උමා ඔය හේතුවෙන් විනාශ වු බණ්ඩාරවෙල වසම් 16 ක හානිය පිළිබද වාර්තාව වසන්ත නගරය ‘විසාලා නුවරක්‘ කළ උමා ඔය බණ්ඩාරවෙල විනාශයේ තරම මෙන්න
Posted on July 9th, 2017

රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය

බණ්ඩාරවෙල ට හදුන්වන සුරතල් නාමය ‘වසන්ත නගරය‘ යි.  මහ පොළොව පුපුරා යන, නිවාඩ කඩා වැටෙන, වතුර නැති, ගස් කොළං මියැදෙන, පාසල් වැසෙන, ලිං හිදෙන, සරණාගතයින්ගේ පුරය ‘විසාලාවක්‘ මිස වසන්තයක් නොවේ.  මේ උමා ඔය විසින් විසාලාවක් කළ නගරයේ කථාව යි.

බණ්ඩාරවෙල ග්‍රාම සේවා වසම් 16 කට හිස මත උමා ඔය ඛෙදවාචකය දැන් පතිත වී හමාර ය.  තවත් ග්‍රාම නිලධාරි වසම්  3  කට එහි පීඩනය දැනෙමින් තිබේ.  වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල, එගොඩගම, උඩපේරුව, බඹරගම, තන්තිරිය, වටගමුව, ඇත්තලපිටිය, බණ්ඩාරවෙල නැගෙනහිර, බිදුණුවැව, මහඋල්පත, උතුරු කැබිල්ලේවෙල, ගොඩියාරෙද, කිරිඹරුව සහ කොන්තේහෙල ග්‍රාම නිලධාරි කොට්ඨාශය මේ ව්‍යවසයේ කේන්ද්‍ර‍ය යි.

මේ වසම් 16 හි පවුල් 9495 ක් ජීවත් වෙති.  නිවාස 8547 ක ජීවත්වන ජනගහනය 30,320 කි.  පුද්ගලික නොවන ගොඩනැගිලි 883 කි. මේ ග්‍රාම නිලධාරි වසම් 16 හි පමණක් නිවාස 2979 කට මේ වන විට හානි සිදුව ඇත.  දෛනිකව මෙයට අලුතෙන් නිවාස, සිදී යන ලිං ඇල දොළ ලැයිස්තුවක් එක්වේ.  බණ්ඩාරවෙල සමීක්ෂණ සිදු කොට ඇති පවුල් 8547 න් 4002 ක් එනම්, සෑම නිවාස දෙකකින් එකක්ම විපතට පත්වී ඇත.  ඒවායේ මිනිසුන් 14,982 ක් ජීවත් වෙති. 

හානියට පත් නිවාස වෙනුවෙන් ඉරාන සමාගම මගින් ලබාදුන් මුදල් රු. මිලියන 160 ක් (රු. 160,432,257.00) ක් වන්දි වශයෙන් ගෙවා ඇත.  ඒ වෙහෙරගලතැන්න නිවාස 440, මකුල්ඇල්ල 455, එගොඩගම 398, උඩපේරුව 7 ක් ලෙසින් නිවාස 1300 කට පමණී.  උඩපේරුවේ පවුල් 29 ක්, මකුල්ඇල්ල පවුල් 10 ක්, වෙහෙරගල පවුල් 4 ක් ඉවත් කොට ඇත.  පවුල් 26 කට ගෙවල් කුලී ලෙස රු. 15,000 ක් බැගින් ලැබේ.  රජයේ නිවාස 3 ක ද මිනිසුන් පදිංචිව සිටී.  තවත් රුපියල් මිලියන 300 ක් පමණ වගා සහන ලෙස (ගෙවී ගිය වසර 2 තුල) ගෙවා ඇත. නමුත්, මේ සහනය විනාශයෙන් සොච්චමකි.

මේ සංඛ්‍යා ලේඛන නිවසින් නිවසට ගොස් ග්‍රාම නිලධාරින් විසින් ලබාගත්, සිවිල් සංවිධාන විසින් ස්ථිර කරනු ලැබූ වසම් 16 ක් සම්බන්ධයෙන් පමණී.  තවත් ග්‍රාම නිලධාරි වසම් ගණනාවක් බණ්ඩාරවෙල පමණක් ඇත.  බණ්ඩාරවෙල බටහිර වසමේ ලිං 31 ක් දැනට සිදී යමින් තිබේ.  ගෙවල් 52 කට හානි සිදුව ඇත.  ඒවා මේ ලැයිස්තුවට තවමත් එකතු කොට නැත. මෙයට අමතරව වැලිමඩ, ඌව පරණගම, ඇල්ල, හාලිඇළ, වැල්ලවාය විනාශය මෙයට ඇතුලත් නැත.

වියළි කතරක් වූ වග

හානියට පත් බොරලන්න හැර අනෙක් ප්‍රදේශ දැනට අවුරුදු දෙක තුනකට පෙර තිබුණේ වතුරේ පොගවනු ලැබූ ස්පොන්ජ් කැබැල්ලක් මෙනි.  බණ්ඩාරවෙල ආසන්නයේ ඇති ගම්මාන බහුතරයක නම් සෑදී ඇත්තේ ජලය, ඇල,දොළ, ගංගා, ඇල, කුඹුරු හදුන්වන යෙදුම් වලිනි. 

ඉහතින් දැක්වු ග්‍රාම නිලධාරි වසම් 16 හි පමණක් ලිං 2051 ක් සිදී ගොස් ඇත.  ඒ ලිං පවුල් 3822 කට ජීවත්වන්නට, බොන්නට, නාන්නට වතුර දුන්නේය.  ඉහත භුගෝලීය කලාපයේ පමණක් ජල මුලාශ්‍ර‍54 ක් සිදී ගොසිනි.  ඔබ බණ්ඩාරවෙලට එක්වරක් හෝ ගොස් ඇති නම්  ගල්ඇක්ක, හීල්ඔය, මකුළුදෝව, දෝව, අයිස් පීල්ල, ඇල්ලේඅරාව, උල්ලේඅරාව, මහඋල්පත නොදන්නවා විය නොහැකිය. හීල් ඔය තබා තන්තිරියේ ඇළ වත් දැන් නැත. ‘බණ්ඩාරගේ වෙල හෙවත් කුඹුරින් නම් ලැබූ නගරයේ ජල උල්පත් තුනම ඉරිතලා වියැලී ගොසිනි.   කදු අතරින්, ගස් වැල් අතරින් ගලා එන බණ්ඩාරවෙල සීතල වතුර පානය කර ඇතිවාට සැක නැත.  ඒ කිසිවක් තවදුරටත් එහි නැත.  ඒවා පරිහරණය කළ පවුල් 2001 කි. සතා සිව්පාවුන් ගැන සමීක්ෂණ දන්නේ නැත.

වතුර බිදක් හෝ නල ජලය, නොමැති පවුල් 2533 කට අවම ජල අවශ්‍යතාව සපුරන්නට නම් දිනකට ජලය ලීටර් 280,000 ක් අවශ්‍යය. නමුත් බව්සර් මගින් සැපයිය හැකි උපරිම ජල ප්‍ර‍මාණය ලීටර් 190,000 කි.  බණ්ඩාරවෙල දරුණුම නියං සමය ජූලි සිට සැප්තෑම්බර් තුන්වන සතියේ ඊසාන දිග මෝසම ආරම්භය දක්වා සමය යි.  පානීය ජල අර්බුදය තවමත් ආරම්භ වූවා මිස අවසන්ව නැත.   වසන්ත නගරයේ අද ජලය ගබඩා කරගන්නේ ඉරාන ෆරාබ් සමාගම දුන් ලීටර් 500 ටැංකි 2894 කිනි.  ලීටර් 1000 ටැංකි 10 ක්, 2000 ටැංකි 7 ක් ද ඇත!   ඒ අතරතුර මධ්‍යම කදුකරයේ ජලය ලීටර් කෝටි 22 ක් දිනකට උමං කටින් එළියට යයි.  දවසින් දවස භූගත ජල ප්‍ර‍මාණය පහත බසින බව ‘වෙහෙරගලතැන්න‘ ජල මාපකයේ දත්ත පෙන්වයි.

උමා ඔය විසින් ක්‍ර‍මිකව බණ්ඩාරවෙල ජන ශිෂ්ඨාචාරය ගිල ගනිමින් තිබේ.  ඛෙදවාචකය ඇරඹී වසර දෙක හමාරකි.  හර්තාලයට අවසන් වී දැන් සති දෙකකි.  අවම වශයෙන් ජනතාවට සහන සැලසීමේ ක්‍ර‍මවේදය හෝ අද දක්වාම බිදකින් හෝ වෙනස් වී නොමැත.  ෆරාබ් ආයතනයෙන් ලැබෙන මුදල් හැර එක් මැති ඇමතිවරුන් කියන පරිදි එකම රුපියලක් හෝ අලුතෙන් මේ ජනතාවට හර්තාලයෙන් පසුව ලැබී නැත.  එකම වතුර බවුසරයක් හෝ අලුතෙන් සේවයට එක් කොට ද නැත. දැන් බණ්ඩාරවෙලට දැඩි නියං සමය ඇරඹී ඇත. 

ජලය, නිවාස, ආදායම් මාර්ග මිනිසාගේ මුලික අවශ්‍යතාවන් ය.  ඒවා සුරක්ෂිත කිරීම රජයේ වගකීමකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය

11 Responses to “උමා ඔය හේතුවෙන් විනාශ වු බණ්ඩාරවෙල වසම් 16 ක හානිය පිළිබද වාර්තාව වසන්ත නගරය ‘විසාලා නුවරක්‘ කළ උමා ඔය බණ්ඩාරවෙල විනාශයේ තරම මෙන්න”

  1. Dilrook Says:

    Thank you for this bold revelation.

    The problem is the Uma Oya project itself; not halting the project. In fact, halting the project avoided catastrophic further damage. Those responsible must be held accountable and left out of political power for life.

  2. Christie Says:

    This is clear failure of project management.

    People in villages surrounded by Indian Colonial Parasites suffer the most.

    This takes me back to six decade old story. The then UNP government used import seeds from the West and distribute to farmers in the area. Few Indian merchants used to by the seeds from the farmers and the Officers at exorbitant prices and take them to India.

  3. Leela Says:

    උමා ඔය ව්‍යාපෘතිය නිසා බන්ඩාරවෙල අවට ප්‍රදේශයට වෙලා තියන හානිය පෙන්වා දෙන එක කාලීන අවශයතාවයක්. ජවිපෙ සහ සමන්තලා කවදත් ඔීනම වැඩකට විරැද්දය්. ටනල් එක අවට ලිං හිදෙන බව මුලින්ම ප්‍රසිද්ධ උනේ කවදාද?

    උමා ඔය ව්‍යාපෘතිය මුලින්ම බාරව හිටය අැමති රටේ ජනාධිපති වෙලා දැන් වසර 2 1/2 කට වැඩිය්. රටේ විධායක ජනාධිපති හැටියට තමන් පටන් ගත්ත ව්‍යාපෘතිය හරියට කෙරෙනවද කියල සොයා බැලීමක් කොලාද? නැහැ. කාලය මිඩංගු කලේ බොරැ නිශ්ඵල වැඩ වලටය්. හෙව්ව ලැම්බොගිනි හම්බ උනෙත් නැහැ. රාජපක්ෂලා හොරකම් කලා කිව්ව සල්ලි හම්බ උනෙත් නැහැ.

    ක්‍රිස්ටි කියන “This is clear failure of project management.” කතාවට මම නම් සම්පූර්ණයෙන්ම එකඟය්. සිරිසේන/රනිල් ගෙ වැඩ/අවැඩ ය් වැරැද්ද. ඔවුන් ජනතාවට වන්දි ගෙවිය යුතුය්. ප්‍රොජෙක්ට එක සම්පූර්ණ කල යුතුය්.

  4. Senerath Says:

    මේ උඩුම් බූරු, මහපොලව නොඋසලන සාපරාධී ව්‍යාපාරය 2015 ජනවාරි මාසයේම නවතා දමා, අපරාධ​ කරුවන්ට දඬුවම් නොදීම ඇත්ත වශයෙන්ම සිරිසේනගේ වැරැද්දයි.

  5. Dilrook Says:

    The failure of Uma Oya is not due to poor project management. It was doomed from the start. It should not have happened. Secretary to the Ministry of Irrigation ADS Gunawardana vehemently protested against starting the project. It came to a situation where he resigned in disgust. No one can question his engineering credentials, patriotism and nationalism. Not just he hails from the patriotic Gunawardana clan, he has been patriotic in his work.

    All those responsible for this crime against the majority community must be severely punished.

    No one has stated the real calamity of this project yet. The real disaster is eliminating ethnic Sinhalese from one of the very few concentrations in the Upcountry by the Uma Oya project. It is not a time to play politics with this. The existence of Sinhalese in this vital frontier area is under threat. I sincerely hope the President will stop his incompetent and inefficient nonsense and provide justice to the people and the nation by reversing this enormous damage and severely punishing those responsible. His future depends on it. He should also punish those who ruined and robbed the Gin-Nilwala project. He owes it to the hapless Sinhala community suffering water shortages and floods in affected areas.

  6. Senerath Says:

    Thank you Dilrook !
    Eviction has already started. People have been asked to demolish thier houses before applying for compensation ( in addition to sochchama paid). With the compensation ‘trick’ and after offering land elsewhere, no one will be left.
    I beleive tunnel can be lined around and on sides to waterproof and water table with rise with time. The goverment then have to rebuild all the houses and infrastructure. But is is highly unlikely that Sirisena would do it properly.
    Land grab will come soon after eviction.

  7. Dilrook Says:

    @Senerath

    There are some who would sell even their community, heritage or even motherland to help their darlings in politics grab power. This has been the bane of our community. This is not the case with Tamils and Muslims. They come with an agenda to their politicians. If they agree, people vote for them. If they disagree, they do not vote for them. Thankfully for them, they have choice. We don’t. We always settle for less. As a result politicians take us for granted.

    Those who ran to Ambagahathanna landslide victims (almost all of them Tamils) with presents, money and other goodies were notable absentees from Meethotamulla and Bandarawela where almost all victims are Sinhalese. Why this Apartheid treatment? I urge them to visit and enjoy the widely renounced generous hospitality of Sinhala people.

    As a result of the Uma Oya project and inevitable blunder, Tamils from the Upcountry will reach eastwards while Tamils from Batticaloa will reach westwards until they meet. Rajarata-Ruhunu Rata Sinhala contiguity will be lost for good. India will be ecstatic.

  8. Fran Diaz Says:

    Suggestions :

    * Allow ONLY mixed neighborhoods in Lanka. This is what is done in S’pore.

    * Also put a moratorium re building of religious edifices for the next 50 yrs ?

    * PATRIOTISM a must, from one and all.

  9. chandrasena Pandithage Says:

    උමා ඔය ව්‍යාපාරය මහා විනාශයක් නිර්මාණය කර ඇත. ආරම්භක අරමුණ හොදවුවත්, එය ක්‍රියාවට නැංවීමේදී භාවිතා කල ක්‍රම මේ විනාශයට බලපා ඇත. කතා කලයුතු බොහොමයක් දේ තිබුනද, ඒවා කතා කිරීම කාලය නාස්ති කිරීමකි. දැන් අප ඉදිරියේ ඇත්තේ මෙතනින් එහාට කුමක් කල යුතුද යන්නයි. මේ ව්‍යාපෘතියේ බරපතලම කර්තව්‍ය උමග නිර්මාණය කිරීමයි. මේ වනවිට මහා විනාශයක් කරමින් උමගේ වැඩකටයුතු වලින් 70% කට වඩා නිම කර ඇති බව පැවසේ, සිදුකර ඇති බරපතලම වරද වන්නේ,

    1. ඔරොත්තු නොදෙන ආකාරයේ,අධි බලැති යන්ත්‍රයක් මේ සදහා යොදා ගැනීම.
    2. උමග කැණීමේදී භාවිතා කරන විදිනයන් නිශ්චිත කාලයකදී ඉවත් කර අලුත් විදිනයන් භාවිතා කලයුතු වුවද එසේ නොකර මොට්ට විදිනයන්ගෙන්ද කාර්යය කර ගැනීමට වෙර දැරීමේදී ඇතිවෙන කම්පනය.
    3. උමග විදීම ගැන පමණක් අවදානය යොමු කොට උමග වට සිදුවිය යුතු බිත්ති හා ඉහල පියස කොන්ක්‍රීට් නොකිරීම යන කරුණු ලෙස මම දකිමි.

    දැන් සිදුකලයුත්තේ, උමගට ඉහල ඇති භුස්තරය දැරිය හැකි ශක්තිමත් පාදමක්, පැති බිත්ති හා පියස Waterproofing compound මිශ්‍රිත කොන්ක්‍රීට් වලින් නිර්මාණය කිරීම ආරම්භ කිරීමයි. මෙය ඉතා වැදගත් හදිසි කටයුත්තකි. මෙම කොන්ක්‍රීට් කිරීමේදී highpressurehttps://www.khanacademy.org/partner-content/pixar/storytelling/visual-language/v/video2

  10. chandrasena Pandithage Says:

    දැන් සිදුකලයුත්තේ, උමගට ඉහල ඇති භුස්තරය දැරිය හැකි ශක්තිමත් පාදමක්, පැති බිත්ති හා පියස Waterproofing compound මිශ්‍රිත කොන්ක්‍රීට් වලින් නිර්මාණය කිරීම ආරම්භ කිරීමයි. මෙය ඉතා වැදගත් හදිසි කටයුත්තකි. මෙම කොන්ක්‍රීට් කිරීමේදී අධි පීඩන කොන්ක්‍රීට් පොම්ප කිරීමක් සිදු කල යුතුමය. මේ සදහා දැනුම හා තාක්ෂනය අපේ ඉංජිනේරුවන් සතුව තිබේ. මෙයට ඔය කියන නොර්වේ විශේසඥ දැනුමක් අවැසි නැත. නමුත් මේ කාර්යය ක්‍රමානුකුලව එක කෙළවරක සිට පියවරෙන් පියවර සිදුවිය යුතු ක්‍රියාදාමයක් බැවින් කාල කළමනාකරණය බුද්ධිමත්ව සිතා කලයුතුය.

  11. Senerath Says:

    Pandithage,
    Q-“භුස්තරය දැරිය හැකි ශක්තිමත් පාදමක්, පැති බිත්ති හා පියස..”-UQ

    No need to do that. It is not a structural failure. It is the loss of water taking some soil with it to fill voids, making some land subsidence. Concrete lining need not carry load due to all the soil mass (භුස්තරය). It is required for waterproofing purposes only.

    But some people are already moving out, houses collapsed. Damage to Sinhala Buddhist already complete. Thanks.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress