ඇති අනේ සංවර්ධනේ !!!
Posted on July 4th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

වරක් මම රසවත් කතාවක් ඇසීමි. රුසියාවෙන් අභ්යාවකාශයට යානාවක් යැවූ බවත්, ඇමෙරිකාවෙන් චන්ද්රයා මතට යානාවක් යැවූ බවත්, ශ්රී ලංකාවේ දේශපාලකයෙකු ඉදිරියේ මාධ්යවේදියෙකු පවසයි. ඊට දේශපාලකයාගේ ප්රතිචාරය වන්නේඅපේ ඉලක්කය සූර්යයා මතට යානාවක් ගොඩ බස්සන්නයන්නය. ‘සූර්යයා මත ඇති අධික උෂ්ණත්වය නිසා මතට යානයක් ගොඩබස්සවන්න පුලුවන් වේවිද? ‘ කියා මාධ්යවේදියා ප්රශ්න කරයි. එවිට දේශපාලකයා ආඩම්බරයෙන් පිලිතුරු දෙයි. ‘අපි ගණනය කරන්නෙ රෑට ගොඩ බස්වන විදියට‘. වත්මන් ශ්රී ලාංකික දේශපාලකයන්ගේ කතා අසන කල්හි මෙවන් දේ සිහියට නැගීම නොවැලැක්විය හැකිය.

 

ඌව පලාතේ සිදුකරගෙන යන උමා ඔය වාරි සංවර්ධන ව්යාපෘතියේ භයානක පලවිපාකවලට මුහුණ දී සිටින ජනතාව පසුගිය සතියේ දහස් ගණනින් බණ්ඩාරවෙල නගරයට රැස්වූහ. සාමාන්යයෙන් සිදුවන පරිදි මේ හර්තාල් ව්යාපාරයට පොලිස් ප්රහාරයක් එල්ල වූයේ නැත. පහර දෙන්නේ කෙසේද? මේ ව්යාපෘතියට පීතෘත්වය ලබාදුන් කිසිදු දේශපාලකයෙකුගේ නිවාසවල පදනම දෙදරා ගොස් නැත. ඔවුන් කොළඹ ඇති සුඛෝපභෝගී නිවාසවල කල් ගෙවති. කිසිදු විටෙක හදිසියක් නොවෙන තරමටම තරවී, ඉදිමී ගිය බැංකු ගිණුම් පවුල්වලට ඇත. ඉතින් මොවුන්ට කලබල වන්නට තිබෙන්නේ තම චන්ද පදනම දෙදරීම ගැන පමනි. එබැවින් මේ පිලිබඳව මැති ඇමතිවරුන්ගේ ඉහමොළ රත් වන්නට ඇත. විශේෂයෙන් පසුගිය රජයේද තනතුරු දැරූ අයට! මේ අතරින් කැපී පෙනුනේ වාරිමාර්ග සහ ජල සම්පත් කලමණාකරන අමාත් විජිත් විජයමුණි සොයිසාගේ කතාවයි. ඔහු 2004 ජුලි සිට 2009 අගෝස්තු දක්වා ඌව පලාත් මහ ඇමති තනතුර දැරුවේය. ඉන්පසු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මොණරාගල දිස්ත්රික්කයෙන් ආසනයක් ජයග්රහණය කලේය. එදා ඌව පලාත් මහ ඇමති ලෙස ඔහු මේ ව්යාපෘතියට උඩ පැනගෙන කැමති වන්නට ඇත. එමගින් සංවර්ධනය කරන්නට අදහස්කල වපසරියට මොණරාගල දිස්ත්රික්කයට අයත් හඳපානාගල ඇතුලු ප්රදේශ කිහිපයක්ද අයත්වන නිසාය. මේ උදවිය එදා මෙම ව්යාපෘතිය දෙස බලන්නට ඇත්තේ  ප්රායෝගික පදනමකින් තොරව තම ආත්මාර්ථකාමී වූ දෘෂ්ඨිය ඔස්සේ පමනකි.

 

බදුල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත විද්යාරත්න මෙම විරෝධතාවන්හි නියමුවාය. අද මහින්ද අමරවීර ඇතිවරයා ඇතුලු ජනාධිපති අනුකමිටුව මෙම විරෝධතා දේශපාලන වාසි තකා සිදු කරන්නක් බව පැවසුවත්, සමන්තගේ මෙන්ම බොහෝ පරිසරවේදීන්ගේද මේ විරෝධතාව අද ඊයේ නැග ආවක් නොවේ. යහපාලන රජය බලයට පත්වනවිට මැතිවරණ සමයේ මතුවූ එක වැදගත් ඉල්ලීමක් නම් 16% ක් සම්පූර්ණකර තිබූ මෙම ව්යාපෘතිය සම්බන්ධව වන විටත් ප්රශ්න මතුව තිබූ නිසා මෙය දිගටම පවත්වාගෙන යනු වෙනුවට යලිත් පාරිසරික බලපෑම් පිලිබඳ තක්සේරුවක් සිදු කරන ලෙසය. මෙහි අනිටු ප්රතිඵල දිනෙන් දින ඇස් පනාපිට දිග හැරෙද්දීත් එය නොතකා හැරි මේ රජයද මේ වන විට 2018 දී ව්යාපෘතිය නිම කිරීමේ අරමුණ ඇතිව එහි වැඩ කටයුතු 78% ක් දක්වා රැගෙනවිත් තිබේ. 2008 වසරේ උමාඔය ව්යාපෘතිය අරඹත්දී, වාරිමාර්ග විෂය භාරව තිබුනේ චමල් රාජපක්ෂටය. 2007 දී මෛත්රීපාල සිරිසේන ඇමතිවරයා අත තිබූ මෙම විෂය ඊලඟ කැබිනට් සංශෝධනයත් සමගම ඔහුගෙන් ගලවා චමල්ට භාරදීම ඔස්සේ තමන්ට මේ සම්බන්ධව නැගෙන චෝදනාවන්ගෙන් නිදහස් වන්නට හිටපු ජනාධිපතිවරයාට කොහෙත්ම නොහැකිය. මෙම ව්යාපෘතියට මුල පුරා එය ඉදිරියට ගෙන එන සමයේදී වාරිමාර්ග විෂය භාරව සිටියේ නිමල් සිරිපාල සිල්වාය. අද මේ විනාශය වනවිට ඔවුන් ගල් ගිල්ලා සේ නිහඬය

 

මොරගහකන්ද ව්යාපෘතියේ මංගල දියවර නිකුත්කල දා ජනාධිපති මෛත්රීපාල සිරිසේන කල කතාව ඔබට මතක තිබේද? ඔහු වාරිමාර්ග ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාට මොරගහකන්ද ව්යපෘතිය අරඹන්නැයි කලක් තිස්සේ කට කැඩෙනකම් කියා තිබේ. සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා කියූ වචනද ඔහු එම කතාවේදී සඳහන් කලේය. නමුත් නරක ප්රතිඵල ගෙන දුන් උමා ඔය ගැන පවසන්නට ඔහුට වෙනම කතාවක් තිබේ. ඔහු 2007 දක්වා වාරිමාර්ග අමාත්යංශය භාරව සිටියේය. 1991 දී සැලසුම්කර, ක්රියාත්මක නොවී තිබුන මේ ව්යාපෘතිය එකවරම එලියට ගෙන මුල්ගල තැබුවා නොවේ. මේ ගැනද සාකච්ඡා පවතින්නට ඇත. ඔහු නියමාකාරව තම විෂයය හැදෑරීමක් කලා නම් මේ ගැන ඔහුට තීරණයක් ගන්නට තිබිනි. මොරගහකන්ද පිලිබඳව කතාකල දේ අනුව එවකට විෂය භාර අමාත් මෛත්රීපාල සිරිසේනගේ අරමුණ වූයේ තම වැයික්කිය වූ පොලොන්නරුවට වැඩක් කර පෙන්වීමටය. එබැවින් උමාඔය ව්යාපෘතිය ඉක්මන් කරවීමට ඔහුට හදිසියක් නොතිබුනි. ඉන් සංවර්ධනය වන ප්රදේශය තම බලය පවත්වා ගැනීමට අදාල නොවන බැවින් මිස වෙන කෙංගෙඩියක් නිසා නොවේ. උමා ඔය එවක ඌව පලාත් මහඇමතිට සහ හිටපු ජනාධිපතිවරයාට වැදගත් වන්නට ඇත්තේ ඉන් සංවර්ධනය කිරීමට සැලසුම්කල ප්රදේශයට තම වැයික්කිය වන මොණරාගල සහ හම්බන්තොටද  අයත් වූ බැවිනි. එකල වත්මන් වාරිමාර්ග ඇමතිවරයා  හිටපු ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයෙකි.

 

දැන් ඔහු පවසන්නේ අමුතුම කතාවකි. ‘ත්රස්තවාදී රටවල්වලින් සල්ලි අරගෙන කරපු ව්යාපෘති. එක පැත්තකින් ත්රස්තවාදයට එරෙහිව යුද්ධ කරනව. අනිත් පැත්තෙන් ත්රස්තවාදී රටවලින් සල්ලි ගන්නවමොහු මේ කතා කරන්නේ හිටපු ජනාධිපතිවරයාට දොස් පවරමිනි. මෙහි කියැවෙනත්රස්තවාදී රටඉරානයයි. මේ රජයේ වගකිව යුතු විෂයයක් භාර ඇමතිවරයෙකුගේ දැනුම් කෝෂයේ සහ වචන පරාසයේ දිගපලලයි. ඉරානය යනු ත්රස්තවාදී රටක් නම් ශ්රී ලාංකා රජය ඉරානය සමග තානාපති සබඳතා පවත්වන්නේ ඇයි? එක අතකින් අප රටේ, යන්නෙ කොහේද කියා අසන ප්රශ්නයට මල්ලෙ පොල් යන වර්ගයේ අමන, බූරු පිලිතුරු දෙන  මෙවැනි ඇමතිලා සිටීම ගැන අප, ඔවුන්ව මේ තැනට යැවීමේ බලය ඇති ජනතාව ලැජ්ජා විය යුතුය. අනිත් අතට මහත්මා දේශපාලනය සහ ප්රජාතන්ත්රවාදය ගැන තබා, මෙතැන ඇත්තේ කරපු වැඩේ වරද මිස සල්ලි දීම පිලිබඳ කාරණයක් නොවන බව සිතා ගන්නටවත් කිසිදු දැනුමක් නැති හිස් ඔලුගෙඩිවලට රාජ් තාන්ත්රික සබඳතා ගැන දැනුමක් නොමැතිකම පුදුම වන්නටත් දෙයක් නොවේ

 

රජය පෙරලුන විගස මේ අමාත්යංශය භාර ගත්තේ දුමින්ද දිසානායකය. ඊලඟට එය විජයමුණි සොයිසා අතට ගියේය

 

මේ ව්යාපෘතිය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා නිදොස් කිරීම කොහෙත්ම කල හැක්කක් නොවේ. නමුත් මේ සියලුම පවුවලට ඔහුව පමනක්ම දංගෙඩියට යැවීමටද බැරි අපේ රටේ පවතින ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය නිසාය. මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නට, මේ රජය තෝරා පත්කරගන්නට ජනතාව මෙහෙයවූ පුද්ගලයන්ම සමහරෙකු අද මේ විරෝධතාවලද ඉදිරියෙන් සිටිති. මේ ආණ්ඩු පෙරලිය තුල ඔවුන්ගේ   අපේක්ෂාව වන්නට ඇත්තේ යම් වෙනසකි. ඊට මෙසේ එකල රාජපක්ෂ වටා රොක්වීගෙන ඉහගෙන කෑ පිරිසද අලුත් රජයට එකතුවී මෙසේ හැසිරෙනු ඇතැයි ඔවුන් කිසි කලෙකත් අපේක්ෂා කරන්නට නැත. වරක් යුද්ධය කෙලවර කිරීම පිලිබඳ චම්පික රණවක ඇමතිවරයා කී කතාවක් මගේ මතකයේ තිබේ.  හිටපු ජනාධිපතිවරයායුද්ද කරන්නෙ _ _ න්දැයි අසා ඇඟට කඩා පැන්න බවත්, තමා ඇතුලු පිරිස ඔහුට තදින්ම බලකර සඳහා පොළඹවාගත් බවත්, තමන් එදා එසේ නොකලා නම් යුද්දය දිනන හැටි බලන්න තිබුන බවත් ඔහු පැවසීය. උමාඔය ප්රශ්නය මතුවනවිට ඔහු පවසන්නේ තමන්ට එකල කැබිනෙට්ටුව තුල කටක් අරින්නට ඉඩ නොතිබූ බවයි.  ඉතින් මේ ආකාරයට වැඩේ හරිගියා නම් ඊට උප්පැන්න දෙන්නට නම් බලාගෙන සිටින දේශපාලක පිරිස වැඩේ වරදිනවිට එහි කුණු ගොඩ බේරුවල් බොක්කටම පටවන්නට උත්සුක අයුරු අපූරුය.

 

ශ්රී ලංකාවේ දේශපාලකයන්ගේ වරද නම් රටට නොව තම බල ප්රදේශයට වැඩ කිරීමය. විශේෂයෙන් අමාත්යංශයක් එක බල ප්රදේශයකට සීමා නොවේ. අමාත්යංශයේ විෂය පථයට ඇතුලත්වන ජනතාව රටේ සෑම තැනකම සිටිති. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ දක්ෂතාවය නැතිනම් ඔවුන් තව දුරටත් සාර්ථක දේශපාලකයන් නොවනු ඇත.

 

අප රටේ ක්රියාත්මක වූ විශාලතම වාරිමාර්ග ව්යාපාරය මහවැලි යෝජනා ක්රමයයි. එය ප්රථමයෙන්ම සැලසුම්කර ඇත්තේ 1958 දී . ඉන්පසු 1964 – 68 සමයේ යලිත් වරක් 30 වසරක සැලසුමක් ලෙස සැකසුන එය 1977 දී එවකට සිටි සමගි පෙරමුණු රජය විසින් අයුරින්ම 30 වසරකින් නිම කරන අරමුණ ඇතිව අරඹන ලදී. නමුත් එම වසරේම බලයට පත් එජාප රජය මෙම ව්යාපෘතිය කඩිනම් මහවැලිය ලෙස නම් කර වසර පහකින් නිම කරන්නට සැලසුම් කලේය. සඳහා වෙනම අමාත්යංශයක්ද, මහවැලි අධිකාරියද ස්ථාපිත කරන ලද්දේය

 

පසුව කරන ලද විගණනයකට අනුව මෙයට යෙදවූ මූල්යාධාර හොඳින් යෙදවුනත් ඉන් ඇතිවූ පාරිසරික ප්රශ්න අධික වූ අතර අපේක්ෂාකල තරම් ආර්ථික ලාභයක් ලැබුනේ නැත. අපේක්ෂිත වියදමට වඩා 30% කින් එහි වියදම ඉහල ගියේය. කඩිනම් මහවැලිය මගින් පෝෂිත වූ ප්රදේශවල අස්වැන්න ඉහල ගියද හා සමගාමීව අස්වැන්නට නිසි මිලක් ලබාදී ගොවීන්ගේ ආදායම ස්ථාවර කරනු පිනිස රජය සතු නිසි වැඩපිලිවෙලක් නැතිකම නිසා ගොවීන්ගේ තත්වය දුක්ඛිත විය. එජාප රජය විසින් සාමාන්යයෙන් කෘෂිකර්මාන්තයට ලබාදෙන තත්වය මත මහවැලි ව්යාපාරයේ අරමුණු සහ ප්රතිඵල එකට ගැටෙනු වැලැක්විය නොහැක. අද වනවිට ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාටද අත්ව ඇති ඉරණම දකින ඔබට මෙහි සත් වැටහෙනු ඇත.

එවන් තත්වයක් යටතේ අපේ රටේ ගොවියෙකු කිසි දිනක තම දරුවකු ගොවිතැනට යොමු කරාවිය කියා සිතන්නටත් බැරිය.

 

 ආදායම අඩු වීමත් සමගම ඔවුනට සැපයූ ණය ආපසු ගෙවීම මෙන්ම ජල බිල්පත් ආදිය ගෙවීමේ අපහසුතාවන් නිසා ව්යාපෘතියේ යටිතල පහසුකම් නඩත්තු කටයුතු බරපතල ලෙස අඩාල විය. ගොවි සංවිධාන බිහිකිරීම හරහා ව්යාපෘතියේ තිරසාරභාවය පවත්වා ගැනීම අපේක්ෂාකලද, ඒවායේ නිළතලද ගොවිතැනට අදාල නොවූ ප්රදේශයේ බලපුලුවන්කාරයන් අත්කරගත් බැවින් ඒවාද හරියට ක්රියාත්මක නොවීය. ඉතින් මහවැලියේද ඊලඟ පරම්පරාවන් ඇතිවී පවුල් වෘක්ෂයන් අතු ඉති ලියලන විට ඊට මුහුණ දෙන වැඩපිලිවෙලක් කඩිනම් ව්යාපෘති සැලසුමේ නොවූයෙන් ඇතිවූ විරැකියාව, පාරිසරික ප්රශ්න සහ තවත් දහසකුත් එකක් ප්රශ්නවල නිමක් නොවීය

එමෙන්ම ව්යාපෘතියට ආධාර ලබාදුන් ජපානය, කුවේටය (ත්රස්තවාදී රටක්ද කියා නොදනිමු) වැනි රටවල් මගින් සිදුකල අධ්යයනයකදී ඔවුන් පැවසුවේ තමන් අපේක්ෂාකල අකාරයට ඉහල සුදුසුකම් හා ධාරිතාවෙන් යුතු කාර්ය මණ්ඩලයන් වෙනුවට මහවැලි ව්යාපෘතියේ රැකියා ලැබී ඇත්තේ ඉතා අඩු සුදුසුකම් සහිත පිරිසකටය. මේවා දේශපාලන පත්වීම් බව උදෑසන පායන හිරු සේම නියත වන අතර නියම අවධානය යොමුවිය යුත්තේ මෙතැනටය. අප රටේ මොන සංවර්ධනය කරන්නට ගියත් සිදුවන මේ දේශපලනීකරනය වීමේ ක්රියාවලිය තුල විපාක විඳින්නට සිදුවන්නේ එම සංවර්ධන ක්රියාවලියේ බලපෑමට ලක්වන ජනතාවටයි

එබැවින් තමන්ට කතිරය ගසා ගැන්මේ සහ එතුලින් බලය පවත්වා ගැනීමේ අරමුණ පමනක්ම ඇතිව තම බල ප්රදේශවලට බලපාන ඊනියා සංවර්ධන කටයුතු නතර කරන්නට කාලය එලඹ තිබේයැයි සිතේ

 

ශ්රී ලංකාවේ ගංගා ඇතුලු ස්වභාවික ජල ප්රවාහයන්  104 ක් , කිසිදු කඩිනමක් නැතිව පැරණි රජවරු විසින් සාදවන ලද ලොකු කුඩා වැව් 34,500 ක් තිබෙන බව ගණන් බලා ඇත. ඒවා සම්බන්ධවන ඇළ මාර්ගද ඇතිපදම් තිබෙන අතර බොහෝ ඒවා නටඹුන්ව ගොසිනි. වාරිමාර්ග කටයුතු ඇමතිවරයෙකුට කරනවා නම් කරන්නට ඕනෑ තරම් වැඩ තිබේ. එමෙන්ම වාරිසංවර්ධන කටයුතු කරනවානම් වී අලෙවියටද නිසි තැන දිය යුතුවේ. රටකට ඒකාබද්ධ සංවර්ධන ක්රියාදාමයක් අවශ් නිසාය. මෙතන ප්රශ්නය ඇත්තේ කළාවැව සැදුවේ ධාතුසේන රජු කියා කියනවාක් මෙන් ඔය හැම රජාටම තමන්ගේ නම ගසා ගන්නටද නිම නොවන ආසාවක් ඇතිවීමය

 

නමුත් පෙර කාලයේ මෙන් අවංක හැඟීමකින් තොර මේ ව්යාපෘති ඔස්සේ සශ්රීක වන්නේ ආයෝජකයින්ට ඉලක්ක ගතකර පෙන්වන ජනතාව නොව ඊනියා දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියලාය. ඔවුන් තමන් උපයාගන්නා කහවණු නිසා වඩ වඩාත් ආරක්ෂිත වන අතර මෙම සැලසුමක් නැති සංවර්ධනය හේතුවෙන් තම හිසට සෙවන දුන් වහලය කඩා වැටෙන්නේ, තමන්ට මවා පෑ ව්යාජ ලාභයක් දෙස අපේක්ෂා පෙරදැරිව බලා සිටින අහිංසකයන්ගේ හිස මතටමය.

 

2 Responses to “ඇති අනේ සංවර්ධනේ !!!”

  1. DR M D P DISSANAYAKE Says:

    Dear Theja

    If I reply this article in Sinhala, it will take a long time, as my sinhala typing skills are terrible, but I am trying hard to improve my skills.

    Your article in the first place is absolutely absorbing. I have read it thrice. First reading was done based on the Heading, which enticed me to read. The second reading was to understand the facts of the issues. The third time I read, because of your writing skills, the way you manoeuvred your pen, how you cristalized your views in a pictogram without pictures or charts.

    We must be proud we have great writers like you. The other day, I listened to Ratha Sri Wijesinghe, who analysed several Sinhala Songs in a manner I have never learned before. This was from a program called SANDA GIRI MUDUNA, I recommend Lankaweb dear readers to listen and enjoy Ratha Sri, whilst reading lovely articles of Theja.

    Cheers.

  2. Lionel Says:

    We admire the opportunity provided by Lankaweb for this type of writing. Anyway, is there a possibility to launch another site for unbiased writers, especially from Sri Lankan diaspora around the globe? Just a thought.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress