රිලවා බෙනේ ගිරවා ගහේ පාර්ට් 2 – සාල වනේ අලි රිලා සම්මුතිය
Posted on July 4th, 2017

කීර්ති රත්නායක

දයාසිරි යනු සිය පාසැල් සමයේදී හරියට  ජිල් බෝලයක්වත් නොගැසූ අයෙකි. පූරුවේ පිනකින් ඔහු  මැතිසබයට ආවේය.   මුල මතක නැති දයාසිරි ඉන්පසු හැසිරුනේ හර්කියුලීස් මෙනි .  සුසන්තිකා සමග ගැටී සතියක් යාමටත් මත්තෙන් මාලිංග සමග ගැ‍ටුනේය . රිලවා බෙනේ ගිරවා ගහේ යයි මුලින්ම කියුවේ මාලිංගය. ඉන් අනතුරුව  රටටත් වෙලා තියෙන්නේ ඕකම තමා යයි මහින්ද කියුවේය. උපමාව වචන 4ක් වුවද කතාව ටක්කෙටම පැහැදිලිය. ආය ඒ පිලිබද පැහැදිලි කල යුතු නැත.

හලාල් සහතිකයෙන් පටන්ගෙන ඥාණසාර හිමි ආණ්ඩුවක් වැට්ටූ හැටි‘  නමින් ‘ඉරිදා දිවයින‘ පුවත්පතට සී.ඒ. චන්ද්‍රප්‍රේම ලියුමක් ලියුවේය.බොදු බල සේනා සංවිධානයේ සී.ඊ.ඕ (ප්‍රධාන විධායක නිලධාරී) ඩිලන්ත  විතානගේ ඊට මාගලක් මෙන් දිග පිලිතුරක් ලියුවේය. ලිපියේ මුල් පේලි කිහිපය කියවන ඕනෑම කෙනෙකුට ඩිලන්තගේ මානසික මට්ටම තේරුම් ගතහැක . එහෙත් කිසිවෙකු එය අවසානය තෙක්  කියවාවි යයි සිතිය නොහැක. ලිපිය පුරාවට ඔහු කියා සිටින්නේ  තමා සහ ඥානසාර හිමි   සත් ගුනවත් දේශප්‍රේමීන් බවත්  මහින්දගේ වල ඔහු විසින්ම කපා ගත් බවය.

ඩිලන්ත යනු එන්.ජී.ඕ අත්තකි. ඩිලන්ත මුලින්ම සම්බන්ද වන්නේ සී-නෝර් ඇරඹීමට මෙරට පැමිනි හාර්නි ෆියර්ටෝෆ් සමගය. ඔහු වැඩ නිමවා යලි නොර්වේ බලා පිටත්වූ පසු ලේබර් පක්ෂයේ නායකත්වය දක්වා ගමන් කරයි. ඩිලන්තට මුදල් පොම්ප කරන්නේ හාර්නි ‍ ෆියර්ටෝෆ්  සහ නෝර්වේ ගෝඩ් ටෙම්ප්ලර් යූත් ඇසෝසියේෂන් ආයතනය විසිනි. ඉන්පසු චමිපික, ඩිලන්ත සහ චීවරධාරී පිරිස එක්ව බොදු බල සේනාව පිහි‍ටුවයි. ජාතිවාදය අවුස්සමින් අඩියෙන් අඩිය ඉදිරියට ගිය ඩිලන්තලාගේ සිහිනය විචිත්‍රය. ඔවුන්ගේ සිහිනය 2015 මැතිවරනයේ ජනපති  අපේක්ෂත්වය දක්වා විහිදී තිබුනි. ඥානසාර හිමිගේ අපේක්ෂාව වූයේ සග රජු ලෙස කිරුලු දැරීමය. සංකීර්ණ කථාවක් රිලවා බෙනේ ගිරවා ගහේ කියුවාක් මෙන් ඩිලන්තලාගේ කථා වස්තුව මෙසේය .
එකෝමත් එක රටක තිබුනා කැලයක්.ඒ කැලේ අලි කොටි වලස්සු -රිලව් වදුරො සිංහයො ඔක්කොම හිටියා. කාලාන්තරයක් තිස්සේ මේ කැලේ කොටියි සිංහයොයි මරා ගන්නව. ඔහොම යද්දී කොහොමහරි සිංහයො ටික වටකරල  දුන්න මරු ගේමක්.දැන් කොටින් නංනත්තාරයි. අනිත් සත්තුන්ට දැන් මාර ආනන්දයි. කනව ,බොනව,ෆන් දානව , කාමයෙ හැසිරෙනව.එකම කෙලියයි. සත්ව ජනගහනයත් වැඩි වෙනව ඉතින්. මේ කැලේ හිටියා හැට පැනපු රිලවෙක්. කොටියි  සිංහයොයි කෙල ගන්න කාලේ මූ එලියට ආවෙ නෑ.හැංගිලා හිටියෙ.  දැන් සත්තු ෆුල් ෆන් එකේ ඉන්න කොට, මුට ඉන්ඩ බෑ.   

මේ කැලේ රජා වුනෙත්  සිංහයෙක් තමා.දවසක් රිලව ගියා රජා ගාවට . ගිහිල්ලා ගනන් හිලව් ටිකක් හදලා පෙන්නුවා සත්තු මෙහෙම කාම කෙලියේ යෙදුනොත් අවු 10 කින් සත්ව ගහනෙ වැඩි වෙන හැටි.  රජා චන්ඩියා වුනාට ඌට ගනන් ඉලක්කම් එච්චර මීටර් නෑ. උගේ පවුලෙ උන්ටත් එහෙමයි. ඒක නිසා අන්දන්ඩ හරි ලේසියි. රිලවගෙ රිපොට් දැකලා රජා කොර වුනා. දැන් රජාට පෙනෙන්නේ රිලව හෙන ප්‍රබුද්දයි වගෙ. රජා කොච්චර බිසී වුනත්  රිලව ආව නම් ඇපොයින්ට්මන්ට් නැතුව ඇතුලට ගන්නව. ඔහොම යද්දී රිලව කොහොම හරි ගත්තා රජාව ට්‍රැක් එකට.

දැන් රජා අහනව රිලවගෙන් සත්ව ගහනය පාලනය කරන්න මොකද කරන්නේ කියල. රිලවට ලියන කියන වැඩ, රිපොර්ට් ගහන ඒවා තිතට පුලුවන්. මූ හැදුව මරු රිපොට් එකක්   උගෙ නිර්දේශ තමයි උපත් පාලනය. ඒ සදහා පවුල් සැලසුම් සේනාව කියලා කන්ඩායමක් යෙදවීම. තව මූ නිර්දේශ කලා සැම පිරිමි සතෙක්ගෙම ප්‍රජනන අවයවය ගලවල සේෆ් කස්ටඩි දාන්න ඕනි කියලා. එහෙම බාර දුන්නට පස්සෙ ඒ ඒ සතාට දෙනව ටෝකන් එකක්. ආයෙ කාට හරි ඒක ගන්න ඕනි වුනොත් ටෝකන් එක දීල ගන්ඩ පුලුවන්. හැබැයි ආවට ගියාට දෙන් නෑ.

පවුල් සැලසුම් සේනාවේ සී.ඊ.ඕ වෙන කවුරුත් නෙවෙ අර හැට පැනපු රිලවා. ඌ හැදුවා පට්ට ටීම් එකක්. මාපිල්ලු,මොනරු , සිවුරුහොරු මෙකී නොකී තව ගොඩක් සත්තු ඒකට ගත්තා. දැන් රිලව සී.ඊ.ඕ, හෙන චන්ඩියා. ඕනෙ බලතලයක් මුට තියෙනව. දැන් මූ තමා සත්තුන්ට ඉන්ඩ ඕනි හැටි, කන්ඩ ඕනි හැටි , නිදා ගන්න හැටි ගැන කියලා දෙන්නේ. මූ කැලේ පුරා යනව ‍ දේශන තියන්ඩ. ‍රැස්වීම් වල මූ ලොරි ටෝක් දෙන්නෙ, රජාවත් දෙකේ කොලේට දාලා තමා මූ කථා කරන්නේ.

දවසක් සී.ඊ.ඕ රිලව  කැලේ මැදින් යනව දේශනයකට . අතරමගදී මූ දැක්කා අලියෙක් ඉන්නව වලකට වැටිලා. අලියට ගොඩ ඒම බොරු , කන්ඩ බොන්ඩත් නෑ, වලේම තමයි. රිලව දැම්ම ඇප්රෝච් එක. දැන් අලිය සූ ගාල දුක කියනව. දවස් ගානක් කන්ඩ නැතිව අලිය හාමත් වෙලා ඉන්නේ.රිලව කොහොමත් ගිවිසුම් ගහන්ඩ ඔස්තාර්. මූ දැම්ම අලිය එක්ක මරු සම්මුතියක්. ගිවිසුම අනුව රිලව අලිය ඉන්නඩ වලට කන්ඩ බොන්ඩ දාන්ඩ ඕනි. අලිය මොකද කරන්ඩ ඕනි,  ඌගෙ අර ටෝකන් එක දෙන්ඩ ඕනි රිලවට. හැබැයි ගිවිසුම ෆුල් සීක්‍රට්. රිලව, අලියගෙ ටෝකන් එක අරන් දාපු වැඩ සහ කිඩ ගැන කියන්ඩ ඕනි නෑ නේද ? පොඩි ෆොටෝස් ටිකක් නම් හමුවුනා .ඔන්න ඒක යටින් දැම්මා

 

6 Responses to “රිලවා බෙනේ ගිරවා ගහේ පාර්ට් 2 – සාල වනේ අලි රිලා සම්මුතිය”

  1. Leela Says:

    තොර තෝන්චියක් නැතුව ලංකාවෙ සිංහල බෞද්ධ අන්තවාදයක් තියනවා ක්‍රිස්තියානි පල්ලි 169ක් කඩලා සුලු ජාතිකයන්ට තාඩන පිඩන කරනවා කියල NGO සල්ලි වලට කහින ඩොලර් කාක්කො බොරැ විදනවා.
    වරප්‍රසාද වලට අල්ලගෙ නිකායෙ හාමුදුරැවරැ බොරැ සංහිඳියාවක් ගැන රනිල්/සිරිසේනට සිවුරැ නැතිව කඩේ යනවා. මහනායක හැමුදුරැවො බොරැ කියන්න ඔිනැ කියල දඹර අමිල හිමි කියනවා. නමුත් මේ ලේඛකයට
    ඒ කිසිවක වැරැද්දක් පෙනෙන්නෙ නැහැ. මෙයාට පෙනෙන්නෙම ඥාණසාර හිමි නෝර්වේ ගිය වැරැද්දය් දෙමල කොටි හමුඋන එකේ වැරැද්දය් නෝර්වේ ලේබර් පක්ෂයේ වෙන්ඩ නායකය හමුඋන එකේ වැරැද්දය්.

    තමන්ගෙ අරමුනු ඉටුකර ගන්න ඉතිහාසය පුරාම නොයෙකුත් නායකයො තම අරමුනු වලට විරැද්ධ අය සමග තාවකාලිකව සමහර විට දීර්ග කාලයක් එක් වෙලා තියනවා. විමලධර්ම රජ්ජරැවො එහෙම කලා. ලෙනින් සය්බීරියා හිරගෙයින් පැනල ධනපති යුරෝපයේ රැකවරනය ලබා ගත්ත. ඥාණසාර හිමි දොන් ජුවන් ධර්මපාල කෙනෙක් නෙවෙය්. ඉතින් ඥාණසාර හිමි තම මතවාදී හතුරන් හමු උන එකේ වැරැද්ද මොකක්ද?

    දඹර අමිල, වටරැක විජත හිමි වගේ සිංහලයට විරැද්ධව/සුලු ජාතීන්ට පක්ෂව ඥාණසාර හිමි පෙනී හිටියෙ නැහැ. ඥාණසාර හිමි සැම විටම පෙනී හිටියෙ සිංහල බෞද්ධයා වෙනුවෙනුය්. මහින්ද පැරදුනේ ඥාණසාර හිමි නිසාද යන්න වෙනම තර්කයක්. මම ඒ තර්කය පිළිගන්නෙ නැහැ. අපි සංඛ්‍යා ලේඛන සහිතව පෙන්නලා දිල තියනවා මහින්ද පැරදුනේ ඔහුට 2010 ලැබුන සිංහල චන්ද 2015 දි නොලැබුන නිසා කියල. අැය් එහෙම උනේ කියල හොයල එහෙම නොවෙන්න මහින්ද පිළියම් යෙදිය යුතුය්.

    ඥාණසාර හිමි නෑව්වෙ සිංහල දරැව මිසක් මහින්දගෙ පක‍්‍ෂය නෙවෙය්. අද සිංහලයන්ට අවශ්‍ය සිංහලය රැක ගැනීමය්. දරැව නෑව්වට පස්සෙ කුනු වතුර විසිකරනවා මිසක් දරැව විසිකරන්නේ නැහැ කියා යුරෝපීය proverb එකක් තියන බව කිර්ති දන්නවාදැය් මා දන්නේ නැහැ. දිනන්න නම් මහින්ද/ගෝටා කල යුත්තේ මහින්දට 2010 දි ලැබුන චන්ද නැවත අාකර්ෂණය කර ගැනීමය්. 2010 දි මහින්දට මුස්ලිම්/දෙමළ චන්ද ලැබුනෙ නැහැ කියා මා නැවතත් අවධාරනය කරනවා. මුසල්මනය තරහ කොරගන්න කියනවා නෙවෙය් නමුත් මුසල්මනයා තරහ කොරගත්ත නිසා මහින්ද පැරදුනා කියන ඒක ටොම් පචයක්.

  2. Christie Says:

    Thanks Leela:

    Gnanasaara may have helped the Sinhalese.

    He did a great job in alienation Muslims and Christians from Mahinda. I am saying this from what my Muslim and Christains have told me.

    Leela look at the voting pattern in 2015.

    Sinhalese were divided and the job was done by Sobitha.

    Christians and Muslims were alienated from Mahinda by Nanasara.

    Indian Colonial Parasite block vote delivered Sirisena.

  3. AnuD Says:

    Christie (DAMED)

    Why do you delete my comments here ?

  4. Vaisrawana Says:

    Keerthi may be sincere in his perceptions regarding Ven. Gnanasara, but he is not entirely correct. What’s wrong with the monk is his perception of himself. He thinks that as his intentions are pure people won’t mind him showing his temper a bit. Only a well respected powerful person could be sure of such a ‘privilege’ even at the beginning of the last century when people of the stature of Anagarika Dharmapala were active, and the society was not what it is now. That defect of Ven. Gnanasara is exploited by his critics to attack him. Though they attack him as a fanatic, chauvinist, racist, extremist, etc they don’t dare attack what he is actually fighting for, because the justness of his cause is indisputable. The Asgiriya monks now appreciate this. The Rajapaksas also have known this for years as can be concluded from their complete silence about the monk; they neither support him nor disown him, neither explicitly, nor implicitly. The reason is MR is a politician, the monk is not. But both are patriots. Ven. Gnanasara criticises all Sinhala politicians including MR for failing to address the Sinhalese Buddhist issues properly because of their hypocritical policy of political correctness towards religious extremists. There is absolutely no ethnic or religious issue in the country which those disposed towards Sri Lanka falsely depict Ven. Gnanasara as exploiting politically.

  5. Vaisrawana Says:

    Oops, a silly slip of the pen: in the last sentence, please read “….which those ill disposed towards….”

  6. Ananda-USA Says:

    Nice and Crisp idiomatic Sinhala …. a true rapier thrust: “Rilawa Benay, Girawa Gahey”!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress