාජ්ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරව දී පිලිගත්තේය. මෙහිදී දෙරට රජ්ය නායකයන් එකාබද්ධ නිවේදනයක් ප්රකාශට පත් කරන ලදි. එම නිවේදනය මුලුමනින්ම පාහේ පකිස්ථානය වෙත කල අනතුරු ඇගවීමකි. පකිස්ථානු රජය ත්රස්තවාදීන්ට අනුග්රහය දක්වන බවත් එය වහාම නවතා දැමිය යුතු බවත් එහි සදහන් විය. තවද ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ඩොලර් මිලියන ගනනක අවි ආයුධ ගිවිසුමක් අත්සන් කෙරිනි .

ඉරාකයේ සහ සිරියාවේ වර්ග කි.මී 79000 පමන බලය පතුරවා සිටින අයි. එස් ත්රස්තවාදීන් අලෙප්පෝ සහ රකා නගර වල ලද පරාජයන් පසුගිය මස තුල වාර්තා විය . අයි. එස්. සංවිධානයයේ නායකයා වන අබු බකර් අල් බැක්ඩාඩි රකා ප්රදේශයේදී රුසියානු ගුවන් ප්රහාරයකින් මියගිය බවද කියවිනි. අයි එස් සටන්කාමීන් සතුවූ භූමිය අඩකින් පමන හකුලා දැමීමට රජයේ හමුදා සමත් වූ බව වාර්ථා විය. මේ අතර පෙන්ටගනය ප්රකාශ කලේ සිරියාව රසායන අවි ප්රහාරයකට සැරසෙන බවය. අනුව ඔවුන්ට බරපතල ප්රතිවිපාක වලට මුහුන දීමට සිදුවන බවට අනතුරු ඇගවීය

භූ දේශපාලන කරලිය උනුසුම් කල මෙම සිදුවීම් කිහිපය ලංකාවේ ඇතැම් පාර්ශවයන්ට ආනන්දජනක වූ සෙයක් දිස්විය. බොදු බල සේනා වෙබ් අඩවිය කටාර් රාජ්යට එරෙහිව පැනවූ සම්බාදක අගය කොට තිබුනි. තවද කටාර් රජ්ය ලංකාවේ මුස්ලිම් අන්තවාදය ප්රමෝට් කිරීමට මුදල් විසිකර ඇති බවට චෝදනා කලේය . නිල වශයෙන් ප්රකාශ නොකලද රජයේ මැති ඇමතිවරු කිහිප පොලක් සෞදි රජය ත්රස්තවාදීන්ට එරෙහිව ගෙනයන ක්රියා මාර්ග අගයා තිබුනි.

සැබැවින්ම ගල්ෆ් කලාපයේ සිදුවන්නේ කුමක්ද ? සෞදිඇමෙරිකා හවුල ත්රස්ත විරෝධී වැඩ පිලිවෙලක සිටීද? සෞදිය විසින් යේමනය ආක්රමනය කලේ ඇයි ? සිරියාව වෙනුවෙන් රුසියාව කඩේ යන්නේ ඇයි ? අයි. එස් නම් කවරහුද ? කටාර් ත්රස්ත හිතවාදී රටක්ද ?

1932 පෙර සෞදි අරාබිය ලෙසින් රටක් නොතිබිනි. පවුලක පෙලපත් නාමය රටේ නම ලෙස භාවිත වන ලෝකයේ එකම රාජ්ය සෞදියයි. 1932දී බටහිර රටවල සහයෝගයෙන් අබ්දුල්අසීස් අල් සෞද් යටතේ සෞදිය බිහිවිය. අනුව සෞද්ගේ භූමිය සෞදිය විය.

වර්තමාන සෞදි භූමියේ මුල් පදිංචිකරුවන් වන්නේ ඇබ්සීනියන් ගෝත්රිකයන්ය. ඉන් පසුව පර්සි වරුන්ට යටත් ප්රදේශයක් විය. 1517 දී තුර්කි ඔටෝමන් අධිරාජ්යට නතු විය.පලවන ලෝක යුද්ධයෙදී තුර්කිය නියොජනය කල මධ්යම බලවතුන්ගේ පිල පරාජයට පත් විය. සමග තුර්කි ඔටෝමන් අධිරාජ්ය කොටස්වල්ට වෙන්දේසි විය .

භූමිය වෙන් කෙරීම සිදුවූයේ මිත්ර පිලේ බලවත්ම රාජ්ය වූ එංගලන්තයේ මනාපය පරිදිය. අනුව යුද සමයේදී තමන්ට බැලමෙහෙවර කල අන්සා ගොත්රයේ සෞද් පවුල යටතේ භුමි භාගයක් වෙන් කෙරිනි. ඔවුන් ඊට සෞදි රාජධනිය ලෙසින් නම් තැබීය.අනතුරුව කූඩාරම් ජීවිතයට සමුදුන් සෞද් පවුල රජුන් කුමාරවරු ලෙස ඔටුනු පැලෙන්දේය.

සෞද් රජ පවුල අයත් වූ අන්සා ගෝත්රිකයන්ට යුදෙව් වරුන්ගෙන් සහාය ලැබුනු බවට බිද හෙලිය නොහැකි සාක්ෂි පවතියි. නමුත් එය වෙනම ලිවිය යුතු මතෘකාවකි . සෞද් රජු බලය්ට පත්වී මසක් ගත වෙත්ම යේමනයේ දකුනු පෙදෙස ආක්රමනය කලේය. යේමනයට අයත් තිබූ කදුකර ක්ෂේම භූමියක් වූ බල්ජුරේශි, අරාබියේ අලංකාරම නගරය වූ අබා, රතු මුහුදේ වරාය නගරයක් වූ ජිසාන් සහ ඉපැරනි වානිජ නගරයක් වූ නජරාන් ප්රදේශ අත්පත් කර ගන්නා ලදී.

යේමනයෙන් ඈදා ගත් ප්රදේශයේ අසීරී සහ ගම්ධි ලෙසින් ප්රධාන ගෝත්රික දෙකක් විය. භූමිය ආක්රමනය කල දිනයේ පටන් සෞද් රජු මෙම ගෝත්රිකයන්ට කන්ඩ අදින්ඩ නොමිලේ ලබා දුන්නේය. නොබෝ කලකින් යෙමනයේ රජ පවුලට වඩා සෞද් පවුල අගනේ යයි ගෝත්රික ජනයාගේ මතය විය. 1933 දී එංගලන්තටට දුතයෙකු යැවූ සෞදි රජු නව ප්රවනතාවය සැල කර සිටියේය . අනුව , එංගලන්තය විසින්මිත්රත්වයේ ගිවිසුමනමින් ලියවිල්ලක් සකස් කල අතර 1934 පෙබරවාරී මසදී එය දෙරටේ අත්සනට යොමු කලේය. ගිවිසුම අනුව යේමනයෙන් කොල්ලකා ගත් භූමිය සෞදිය සතුවිය

සෞදි අරාබියේ තෙල් ගවේශනය ඇමෙරිකාව ආවේ 1933 වසරේදීය. කැලිෆොනියාඇරබියන් තෙල් සමාගම නමින් ස්ථාපිත කල පෞද්ගලික ආයතනයකි . සෞදි අරාබියේ තෙල් නිධි පිලිබද හෝඩුවාවක් ලැබුනේ 1938 වසරෙදීය. 1943 දී අමෙරිකානු ජනාධිපති රුට්ස්වෙල් සහ සෞදි රජු තෙල් නිෂ්පාදනය පිලිබද ගිවිසුමක් අත්සන් කලේය. 1944 දී අමෙරිකන්ඇරබියන් ඔයිල් කම්පැනි (ඇරම්කො ) බිහිවිය .1950 වන විට ලෝකයේ ප්රධානතම තෙල් නිෂ්පාදකයා සහ අපනයන කරු බවට සෞදිය පත්විය. සෞදියේ තෙල් ඇමෙරිකාවට ධන උල්පතක් බවට පත් විය

1953 දී දෙවන සෞද් රජු බලයට පත් විය . 1960 ගනන් වන විට සෞදි තෙල් සම්පතින් ඇමෙරිකානුවන් ලබන අයුතු ලාභය පිලිබද යුව රජු වූ ෆයිසාල් කුමරු හා දෙවන සෞද් රජු අතර ගැටුමක් ඇතිවිය. දෙවන සෞද් රජු සිය කාලය වැඩියෙන් මිඩංගු කලේ මාලිගා තැනීමට , යාන වාහන මිලදී ගැනීම වැනි පටු කරුනු කාරනා පිලිබදවය. තෙල් සම්පතින් අති විශාල ආදායමක් ලැබුවද එය නිසි ලෙස කලමනාකරණය නොවිනි . ආර්ථිකය දිනෙන් දිනම පල්ලම් බැස්සේය.1964දී දෙවන සෞද් රජ බලයෙන් පහකල ෆයිසාල් කුමරු, රජු බවට පත් විය.

1967 ඊශ්රායෙල සය දින යුද්ධය වාර්තා වූයේ ෆයිසාල් රජුගේ කාලයේදීය. ඉන් අනතුරුව 1973 අරාබිඊශ්රායෙල් යුද්ධය වාර්තා විය . මෙම සටනේදී ඇමෙරිකාව ප්රමුක බටහිර කදවුර ඊශ්රායෙලය වෙත දැක්වූ අනුග්රහය පිලිබද ෆයිසාල් රජු විරෝධය පල කලේය. ඊට එකට එක කිරීමක් ලෙස ඔපෙක් තෙල් සැපයුම සීමා කලේය. අනුව බටහිර රටවලට තෙල් ලබාගැනීමට සමාන්ය මිල මෙන් තුන් ගුනයක් ගෙවිය යුතු විය.

ඇමෙරිකාව විසින් සෞදි තෙල් සම්පත කොල්ල කෑවේ අරැම්කො නොහොත් සෞදි ඇමෙරිකානු තෙල් සමාගම හරහාය. මෙම ව්යාපෘතියෙන් ඇමෙරිකානුවන් පලවාහැරීමට ෆයිසාල් රජු සැලසුම් කලේය. 1975 වන විට සමාගමේ උපසභාපතිවරයා සහ 60 % අයිතිය දේශීය ආයෝජකයන් සතු කොට තිබුනි. 1976 වසර වනවිට සෞදිඅරැම්කො සමාගම 100% සෞදීන් සතු විය යුතු බව ප්රකාශ කෙරිනි. 1975 මාර්තු මස 25 දින ෆයිසාල් රජු ඝාතනයට ලක් විය.

ෆයිසාල් රජු ඝාතනයට ලක් වූයේ ඊට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ සිට පැමිනි ඔහුගේ බෑනා කෙනෙකු වූ බින් මුසෙයිඩ් අතිනි. මුසෙයිඩ් හට එක් සහෝදරයෙක් විය . ෆයිසාල් රජු සෞදියට රූපවාහිනිය හදුන්වා දීමට එරෙහිව ඔහු සටන් කලේය . රියාද්හිදී පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොර බැදීමකදී ඔහු මරනයට පත් විය. මෙම සිදුවීමෙන් පසු මුසෙයිඩ් ඇමෙරිකාව බලා පිටත් විය. මුසෙයිඩ් මත් ද්රව්ය වලට අබ්බැහි වූ අයෙක් විය . ඔහුගේ පෙම්වතිය වූයේ ඊස්රායෙල් අක් මුල් සහිත ක්රිස්ටිනා සුර්මා නම් කාන්තාවකි. මුසෙයිඩ් මත් ද්රව්ය වලට යොමු කලේ ඇය බව සනාථ විය. මුසෙයිඩ් ගේ නාස් ලනුව ඇය සතුවිය .ෆයිසාල් රජුගේ ඝාතනයෙන් මුලු රජ පවුලම බියෙන් තැති ගෙන තිබුනි. ෆයිසාල් රජු ඝාතන ව්යාපෘතිය මොසාඩ් මෙහෙයවූ එකක් බව මැනෙවින් පැහැදිලි විය.

1980 – 88 කාලය පුරා ඉරාන ඉරාක යුද්ධය පැවතුනි. ලෝක බල කදවුරේ සහාය ලැබුනේ ඉරාක පර්ශවය වෙතය. යුද්ධය පුරාවට සෞදි අරාබිය ඉරාකය වෙනුවෙන් මුදල් පොම්ප කලේය. ඉරානයේ දර්ශනය වූයේ උනුත් එකයි මුනුත් එකයි යන්නය. බටහිර හෝ නැගෙනහිර කිසිදු රටක් මත ඉරනය නො යැපුනේය. තමන්ට අවශ්ය යුධ උපකරණ ඉරානය තුලම නිෂ්පාදනය කලේය. මේ හේතුවෙන් ඉරානයේ යුධ ශක්තිය අසම සම විය. කෙසේ වුවද සිරියාව ලිබියාව උතුරු.කොරියාව සහ චීනය, ඉරානය වෙත ආධාර ලබා දුනි. 1988 දී ඉරානඉරාක යුද්ධය අවසන් වුවද ඉරානයේ පසමිතුරු හංවඩුව සෞදියට වැදී තිබුනි.

සෞදි අරාබියාව සහ රුසියාව අතර මිත්රත්වයක් එදා සිටම නොපැවතුනි. සොවියට් දේශයයේ ඇෆ්ගන් ආක්රමනය සෞදිය විසින් හෙලා දුටුවේය. සෝවියට් හමුදාවට එරෙහි කැරලිකරුවන් ප්රමෝට් කලේ සෞදි අරාබියයි (මුජහිඩීන් ත්රස්තයන්). කුප්රකට බින්ලාඩෙන්ද සෞදිඇමෙරිකා නිෂ්පාදනයක් විය. 1991දී වසරේ සොවියට් දේශය බිද වැටුනු අතර පෞර රාජ්ය කැබලි වලට වෙන් විය . බිද වැටුනු සෝව්යට් දේශයේ වහාබිවාදය අවුලුවාලූයේ සෞදි අරාබිය විසිනි. මුස්ලිම් කැරලි කරුවන්ට අවශ්ය මූල්ය ප්රතිපාදන ලැබුනේ සෞදි අරාබියෙනි.

මේ සියලු කරුනු කාරනා වලටත් වඩා වැදගත් වූයේ බොර තෙල් වෙලද පොලයි. ලොව වැඩිම තෙල් නිෂ්පාදනයක් සහිත රට රුසියාවයි. නමුත් රුසියාව ඔපෙක් සංවිධානය තුල නැත. අඩුම පිරිවැයකින් තෙල් බැරලයක් නිෂ්පාදනය කරන්නේ සෞදි අරාබියයි. සෞදින්ගේ බොර තෙල් බැරලයක පිරිවැය ඩොලර් 10 කටත් අඩුය . රුසියාවට ඩොලර් 35 පමන පිරිවැයක් දැරිය යුතුය. පවතින වෙලද මට්ටම් යටතේ අයවැය බැලන්ස් කිරීමට රුසියාව බොර තෙල් බැරලයක් ඩොලර් 120 කට විකිනිය යුතුය , සෞදි අරාබියට අවශ්ය වන්නේ ඩොලර් 80 පමනි . පිරිවැය අඩු නිසා තෙල් මිල හැසිරවීම සෞදින්ට ලේසිය. ලොව තෙල් මිල හසුරුවීම සිදුවන්නේ සෞදිඇමෙරිකා හවුලට අනුවය.

යුරෝපයේ ප්රධාන බොර තෙල් සැපයුම්කරු රුසියාවයි. රුසියානු බොර තෙල් බැරලයක නිෂ්පාදන පිරිවැය අධිකය . එහෙයින් නල මාර්ගයක් එලා ඉරානයේ තෙල් තම අත යටින් යුරෝපයට විකිනීම රුසියාවේ සැලසුම විය. එම සැලසුම ක්රියාත්මක වූ විට යුරෝපයේ බොර තෙල් ඒකාධිකාරිය රුසියාව සතු වනු ඇත. මෙම නල මාර්ගය ගමන් ගන්නේ ඉරානය , ඉරාකය , සිරියාව හරහා යුරෝපය වෙතය . මේ අනුව රුසියාවට එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකුම බා ගත හැකිය. නමුත් ඊට ප්රති විරුද්ධ සැලසුමක් සෞදිඇමෙරිකා හවුල ගෙන ආවේය . කටාර් හා සෞදි තෙල්, ජොර්දානය , සිරියාව සහ තුර්කිය හරහා යුරෝපය වෙත යැවීමය.

කවර නල මාරගයක් වුවද සිරියාව හරහා යා යුතු විය. සිරියාවේ ජනපති බශාර් අල් අසාද් සෞදි ඇමෙරිකා හවුලේ සැලසුමට එකග නොවිනි . ඔහු ඉරානරුසියා සැලසුමට එකගවිය. අනුව 2012 වසරේදී රුසියාවේ ගෑස්ෆ්රොම් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේය. සිරියානු ජනපතිගේ ගෑස්ෆ්රොම් අවබෝදතා ගිවිසුම සෞදිඇමෙරිකා හවුලේ ඇසට කටු අනින්නාක් විය. අනුව සිරියා ජනපති බශාර් අල්අසාද් පන්නා දැමීමට සැලසුම් කලේය. සෞදිඇමෙරිකා හවුල විසින් නිෂ්පාදනය කල අයි.එස් කැරලිකරුවන් සිරියානු ජනපති එලවීමේ සටනට යොදා ගත්තේය. ඉන් නොනැවතුනු ඔවුන් රුසියාඉරාන තෙල් නලය ගමන් ගන්නා වූ කලාපය ස්වාධීන ඉස්ලමික් රාජ්යක් ලෙස ප්රකාශ කලේය.

සෞදි ඇමෙරිකා හවුල අයි එස් කැරලිකරුවන් මෙහෙයවන විට සිරියාවේ ආරක්ෂාවට රුසියාව සහ ඉරානය පැමිනියේය. මැද පැරදිග නැව් ගමනාගමන්යේ තීරනාත්මකම සමුද්ර සන්ධියක් වන හෝමුස් හි පාලනය ඉරානය සතුය. යුරෝපයට පිවිසෙන රතු මුහුදේ තීරනාත්මක සමුද්ර සන්ධියක් වන් බාබ් එල්මන්ඩෙබ් හි පාලනය එක් පසෙකින් යේමනය සතුය . අනෙක් පසින් ජිබොටි රාජ්ය සතුය. යේමනය යනු ඉරාන සලකුන යෙදූ රටකි. යම් හෙයකින් මෙම සමුද්ර සන්ධි දෙක අවහිර කලහොත් සෞදියේ නාවික කටයුතු අඩපනය.

ගල්ෆ් කලාපයේ උපාය මාර්ගික වරායක් ගොඩනැගීම සෞදිඇමෙරිකා හවුලේ ප්රධාන අවශ්යතාවකි. ඔවුන්ගේ ඉලක්ක ස්ථානය නම් යේමනයේ මුකල්ලාහ් වරායයි .යේමනයට බොරතෙල් සැපයීම සදහා දැනටමත් එම වරාය සෞදිය හා සම්බන්ද කොට ඇත. සෞදිය විසින් යේමනය ආක්රමනය කිරීමේ පිටුපස කථාව නම් මෙම වරාය අත්පත් කර ගැනීමයි. යේමන ආක්රමනය සදහා සෞදිය සමග කුවේට්, ඊජිප්තු, සුඩාන,ඔමාන් සහ එමීර් රජ්ය දායක වී සිටියි. සෞදිඇමෙරිකා සැලසුමට එරෙහිව නැවත වරක් ඉරානය ක්රියාත්මක වූයේය.

අද සිරියාවේ ආර්ථිකය රැදී පවතින්නේ ඉරාන ආධාර මතය. සිරියාවේ රජයේ හමුදාවන්ට වැටුප් ගෙවන්නේ ඉරානය විසිනි. යේමනයේ හවුති සටන් කරුන්වන්ගේ බර පැන දරන්නේ ඉරානය විසිනි.පකිස්ථානු යුධ ශක්තියේ ප්රධාන අනුග්රාහයකු වන්නේ ඉරානයයි. මෑතක් වනතුරු ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාදක පනවා තිබුනි . සෞදිඇමෙරිකා හවුල විසින් බොර තෙල් බැරලයක මිල අසාමාන්ය ලෙස පහත හෙලුවේ ඉරානය අඩපන කිරීමටය.

නමුත් කිසිවකින් ඉරානය වැටුනේ නැත. ඉරානයේ ශක්තිය ලෝකයට ප්රෙහෙලිකාවක් විය. ඉරානය දුවන්නේ කටාර් මුදල් වලින් බව මෑතක්දී ඔප්පු විය . ගල්ෆ් කලාපයේ විශාලතම ඇමෙරිකන් හමුදා කදවුර ඇත්තේ කටාර් වලය . කටාර් දෙබිඩි පිලිවෙත ඇමෙරිකාවට උහතෝකොටිකයකි. උනු නිසා බීමට බැරිය කිරි නිසා අහක දැමියද නොහැක. කටාර් රාජ්යට එරෙහිව සෞදිය සෞදිය කොටවන්නේ මේ හේතුව නිසාය.

ශිව සේනා, 969, අයිඑස්, අල් කයිඩා, බොදු බල සේනා වැනි විවිධ කල්ලි කන්ඩායම් කලින් කලට පැමිනෙයි . බැලූ බැල්මට ඔවුන් පෙනී සිටියේ එක් අභිලාශයක් වෙනුවෙනි. ලස්සන අකුරු ,පද,පේලි යොදා එය කැටයම් කර ඇත. පිරිසක් ඔවුගේ අභිලාශ සමග ඇලෙයි, තවත් පිරිසක් ගැටෙයි. සරලව කියතොත් . කෙනෙක් සිතන්නේ ඥානසාර හිමි හෙලයා රකින බවය. තවකෙක් සිතන්නේ ඥානසාර හිමි මුසොල්මානුවන්ට එරෙහි බවය. අයිඑස් දෙස බලා කෙනෙක් සිතන්නේ ඔවුන් නියම ඉස්ලාමය රැගෙන බවය, තවකෙක් සිතන්නේ අයිඑස් ඇමෙරිකන් විරෝධී බවය .

මතු වීම සත්යයේ ස්වභාවයයි. සැබැවිනම් ඥානසාර හිමි හෙලයන්ට කල අවැඩක් මිස සේවයක් නොමැත. අයි.එස් සටන්කාමීන් ඉස්ලාමයට කල අවැඩක් මිස සේවයක් නොමැත. මෙම කල්ලි දෙකම කලේ රහස් සංවිධානයක කොන්ත්රාතුවක් ඉටු කිරීමය.

භූදේශපාලන කරලියේ බැලූබැල්මට දිස් වන්නේ එක් කතාවකි .තිරය පිටුපස ඇත්තේ තවත් කතාවකි. ලොව වහල් ආධිපත්ය බිද වැටුනද එය වෙනස් අයුරකින් ක්රියාත්මකය. සෘජු යටත් විජිත බිද වැටුනද වක්රව එය ක්රයාත්මකය. ලෝකයේ දිශානතිය තීරනය කරන්නේ එක් සුවිශේෂි වාණිජ පැලන්තියක් විසිනි . ලොව තීරනාත්මක දේශපාලන, ආර්ථික සාධක හසුරුවන්නේ මොවුන් විසිනි. ඊට නොඅවනත උන්ට මිහිපිට පැවැත්මක් නැත. ඔවුන් අදහන්නේ විශේෂිත ආගමකි . ඔවුන්ට සේවය කරන රහස් සංවිධාන නන් දෙස පැතිර ඇත . දැන් හෝ නොදැන ඔබත් මමත් එහි සාමාජිකයෙකු විය හැක .

4 Responses to “ඔබ සිටින්නේ රාමුව තුල නම් පින්තූරය දැකිය නොහැක”

  1. Christie Says:

    අපි ජීවත් වෙන්නේ ඉන්දියානු කොලනියක.

    අපේ මොලය හෝදලාය.

    බිරිතානු අදිරදය ඇත්තෙන්ම බිර්තානු-ඉන්දියානු අදිරදයකි.

    දෙවන්ලෝක යුදයෙන් පසු එය ඉන්දියානු අදිරදයකි.

    ඉන්දියාව කියා රටක් තිබුනේ නැත, තිබුනේ යුරෝපයේ මෙන් රටවල් ගොඩක් තිබුන බිමකි.

    ඉන්දියාව හැදුවේ බිරිතානියෝය.

    අපිට ඇමෙරිකානුවන් කරන වැඩවලින් වැඩක් නැත. අතු කෙෂාප් කියන්නේ ඉන්දියානුවෙකි.

    අපිට කෙලින්නේ ඉන්දියාවත් ඉන්දියන්කාරයන්ය

  2. Christie Says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ. නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ. සෝබිත සින්හලයන් දෙකඩ කලා.
    ඉන්දියානු අදිරදය ඉතින් නානසාරටත් වැඩේදෙන්නවගේ.සී නෝර් කාරය දන්නවනෙ කතාව. හැබැයි දැන් බෝලෙ පෙරෙලෙන හැටි බැලුවම පේන්නෙ රට බෙදුවට පස්සෙ සින්හලයින්ගෙ ලොක්ක ඉන්දියාවේ උත්තර පෙදෙසේ වගේ සන්ඝ යෙක් වෙයිද?

  3. Senerath Says:

    සව්දි ඇමරිකා කල්ලිය විරුද්ධවූ පලියට හෝ වෙන කිසිම භූ දේශපාලන හේතුවකට කියමින් කටාර් මුදල් වලින් විල්පත්තුවේ මහවනය හෙලි කොට මුසල්මානුවන් පදිංචිකිරීම හොඳ යයි කිව නොහැක​. රාමුවේ සිට රාමුවේ වැරදි පෙනේ නම් රාමුවෙන් එලියට යාමට අවශ්‍යනැත​. ලංකාවී මුසල්මානුවන් ගේ බෝවීම සහ ව්‍යාප්තිය ඕනෑම අයෙකුට දැකිය හැකිය​. මෙයට විසඳුමක් නොයෙදුවහොත් සිංහල රට නැතිවීම නොවැලැක්විය හැක​.

  4. Senerath Says:

    අයි.එස්. ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

    (දයාසීලි ලියනගේ) -Lankadeepa

    රත්මලාන ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි. එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress