”වෙනස සැපද?” සම්මන්ත්‍රණය බදාදා සවස කොළඹදී
Posted on July 3rd, 2017

යුතුකම සංවාද කවය මඟින් සංවිධානය කරන සම්මන්ත්‍රණයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගරයේදී ජුලි 5 වන බදාදා සවස 3.30 ට පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හොඹවන්නේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ විසිනි.

මෙම සම්මන්ත්‍රණය තුළදී නව ව්‍යවස්ථා සංශෝධන නිසා රටට ඇති අභියෝග, රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වීම, ආර්ථික මර්මස්ථාන විදේශිකයන් සතු කිරීම වැනි වර්තමානයේ ලංකාව මුහුණපාන ප්‍රධාන අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.

මෙම සම්මන්ත්‍රණයට දේශකයන් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක  ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් සහභාගී වේ.

සම්මන්ත්‍රණය නම් කර ඇත්තේ ”වෙනස සැපද?” යන තේමාවෙනි. යුතුකම සංවාද කවය විසින් මෙම අවස්ථාවට සහභාගී වන ලෙස විවෘත්ත ආරාධනාවක් සිදු කරයි.

ලසන්ත වික්‍රමසිංහ (0716369828)

ලේකම්

යුතුකම සංවාද කවය

One Response to “”වෙනස සැපද?” සම්මන්ත්‍රණය බදාදා සවස කොළඹදී”

  1. Christie Says:

    ඔව්.

    ඉන්දියාට හා ඉන්දියානු පරපෝසිතයන්ට.

    වෙනස ඇතිකලේ ඉන්දියාවය.

    සින්හලයන් එකිනෙකා කොටවා ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ට්යෙන් වෙනස ඇතිවිය.

    1956 වෙනස මෙන්ම මෙම වෙනසෙන්ද ඉන්දියාව හා ඉන්දියාව පරපෝසිත්යනු පරපෝසිතයන් සැප විඳිති

    Yes.

    For India and Indian Colonial Parasites.

    India and Indian Colonial Parasites and their Sinhala Coolies divided the Sinhala voters.

    Indian Colonial Parasite block vote installed the current government.

    Repeat of 1956.

    India and Indian Colonial Parasites are reaping the benefits as they did in 1956.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress