සිල් රෙද්දෙන් බෙල්ල කපන උපාසක
Posted on June 30th, 2017

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

‘හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥනසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි’, ශීර්ශය යටතේ දිවයින පුවත්පතේ සී.ඒ.චන්ද්‍රප්‍රේම. මෑතකදී ලිපියක් ලියා පල කලේය. නමුත් බො.බ.සේ ගැන චන්ද්‍රප්‍රේම දැන් කියන කතාව අප කියා සිටියේ 2014 වර්ශයේ මහින්ද ගෙදර යාමට කලින් සිටය. එකල්හි චන්ද්‍රප්‍රේමලා ගෝටාබයලා බලයෙන් මත්වී පිස්සු කෙලිමින් සිටියෝය . මෙම දේශපාලන විනිශ්චයන් මුලින් ප්‍රකාශ කලේ රාවය.නෙට් වෙබ් අඩවිය හරහාය . බො.බ.සේ ගැන අපි 2014 දී කියු දේ පමනක් නොව www.rawaya.net අත්වූ ඉරණමද පහත ලින්ක් එක හරහා දැක ගත හැක. (මෙම පූර්විකාව චන්ද්‍රප්‍රේම කල්ලිය ගැන අත්‍යවශය සටහනකි )

 https://www.facebook.com/photo.php?fbid=1429635747104646&set=a.727334607334767.1073741825.100001747022871&type=3&theater

2005 අවධිය මහින්ද බලයට පත්වන විට උතුරේ ත්‍රස්තයන් මිලිටරිය යොදවා අතුගා දැමිය හැකි යයි ඔහු නොසිතුවේය. එවන් විශ්වාසයක් ගෝඨාභය තුලද නොවීය . නමුත් ඩූ ඔ ඩයි පන්නයේ ගේමක් දීමට වලි කෑ පිරිසක් අන්ඩුව තුල විය. ඔවුන් හා ගනුදෙනු කල සිවිල් සංවිධාන හා හමුදා පිරිසක්ද විය. මිලිටරි ක්‍රයාන්විතය කරලියට ගෙන ආවේ මොවුන් විසිනි. එහි ඉදිරියෙන්ම සිටි අයෙක් වූයේ චම්පික රණවකයි. එකල්හි අද බන කියන චන්ද්‍රප්‍රේමලා අහලකවත් නොසිටියේය.

මේ කාලයේ ටැමිල් නෙට් වෙබ් අඩවිය ක්‍රියාත්මක වූයේ කොලඹ සිටය. එහි කතෘ තාරකී නොහොත් සිවරාමන් සිටියේ කොලඹ සුව පහසු ජීවිතයක් ගෙවමිනි. ඔහු ඉංග්‍රීසියෙන් ලියන දෑ සිංහලට පෙරලා සිංහල පුවත්පත් වල පලවිය . ඒවා සිංහලට පරිවර්තනය කලේ ලංකාදීප කාර්යාලය තුලය. කෙටියෙන් කියතොත් සිවරාමන් සම්භාව්‍ය ගනයේ ජනමාද්‍යවේදියෙක් විය. සිවරාමන්ගෙන්ට ගසා වැඩේ පටන්ගත යුතු යයි අයිඩියොලිජියට පන දුන්නේ යටකී පිරිස විසිනි.

ත්‍රිකුනාමලයේ රජ වූ පිස්තෝල කල්ලිය

2005 වනවිට කොටි පිස්තෝල කල්ලිය ත්‍රිකුනාමලයේ රජ කලේය. ඊට අභියෝග කලේ කොටකදෙනිය , චමිපික ඇතුලු යටකී පිරිසය. ඔවුන් කොලඹින් බුදු පිලිමයක් ගෙන ගොස් තිකුනාමල නගරයේ පිහි‍ටුවා කොටි සමග ගේම ඉල්ලුවේය.නොබෝ දිනකින් ත්‍රීමලේ ඩොක්යාර්ඩ් පාරේදී කොටින්ට කඩේ යන පිරිසක් දන ගස්වා වෙඩි තබා තිබුනේය. ත්‍රිමලේ සුදරොලි වාර්තාකරු කීවේ වෙඩි තැබීම කලේ එස්.ටී.එෆ් එකෙන් බවය. දින දෙකකින් ඔහුවද ඒ අයුරින්ම දන ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කලේය. මේ සිද්ධිය වන විට මහින්ද ඉන්දියානු සංචාරයක සිටියේය. සිද්ධිය කන වැකුනු වහා මහින්ද ගෝටාබයට ගෝටාබයට දෙස් දෙවොල් තිබ්බේය. මහින්ද පැමිනි වහා කොටකදෙනියගේ ආරක්ෂක උපදේශක තනතුර ගලවා දැම්මෙය.

යුධ විරෝධී අවදිය

2005 වනවිට කුමාර් රූපසිංහගේ මූලිකත්වයෙන් යුධවිරෝධී පෙරමුන ගොඩ නැගිනි. නෝර්වේ නියෝජිතයන් සහ රජය සම්බන්ධීකරණය කලේ මෙම ඒකකය හරහාය. ( ඒ වන විට යුධවිරෝදී පෙරමුනේ ඉහල බුද්ධි තොරතුරු මෙහෙය වීම භාරව තිබුනේ ලියුම් කරුටය ) . රූපසිංහගේ යුධවිරෝදී පලමු ‍රැලිය පැවැත්වූයේ විහාර මහා දේවී පරිස්‍රයේය. චමිපික රනවක ප්‍රමුඛ ත්‍රස්ත විරෝදී පාර්ශවය මීට පහර දීමට සැලසුම් කර තිබුනේය . ඔවුන් ඒ සදහා ප්‍රතමයෙන් එවූයේ ඥානසාර හිමිය. එදා ඥානසාර වැඩේ චොර කලේය. ඉන් අනතුරුව ඥානසාරට කිසිදු කැදවීමක් නොලැබිනි

යුධ විරෝදීන් දෙවන ‍රැලිය පැවැත්වූයේ මහනුවරය. චම්පිකගේ මෙහෙයවීමෙන් එම ‍රැලියටද පහර දුන්නේය . හෙල උරුමයේ ක්‍රියාකාරීන් කුනු බිත්තර සහ තක්කාලි වලින් ප්‍රහාරයක් එල්ල කලේය. මෙම ප්‍රහාරයේ සී.සීටී.වී දර්ශන නැරබූ කුමාර් රූපසිංහ ලියුම්කරුගේ සේවය අත්හි‍ටු වුයේය. ඒ ලියුම් කරු ද්විත්ව ඒජන්තයෙකු යයි චෝදනා කරමිනි. නමුත් මේ සියලු ප්‍රහාර වලින් යුධ විරෝදින්ට වාසි වූවා මිස අවාසියක් නොවිනි. යුධ විරෝධී පෙරමුන නිහඩ කිරීමේ එඩිතර තීරනය ගත්තේද චම්පික ප්‍රමුඛ කන්ඩායම විසිනි. යුධ විරෝධී පෙරමුනේ වැදගත්ම පුද්ගලයා වූයේ නඩරාජ රවිරාජ්ය. ඔහු යුධ විරෝදී සටන මෙහෙය වූයේ හදවතිනි. රාජිත, ඩිලාන්, තිස්ස විතාරන , මර්වින් වැන්නවුන් වෙදිකාවට ගොඩ වූයේ තම බඩවියත ‍රැක ගැනීමට පමනි. එහෙයින් උන්ඩය එල්ල වූයේ නියම ඉලක්කය වෙතය. රවිරාජ් මහ දවල් අගනුවර මාර්ගයක වෙඩි තබා මරා දැම්මේය. යුධ විරෝදී පෙරමුන ඉන් අවසන් වූයේය . කුමාර රූපසිංහගේ පැටිකිරිය එලියට ආවේය. එන්.ජී.ඕ කුක්කන්ට අපල කාලයක් උදාවිය.

යුධ ජයග්‍රහනය හා පසු අවධිය

මේ අයුරින් ගොඩනැගූ මිලිටරි ව්‍යපෘතිය අඩියෙන් අඩිය ඉදිරියට ඉදිරියට ගියේය . ඉදිරියට යන මිලිටරි ව්‍යාපෘතිය පලදායි බව මහින්ද තේරුම් ගත්තේ පසුවය. මහින්ද සහ ගෝටා එහි නායකත්වය ගන්නේ ඒ අනුවය. යුද්ධයේ තීරනාත්මක අවධියේදී ඔවුන් ලබාදුන් ශක්තිය නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වෙනස් වන්නට බෝහෝ ඉඩ තිබුනි

යුධ ජයග්‍රහනයත් සමගම එතෙක් එක්සත්ව සිටි පිරිස සී සී කඩ ගියේය. ෆොන්සේකා මහින්දට එරෙහිව සටනට ආවේය. මහින්දගේ සහ ගෝටාගේ අභ්‍යන්තර වට රවුම අවස්ථාවාදීන්ගෙන් පිරී ගියේය. රට ගොඩ නැගීමට ඊනියා ආචාරීන් සූ සූ ගා මැදමුලන කරා ඇදුනේය. මහජන දේපල කොල්ලය එලිපිටම සුලභ විය. අනෙක් අතට භූදේශපාලන සිතියෙමේ මහින්දගේ චීන ව්‍යපෘතීන් ඉන්දු – ඇමෙරිකා හවුලට තර්ජනයක් විය .

2020 රාජ යෝගය

ඊලාම් යුද්ධය තුල චම්පික රනවක විශාල කාර්ය භාර්යක් ඉ‍ටුකල බව සෑබෑය. ඊලාම් යුද්ධය අවසන් කල ගැම්මටම ඔහු තවත් මෙහෙයුමක් ආරම්භ කලේය . ඒ මුස්ලිම් ව්‍යප්තවාදයට එරෙහිවය. මුස්ලිම මූලධර්මවාදය ගැන ඔහු පොතක් ලියුවේය . ඒ පිලිබද සම්මන්ත්‍රන කිහිපයක්ද පැවැත්වූයේය. නමුත් දෛවඥයෙකු විසින් 2020 තමාට රාජ යෝගයක් ඇති බව පවසන්නේ මේ අතර තුර කාලයේදීය. මෙම අනාවැකිය චම්පික විසින් බැරෑරුම්ව ගත්තේය . සිය අභ්‍යන්තර කවය සමග මේ පිලිබද සාකච්චා කලේය. සියල්ලන්ගේම මතය වූයේ ප්‍රාදේශීය දේශපාලනයට තිත තබා ජාතික දේශපාලනයට පිවිසිය යුතු බවය. ඔහු අනතුරුව මුස්ලිම් ආගමට එරෙහිව ලියු පොත හකුලා ගත්තේය. මුස්ලිම් ජනයා කෙරේ ගොනා සහ තණකොල න්‍යාය අනුගමනය කලේය. විදේශ තානාපතින් සමහ පෑහුනේය . ඒ අතර ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුක විය. මේ අතර තුර මහින්දගේ දෙවන ධූර කාලයේ අවසාන භාගය එලඹිනි

මුස්ලිම් බිල්ලා

2020දී චම්පිකට රජවීමට නම් මහින්දගේ පාලනය 2015දී අවසන් කල යුතුම විය . එසේම 2020 දී ඔහුට ඉස්මතු වීමට නම් 2015 එන රජය සිංහලයා කුජීත කර දැමිය යුතු විය. ඊට සුදුසුම පාර්ශවය රනිල්-චන්ද්‍රිකා පෙර‍ටු එ.ජා.ප යන්න සරල ගනිතයකි. චම්පික මහින්දගේ ආන්ඩුවේ සිටියදීම රනිල් – චන්ද්‍රිකා සමග ගනුදෙනු ආරම්භ කලේය . මහින්ද පැ‍රැදවීමට නම් එක්කෝ සිංහල බෞද්ධ බලවේගයෙන් කොටසක් වෙන් කල යුතු විය නැතිනම් මහින්ද සමග සිටින මුස්ලිම් ජනයා වෙන් කල යුතු විය. ඉන් චම්පිකට පහසු වූයේ දෙවැන්නය. ඒ අනුව විහාරමහාදේවී ප්‍රහාරයෙන් පසු විශ්‍රාම ගන්වා සිටි ඥානසාර හිමිට කැදවිමක් ලැබුනේය. චම්පිකගේ කොන්ත්‍රාත්තුව අනුව ඥානසාර හත්පොලේ රුන්නේ මහින්දගේ රජය ගද ගස්සවමිනි .

ඥානසාරගේ බුල්ඩෝසර් ශෛලිය

හබන් කුකුලන්ගේ ප්‍රියතම ආහාරක් වන්නේ කැකුන ඇටය. නමුත් හබන් කුකුලන්ට කැකුන ඇට තලා ගත නොහැක . ඌරන්ට චාරයක් නැත. එහෙයින් චාරයක් නැති ඌරන් කැකුන තලන විට මගුල් කන්නේ හබන් කුකුලන්ය . බුද්ධ චීවරය දරා සිටියද ඥානසාර හිමි තුල චාරයක් නොමැත. බෞද්ධයන් මුහුන දී සිටින සංවේදී ගැටලු පිලිබද කථා කිරීමට ඥානසාරගේ බුල්ඩෝසර් ශෛලිය ඔබින නොවේ. ඥානසාර පටන් ගත්තේ හලාල් විරෝධයෙනි. නමුත් හලාල් විරෝධය තහවුරු කිරීමට කරුනු ඔහු සතුව නොවිනි . මතවාදීව ගැටෙනු වෙනුවට ඔහු කලේ අල්ලාගේ ලබ්බ යයි කුරානයට අපහාස කිරීමය .

ඥානසාර සහ 969 ව්‍යාපායේ අශ්වින් විරතු යනු බෞද්ධයාගේ ගහලයන් මිස ගැලවුම් කරුවන් නොවේ. ඥානසාරගේ හලාල් විරෝදය හේතුවෙන් බෞද්ධයා කබලින් ලිපට වැ‍ටුනේය.සිංහල බෞද්ධ බලවේගය දෙකඩ කලේය. එදා දෙකේ කොලයට වැටී සිටි මුස්ලිම් මැති ඇමතිවරු අද සුපිරි වරප්‍රසාද හිමි පිරිසක් බවට පත් කලේ මොවුන්ය .බුරුමයේ අශ්වින් විරතු, ” බුද්ධ පුතුන්ගේ ත්‍රස්ත මුහුනු” ශීර්ෂයෙන් ටයිම්ස් සගරාවේ මුල් ප්‍රවෘත්තියට සම්මාදන් වූයේය. මුස්ලිම් ව්‍යාප්තවාදය නව ජවයක් ගෙන දුන්නේ මොවුන්ය . ඥානසාරලා විරතුලා ඉ‍ටුකලේ තෙවන පාර්ශවයක කොන්ත්‍රාත්තුවකි.

සීසීකඩ විසිරුනු සිංහල බොදු බලවේගය

2015 මැතිවරනයෙදී චම්පික, රනිල්-චන්ද්‍රිකා හා ඩීල් කලේ යටි අරමුනක් සමගය. රනිල් අතින් සිංහලයා කුජීත වන තරමට 2020 දී චම්පිකට නැගිටිය හැක. ආර්ථිකය ආලාපාලු වන තරමට ඔහු සතු‍ටුය. මුස්ලිම් අන්තවාදය නැගිටින තරමට ඔහු සතු‍ටුය. නිදහස් පක්ෂයේ මැති ඇමැතන් හොරා කන තරමට ඔහු සතු‍ටුය. රාජපක්ෂලා අතුගා දමන තරමට ඔහු සතු‍ටුය. ජ.වි.පෙ රනිල් සමග ඩීල් කරන තරමට ඔහු සතු‍ටුය. ඔහුගේ සැලසුම සරමයි බැනියමින් 2020 මැතිවරනයෙදී ජාතික බලවේගයට නායකත්වය සැපයීමය.

2020 අවධිය

2020 කරලියේ තීරනාත්මක චරිත අතර ගෝඨාභය , රනිල්, මහින්ද, චම්පික සහ සිරිසේන වෙයි. මහින්ද මෙන්ම චම්පිකද දේශපාලන ගේම් අතින් පරිනතය. 89 දි හමුදා අත්ඩංගුවට පත්වූ චම්පික ගෝනි සෙල්ලමක් දමා පලා ගියේය. 2004දී සෝම හිමියන්ගේ මිනිය මතින් පර්ලීමේන්තුවට ආවේය. 2005-2009 දී ඊලාම් යුද්ධය අවසන් කිරීමට අයිඩියොලොජිය සැපයුවේය. 2014 දී ජනමූල මහින්ද ධූරයෙන් පහකිරීමට පෙරමුණ ගත්තේය. මාධය මගින් පුම්බා තැබුවද ගෝටා සහ බැසිල් යනු ජනමූල නායකයන් නොව දේශපාලන ශරීර පමනි. වැට උඩ සිරිසේන අවසාන හෝරාවේදී තීරනාත්මකය. සිරිසේනගේ විධායක බලතල චම්පික විසින් ශූක්ෂමව මෙහෙය වීමට ඉඩකඩ බොහෝය. චම්පිකගේ ගේම් පිලිබද අනාවැකි කීමට නොහැකි තරම් ශූක්ෂමය, ඔන්ද ස්පොට් ය . නමුත් සිංහල බෞද්ධ බලවේගය කා කොටා ගන්නා තරමට රනිල්ට ජයග්‍රහනය උරුමය .

5 Responses to “සිල් රෙද්දෙන් බෙල්ල කපන උපාසක”

  1. Vaisrawana Says:

    So, the LTTE terrorism was defeated at the instance of NGOs! Of course, Keerthi Ratnayake seems to apply the word to registered local political parties that came into being in response to intensified activity against the majority Sinhalese Buddhist community by racists and religious extremists among the minorities, who always manage to get the best of both worlds in politics by encouraging and exploiting the crisscross divisions (based on such things as party, caste, creed, wealth or lack of it, up and low country origin) that perennially plague the former. Ratnayake is thus wittingly or unwittingly conferring legitimacy (through association) to foreign, well-funded, anti-national NGO outfits that are destroying our country. Chandraprema is a well read, well informed, experienced patriotic journalist. He seems ignorant about what is really happening in Myanmar, or about the Medieval Islamic terror that is enveloping the whole world including that country (something that will be crushed and wiped out from the face of the earth sooner or later by the world of sanity). Ven. Wirathu is not a demon. He is a saintly monk, but opportunistic Western media in the service of neo-liberalism has turned him into a monster. Any sufficiently educated person can understand that. It is true that Ven. Gnanasara is adopting a wrong approach. That is mainly due to his own naivety or due to his overrating of his own importance, thinking that he has already acquired the aura of Anagarika Dharmapala. However, he himself has regretted that method of protesting against injustice before the Mahanayakes. He and other monks have been forced to take to the streets because the foolishly politically correct lay and clerical leaders of Sinhalese Buddhists have refused to properly investigate their legitimate complaints against the destructive activities of communal and religious extremists particularly in the north and east and take corrective action, which is not at all a racist demand. The moment that happens, the monks will stop their activism. The mainstream media have abandoned the Sinhalese Buddhist majority to their fate for some mysterious reason. Some of my friends say there is no mystery at all in that respect.

  2. Vaisrawana Says:

    Oops! A serious error:

    “Chandraprema is a well read, well informed, experienced patriotic journalist. He seems ignorant about what is really happening in Myanmar, or about the Medieval Islamic terror that is enveloping the whole world including that country (something that will be crushed and wiped out from the face of the earth sooner or later by the world of sanity). Ven. Wirathu is not a demon.”

    Readers please note this: “He” in the second sentence above is meant to refer to Ratnayake, not to Chandraprema.

  3. Leela Says:

    දේසපාලඥයෙක් හෝ මාධ්‍යකරැවෙක් නොවන අපේ උනන්දුව අපේ රට සහා සිංහල ජාතියේ අභිවෘර්ධියය්. කවදාවත් ශ්‍රිලනිප ට චන්දය නොදුන් මා වැන්නන් 2005දී මහින්දට චන්දය දුන්නේ ඔහු වෙතින් කොටි ත්‍රස්තවාදය අතුගා දමන බවට විශ්වාසයක් ගොඩ නැගූන නිසාය. මහින්දගේ ප්ලෑන් එක යුද්ධය ඉවර කිරීම බව ප්‍රසිද්ධයේ ප්‍රකාෂ නොකලාට ඔහු ජනාධිපතිවූ සැනින් ෆොන්සේකා හමුදාපති කිරීමත්, ගෝටා විසින් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ශක්තිමත් කිරීමට පටන් ගත් අාකාරයෙනුත්, ඉන්දියාව සමග සාකච්චා කල අාකාරයෙනුත්, චිනයෙන් යුධ අායුධ ගත් අාකාරයෙනුත් සහ වෙනත් ක්‍රිියා වලිනුත් රත්නායකට කෙසේ වෙතත් අන් අයට නම් සක්සුදක් සේ පැහැදිලි උනා. කොටි ගෝටා, ෆොන්සේකා, පකිස්තාන් තානාපති සහ තවත් හමුදාවල උසස්ම නිලධාරීන් මරන්න තැත් කලේ මහින්දගේ අරමුන ඔවුන්ට පැහැදිලි උන නිසා බව අපට නම් පැහැදිලිය්. රතන හිමි මාවිල්අාරැ ගිහින් කට්ටිය වීරයන් කොලා. නමුත් අද වෙනකොට පච රණවකටය් උරැමෙටය් 2020 දි උරැම වෙන්නෙ එජාප චන්දවත් අපේ චන්දවත් නෙවෙය් කරැමයය්. සිරිසේන ගැන කියන්න තියෙන්නෙ ඔහුට පාත් වෙච්ච පූරැවෙ පින පාපයක් කොර නොගත යුතු බවය්. 2020 තරඟය පවතින්නේ මහින්ද සහ රනිල්ගේ ඉත්තා අතරය්. ඥාණසාර සාධකයට ඉස්සෙල්ලා වත් (2005 සහ 2010) මුසල්මන සහ දෙමළ අති බහුතරය මහින්දට චන්දය දුන්නේ නැහැ. ඉස්සරහට දෙන්නෙත් නැහැ. මොන කාරනෙකට හරි සිංහලයා ‘බෙදුනොත්’ රාජපක්‍ෂලා පරාද බව මහින්ද දැන ගත යුතුය්.

  4. Christie Says:

    https://www.damninteresting.com/the-thugs-of-india/

    These people who lives off innocent Sinhalese are not Upasakayaas. They are thugs. Thugs of Kali Amma.

    When the British abolished thugs in India in 1830 some thugs went to Indian colonies like Ceylon, Burma etc. They took up the protection of Indian business men who were flourishing in the colonies.

    As time passed they started providing protection to Politicians. The best example is the body guard of Wijeweera.

    Then there are political Thugs, They are the new breed of Thugs and you find these Thugs in Indian colonies including the west. Champika, Rathana, Anura are best example of such thugs in our country. Then there are plenty of them in Indian colonies in Africa and other places. Now you find them from the West. Plenty of them in UK, USA etc. Look at one of them our Athul from USA,

  5. Senerath Says:

    ඥාණසාර හිමි කුමන්ත්‍රණකාරයෙක්‌ද?
    බොදු බල සේනාව පිළිතුරු දෙයි

    දිලන්ත විතානගේ
    ප්‍රධාන විධායක නිලධාරි – බොදු බල සේනා

    සිය දේශපාලන හා මූල්‍ය අවශ්‍යතා හා න්‍යායපත්‍ර උදෙසා ප්‍රබන්ධ නිෂ්පාදනය කිරීමේ කලාවේ දක්‌ෂයකු වන සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් සුපුරුදු පරිදි සිය වර්තමාන ස්‌වාමීන්ට අත්‍යවශ්‍ය ලිපියක්‌ ප්‍රබන්ධ කොට zබොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌Z ලෙසින් හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥාණසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි නමින් පසුගිය දා “ඉරිදා දිවයින”ට ලියන ලද ලිපිය පිළිබඳවය.

    මුලින්ම අසත්‍ය කරුණු පදනම් කොට පාඨකයාට සත්‍ය ලෙස හැඟෙන පරිදි බොහෝ දෙනා හොඳින් දන්නා ප්‍රසිද්ධ කරුණු ඉතා සුළු ප්‍රමාණයක්‌ සමග අති බහුතරයක්‌ චන්ද්‍රප්‍රේම නම් වූ ප්‍රබන්ධකරුවා ගේ හිතලු සමග මිශ්‍ර කර පිළියෙළ කළ මේ අච්චාරු ප්‍රබන්ධය තුළ වූ අසත්‍ය අන්තර්ගතයන් පිළිබඳ අපගේ විරෝධයත්, මුදලක්‌ ගෙවා මෙවන් අසත්‍ය කරුණු කියවීම ට සිදුවීම තුළින් ප්‍රබුද්ධ පාඨකයාට සිදු වූ පාඩුව පිළිබඳත් කනගාටුවත් පළ කරමු. එහෙත් මෙවැනි ප්‍රබන්ධ සාහිත්‍යයෙන් යම් වින්දනයක්‌ ලබන පිරිස්‌ද සිටින බව ද පැහැදිලිය.

    මේ මාතෘකාව පිළිබඳව සමාජයට සාධාරණයක්‌ කරන්නට අප සමග ඕනෑම වේදිකාවක විවාදයක්‌ කරන්නට ප්‍රසිද්ධ අභියෝගයක්‌ චන්ද්‍රප්‍රේමට අපි ඉදිරිපත් කරමු. සුදුසු නම් අපගේ රාජගිරිය කාර්යාලය යොදා ගත හැක.

    සිය දේශපාලන, ආගමික හෝ ජනවාර්ගික අවශ්‍යතා නිසා බොදු බල සේනාවට අනේක වූ උප්පැන්න සහතික නිකුත් කරන ප්‍රබන්ධකරුවන් හා ප්‍රබන්ධයන් පිළිබඳව බොදු බල සේනා බිහිකිරීමට මූලික වූ අපට සිනා සීම හා අනුකම්පා කිරීම හැර වෙනත් විකල්පයක්‌ නොමැත. කෙසේ වෙතත් අනුන්ගේ න්‍යාය පත්‍රවලට ලිවීම කළද සත්‍ය වෙත පිවිස සිය ලේඛන කරන ලෙසත් අපි යෝජනා කරමු.

    කොල්ලුපිටියේ හයවන පටුමගේ තිබූ මාගේ කාර්යාලයේ පරිගණක භාවිත කරමින් හිටපු ජනාධිපති විඡේතුංග වෙනුවෙන් ව්‍යාපෘති සකස්‌ කොට මුදල් හා වාහන ලබා ගැනීමට යොදා ගනු ලැබූ චන්ද්‍රප්‍රේමගේ ප්‍රබන්ධ දක්‌ෂතාව හා බුද්ධිමත් බව මා හඳුනාගත්තේ 1993 දී පමණ වන අතර එම ප්‍රබන්ධ කුසලතාව ඔහුගේ ජීවනෝපාය ලෙස පසුගිය අවුරුදු 25 තුළ අතිශය දියුණු වූ බව මගේ පිළිගැනීමය. 1993 දී රන්ජන් විඡේරත්න දේශපාලන විද්‍යා පීඨයේ දේශකයෙක්‌ ලෙස මා චන්ද්‍රප්‍රේම හඳුනාගත් බව මතකය. එමෙන්ම ප්‍රා කල්ලිය සමග තිබු සම්බන්ධයන් අප සමග කිවූ බවද මතකය.

    බොදු බල සේනාවේ අප සමග කිසිදු තොරතුරක්‌ හෝ අදහස්‌ විමසීමක්‌ නොකොට බොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌ ගැන චන්ද්‍රප්‍රේමගේ ප්‍රබන්ධය ගැන අපට කියන්නට ඇත්තේ එය රවුµa හකීම් ගේ තේ µeක්‌ටරියේ ගින්න පිළිබඳ ප්‍රබන්ධයට නොදෙවෙනි බවය. සදාචාර සම්පන්න මෙන්ම වෘත්තිය මාධ්‍යකරුවෙකු යම් ආයතනයක්‌ පිළිබඳ විශ්ලේෂණාත්මක හා පර්යේෂණ මට්‌ටමේ ලිපියක්‌ සකස්‌ කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගෙන් විමසා කටයුතු කිරීම පිළිගත් වෘත්තීය සදාචාරයයි. එහෙත් ප්‍රබන්ධකරුවන්ට සිය අභිමතය පරිදි හිතලූ ලිවීමට ගැටලුවක්‌ නොවේ. ප්‍රබන්ධකරුවන්ට මුදල් ලැබෙන්නෙ ප්‍රබන්ධය සත්‍ය ලෙස ලියන තරමටය. බොදු බල සේනාව ගැන උප්පැන්න දෙන තවත් වින්නඹු තාත්තා කෙනෙක්‌ වූ රොහාන් ගුණරත්න ද මෙවැනිම ප්‍රබන්ධ බොදු බල සේනාව ගැන ලියා ඇත. දේශන පවත්වා ඇත. ඕනෑම බොරුවක්‌ සත්‍ය ලෙස ප්‍රබන්ධ කිරීමට චන්ද්‍රප්‍රේම රොහාන් මට්‌ටමටම දක්‌ෂ බව බොදු බල සේනාව ගැන සත්‍ය දන්නා අපට මේ ප්‍රබන්ධය කියවීමේදී පැහැදිලිය.

    zහලාල් සහතිකයෙන් පටන් ගෙන ඥාණසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටු හැටිZ යන ලිපිය විශ්ලේෂණාත්මක්‌ පර්යේෂණ ලිපියක්‌ නම් මාතෘකාව හා එහි අන්තර්ගතය පිළිබඳව යම් හැඳින්වීමක්‌ සඳහන් විය යුතුය. බොහෝ දෙනා නිවැරැදිව නොදන්නා හලාල් සහතිකය හා ඒ අර්බුදය පිළිබඳ කිසිදු හැඳින්වීමක්‌ හෝ විශ්ලේෂණයක්‌ මේ ලිපියේ නොමැත. අදාළ ආණ්‌ඩුව පරාජයවීම පිළිබඳව ද කිසිදු විශ්ලේෂණාත්මක විග්‍රහයක්‌ මෙහි නොමැත. ප්‍රබන්ධකරණයට එය අදාළ නොවීම නිසා එහි ගැටලුවක්‌ද නොමැත.

    මොහුගේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථ කිහිපයක්‌ චන්ද්‍රප්‍රේමගේ ප්‍රබන්ධය කියවීමේදී ග්‍රහණය කර ගැනීමට අපහසු නැත.ඔහුගේ ලිපිය තුළින් ජනතාව නොමග යවමින් මූලික වශයෙන්

    Ö බොදු බල සේනාව විසින් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ බව

    Ö බොදු බල සේනාව හෙළ උරුමයේ නිර්මාණයක්‌ බව හා චම්පික රණවකගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක සංවිධානයක්‌ බව

    Ö බොදු බල සේනා හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රචණ්‌ඩ ජාතිවාදී බව පෙන්වීම

    Ö යන මත සමාජගත කිරීමට අසාර්ථක උත්සහයක්‌ දැරීමට කටයුතු කරන බව පැහැදිලිය.

    බොදු බල සේනාවට එරෙහිව මෙවනි ප්‍රබන්ධ පළ කිරීමෙන් යම් දේශපාලන කණ්‌ඩායම් වල වරදාන ලබන බව අප හොඳින් දනිමු. ඒ අතර බොදු බල සේනා යනු ජාතිවාදී සංවිධානයක්‌ හා එහි නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරි හා ප්‍රචණ්‌ඩ භික්‌ෂුවක්‌ යන මතය සමාජගත කිරීම මෙන්ම මෙවැනි ප්‍රබන්ධ මෙම පුවත්පත මුලාශ්‍ර ලෙස ගෙන ජාත්‍යන්තර භාෂාවලට පරිවර්තනය කර බෞද්ධාගමට හා භික්‌ෂුන්ට එරෙහිව මත ගොඩ නැගීමේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඇති බවත් ඒ වෙනුවෙන් අරමුදල් පවා යොදවන බවත් ප්‍රකට කරුණුය.

    මුලින්ම චන්ද්‍රප්‍රේම නම් වූ ප්‍රබන්ධකරුවාගේ මාතෘකාව විශ්ලේෂණය කර බලමු.

    හලාල් සහතිකය

    හලාල් සහතිකය යනු මුස්‌ලිම් අයගේ හලාල් නම් වූ ආගමික අයිතියට එහා ගිය ඉස්‌ලාමික වෙළෙද ව්‍යාපාරයක්‌ බවත් සමාජ බෙදුම්වාදයක්‌ බවත් එය ලෝකය පුරා ඉස්‌ලාම්කරණය සඳහා යොදා ගනු ලබන කුට උපක්‍රමයක්‌ බව ලියන්නට චන්ද්‍රප්‍රේමට කශේරුකාවක්‌ නොමැති බවත් අපිට පැහැදිලිය. 2012 අවසානයේ හලාල් සහතිකකරණයට එරෙහි වූ බොදු බල සේනාව එදා සිටම ප්‍රකාශ කළේ අවුරුදු සිය ගණනක්‌ භුක්‌ති විඳි හලාල් ආගමික අයිතියට අපට ගැටලුවක්‌ නොමැති බවය. එහෙත් 90% පමණ ඉස්‌ලාමික නොවන බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි පාරිභෝගිකයින් පිට අනවසරයෙන් හා අයුක්‌ති සහගතව හා සදාචාර විරෝධී ව පටවන ලද, නීත්‍යානුකුල නොවන zහලාල් බද්දටZ අප විරුද්ධ බව පමණි. එයට සාධාරණ හේතු තිබුණි. එහෙත් ආගමික ගැටුම්වලින් ප්‍රයෝජන ලබන දේශපාලකයින් හා චන්ද්‍රප්‍රේම වැනි ප්‍රබන්ධකරුවන් මෙන්ම සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම සාධාරණ ගැටුම එනම් පෞද්ගලික ආයතන හෝ ආගමික සංවිධාන විසින් අලුත් ඉස්‌ලාමයක්‌ හා කුරානයක්‌ යොදාගනිමින් කරන ලද ආගමික බෙදුම්වාදයක්‌ නිර්මාණය කර අන්‍යාගමිකයින් හට වංචාකාරි ලෙස පටවන ලද zහලාල් බද්දටZ එරෙහිව කරන ලද සටන ආගමික අන්තවාදයක්‌ ලෙස ප්‍රචාරය කොට එය වෙනත් මානයකට ගෙන යැම පමණි.

    බොදු බල සේනාව කළ මෙම zහලාල් බද්දZ පිළිබඳ සටන නිසා කිසිම ප්‍රචණ්‌ඩකාරි ගැටුමක්‌ නිර්මාණය නොවුණි. එය හුදෙක්‌ වාද විවාද මත පදනම් වූ වාචික හා ලිත අරගලයක්‌ පමණක්‌ විය. කැනඩාවේ පර්යේෂණ ආයතනයක්‌ හෙළි කළ පරිදි එම රටේ හලාල් සහතික වලින් එනම් මෙම හලාල් බදු වලින් ඩොලර් මිලියන් 50 ක්‌ ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ට දී ඇත. එමෙන්ම අපේ රටේ මෙම මුදල් ඉස්‌ලාම්කරණය උදෙසා යොදා ගන්නා බව පැහැදිලිය. වෙනත් රටවල හලාල් භාණ්‌ඩ මිලදී ගැනීමට වෙනම කඩ හෝ කවුළු තිබුණද අපේ අදූරදර්ශී නායකයින් නිසා හා නිසි පාලනයක්‌ නොමැති නිසා හා නිදා සිටින ජාතියක්‌ නිසා සමස්‌ත ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියම හලාල් කරණයට ලක්‌ වී ඇති බව ඉතා පැහැදිලිය.

    හලාල් සහතිකය සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් සිංහල බෞද්ධයින් පමණක්‌ නොව හින්දු කතෝලික සියලු දෙනා රවටමින් zහලාල් බද්දZ ඉතා කුමන්ත්‍රණකාරී ලෙස පටවා ඇති අතර අපගේ මෙම මුදල් ඉස්‌ලාම්කරණය වෙනුවෙන් පමණක්‌ නොව ෂීෂී ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් යොදා ගැනීsමේද අවදානමක්‌ ඇත. සිරියාවේ මුලින්ම මියගිය ශ්‍රී ලාංකික ෂීෂී සාමාජිකයා හලාල් සහතිකය මුලින් දුන් උලමා සංවිධානය සමග සම්බන්ධතා තිබු බවත්, යම් මුදල් ගෙවීම් කර ඇති බවත්, ඔවුන්ගේ යම් පැවරුම් වලට සම්බන්ධ වී ඇති බවත් අප කළ චෝදනා වලට මාස කිහිපයක්‌ ගතව වුවද පිළිතුරක්‌ නොදීම යම් සැකයක්‌ උපදී. බහුතරයක්‌ මුස්‌ලිම් පිරිස්‌ අන්තවාදී නොවුණ ද, මේ වහබ් වාදයට ඔවුන් ගොදුරු වීම හා අවසානයේදී ත්‍රස්‌තවාදයට යොමු වීමද අප විසින් වළක්‌වා ගත යුතුය.

    චන්ද්‍රප්‍රේම වැන්නවුන් කියන පරිදි ඔවුන් කිසි විටක මුස්‌ලිම් අන්තවාදයේ හෝ ත්‍රස්‌තවාදයේ ගොදුරක්‌ නොවනු ඇත. ඔවුන් ඒ තීරණාත්මක මොහොතේ කිසිදු අරගලයකින් තොරව ඉස්‌ලාමය වැළඳ ගනු ඇත. එවන් පිරිසක්‌ සිටියහොත් මේ රටේ ඉස්‌ලාමික ත්‍රස්‌තවාදයක්‌ ඇති නොවන බවට චන්ද්‍රප්‍රේම නගන තර්කය සාධාරණය.

    ආණ්‌ඩුව වැට්‌ටීම

    මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ පරාජයට හේතුව බොදු බල සේනා හා මුස්‌ලිමයින් ඔහු වෙතින් ඉවත්වීමට හේතුව එයට ප්‍රධාන හේතුව බව පෙන්වීමට චන්ද්‍රප්‍රේම සිය ප්‍රබන්ධය මගින් අසාර්ථක උත්සාහයක යෙදී ඇති බව ඉතා පැහැදිලිය. බොදු බල සේනාවට පහර ගසා මුස්‌ලිමයින් සැනසීම මගින් සිය පාර්ශවයට බලය ලබා ගැනීමට මහින්දට උපදෙස්‌ දෙන වන්දිභට්‌ටයින් නිසා මහින්දට සිදු වනුයේ කොහොල්ලෑ බබාට වූ දේ විය හැකි බවට අපි අනතුරු හඟවමු.

    අපට මහින්ද හිටපු ජනාධිපතිවරයාගෙන් අසන්නට ඉතා සරල ප්‍රශ්න කිහිපයක්‌ ඇත.

    2014 මෛත්‍රිපාල සිරිසේන මහතා ඔබෙන් ඉවත්වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද? එය ඔබේ පරාජයට ප්‍රධානම හේතුවය.

    Ö ඔබ වසර 2 කට කලින් ජනාධිපතිවරණය පැවැත්වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

    Ö ඔබේ පක්‌ෂයේ හිටපු නායිකාව වූ චන්ද්‍රිකා මහත්මිය ඔබට එරෙහි වූයේ බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

    Ö රනිල් වික්‍රමසිංහ මහතාට සිය අපේක්‌ෂකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට දීමට සිදුවීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

    Ö ජාත්‍යන්තර ප්‍රජාව ඔබට එරෙහි වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

    Ö රාජිත, චම්පික, දුමින්ද, ගුණවර්ධන වැනි ඇමතිවරුන් ඔබෙන් ඉවත් වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද ?

    Ö ත්‍රිවිධ හමුදා, පොලිස්‌ ඇතුළු රාජ්‍ය සේවක ජන්ද ප්‍රතිශතය ඔබට අඩු වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද ?

    Ö තරුණ ඡන්ද ඔබට අහිමිවීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද ?

    Ö ඔබ යුද්ධය ජයග්‍රහණය කළත්, රටේ පාරවල් හැදුවත්, ගුවන් තොටුපොළවල් හැදුවත්, වරායවල් හැදුවත්, ඔබට අපේක්‌ෂිත ඡන්ද නොලැබුණේ බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ නිසා?

    බොදු බල සේනා නිසා චම්පික) රතන හිමි සමග ඔබෙන් වෙන් වූ ඡන්ද රාශියක්‌ ඔබ සමග නතර වූ බව ඔබ විශ්වාස කරනවා? එසේ නොවුණා නම් ඔබගේ පරාජය මීට වඩා දරුණු වීමට ඉඩ තිබුණි.

    මෙම ප්‍රශ්න තව දිග්ගැසීම තේරුමක්‌ නැත

    ඔබට මුස්‌ලිම් ඡන්ද යම් ප්‍රමාණයක්‌ අඩු වීමට බොදු බල සේනා නම යොදා ගනු ලැබුවද බොදු බල සේනා පිළිබඳ වැරදි චිත්‍රය මැවුණේ ඔබගේ මාධ්‍ය විසින් සිදු වූ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමට පනවා තිබු වාරණ නිසාවෙනි. අදත් අලුත්ගම සිද්ධිය පිළිබඳ සත්‍ය සමාජයෙන් ඈත් වී ඇත. මුස්‌ලිමයින් හා බෞද්ධයින් හා විශේෂයෙන් බොදු බල සේනා හා ඥානසාර හිමි මේ අර්බුදවලට ඉලක්‌ක වූයේ බොරු ප්‍රබන්ධකරුවන්ට මාධ්‍ය තුළ ඉඩදී සත්‍ය හෙළි කරන්නට අපට ඉඩ නොදීමේ දේශපාලන කුහක කම නිසාවෙනි.

    අප ඔබට ජනාධිපතිවරණයේ දී උදවු කළේ මුස්‌ලිම් ඡන්ද ඈත් කිරීමට නොව ඔබගේ වැරදි තිබුණ ද, බොදු බල සේනාවට යම් පාඩුවක්‌ වන බව ඒ අවස්‌ථාවේ පවා තේරුම් ගෙන තිබුණ ද අද නිර්මාණය වී ඇති රතන හිමි ඇතුළු බොහෝ දෙනෙකු අද දකින අරාජික තත්ත්වය 2014 අගභාගයේදී අදට වසර 2කට පෙර දකින්නට බොදු බල සේනාවට විචක්‌ෂණ ඥානයක්‌ තිබුණු බැවිනි.

    මහින්ද ජනාධිපතිතුමනි, මට පෞද්ගලික වුණත් පහත කරුණ සියලු දේශපාලකයින්ට සාධාරණය.. එනම් වන්දිභට්‌ටයින්, ප්‍රබන්ධකරුවන් නිසා නායකයින් වැරදි තීරණ ගැනීමට පෙළඹීමය,

    2013 දී අරලියගහ මන්දිරයේදී ඔබ මට කීවේ ඔබේ ආණ්‌ඩුව පෙරළීමට මා හාමුදුරුවරුන් යොදා කුමන්ත්‍රණය කරන බව හා පුළුවන් නම් ආණ්‌ඩුව පෙරළන ලෙස අභියෝග කිරීමය. ඒ ඔබ කුමන්ත්‍රණකරුවන් වූ වන්දිභට්‌ටයන් හා ප්‍රබන්ධකරුවන් ගේ කතා අසාය. ඔබගේ බුද්ධි අංශවලට එය හසු නොවුණේ එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ නොමැති වූ නිසාවෙනි. අප සංවිධනය රට, ජාතිය, ආගම ගැන කතා කිරීම කුමන්ත්‍රණයක්‌ ලෙස සිතන්නට තරම් ඔබව මේ ප්‍රබන්ධකරුවන් මුලා කර තිබුණි.

    2014 බොදු බල සේනා කටයුතු නිසා මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ කරන බව ඔබට ඒත්තු ගන්වා මා අත්අඩංගුවට ගැනීමට හෝ යම් අනතුරක්‌ කිරීමටය. මේ ප්‍රබන්ධකරුවන් ශක්‌තිමත් වුවද ඔවුන් ඒ වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක්‌ ද ක්‍රියාත්මක කරන ලදී. මා ඊට පෙර ඉ තැපෑලක්‌ ඔබට හා මාධ්‍යට නිකුත් කිරීම නිසා මාගේ ආරක්‌ෂාව මා විසින්ම තහවුරු කර ගන්නා ලදී.

    මේ කරුණු ඉදිරිපත් කළේ දේශපාලන වහලුන්, වන්දිභට්‌ටයින්, ප්‍රබන්ධකරුවන් නිසා නායකයින් අන්ධ වීම ගැන තේරුම් කරන්නටය. මේ ලිපිය අවසානයට කියවන විට චන්ද්‍රප්‍රේමගේ මහින්දට ඇති ප්‍රේමය, එදා විෙ-තුංගට, රනිල්ට තිබු තාවකාලික ප්‍රේමය ලෙස තේරුම් යනවා පමණක්‌ නොව අපට බොහෝ දෙයට පිළිතුරු සැපයීම අනවශ්‍ය බවය.

    බොහෝ නායකයින්ට බලය ලැබුණු විට, ඡන්දයෙන්, ද්වේශයෙන්, භයෙන් හා ද්වේශයෙන් අගතියට යාම සිදුවන බව හා දේශපාලන වහලුන්, වන්දිභට්‌ටයින්, ප්‍රබන්ධකරුවන් විසින් මේ තත්ත්වය භයානක තත්ත්වයකට ගෙන එන බව සිහියට ගත යුතුය.

    බොදු බල සේනාව

    බොදු බල සේනාව යනු ගෝලීය බලවේග වන මුදල්, දේශපාලන, ආගමික හා මාධ්‍ය බලවේග හමුවේ ගෝලීය සුළුතරයක්‌ බවට පත් වී ඇති සිංහල බෞද්ධයින් , වසර 500 ක තිස්‌සේ විදේශික හා ඔවුන් විසින් පෝෂණය කළ දේශීය බලවේගවල අනෙක වූ තාඩන පීඩනවලට ලක්‌ වූ අසරණ සිංහල බෞද්ධයින් , ශක්‌තිමත් කොට නගා සිටුවා බුදු දහම අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති භික්‌ෂු, භික්‌ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වනක්‌ පිරිසේ දායකත්වයෙන් කටයුතු කරන නීත්‍යානුකුල ආයතනයකි.

    චන්ද්‍රප්‍රේම ආදී වූ බොහෝ ප්‍රබන්ධකරුවන්ට අප සංවිධානය, අන්තගාමි, ජාතිවාදී, ආගම්වාදී, ප්‍රචණ්‌ඩ හෝ ත්‍රස්‌තවාදී ආයතනයක්‌ ලෙස ප්‍රචාරය වූ බව මාධ්‍ය ඔස්‌සේ අපට පෙනේ. එමෙන්ම සමහර ස්‌ථාන වල නොමග ගිය පිරිස්‌ විසින් කළ යම් සිද්ධිවලට අපව සම්බන්ධ කරන බවත් අපට ඉතා පැහැදිලිය. අපට සිනා යන්නේ ආයුධ සන්නද්ධ කල්ලිවලට සම්බන්ධ වී තුවක්‌කු භාවිත කර මිනිස්‌ ඝාතනවලට නායකත්වය දුන් සමහර පාර්ශවයන් පවා ගල් කැටයක්‌ පවා අතට නොගත් බොදු බල සේනාවට ආයුධ අමෝරා ගෙන මාධ්‍ය ඔස්‌සේ පෙනී සිටීමය.

    අන් සියලු ආයතනවලට හා පුද්ගලයින්ට අදාළ පරිදි අපගේත් අඩුපාඩු තිබෙන බව අප මැදහත්ව පිළිගනිමු. එහෙත් බොහෝ දේශපාලකයින් මෙන් අපි ප්‍රචණ්‌ඩ කල්ලි මෙහෙයවා නොමැත. අප කර ඇත්තේ නිදා සිටින ජාතියක්‌ අවදි කරන්නට ටිකක්‌ සැරෙන් කතා කිරීම පමණි. අප මතු කළ බොහෝ කරුණු අද සත්‍ය වෙමින් පවතී. නායකයින් පවා බොහෝ කරුණු පිළිබඳ නිදා ගෙන මෙන් රගන විට අපට එසේ කළ යුතුව තිබුණි. අප මතු කළ යථාර්ථයන් මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම බහුතරයක්‌ ජනතාව පිළිගෙන ඇති බව පැහැදිලිය. සාම්ප්‍රදායික නායකයින්ට හා පක්‌ෂවලට නොමැති ජන ආකර්ෂණයක්‌ ඥානසාර හිමිත් සේනාවත් දිනාගනිමින් සිටින මොහොතක, විවිධ දේශපාලන පක්‌ෂවල වහලුන් ලෙස බෙදී භින්න වී ඇති සිංහලයින් රට, ජාතිය හා ආගම වෙනුවෙන් එක්‌ වෙමින් පවතින මොහොතක මෙවැනි ප්‍රබන්ධ සාහිත්‍යයක්‌ බිහි වීම අප අපේක්‌ෂා කරමු.

    අප විසින් පසුගිය වසර 5 ක්‌ තුළ මේ රටේ ප්‍රධානම සමාජ බලවේගයක්‌ බවට පත් වූයේ ගල් කැටයක්‌වත් ප්‍රචණ්‌ඩකාරී ලෙස යොදා නොගෙනය. එහෙත් අලුත්ගම ඇතුළු බොහෝ සිද්ධිවලට අපට උප්පැන්න සහතික ලබා දීමට ප්‍රචණ්‌ඩ ප්‍රබන්ධ කරුවන් කටයුතු කරන බව පැහැදිලිය.

    සිංහල බෞද්ධයා මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් නිදි කරවා සිටි ජනතාව මෙන්ම හොර නින්දේ සිටි නායකයින් අවදි කිරීමට අප ගත් උපායමාර්ගික උත්සාහයන් සාර්ථක වී ඇත. රට ගොඩ නගන්නට කළ යුතු දෑ බොහෝය. ඉදිරි වසර 5 තුළ ජනතාව එය අවබෝධ කර ගනු ඇත.

    සිය මව්බිමේ ඓතිහාසික උරුමක්‌කාරයා වූ සිංහල බෞද්ධයා බහුතරයක්‌ වූ රටක බෝඩිම්කාරයින්ව ජීවත්වීමට සිදුවීම නිසා 1996 බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ කොමිසම් සභාවක්‌ද, 1959 බුද්ධ ශාසන කොමිෂන් සභාවක්‌ ද පත් කිරීමට සිදු විය. එම වාර්තා මෙන්ම 2007 සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේ අන්‍යාගමිකරණය පිළිබඳ කොමිෂන් වාර්තාව කියවූ ඕනෑම කෙනෙකුට බෞද්ධයින් අසරණ වී ඇති බව හා රාජ්‍ය නායකයින් නිරන්තරයෙන් සිංහල බෞද්ධයින් රැවටීමත් , අන්‍යාගමිකයින් සැනසීමත් පැහැදිලිව දැකිය හැක.

    එසේ නොවුනේ නම් 2001 ජුලි මස 18 දින ජනාධිපති චන්ද්‍රිකා බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභාවක්‌ පත් කළේ ඇයි? 2002 ජුනි 28 වැනි දින අගමැති රනිල් සිය ආණ්‌ඩුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මෙම වාර්තාව මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළේ මන්ද? යන ප්‍රශ්න අප විසින් විමසිය යුතුය. චන්ද්‍රිකා, රනිල්, මහින්ද පමණක්‌ නොව බහුතරයක්‌ දේශපාලකයින්, නිලධාරින්, උගතුන්, වෘත්තිකයින් මාධ්‍යවේදීන් පමණක්‌ නොව අපේ බොහොමයක්‌ භික්‌ෂුන් වහන්සේලා පවා මේ වාර්තාව කියවා නොමැත. එයට ප්‍රධාන හේතුව මෙම වාර්තාව සංකේතාත්මකව පළ කර මෙම තොරතුරු හැකිතරම් සඟවා තැබීමය. චන්ද්‍රප්‍රේම අවංකව මෙය කියවා තිබුණා නම් මෙම ප්‍රබන්ධය නොකරන බව පැහැදිලිය. බොදු බල සේනා 2012 දී බිහි වූයේ මක්‌ නිසාද යන්නට හේතුව 2002 මෙම බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව බව හා දස වසක්‌ මෙහි නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටි අපගේ නායකයින් නිසා බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. 2002 සිට 2017 දක්‌වා මේ රට පාලනය කිරීම හා යම් සම්බන්ධයක්‌ ඇති සියලු දෙනා මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක්‌ නොව මෙම වාර්තාව කියවීමට පවා උනන්දු නොවීම ජාතියේ අවාසනාවකි, ජාතික අපරාධයකි.

    මෙම වාර්තාව පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීම බොදු බල සේනා මේ වන විට ආරම්භ කර ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන හිටපු පාලකයින්ට එරෙහිව අප විසින් පොලිසියට ද පැමිණිලි කර ඇත. මේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයක්‌ ඉල්ලා සිටින ලෙස සිංහල බෞද්ධයාට හිතැති කොන්ද පණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි අභියෝග කරමු. බහුතරයක්‌ වූ සිංහල බෞද්ධයාගේ සිත් රිදවා කිසිදු සංහිඳියාවක්‌ මේ රටේ අද ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව නායකත්වය දැරූ, දරන නායකයින් වන චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, රනිල් මෙන්ම මනෝ ගනේෂලිංගම් මෙන්ම තානාපති අංශ මෙන්ම රාජ්‍ය නොවන අංශ ද තේරුම් ගත යුතුය. සංහිඳියාව ගොඩ නගන්නට පූර්ව දැනුමක්‌ ලෙස මෙම ලේඛනය පරිශීලනය කළ යුතුය. සියලු භික්‌ෂූන් වහන්සේලා මෙය හෝඩිපොත ලෙස මෙය කියවිය යුතුය.

    ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් සිංහල බෞද්ධයින් ගැටුමට කැඳවන කුමන්ත්‍රණ හා කරනු ලබන හානිය මෙම කොමිෂන් වාර්තාවේ පිටු අංක 121- 135 පැහැදිලිව දක්‌වා ඇත. මුස්‌ලිම් ආක්‍රමණය ගැන මෙහි පිටු අංක 136 – 139 පැහැදිලිව දක්‌වා ඇත. කුරගල, මුහුදු විහාරය, දීඝවාපි ඇතුළු ආක්‍රමණ රැසක්‌ හෙළි කරන මේ වාර්තාව සිංහල ජනගහන අනුපාතය සාපේක්‌ෂව අඩුවන බව පැහැදිලිව දක්‌වා ඇත. මෙහි 141 පිටුවේ දක්‌වා ඇත්තේ 2002 වැනි විටත් මෙම ආගමික අර්බුද ප්‍රචණ්‌ඩත්වය දක්‌වා වර්ධනය වී ඇති බවය. ඒ අනුව නිසි පියවර වහාම ගතයුතු බව ප්‍රකාශ කරන කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    එසේ නොකළහොත් ශ්‍රී ලංකාවේ ආගමික ආරවුල් ඇති වී රටේ අස්‌ථාවර භාවයක්‌ පහළ විමට බොහෝ ඉඩකඩ ඇති බව අවවදාත්මකව ප්‍රකාශ කර ඇත.

    කනගාටුව මේ දක්‌වා සිටි කිසිදු නායකයෙක්‌ මේ පිළිබඳව සංවේදී නොවීමයි. ඔවුන් හා ඔවුන්ගේ වහලුන් හා විජාතික බලවේග අද කරනුයේ මේ සත්‍ය වසන් කොට සියලු අර්බුදවලට ඥානසාර හිමියන් හා බොදු බල සේනාව බිල්ලට දීමේ පාපකාරි ක්‍රියාවේ නිරත වීම පමණි.

    අවුරුදු 15 පෙර තිබු මෙම තත්ත්වය අද වන විට ඉතා කනගාටුදායක හා සංකීර්ණ තත්ත්වයකට පත් වී ඇත්තේ රට ජාතිය හා ආගම ගැන නොසිතා සිය පෞද්ගලික සුඛ විහරණය ගැන සිතන නූගත්, අදක්‌ෂ දේශපාලකයින් නිසාය.

    යමෙක්‌ අද සංහිඳියාවක්‌ වෙනුවෙන්, නව ව්‍යවස්‌ථාවක්‌ වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, ඊළඟ ජනාධිපති සිහින දකින්නේ නම් මේ වාර්තාව අනිවාර්යයේ නම් කියවිය යුතුය. සිය ප්‍රතිපත්තිවලට මෙය පදනම් කර ගත යුතුය. මේ වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

    සිය පෞද්ගලික මැඬිල්ල තරකර ගැනීමට වන්දිභට්‌ටකම් කරන ප්‍රබන්ධ රචනයේ යෙදෙන චන්ද්‍රප්‍රේමලා නොව රට, ජාතිය, බුද්ධ ශාසනය ප්‍රමුඛ කරගත් දුටුගැමුණුලා ඉල්ලා සිටින යුගයක්‌ බොදු බල සේනා හා විශේෂයෙන් ඥානසාර හිමිගේ අභීත සිංහ නාදය හා උන්වහන්සේ සමග එක්‌ව පෙනී සිටින මහා සංඝ රත්නය ඇතුළු සිව්වනක්‌ පිරිස විසින් නිර්මාණය කර ඇති බව ජනාධිපති සිහින දකින සියලු දෙනා පමණක්‌ නොව සමස්‌ත ජනතාවම සිහියට ගත යුතුය.

    මේ ප්‍රබන්ධයේ මාතෘකාව හා කරුණු සම්බන්ධයෙන් හැකි ඉක්‌මණින් විවාදයකට පැමිණෙන ලෙස චන්ද්‍රප්‍රේමට කළ අභියෝගය නැවත සිහිපත් කරමු.

    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
    අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress